Saturday, October 30, 2010

රැකියාව සමග විවාහ වීම (Being Married to the Job)


ඔබ ඉතා වැඩිවේලාවක් කාර්යාලයේ රැඳී සිටිනවා ඇති. තමන්ට කල යුතු කාර්යය නිම කර තිබියදීත් තම කාර්ය භාරය ගැන නැවත නැවත සොයාබලා එය නිමවන තුරුම දැඩි වගකීමෙන් කටයුතු කරනවා ඇති, නිවාඩු දින වලදීද කාර්යාලය සමග නිරන්තර සම්බන්ධතාවයන් පවත්වනවා වෙන්නත් පුලුවන්, ඔබ රැකියාව ගැන සිතා නිවාඩු නොලබා වැඩකරන්නත් පුලුවන්. එසෙත් නැත්නම් ඔබගේ මුලු ජීවතයම රැකියාව වන්නට පුලුවන්. ඔබ සෑම විටම රැකියාවේ දියුනුව ගැන සිතන රැකියාවට පරබාහිරව සම්බන්ධතා ඉතා අඩු, විනෝදාංශ හා මිතුරන් නොමැති කෙනෙක් වන්නටත් පුලුවන්. මේ කරුණු යම් ආකාරයකට ඔබ සඳහා වලංගු නම් ඔබ අනිවාර්යයෙන්ම රැකියාව හා විවාහ වුනු අයෙක් ලෙස සැලකිය හැක.

ලංකාවේ මම තත්වය ඉතා අඩු වුවත් (රජයේ රැකියා ගැන කථාකිරීම විහිලුවට කරුණකි ) ඇමෙරිකාව වැනි දියුනු රටවල වැඩකරන ජනතාව අතර මේ තත්වය බහුලවම පවතී . ලංකාවෙත් පෞද්ගලික ආයතන වල මෙවන් පිරිස් හඳුනාගැනීම දුශ්කර නැත. කෙනෙක් මෙවන් තත්වයකට පෙළඹීමට හෙතු කිපයක් ඇත. පලමු වැන්න නම් ආයතනික මට්ටමෙන් එන බලපෑම් ය. සමහර ආයතන මුලු දවස පුරාම තම වැඩකටයුතු සිද්ධ කරති. එවන් ආයතනයක සේවකයන්ට වැඩිපුර කාලයක් තම රැකියාව සමග ගතකරන්න සිද්ධවීම අරුමයක් නොවේ (24 X 7 work schedules).

සමහර ආයතන වැඩියෙන් වැඩකරන, වැඩිම වෙලාවක් කර්යාලයේ ගතකරන හා වැඩිම පැමිනීමක් පෙන්වන සේවකයන්ට විශේෂ සැලකීම දැක්වීම තමන්ගේ පවුලේ කටයුතු වලින් ඈත්වී රැකියාවත් සමග කල්ගෙවීමට සේවකයන් පුරුදු කරන එක් හේතුවකි. සමහර අවස්ථාවල තරුණ සේවක් සේවිකාවන් විවාහයක්, පවුලක් වැනි සමාජ බන්ධන ආදිය ඇතිකරගැනීමෙන් වැලකෙති. ජපානය වැනි රටවල තරුණ පිරිස විවාහ වන ප්‍රතිශතය බරපතල ලෙස පහල යාම හා විවාහක යුවලවල් දරුවන් ලැබීමෙන් වැලකීම නිසා එරට පාසල් වැසීමට සිදුවූ බව මම පෞද්ගලිකව දන්න කරුනකි. එමෙන්ම ලංකාවේත් එක්තරා ඉහල රැකියාවකට පුවත්පතක පලවූ දැන්වීමෙහි ඒ සඳහා මූලික සුදුසු කමක් ලෙස රැකියාවට ජීවිතයේ මූලික තැන ලබාදීම සඳහන් කර තිබුනි ( The candidate should believe in ‘ Being Married to the Job’ and he/she should choose work over family ).

තම රැකියාව සමග විවාහ වීමේ තවත් හෙතුවක් නම් තම පවුල, බිරිඳ හෝ පෙම්වතිය සමග ගෙවන ජීවිතයට වඩා රැකියාව තෘප්තිකර වීමයි. රැකියවේ කොතරම් මානසික පීඩනය තිබුනත් තමන් වැඩ කිරීමට කැමති නම්, කාර්යාලීය සගයන් හා තමා යටතේ සිටින අය තමන්ට ගරු කරයිනම් අනෙකුත් සමාජ සම්බන්ධතා අතහැර රැකියාව ගැන සිතීමට හේතු වන්නට පුලුවන්. තමාගේ බිරිඳ ගෙන් තමන් තෘප්තිය නොලබන විට වෙනත් සම්බන්දතා වලට යොමුවනවා වාගේ තමාගේ පවුල් ජීවතයෙන්, සමාජ ජීවිතයෙන් පරාජය වුනු අය වෘත්තීය ජීවතයෙන් සතුටු වීම ස්වාභාවිකයි.

ආර්ථික අර්බුධ හා වියාපාර ලෝකයේ සිදුවූ කඩාවැටීම හේතු කොටගෙන ආයතන වල සේවකයන් සේවයෙන් ඉවත්කිරීමට සිද්ධ වෙන නිසා එයින් බෙරී තම රැකියාව රැකගැනීමට ඇති එකම මග ලෙසද තමා කොතරම සේවා ස්ථානයට වැදගත් ද යනවග පෙන්වීමටත් සමහරක් මෙසේ කරති.

මෙවන් පුද්ගලයින් සාමාන්යයෙන් අන්තර පුද්ගල සම්බන්දතා වලට දුර්වල, සමාජයෙන් කොන්වී සිටින පිරිසක් නොවෙති. තමාගේ රැකියා ස්ථානය තම පවුල ලෙස සිතාගෙන වැඩ කරන මෙවුන් සමාජයත් සමග කටයුතු කිරීමේදී වඩා සාර්ථක වේ. කෙසේ වුවත් හැඟීම්බර සම්බන්ධතා කෙරෙහි රැකියාව ගැන පමණක් සිතන පිරිස තුල තිබෙන නැඹුරුව ඉතාම අඩුයි. ජීවිතයේ සෞන්දරයාත්මක දෙවල් අගය කිරීමට මොවුන්ට ඉතා අපහසු වන අතර වගකීම් ගැනීමට නොපසුබටව ක්‍රියාකරන නමුත් සංවෙදීතාවයක් නොපෙන්වයි.

රැකියාවත් සමග විවාහ වුනු තැනැත්තා තුල මානසික ආතතිය ඉතාම අඩු වේ. මන්දයත් රැකියාවට බාධා එල්ලවන අයුරින් සමාජ සම්බන්ධතා නොතිබීම නිසාය. කෙසේ වෙතත් ජපානයේ මෙන් දීර්ඝ කාලීනව සමාජ ගැටලු පැන නැගීමට මෙය බලපායි. නමුත් එම පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ වෙනස්කිරීමට යාමෙන් තවත් කරදර රාශියකට මුහුන දීමට කායික හා මානසික වශෙයෙන් ඔහුට/ඇයට සිදුවේ. රැකියාවත් සමග විවාහ වීම තුලින් වරප්‍රසාද රාශියක් කෙනෙකුට ලැබිය හැක. එසේ තම ජීවිතයට රැකියාව බද්ධ කරගැනීම වරදක් නොවේ තම කැමැත්තට අනුව ගැලපෙන තීන්දු තීරණ ගැනීම අප සෑම කෙනෙකුගෙම අයිතියකි. එම අයිතියට ගරු කිරීමට අප සෑම කෙනාම පුරුදු විය යුතුය.

No comments:

Post a Comment