Saturday, June 22, 2013

දඟ ළමයිව මට්ටු කරමු (Spare the Rod and Spoil the Child Part 2)



මේ ලිපියෙන් ප්රකාශ කෙරෙන කාරණාව ගැන මීට කලින් මේ බ්ලොගයේ "ශාරීරික දඬුවම් මගින් ළමා පරපුර විනයගරුක කරමු" යන මැයෙන් පලවූ ලිපියෙන් විස්තර කෙරුනත් ගැඹුරු විශයක් වූ ළමා හැදියාව පිළිඹඳව තවත් ලිපියක් ලිවීමට මට සිත් විය. පාසල් දරුවන්, ගැටවරයින් මෙන්ම කුඩා දරුවන් විනය අතින් එන්න එන්නම පිරිහෙන මේ යුගයේ නැවතත් දඬුවම මගින් විනය ඇති කිරීම සංවාදයට බඳුන් විය යුතු කාරණයක් බව මම විශ්වාස කරමි.

සමස්ථයක් ලෙස ගත හොත් නූතනයේ ශ්රී ලංකාවේ ළමා පරපුර (වයස අවුරුදු 18 අඩු පිරිස.) විනය අතින් පිරිහී ඇත. දිනපතා පුවත් පත් රැගෙන විමසුවහොත් සෑම දිනකම එක්කෝ පාසල් දරුවෙන් ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකුට පහර දුන් අවස්ථාය. සිසු ගැටුම් පොලීසිය මගින් විසඳා ගත් අවස්ථාද නැත්තෙම නොවේ. එමෙන්ම දන්සැලක් සංවිධානය කිරීමට ගොස් ඇතිවූ ගැටුමකින් කොළඹ ප්රසිද්ධ බාලක පාසලක සිසුවෙක් පිහි ඇණුම් කා මියගිය ඛේදනීය පුවතක් මෑතක දී වාර්ථා විය. විදුහල්පතිවරයාට එරෙහිව පිකට් කරන්නට පාසලෙන් එළියට බසින සිසු පිරිස ගැන අප ඇසුවේ ඉතා මෑතකදී . විද්යාලාන්තට ක්රිකට් තරඟ හා විද්යාල පාගමන් කෙලවර වෙන්නේ මහා ගැටුමකිනි. "වලියක්" නැතුව ඉවරවෙන ක්රිකට් තරඟ සෙවීම කළුනික සොයනවාටත් වඩා අසීරු . කාලයක් යද්දී මිනිසාගේ සියලු ගුණධර්ම විනාශ වීම ස්වාභාවික දෙයක් වුවත් ඉතා කෙටි කාලයක දී සිසු ප්රජාව මෙලෙස පරිහානියට පත්වීම විමසිය යුත්තකි.

දරුවන් ගේ මනස ළමා කාලයේ මෙන්ම ගැටවර අවදියේ විශාල වශයෙන් වෙනස් වීමට ලක් වේ. මනසේ වර්ධනයත් සමගම අත්හදා බැලීමේ ආශාව කල්ලි ගැසීමේ ආශාව මෙන්ම තමන් ස්වාධීන වීමට හා අනුකරණය කිරීමට දරුවන් පෙළඹේ. තීන්දූ තීරණ ගැනීමට තරම් පරිනත මනසක් මේ කාලයේදී ඔවුනට නැත. අත්දැකීම අඩුකම ප්රධාන ලක්ෂණයක් වේ. පිරිමි දරුවන් අතර ස්වාධීන වීමේ ආශාව ඉතා වැඩිය. "කොළුවා" හෙවත් තරුණයා නැමැති වදනකොළුවා => ' කෝ ඔලුවා ' හෙවත් ඔලුව නැත්තා  සේ විසන්ධි කර එක්තරා විනෝදාත්මක වැඩසටහනට උපහාසයෙන් හඳුන්වා දී තිබුණි. අඩු අත්දැකීම් සහිත හීන වූ විචාර බුද්ධියෙන් යුතු දරුවන් බොහෝ විට කරුණු කාරණා හොඳින් කියා දුන්නාට ඇහුම් කන් දෙන්නේ නැති නිසාම දඬුවමින් හෝ එය තේරුම් කරදීම අපේ වගකීමයි. ශාරීරික දඬුවම සැමටම තේරෙන භාශාවකි. අප සැවොම ශාරීරීක වේදනාවට බිය වේ. එම නිසාම ඒ බිය මාර්ගයෙන් හරි දේ කරවීම වැදගත් වේ. අප සුරතල් සතෙකු පවා හික්මවන්නේ එලෙස දඬුවම් දීමෙනි.

මෙලෙස හික්මවීමට බාධාවක් ලෙස මානව හිමිකම් සංවිධාන ප්රධාන වේ. මේ සංවිධාන බොහෝ විට බටහිර රාජ් නොවන සංවිධාන වල ඉත්තන් ලෙස කටයුතු කරයි. අධ්යාපන අමාත්යංශ, නීති ආධාර සංවිධාන වැනි රාජ් අංශ රවට්ටා ගෙන මේ නොරටුන් දරුවන්ට ශාරීරික දඬුවම් කිරීම මහා අපරාධයක් ලෙස දක්වා පාසල් වල හා ගෙවල් වල ක්රියාව කිරීම වලක්වයි. ඉන් පසු සිදුවන්නේ දඩාවතේ යන බල්ලක් රැලක් මෙන් දරුවන් හැසිරීමට පෙළඹීමයි. නියමාකාරයෙන් හික්මීමක් නැතුව මේ දරුවන් සමාජයට යාමෙන් පසුව ඉක්මනින් සමාජය විනාශ වේ.

ලංකාවේ මනෝ වෛද්යවරුන් ළමා මනස තැලීමකට ලක් වන්නේ යැයි කියා දඬුවමින් හික්මවීම බැහැර කරති. නමුත් මහත්වරුන් කුඩා කල "වේවැල් කෝටු නාරං සියඹලා අතු" වලින් හොඳින් කසාය වලඳා හික්මවී ඇති පිරිසක් වීම කණගාටුවට කරුණකි. ඔවුන් ශාරීරික දඬුවමින් නොහික්මුනේ නම් අද වෛද් වෘත්තීය කිරීමට ඔවුන්ට ඉගෙනීමට, විනය පවත්වා ගැනීමට නොහැකි වනු නිසැකය. දඬුවම් නොමැති නිසා දරුවන් අයාලේ යාම මානව හිමිකම් හොඳින්ම තිබෙන බටහිර රටවලට මහා හිසරදයක් වී ඇත. එම රටවල දරුවන් විනයක් නොමැති තම වයසට නොගැලපෙන වැඩ කරන අම්මා තාත්තා නොහඳුනන අමනුස්සයක් පිරිසකි. එවන් පිරිසක ගෙන් සමාජයට ඇතිවෙන බලපෑම ගැන බටහිර රටවල පිරිස් විස්සෝප වෙති.

බටහිර ඇන්ජීඕ හා දොස්තර හොරුන් කියනා කතා බැහැර කරමින් දඬුවමින් ළමයා හික්මවීමට දැන්ම කටයුතු කළ යුතුය. කුඩා කල සිටම විනයක් ඇතුව තම දරුවා දඬුවම් කර හෝ හදා ගැනීම සෑම දෙමාපියෙකු ගේම වගකීම වේ. නිවසේ සංස්කෘතියට අනුව හැඩගැසීම, නිවසේ තමන්ට හිමි වගකීම් ඉටුකිරීම, දෙමාපියන්ට ගරු කිරීම, අවනත වීම, තමන්ගේ වයසට නොගැලපෙන දේවල් නොකිරීම ආදිය, අපරිනත දරුවන්ට ශාරීරික දඬුවම් මාර්ගයෙන් හෝ දෙමාපියන් හා වැඩිමහල් සහෝදර සහෝදරියන් කියා දිය යුතු ය.

පාසල විනය උපරිමයෙන් තිබෙන ස්ථානයක් විය යුතුය. මන්ද යත් පාසල තුලින් ළමයා අනාගත ජීවිතයට අඩිතාලම දමන බැවිනි. ඉගෙන නොගන්නා අය ඉගෙනීමට යොමුකිරීම , ක්රීඩා නොකරන අය ක්රීඩාවට යොමු කිරීම , හැසිරීම දුර්වල අය යහපත් හැසිරීම පත්කිරීම වෙනත් ක්රම වලින් නොහැකි නම් "කෝටුව" අතට ගත යුතු වේ. සඳහා බොහෝ ගුරුවරුන් ඉතා ආශාවෙන් සැදී පැහැදී සිටින බව ඉතා සතුටින් කීමට කැමැත්තෙමි. මන්ද යත් අද ගුරුවරුන්ට ඇති ප්රධානම ගැටලුව නම් ශිෂ් විනය පිරිහිම යි.

අධ්යාපන අමාත්යංශයෙන් දරුවන් ශාරීරික දඬුවම් දීමට අදාල චක්රලේඛ ආදිය නැවැත සැකසිය යුතු . පහර දෙන කෝටුවේ ස්වභාවය, පාහරවල් ගනන, පහර දෙන ස්ථානය ආදී දේවල් හොඳින් විස්තර කර තිබුනහොත් මානව හිමිකම් සංවිධාන වලට ගුරුවරුන් චෝදනා කිරීමට නොහැකි වනු ඇත. කුඩා කාලයේ සිටම පහර දී හෝ විනයෙන් යුතුව දරුවන් හැදීමට හැකි වුව හොත් ගැටවර කාලයේ දී පහර දුන්නත් නැවැත පෙරලා පහර නොදී දඬුවම ඉවසීම දරුවා පුරුදු වෙනු ඇත.

දඬුවම් ලබා දෙන්නේ වරද කල දරුවාට පමණක් නොවේ. වරද කල කෙනා මෙන්ම අනෙකුත් ශිෂ් සමාජය පාඩමක් ඉගැන්වීම මෙය අවස්ථාවක් කර ගැනීම අවශ් වේ. උදේ රැස්වීමේ දී සියලු ළමුන් ඉදිරියේ "කෝටු මස් කිරීමේ" වැඩසටහන ඇරඹිමෙන් දඬුවම් විඳින්නා ළැජ්ජාව නිසා වරද යලි නොකිරීම වග බලා ගනියි. අනෙකුත් සිසුන් අනුව දඬුවමට බයේ විනයක් ඇතුව හැදෙනු ඇත.


දරුවන් පහර දෙන්නේ ඔවුන් කෙරේ තරහින් නොවේ. ඔවුන් විනයක් ඇතුව හැදීම තිබෙන උදාර ප්රාර්ථනාව නිසා පමණි. නිසා මේ තත්වයට හොඳින් තේරුම් ගෙන තම දරුවන් පහර දී හෝ යහ මගට ගැනීම සියලු දෙනාම උත්සාහ කල යුතු වේ.


Friday, June 14, 2013

කොටට ඇඳන් යාම හා කාන්තාවන්ට සිදුවන අතවර


රත්නපුර ප්‍රදේශයේ රාත්‍රී සේවයට යමින් සිට හෙදියකගේ කලවා ප්‍රදේශය ස්පර්ශ කරමින් ඇයට අතවර කෙරූ පුද්ගලයෙකු අත්තඩංගුවට ගත් බවට පුවතක් පසුගියදා වාර්ථා වුනා. දිනපතා පුවත්පතක් බැලූවොත් අපට දැකගන්නට පුලුවන් මේ වාගේ සිද්ධි විශාල ප්‍රමාණයක්. කාන්තාවන්ට සිදුවන හිංසන ලංකාවේ සමාජයේ දැන් සාමාන්‍යකරණය වෙලා.

මේ පුවතේ සඳහන්ව තිබෙන පරිදි සිද්ධියට සමබන්ධ සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිනවීමෙන් පසුව එතුමා අධිකරණයේදී වැදගත් දෙයක් ප්‍රකාශ කලා. ඒ කාන්තාවන් ඇඟ පේන්න කොටට ඇඳගෙන යෑමෙන් අතවර වලට ලක්වීමට උඩගෙඩි දෙන බවයි. එතුමාගේ ම වචන වලින් ප්‍රකාශ කරයි නම්

“කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි. අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන් ද ඉන්නවා”.

මෙය හොඳින්ම සිතට ගතයුතු කාරණයක්. අද සමාජයේ සෑම අවස්ථාවකදිම කාන්තාවක් අතවරයකට පත්වුවහොත් ඒ අතවරයේ වැරැද්ද පිරිමියා මතම පැටවීමට කාන්තාවන් ක්‍රියා කරනවා. හතු පිපෙනාක් මෙන් තිබෙන කාන්තා සංවිධාන ආදියද ඒ සඳහා සැදී පැහැදී සිටිනවා.

මේ ගැටලුව විද්‍යාත්මකව සිතීම අවශ්‍යයි. සාමාන්‍යයෙන් සෑම සත්වයෙක්ගේම පැවැත්ම තීරණය කරන්නේ ප්‍රජනනය මගිනි. තමන්ගේ වර්ගයා බෝ කර ගැනීමට විරුද්ධ ලිංගික සත්වයින් ආරක්ශණය කර ගැනීමට විවිධ ක්‍රමෝපායන් ස්වභාව ධර්මය විසින් ම සාදා තිබේ. සෑම සත්වයෙකුම තුලම තම විරුද්ධ ලිංගිකයෙක් සමග සංසර්ගයේ යෙදී වර්ගයා බෝකිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. නමුත් සත්ව වර්ගයා ගෙන වර්ගයාට ලිංගික චර්යා ආදිය වෙනස් වෙනවා. සත්වයෙන් වන මිනිසා තුලත් ඒ අවශ්‍යතාවය සැඟවී පවතිනවා. නමුත් සමහර සතුන් මෙන් නොව මිනිසාගේ ප්‍රජනනය අවුරුද්දේ එක කාල පරාසයකට සීමාවී නැත්තේය. එනමුත් මිනිසා කොතරම් තාක්ශණයෙන් හා බුද්ධියෙන් උසස් වුවත් ප්‍රාථමික ලිංගික අවශ්‍යතා සැඟවී පවතිනවා.

වෙනත් සත්ව වර්ගයින් තමන් ලිංගික ක්‍රියාවට සූදානම් බව පැවැසීමට විවිධ සංඥා ලබාදීමෙන් විරුද්ධ ලිංගික සත්වයා තුල හැඟීම් පුබුදුවාලීමට කටයුතු කරනවා වාගේම මිනිසා තුලද ලිංගික හැඟීම් ඇවිස්සීමට විවිධ ක්‍රම භාවිතා වෙනවා. එම නිසා කාන්තාවන්  ශරීරය අනවශ්‍ය ලෙස පෙනෙන පරිදි ඇඳුම් අඳින්නේ නම් පිරිමින් තුල හැඟීම් ඇවිස්සීමෙන් කාන්තාවන්ට අතවර සිද්ධ විය හැක. සත්වයා තුල සැඟවී පවතින යට කල නොහැකි ප්‍රාථමික ලිංගික ආශා උද්දීපනය කර පිරිමියා පෙලඹවීමෙන් අනතුරුව අතවරයක් සිදුවී විට එහි වරද පිරිමියා මත පැටවීම කාන්තාවන් තුල ඇති කුහක කම නොවන්නේ ද ?



සාමාන්‍යයෙන් මිනිසා තුල තිබෙන ප්‍රාථමික ලිංගික ආශාව සමාජය මගින්, ආගම මගින් හා සංස්කෘතිය මගින් පාලනය කර තිබේ. "රාගය" ලෙසින් පොදුවේ හැඳින්වෙන කාමාශාව බොහෝ විට ගින්නකට සමකර තිබේ. රාග ගින්න නිවීමෙන් පමණක් විමුක්තිය ලබාගත හැකි බව ආගමික වශයෙන්ද දක්වා ඇත. නමුත් ඒ සියල්ලටම පටහැනි සේ රාගය තව තවත් වැඩිකරන ලෙසම අඟ පසඟ විවරවී පෙනෙන ලෙසට ඇඳුම් ඇඳීමෙන් සිදුවන්නේ රාග ගින්නට තවත් පිදුරු දමන්නකි.

ශ්‍රී ලංකාවට චිරාත් කාලයත් තිබූ සංස්කෘතියක් තිබුණි. එහිදී කාන්තාවන්ගේ ඇඳුම් පැලඳුම් ගැන විශේෂ අවධානයක් යොමු කර ඇත. අතීතයේදී "රොඩී" කුලයේ කාන්තාවන් උඩුකය නොවැසුවද සිංහල කුල කාන්තාවන් හොඳින්ම ශරීරය වැසෙන ලෙස ඇඳුම් ඇන්දහ. සමහරෙක් මතු කරන කාරණයක් නම් ලිංගික අවස්ථා සුලභ කිරීම මෙන්ම බටහිර රටවල මෙන් ලිංගිකත්වය සාමාන්‍යකරණය කිරීමෙන් අතවට අඩුකර ගත හැකි බවයි. නමුත් එයින් සිදුවෙන්නේ තව තවත් මිනිසා තුල රාගය හා ප්‍රාථමික ලිංගික ආශාවත් වැඩිදියුණු කිරීමයි.

ඇමරිකාව වැනි බටහිර රටවල් වල කොතරම් ලිංගික නිදහස තිබුනද එහි දිනකට කාන්තාවන් විශාල ප්‍රමාණයක් අතවරයට ලක් වේ. ලෝකයේ අඩුම කාන්තා අතවර සිදුවන්නේ අන්තවාදි යැයි කියනා නීතියක් ඇති සෞදි අරාබියේ බව මතක තබාගත යුතුය.

අපේ රටේ කාන්තාවන් සියලු දෙනාම ඔවුනට සිදුවන අතවර වලට ඔවුන්ගෙන්ම ඇති දායකත්වය ගැන නැවැත විමසිය යුතු වේ. ඔවුන්ගේ විලාසිතා නිසාම ලිංගික හැඟීම අවදිවී ඔවුන්ට අතවරයක් කිරීමට අවස්ථාව නොලැබුනත් ඒ ආශාව පිටකරගන්නේ කුඩා දැරියකගෙන් හෝ මැහැලියකගෙන් විය හැක. කාන්තාවන් ගේ නොගැලපෙන විලාසිතා නිසා අවසානේ රටේ ළමා පරපුර ද විනාශ වන්නේ එ ලෙසිනි.


පිරිමින්ට වරද පටවා අත සෝදා ගැනීමට මාන බලන කාන්තාවන් හා කාන්තා සංවිධාන මේ තත්වය වටහා ගැනීම ඔවුන්ගේ ම සුභසිද්ධිය පතා ම වැදගත් වේ