Sunday, October 31, 2010

පෙමවතියක් නොමැති වීමේ වාසි


තරුණ වයසේ සිටින අය බොහොමයක් දෙනා ආදරය ලබන්න, ආදරය කරන්න ආසයි. එය මිනිසාගේ මූලික අවශ්යතාවයක්. තරුණ වයසේ අය තමන්ගේ පවුලෙන් ලැබෙන ආදරයට අමතරව විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය හා ආදරය බලාපොරොත්තු වෙනවා. අද කාලයේ තරුණයෙක් තුල වැඩිම මානසික පීඩනය ඇතිකරන්නේ ප්‍රෙම සම්බන්ධතා බව රහසක් නොවේ. තමන්ට ආදරය කිරීමට පෙම්වතියක්, පෙම්වතෙක් සිටින එක ජීවිතයට සෑම අතින්ම ආලෝකයක්, උදව්වක් වෙනවා වාගේම එවැනි සහකාරියක් නොමැති වීමද විශාල ගැටලුවක් නොවේ. එය යම් අවස්ථාවලදී වාසිදායක නොවෙනවා නොවේ.

මෙම කරුණු අන්තර්ජාලයේ ඇසුරින් සොයාගත් අතර ඒවා පිරිමි පාර්ස්චවයට වැදගත්වන ලෙස පළකර තිබේ. කෙසේ වෙතත් තමන්ට පෙම්වතෙක් නොමැති විට තරුණියකටද මීට සමාන වාසි රැසක් ලැබේ. කරුණාකර මෙය කියවා තමන්ගේ පෙම්වතිය/පෙමවතා සමග අමනාප වෙන්නට එපා. තමන්ගේ ප්‍රෙම සම්බන්ධය අවසන් වූවිට හෝ තවමත් සහකාරියක් සොයාගැනීමට නොහැකිව ඔබ ලතවෙනවානම් මෙම කරුණු වලින් ඔබට අනිවාර්යයෙන්ම තමන්ගේ ඉරණම ගැන ධනාත්මකව සිතීමට උදව් වෙනවා නොඅනුමානය.

1.     තමන්ට කාලය ඉතිරි කර ගැනීමට ලැබෙයි. තව කෙනක් සමග සාප්පු සවාරියේ යෙදීමට හෝ තම පෙම්වතිය ගේ නීරස, බොලඳ පෙම් කතා වලට උනන්දුවෙන් සවන් දෙන බව පෙවීමට ඔවට අවශ්ය නොවේ. ඇයගේ කටයුතු සඳහා කැපවීම නිසා ඔබේ වටිනා කාලය රැකියාවට, අධ්යාපනයට හා දියුණුවට යෙදවීමේ අවස්ථාව ඔබට අහිමි වනවා නේද ?

2.     දෙවැනි කාරණය ඔබට හොඳ නින්දක් ලබා ගත හැකි වීමයි. තමන්ගේ ආදරවන්තිය ගැන සිතමින් නිදි මැරීමට,උදේ පාන්දරින්ම ඇයගෙන් තොරතෝන්චියක් නැතිව ලැබෙන දුරකථන ඇමතුම් වලින් බෙරීමට ඔබ තනිකඩයෙක් නම් හැකිවනු  ඇත
3.     Missed Calls ගැන බයවෙන්නට දෙයක් නැත. ඒවාට නැවත ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ඔබ මුහුනදෙන භයානක තත්වය අමුතුවෙන් විස්තර කරන්නට උවමනාවක් නැත.

4.     තමන්ගේ බාහිර පෙනුම ගැන වද වීමට ඔබට සිදුනොවේ. තමන් කැමති ඇඳුමක් ඇඳ පෞද්ගලික පිරිසුදු කම නැත්තටම නැතිව කැමති තැනකට යාමට පුලුවන් වීම කොතරම් නිදහසක් ද? මෙය කියවන ඔබ දැනටත් පෙම්වතෙක් නම් හරියට ඇඳ පැලඳ නොගැනීම නිසා ඇයගෙන් නොක්කාඩු අසා තිබෙන්නටත් ඇති.


5.     මම වඩාත්ම කැමතිම කාරණය වන්නේ තමන්ට කැමති අවන්හලකින් ආහාර ගැනීමට පුලුවන් වීමයි. පෙම්වතිය සතුටින් තබාගැනීමට මිල අධික ආහාර ඇති තැන්වලට ගොස් පොකට් එකට විදගන්නා අසරණ පෙම්වතුන් මම කොතෙකුත් දැක ඇත. මෙහි වඩාත් අප්‍රසන්න කාරණය වන්නේ තම්න් කන බොන තැන්වලට ද ඇය නීති පැනවීමයි. සයිවර් කඩෙන් කෑමට පුරුදු වුනු අයට නම් Hi-Fi තැන් හිතට මෙන්ම පොකට් එකටද අල්ලන්නේ නැත.


6.     කරදරකාරී SMS වලට තිත තැබීමට ඔබට පෙම්වතියක් නැත්නම් හැකිවනු ඇත. සෑම විටම සම්බන්ධතාවය තබාගැනීම යහපත් දෙයක් වුවත් අවසානයේ සිදුවෙන්නේ ඔබ අසරණ වීමත් දුරකථන සමාගම් පොහොසත් වීමත් පමනි


7.     තනිකඩ ඔබ ලබන තවත් වරප්‍රසාදයක් වන්නේ කැමති තරුණියක් සමග කථා කිරීමට සතුටු සාමීචියේ යෙදීමට හැකිවීමයි. බොහෝ පෙම්වතියන් තම සහකරුවා වෙනත් තරුණියකගේ මුහුන බලනවාටත් කැමති නැත. මෙය සාමාන්ය තත්වයක් වුවත් තමාගේ මිතුරියක් සමග වත් ටික වෙලාවක් කථාකිරීම නිසා පෙම්වතියගේ ඊර්ශ්යාවට ලක්වීම හා අවසානයේ ගැටුම් ඇතිවීම නම් අනුමත කළ නොහැක.


8.     තමන්ගේ සමාජ සම්බන්ධතාවලට ප්‍රේම සම්බන්ධතාවලින් බාධා එල්ලවීම අනිවාර්යයෙන්ම සිදුවේ. ඔබේ පවුලේ අය, මිතුරන් හා කාර්යාලීය සගයන් ආදී සියලුම සමාජ සම්බන්ධතා සීමා කිරීමට ප්‍රේම  සම්බන්ධයක් පවත්වන ඔබට සමහරවිට සිදුවනවා ඇති. මගේ මිතුරන් රැසකට තමාගේ අනෙකුත් සම්බන්ධතාවල ගැටලු පැන නැගුනේ තම පෙම්වතිය එවාට සීම පැනවීම නිසාය. බොහෝ විට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන විට තමාගේ සහකරුවා තමාට පමණ අයිති වස්තුවක් ලෙස සැලකීම බොහෝ තරුණියක් අතින් සිදුවේ. තමාගේ සමාජ සම්බන්ධතා හා පෙම්වතිය අතර දෝලනය වීමට බොහෝ තරැණයින්ට සිදුවේ. අවසානයේ පාඩුව සිදුවෙන්නේ තරුණයාටයි

අවසානයේ ඔබට දෙන අවවාදය වන්නේ තරුණියක් සොයාගැනීමට නොහැකිවීම හෝ ආදර සම්බන්ධතාව දෙදරා යාම තුල සැඟවුනු යහපත් ප්‍රතිඵල තිබෙන බවයි

14 comments:

  1. පිස්සෙක් කියපුවා වගයක්

    ReplyDelete
  2. මිදි තිත්තයිලු නෙ හොහ් හොහ් ඇත්තක් නැත්තෙත් නෑ බලං ගියාම හැබැයි

    ReplyDelete
  3. මිදි තිත්තයි කියලාද කියන්නේ . . . .

    ReplyDelete
  4. ආදරය කරන කොට දෙන්නා තේරුම් අරගෙන වැඩකරනවා නම් සම්බන්ධය සාර්ථකව ගෙනියන්න පුලුවන්. නමුත් අදරය කරන දෙන්නා සම්පූර්ණයෙන්ම වෙනස් පසුබිමක් තිබෙන අය කියලා තේරුම් අරගෙන අනෙකාගේ නිදහසටත් ගරු කරන්න ඔනේ

    ReplyDelete
  5. මේකේ ඇත්තක් තියේ.එත් බන් ඉනෙන් පල්ලෙහා කැල්ල අහන්නෙම නැ නේ.ඕනේමලු.
    ඕක ඇතුවත් බැහැ නැතුවත් බැහැ.

    ReplyDelete
  6. මේක තනි කරම "mage girl friend" සිංදුවේ points ටික..
    මේවා රියැලිටියට වඩා ආසන්න වෙන්නේ ‍ෆැන්ටසියට..මොකද ඕනෙම දෙයක් ලබන්න නම් අනිවා කැප කිරීමක් තියෙන්න ඕනේ..ඒ හන්ද ආදරේ කියන දේ මේ විදිය නිර්වචනය කරන්න සාධාරණ අයිතියක් නෑ...

    ReplyDelete
  7. piisu hedy mee beluwma mata godak sathuu hithenwaa bng math lover kenk thmai eth mehma kisaima karadarayk mata nam nee mage gf mata kisima nethiyak danee nee ...ho luck iam

    ReplyDelete
  8. ඇත්තටම මේ දේවල් ගොඩක් ඇත්ත.ඒ වුනත් මට හිතෙන්නේ මොන ප්‍රශ්නෙ ආවත් ආදරය අපිට අවශ‍‍‍‍‍‍ය දෙයක්.මොන දේ වුනත් අපි හැම දේම කරන්නේ තමන්ගේ ආදරය කරන අය වෙනුවෙන්..ඒ නිසා අපි ඒ දේ පස්සට කල් දාන එකෙන් වෙන්නේ හොද කෙනෙක් ලැබෙන්න තියෙන අවස්ථාව ගිලිහෙන එක විතරයි...

    ReplyDelete
  9. meka aththa oooii hithata ekangawa balanawa...boho pirisakata oya kiyapuwa walangui.........

    ReplyDelete
  10. @Lahiru Udayanga
    අනිවාර්යයෙන්ම කැපකිරීමක් තියෙන්න ඔනේ තමයි. නමුත් ආදරය තුල නිදහසක් තියෙන්නත් ඔනේ තමන්ට තමන්ගේ අභ්යන්තර පුද්ගලයා විදිහට ජීවත් වෙන්න. ආදරයක්දී එකතු වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙසන් පෞරුෂ දෙකක්. කොච්චර නොගැලපීම තිබුනත් අනෙකාව තේරැම් ගත්තානම් ඔය කිසි ගැටලුවක් නෑ

    ReplyDelete
  11. @Pandukabaya
    ඇත්ත..මාත් 100% එකගයි ඔයා කියපු දේට :-D

    ReplyDelete
  12. sahathika aththa... meka liyapu kena kauru unath ela kiri dial ekak.... 100% true man.....

    ReplyDelete
  13. ammapaaaaaaaa etthaaaaaaa.........specially adhum .... boru paaniyaaa..

    ReplyDelete