Sunday, October 31, 2010

පෙමවතියක් නොමැති වීමේ වාසි


තරුණ වයසේ සිටින අය බොහොමයක් දෙනා ආදරය ලබන්න, ආදරය කරන්න ආසයි. එය මිනිසාගේ මූලික අවශ්යතාවයක්. තරුණ වයසේ අය තමන්ගේ පවුලෙන් ලැබෙන ආදරයට අමතරව විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය හා ආදරය බලාපොරොත්තු වෙනවා. අද කාලයේ තරුණයෙක් තුල වැඩිම මානසික පීඩනය ඇතිකරන්නේ ප්‍රෙම සම්බන්ධතා බව රහසක් නොවේ. තමන්ට ආදරය කිරීමට පෙම්වතියක්, පෙම්වතෙක් සිටින එක ජීවිතයට සෑම අතින්ම ආලෝකයක්, උදව්වක් වෙනවා වාගේම එවැනි සහකාරියක් නොමැති වීමද විශාල ගැටලුවක් නොවේ. එය යම් අවස්ථාවලදී වාසිදායක නොවෙනවා නොවේ.

මෙම කරුණු අන්තර්ජාලයේ ඇසුරින් සොයාගත් අතර ඒවා පිරිමි පාර්ස්චවයට වැදගත්වන ලෙස පළකර තිබේ. කෙසේ වෙතත් තමන්ට පෙම්වතෙක් නොමැති විට තරුණියකටද මීට සමාන වාසි රැසක් ලැබේ. කරුණාකර මෙය කියවා තමන්ගේ පෙම්වතිය/පෙමවතා සමග අමනාප වෙන්නට එපා. තමන්ගේ ප්‍රෙම සම්බන්ධය අවසන් වූවිට හෝ තවමත් සහකාරියක් සොයාගැනීමට නොහැකිව ඔබ ලතවෙනවානම් මෙම කරුණු වලින් ඔබට අනිවාර්යයෙන්ම තමන්ගේ ඉරණම ගැන ධනාත්මකව සිතීමට උදව් වෙනවා නොඅනුමානය.

1.     තමන්ට කාලය ඉතිරි කර ගැනීමට ලැබෙයි. තව කෙනක් සමග සාප්පු සවාරියේ යෙදීමට හෝ තම පෙම්වතිය ගේ නීරස, බොලඳ පෙම් කතා වලට උනන්දුවෙන් සවන් දෙන බව පෙවීමට ඔවට අවශ්ය නොවේ. ඇයගේ කටයුතු සඳහා කැපවීම නිසා ඔබේ වටිනා කාලය රැකියාවට, අධ්යාපනයට හා දියුණුවට යෙදවීමේ අවස්ථාව ඔබට අහිමි වනවා නේද ?

2.     දෙවැනි කාරණය ඔබට හොඳ නින්දක් ලබා ගත හැකි වීමයි. තමන්ගේ ආදරවන්තිය ගැන සිතමින් නිදි මැරීමට,උදේ පාන්දරින්ම ඇයගෙන් තොරතෝන්චියක් නැතිව ලැබෙන දුරකථන ඇමතුම් වලින් බෙරීමට ඔබ තනිකඩයෙක් නම් හැකිවනු  ඇත
3.     Missed Calls ගැන බයවෙන්නට දෙයක් නැත. ඒවාට නැවත ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ඔබ මුහුනදෙන භයානක තත්වය අමුතුවෙන් විස්තර කරන්නට උවමනාවක් නැත.

4.     තමන්ගේ බාහිර පෙනුම ගැන වද වීමට ඔබට සිදුනොවේ. තමන් කැමති ඇඳුමක් ඇඳ පෞද්ගලික පිරිසුදු කම නැත්තටම නැතිව කැමති තැනකට යාමට පුලුවන් වීම කොතරම් නිදහසක් ද? මෙය කියවන ඔබ දැනටත් පෙම්වතෙක් නම් හරියට ඇඳ පැලඳ නොගැනීම නිසා ඇයගෙන් නොක්කාඩු අසා තිබෙන්නටත් ඇති.


5.     මම වඩාත්ම කැමතිම කාරණය වන්නේ තමන්ට කැමති අවන්හලකින් ආහාර ගැනීමට පුලුවන් වීමයි. පෙම්වතිය සතුටින් තබාගැනීමට මිල අධික ආහාර ඇති තැන්වලට ගොස් පොකට් එකට විදගන්නා අසරණ පෙම්වතුන් මම කොතෙකුත් දැක ඇත. මෙහි වඩාත් අප්‍රසන්න කාරණය වන්නේ තම්න් කන බොන තැන්වලට ද ඇය නීති පැනවීමයි. සයිවර් කඩෙන් කෑමට පුරුදු වුනු අයට නම් Hi-Fi තැන් හිතට මෙන්ම පොකට් එකටද අල්ලන්නේ නැත.


6.     කරදරකාරී SMS වලට තිත තැබීමට ඔබට පෙම්වතියක් නැත්නම් හැකිවනු ඇත. සෑම විටම සම්බන්ධතාවය තබාගැනීම යහපත් දෙයක් වුවත් අවසානයේ සිදුවෙන්නේ ඔබ අසරණ වීමත් දුරකථන සමාගම් පොහොසත් වීමත් පමනි


7.     තනිකඩ ඔබ ලබන තවත් වරප්‍රසාදයක් වන්නේ කැමති තරුණියක් සමග කථා කිරීමට සතුටු සාමීචියේ යෙදීමට හැකිවීමයි. බොහෝ පෙම්වතියන් තම සහකරුවා වෙනත් තරුණියකගේ මුහුන බලනවාටත් කැමති නැත. මෙය සාමාන්ය තත්වයක් වුවත් තමාගේ මිතුරියක් සමග වත් ටික වෙලාවක් කථාකිරීම නිසා පෙම්වතියගේ ඊර්ශ්යාවට ලක්වීම හා අවසානයේ ගැටුම් ඇතිවීම නම් අනුමත කළ නොහැක.


8.     තමන්ගේ සමාජ සම්බන්ධතාවලට ප්‍රේම සම්බන්ධතාවලින් බාධා එල්ලවීම අනිවාර්යයෙන්ම සිදුවේ. ඔබේ පවුලේ අය, මිතුරන් හා කාර්යාලීය සගයන් ආදී සියලුම සමාජ සම්බන්ධතා සීමා කිරීමට ප්‍රේම  සම්බන්ධයක් පවත්වන ඔබට සමහරවිට සිදුවනවා ඇති. මගේ මිතුරන් රැසකට තමාගේ අනෙකුත් සම්බන්ධතාවල ගැටලු පැන නැගුනේ තම පෙම්වතිය එවාට සීම පැනවීම නිසාය. බොහෝ විට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන විට තමාගේ සහකරුවා තමාට පමණ අයිති වස්තුවක් ලෙස සැලකීම බොහෝ තරුණියක් අතින් සිදුවේ. තමාගේ සමාජ සම්බන්ධතා හා පෙම්වතිය අතර දෝලනය වීමට බොහෝ තරැණයින්ට සිදුවේ. අවසානයේ පාඩුව සිදුවෙන්නේ තරුණයාටයි

අවසානයේ ඔබට දෙන අවවාදය වන්නේ තරුණියක් සොයාගැනීමට නොහැකිවීම හෝ ආදර සම්බන්ධතාව දෙදරා යාම තුල සැඟවුනු යහපත් ප්‍රතිඵල තිබෙන බවයි

Saturday, October 30, 2010

රැකියාව සමග විවාහ වීම (Being Married to the Job)


ඔබ ඉතා වැඩිවේලාවක් කාර්යාලයේ රැඳී සිටිනවා ඇති. තමන්ට කල යුතු කාර්යය නිම කර තිබියදීත් තම කාර්ය භාරය ගැන නැවත නැවත සොයාබලා එය නිමවන තුරුම දැඩි වගකීමෙන් කටයුතු කරනවා ඇති, නිවාඩු දින වලදීද කාර්යාලය සමග නිරන්තර සම්බන්ධතාවයන් පවත්වනවා වෙන්නත් පුලුවන්, ඔබ රැකියාව ගැන සිතා නිවාඩු නොලබා වැඩකරන්නත් පුලුවන්. එසෙත් නැත්නම් ඔබගේ මුලු ජීවතයම රැකියාව වන්නට පුලුවන්. ඔබ සෑම විටම රැකියාවේ දියුනුව ගැන සිතන රැකියාවට පරබාහිරව සම්බන්ධතා ඉතා අඩු, විනෝදාංශ හා මිතුරන් නොමැති කෙනෙක් වන්නටත් පුලුවන්. මේ කරුණු යම් ආකාරයකට ඔබ සඳහා වලංගු නම් ඔබ අනිවාර්යයෙන්ම රැකියාව හා විවාහ වුනු අයෙක් ලෙස සැලකිය හැක.

ලංකාවේ මම තත්වය ඉතා අඩු වුවත් (රජයේ රැකියා ගැන කථාකිරීම විහිලුවට කරුණකි ) ඇමෙරිකාව වැනි දියුනු රටවල වැඩකරන ජනතාව අතර මේ තත්වය බහුලවම පවතී . ලංකාවෙත් පෞද්ගලික ආයතන වල මෙවන් පිරිස් හඳුනාගැනීම දුශ්කර නැත. කෙනෙක් මෙවන් තත්වයකට පෙළඹීමට හෙතු කිපයක් ඇත. පලමු වැන්න නම් ආයතනික මට්ටමෙන් එන බලපෑම් ය. සමහර ආයතන මුලු දවස පුරාම තම වැඩකටයුතු සිද්ධ කරති. එවන් ආයතනයක සේවකයන්ට වැඩිපුර කාලයක් තම රැකියාව සමග ගතකරන්න සිද්ධවීම අරුමයක් නොවේ (24 X 7 work schedules).

සමහර ආයතන වැඩියෙන් වැඩකරන, වැඩිම වෙලාවක් කර්යාලයේ ගතකරන හා වැඩිම පැමිනීමක් පෙන්වන සේවකයන්ට විශේෂ සැලකීම දැක්වීම තමන්ගේ පවුලේ කටයුතු වලින් ඈත්වී රැකියාවත් සමග කල්ගෙවීමට සේවකයන් පුරුදු කරන එක් හේතුවකි. සමහර අවස්ථාවල තරුණ සේවක් සේවිකාවන් විවාහයක්, පවුලක් වැනි සමාජ බන්ධන ආදිය ඇතිකරගැනීමෙන් වැලකෙති. ජපානය වැනි රටවල තරුණ පිරිස විවාහ වන ප්‍රතිශතය බරපතල ලෙස පහල යාම හා විවාහක යුවලවල් දරුවන් ලැබීමෙන් වැලකීම නිසා එරට පාසල් වැසීමට සිදුවූ බව මම පෞද්ගලිකව දන්න කරුනකි. එමෙන්ම ලංකාවේත් එක්තරා ඉහල රැකියාවකට පුවත්පතක පලවූ දැන්වීමෙහි ඒ සඳහා මූලික සුදුසු කමක් ලෙස රැකියාවට ජීවිතයේ මූලික තැන ලබාදීම සඳහන් කර තිබුනි ( The candidate should believe in ‘ Being Married to the Job’ and he/she should choose work over family ).

තම රැකියාව සමග විවාහ වීමේ තවත් හෙතුවක් නම් තම පවුල, බිරිඳ හෝ පෙම්වතිය සමග ගෙවන ජීවිතයට වඩා රැකියාව තෘප්තිකර වීමයි. රැකියවේ කොතරම් මානසික පීඩනය තිබුනත් තමන් වැඩ කිරීමට කැමති නම්, කාර්යාලීය සගයන් හා තමා යටතේ සිටින අය තමන්ට ගරු කරයිනම් අනෙකුත් සමාජ සම්බන්ධතා අතහැර රැකියාව ගැන සිතීමට හේතු වන්නට පුලුවන්. තමාගේ බිරිඳ ගෙන් තමන් තෘප්තිය නොලබන විට වෙනත් සම්බන්දතා වලට යොමුවනවා වාගේ තමාගේ පවුල් ජීවතයෙන්, සමාජ ජීවිතයෙන් පරාජය වුනු අය වෘත්තීය ජීවතයෙන් සතුටු වීම ස්වාභාවිකයි.

ආර්ථික අර්බුධ හා වියාපාර ලෝකයේ සිදුවූ කඩාවැටීම හේතු කොටගෙන ආයතන වල සේවකයන් සේවයෙන් ඉවත්කිරීමට සිද්ධ වෙන නිසා එයින් බෙරී තම රැකියාව රැකගැනීමට ඇති එකම මග ලෙසද තමා කොතරම සේවා ස්ථානයට වැදගත් ද යනවග පෙන්වීමටත් සමහරක් මෙසේ කරති.

මෙවන් පුද්ගලයින් සාමාන්යයෙන් අන්තර පුද්ගල සම්බන්දතා වලට දුර්වල, සමාජයෙන් කොන්වී සිටින පිරිසක් නොවෙති. තමාගේ රැකියා ස්ථානය තම පවුල ලෙස සිතාගෙන වැඩ කරන මෙවුන් සමාජයත් සමග කටයුතු කිරීමේදී වඩා සාර්ථක වේ. කෙසේ වුවත් හැඟීම්බර සම්බන්ධතා කෙරෙහි රැකියාව ගැන පමණක් සිතන පිරිස තුල තිබෙන නැඹුරුව ඉතාම අඩුයි. ජීවිතයේ සෞන්දරයාත්මක දෙවල් අගය කිරීමට මොවුන්ට ඉතා අපහසු වන අතර වගකීම් ගැනීමට නොපසුබටව ක්‍රියාකරන නමුත් සංවෙදීතාවයක් නොපෙන්වයි.

රැකියාවත් සමග විවාහ වුනු තැනැත්තා තුල මානසික ආතතිය ඉතාම අඩු වේ. මන්දයත් රැකියාවට බාධා එල්ලවන අයුරින් සමාජ සම්බන්ධතා නොතිබීම නිසාය. කෙසේ වෙතත් ජපානයේ මෙන් දීර්ඝ කාලීනව සමාජ ගැටලු පැන නැගීමට මෙය බලපායි. නමුත් එම පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ වෙනස්කිරීමට යාමෙන් තවත් කරදර රාශියකට මුහුන දීමට කායික හා මානසික වශෙයෙන් ඔහුට/ඇයට සිදුවේ. රැකියාවත් සමග විවාහ වීම තුලින් වරප්‍රසාද රාශියක් කෙනෙකුට ලැබිය හැක. එසේ තම ජීවිතයට රැකියාව බද්ධ කරගැනීම වරදක් නොවේ තම කැමැත්තට අනුව ගැලපෙන තීන්දු තීරණ ගැනීම අප සෑම කෙනෙකුගෙම අයිතියකි. එම අයිතියට ගරු කිරීමට අප සෑම කෙනාම පුරුදු විය යුතුය.

Friday, October 29, 2010

පසුගාමී දරුවා

                                

බොහෝ කාලයකට පසු නැවතත් බ්ලොග් ලිවීම පටන් ගත්තේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන ඔබට කරුනු කියන්නයි. ලංකාවේ තරුණ පරපුර අසහනයෙන් පෙලීම ගැන බොහෝ දෙනා කථා කරනවා. තරුණයින් අපෙක්ශා කරන්නේ සමාජ පිළිගැනීම හා දියුනුවයි. රැකියාවක්, දෙපල හා අනෙකුත් සම්පත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒවා සාර්ථක කරගන්නේ කීයෙන් කීදෙනාද ? ලංකාවේ හොඳ රැකියාවක් කරන්න අනිවාර්‍රයෙන් විශ්ව විද්යාල මට්ටමේ උසස් අධ්යාපනයක් අවශ්ය වේනවා. එමෙන්ම මූලික උපාධිය නිමකල පමනින්ම රැකියාවක් ස්ථිර වෙන්නේත් නෑ.

සමහරු රැකියා ලබාදෙන්න කියා රජයට බලකරනවා. එවැනි ඉල්ලීම වල සාර්ථක අසාර්ථක භාවය කෙසේ වුවත් රටේ සෑම දෙනාටම රැකියා ලබාදෙන්න රජයට හැකියාව නොමැති බවනම් කිවයුතුය. අද අපේ රටේ පාසල් දරුවක් කීදෙනේක් තමාගේ අධ්යාපනය සරසවිය දක්වා ගෙනයනවාද ? සාමන්යයෙන්  2%-4%  අතර ප්‍රමානයක් පමණයි සරසවි වරම් ලබාගන්නේ. ඉතිරි පිරිසට වෙන්නේ කුමක්ද ?

සත්යය නම් ලංකාවේ රැකියා තිබෙන බවත් ඒ සඳහා කුසලතා, හැකියාවන් හා ආකල්ප වලින් පිරිපුන් පිරිසක් නොමැතිවීමත් ය. රැකියා වියුක්තිය හා තරුණ අසහනය ගැන හඬනගන කිසිඳු කෙනෙක් මෙම ගැටලුවේ මූලය නොසෙවීම කණගාටුදායක කරුණක්.
මීට විසඳුම සෙවීම ළමා කාලයේ සිටම කලයුතුයි. අපේ රටේ දරුවන්ට පවතින බරපතල ගැටලුවක් වන්නේ නියමිත ඉලක්කයක් නොමැති වීමයි. තමාට අනාගත්යේ ජිවත් වන්නට සිදුවන්නේ කුමන පුද්ගලයන් ලෙසද යන්න කුඩාකාලයේ සිටම දරුවන්ට කියාදී තමාගේ අනාගත මාර්ගය තමන්ටම තෝරාගැනීමට ඉඩදිය යුතුයි. අනාගත පුරවැසියන් ලෙසට වගකීම සහගතව ජීවිතයට මුහුන දෙන අයුරු ලංකාවේ දෙමවුපියන් දරුවන්ට කියා නොදීම බරපතල ගැටලුවක්. වෙනත් රටවල නම් කුඩාකාලයේ සිටම ධනාත්මකව සිතීමට, තමාගේ අරමුණ කරා නොනැවතී ඉදිරියට යාමට හා ඒ අවස්ථාවලදී ඇතිවන බාධක මගහරවා ගැනීමේ කුසලතා කියාදේ.

අවාසනාවකට අපරටේ දමවුපියන් දරුවන්ව ඉගෙනීමට යොමුකිරීමට මහන්සි වුවත් ඉගෙනගන්නා ක්‍රමය හා බාධක ජයග්‍රහනය කරන ක්‍රමය (Learning to Learn)ගැන කියාදෙන්නේ නැත. ඒ සඳහා දෙම්ව්පියන්ට දැනුමක්ද නැත. තවත් සමහර දෙමවුපියන් දරුවන්ව ඉලක්ක වලින් ඈත් කරති. " තවම පොඩි ළමයනේ, මේ වයසේ ඔලුවට එච්චර ලොකු දේවල් දාන්න හොඳ නෑ නේ" යනුවෙන් සිතති. එවිට බිහිවන දරුවා නවීන ලෝකයේ තරඟකාරීත්වය හමුවේ අසරණ වන එක නොවැලැක්විය හැක. මිනිසාගේ මනස පීඩනයට ඔරොත්තු දෙන ලෙස හැඩ ගැසී පවතී. ක්‍රමවත් ලෙස පුහුනු කළ මනසකට ඕනෑම වයසක ඕනෑම පීඩනයක් දරාගෙන තම අරමුන කරා ගමන්කල හැක.අද කාලේ දරුවන්ට පුහුනු කල යුත්තේ එයයි.

දරුවන්ට ළමා කාලයක් තිබිය යුතු බව ඇත්ත. නමුත් ළමයාගේ දෙමවුපියන් ගෙවූ ආකාරයේ ළමා වියක් ලබාදීමේ හැකියාවක් නැත. මන්දයත් එදාට වඩා අද තත්වය බරපතල ලෙස වෙනසකට ලක්වීම නිසාය. අපිට කුණාටුව නැවත හැරවිය නොහැක. කලයුතු වන්නේ එයට අනුව හැඩගැසීම පමණයි. දරුවාගේ ජීවිතයේ යම් යම් කාලවලදී උචිත ඉලක්ක ලබාදෙන්න. එම ඉලක්කය කරා යනවිට ඇතිවන බාධක මැඩගන්නා ආකාරය හා පැමිනෙන සියලු කායික, මානසික පීඩා දරාගැනීමට දරුවා හුරුකරන්න.
දරුවා තුරුණු වියට එළඹෙත්ම ජීවිතයේ බැරෑරුම්කම හා අනාගතය වෙනුවෙන් සටන් කරන ආකාරය කියා දෙන්න. තමන්ගේ ජීවතයේ වෙනත් අරමුණු හා ආශාවන් තම මූලික අරමුණ වෙනුවෙන් කැපකිරීමට පුරුදු කරවන්න. එමෙන්ම උත්සාහයෙන්, කැපවීමෙන් හා කැපකිරීමෙන් තොරව සාර්ථකතවයක් නොලද හැකිබව තරුණයන්/ දරුවන් මතකතබාගැනීම ඉතා වැදගත් වේ. ජීව්තය කවදාවත් සතුටින් හා සැහැල්ලුවෙන් ගතකරන යමක් නොවේ. එය ජය පරජයෙන් පිරි දෙයක්. සමහර වෙලාවට ජයග්‍රහනයට වඩා පරාජය අපිට උරුම වෙන්න පුලුවන්. ජීවිතය කියන්නේ සටනක්. තමන්ගේ අනාගතය වෙනුවෙන් සටන් කරන්න නොහැකි දුර්වලයන් විනාශයට පත්වෙනවා. ජීවිතය් ඇති අවධානම හා භයංකාරත්වය වටහා ගන්න. මෙය අද රටේ බහුතරයක් දෙනා පිළිගන්නේ නෑ.

අනාගතයට අවශ්ය දරුවන් හා තරුණයන් නිර්මාණය කිරීමේදී දෙමවුපියන් වෙත පැවරෙන වගකීම අතිවිශාලය. තරඟකාරී ලෝකය තුල කොන්වෙන්න නොදී අභීතව අරමුණ කරා ගමන්කරන, ඕනෑම දුකක් පීඩනයක් දරාගත හැකි පිරිසක් නිර්මාණය නොකලොත් ජාතියක්, රටක් වශයෙන් කොන්වීම නොවළැක්විය හැක


Sunday, October 24, 2010

මානසික ආතතියේ යහපත් ප්ර්තිඵල



මානසික ආතතිය යනු යම් දුශ්කර කායික හා මානසික අවස්ථාවකට පුද්ගලයෙකුගේ මනස/සිරුර ප්‍රතිචාර දක්වන ක්‍රමයක්. ජීවිතයේ අප සෑම දෙනෙක්ම කවදා හෝ මානසික ආතතියට ගොදුරු වෙලා ඇති. මානසික ආතතියක දී තමන්ගේ හදවත ගැහෙන වාරගනන වැඩිවනවා. එමෙන්ම ඇසේ කනීනිකාව විශාල වී වැඩි ආලෝක ප්‍රමානයක් ඇසට ඇතුල් කරගන්නවා. ශරීරයේ මාංශ පේශී තද වී දහඩිය දමන්න පුලුවන් එමෙන්ම ප්‍රජනක අවයව වල ක්‍රියාකාරීත්වය ඇනහිට එම ක්‍රියාවලියට අදාල හෝමෝන නිපදවීම නැවතී ශරීරය හදිසි අවස්ථාවලට සූදානම් කරන ඇඩ්ලිනලීන් හෝමෝනය නිශ්පාදනය වෙනවා. ඉහත කී ශාරීරික කාරනා වලට අමතරව නිතර කෝපයට පත්වීම, ඉකමනින් කලබල වීම, නුරුස්සනා ගතියක් පහල වීම මානසික ලක්ෂණ විදිහට සලකන්න පුලුවන්.

ඉහත කී සියලු කාරනා සිදුවන්නේ ඈත අතීතයේ සිටම මිනිසාට උරුම වූ තර්ජන වලට මුහුන දීමේ හැකියාව වර්ධනය කිරීමටයි. තමන් මාරාන්තික සටනක නියැලෙන විට මේවාගේ මානසික හා ශාරීරික තත්වයක් ඉතාම අවශ්යයි.  නවීන ලෝකයේ ප්‍රාග් ඓතිහාසික යුගවල මෙන් විලොපිකයන්ගෙන් ආරක්ශා වීමට ආතතිය ප්‍රයෝජනවත් නොවුනත් මිනිසා මුහුන දෙන භයංකාර තත්ව වලින් බේරීමට මහඟු කාර්යයක් ඉටුකරයි. උදාහරණයක් ලෙස සොරුන් රැලකට තමන් මැදිවුනොත් සටන් කිරීම හෝ පලායාමට අවශ්ය ශක්තිය ලබාදෙන්නේ ආතතිය නිසාය. ආතතිය නොමැතිනම් මිනිසාගේ මරණය පවා සිදුවිය හැක.
ආතතිය තුලින් කෙනෙකුගේ ජීවිතයට අරමුණක් ලබාදෙයි. සෑම විටම තමන්ගේ ජිවිතයට යම් අඩුපාඩුවක් නැත්නම් අවශ්යතාවයක් දැනුනු විට එය කෙසේ හෝ ලබාගන්න වෙහෙසෙන්නේ ආතතිය නිසා. තමන්ගේ කාර්යාලයේ වියාපෘතියක් කරන විට දැනෙන මානසික අසහනය ඉතා ධනාත්මක ආකාරට එම කාරයයේ සාර්ථකත්වය සඳහා බලපායි. විභාගයට පාඩම් කරන කෙනෙක් තුල අනිවාර්යයෙන්ම ආතතිය තිබිය යුතුයි. ආතතිය නිසා මනසට සියලු කරැණු ධාරණය කරගැනීමට ලැබෙනවා පමණක් නොවේ මනස නිතර අවධියෙන් තැබීම තුලින් නිදිමරාගෙන පාඩම් කරන්න ශක්තිය ලැබෙනවා.

ආතතිය ඔබව විමසිල්ලෙන් තබනවා. ඉගෙන ගන්නා කාලයේ යම් මට්ටමක ඉහල ආතතියක් තිබිය යුතුයි. තමාගේ ජීවිතයේ වගකීම ගැන හා ඉගෙන ගැනීම අසාර්ථක වුනොත් තමන් මුහුනපාන්නට වෙන අති දුශ්කර තත්වය අවබෝධකර ගැනීමෙන් තමන්ටම ධනාත්මක වූ මානසික ආතතියක් ඇතිකර ගැනීමට පුලුවන්. සමාජයේ සාර්ථක වූ සෑම කෙනෙක් තුලම ආත්තියක් තිබෙනවා. ආතතිය නොමැතිනම් ඔබේ ජීවිත ඉතාම නීරස වනු නොඅනුමානයි..
කෙසේ වෙතත් මානසික ආතතිය කෙටි කාලීනව යහපත් වුනත් දීරඝ කාලීනව මානසික හා ශාරීරික බලපෑම් ඇතිකරයි. ඉකමනින් මහලුවීම, ශරීර ශක්තිය ඉකමනින් දුර්වල වීම, නිතර රෝග වලට ලක්වීම ඉන් කීපයක් මානසික වශයෙන් අන්තර් පුද්ගල සම්බන්ධතා දුර්වල වීම ( ආයතනික සම්බන්ධතා රැකියා ස්ථානයේ තිබෙන ආතතිය නිසා දුර්වල වීම අඩු වුවත්, කෙනෙක් ගේ පෞද්ගලික ජීවිතයට මෙය බලපාන්න පුලුවන් )

අද ලෝකය ඉතාම තරඟකාරී වෙලා. මිනිසුන් දියුණු වෙන්න මහත් පරිශ්‍රමයක් දරනවා. තම්න්ගේ මුලු ජීවිතයම සාර්ථකත්වය වෙනුවෙන් කැප කරලා ඒ වෙනුවෙන් සටන් කරන්න සූදානම් අය ඉන්න යුගයක නොනැසී ජීවත් වීමට මානසික ආතතිය ඉතාම අවශ්ය වෙනවා. කොතරම් තම පුද්ගලික ජීවිතයට අවාසි සහගත වුනත් ඒ සියල්ල කැපකරමින් ආතතිය මනා ලෙස පවත්වාගෙන යාම ඉතාම වැදගත් වෙනවා. ආතතිය තමන්ගේ කරයුතු අඩාල කරන්න නොදී එය තමන්ගේ ඵලදායීතාවය වර්ධනය කරන්නක් විදිහට සකස් කර ගතහොත් එක ඔබට ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි

Friday, October 15, 2010

සිරස් බෝග වගාව (Vertical Farming)


අද ලෝකයේ ජනගහනය විශාල වශයෙන් ඉහල යනවා. එමෙන්ම නාගරීකරණය ඉතා සීඝ්‍රයෙන් සිදුවෙනවා. වර්ෂ 2050 දී මුලු පෘතුවි ජනගහනයෙන් 80% නාගරිකව ජීවත්වේ යැයි ගණන් බලා තිබෙනවා. එවැනි ජනගහනයකට ආහාර සැපයීමට දැනට භාවිත කරන තාක්ෂණය අනුව වගාබිම් ප්‍රමාණවත් නොවේ. නිවැරදි තත්ව පාලනයෙන් තොරවද ඉතා විශාල වගා බිම ප්‍රමාණයක නියම ප්‍රතිඵල ලබාගැනීමට අප අපොහොසත් වී තිබෙනවා. මේ කාරණා සැලකිල්ලට ගැනීමේදී පෙනීයන්නේ අප මුලින් ඇස්තමේන්තු කල කාලයට කලින්ම ආහාර අර්බුදයක ඇතිවන බවය
මෙයට සාර්ථක විසඳුමක් ලෙස සිරස් බෝග වගාව හැඳින්වීමට පුලුවන්. සුලු පරිමානයෙන් අද පවා මෙම තාක්ෂණය තක්කාලි හා ඖෂධ පලෑටි වගා කිරීමට යොදාගන්නවා. මේ තාක්ශණය ඵලදායක ලෙස හා කාර්යක්ශම ලෙස යොදාගැනීමට විද්යාඥයන් දැන් උත්සුක වෙලා. අතීතයේ සිටම මිනිසා ගොවිතැන් කලත් තාක්ෂණයෙන් තොරව විවිධ අත්හදාබැලීම සිදුකිරීම නිසා එකල පැවති සරුබිම් රාශියක් අපිට අහිමි වෙලා. කෙමෙන් කෙමෙන් නාගරීකරණය වනවිට පරිසර දූෂණය නිසාද වගා බිම් වලට තර්ජන එල්ල වෙලා. උග්‍ර ජල හිඟය, හරිකේන්, කුණාටු හා ගංවතුර තත්වයන්ද ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. මෙවන් තත්ව යටතේ සාම්ප්‍රදායික ගොවිබිම් හා ඒවායේ නඩත්තුව ඉතා වියදම් අධික හා කල්ගතවන ක්‍රම. මිනිස් ජනාවාස තුලදීම මිනිසුන්ට අවශ්ය ආහාර නිපදවාගැනීමට හැකිනම් එය ඉතාමත් ලාභදායී හා විස්වාසවන්ත් වෙනවා. එයින් ආහාරවල ගුනාත්මක බව මෙන්ම නිශ්පාදන කාලයද ඉතුරු වෙනවා.

අනාගත ලෝකයට අවශ්යවන ආකාරයේ කුඩා ඉඩෙහි ඉතා විශාල ශාක ගනනක් සිටුවා ශාක වලට අවශ්ය මූලද්රව්ය නියත අනුපාතයෙන් මිශ්‍රකොට කෙලින්ම මූල පද්ධතියට යොමුකලහැකි ආකාරයේ වගා පද්ධති සඳහා නියාමක ව්යාපෘති දැනටත් ක්‍රියාත්මක වෙනවා. සාමාන්ය ආකාරයට බෝග වගාකරනවාට වඩා තට්ටු කීපයකින් යුතුව ගොඩනැගිලි වල වගා කිරීම වඩාත් ප්‍රතිඵලදායක වේ. එමෙන්ම කෘතිම ආලේක තත්ව යොදාගෙන අවුරුද්දේ සෑම කාලයකදීම වගාකිරීමද මෙහි තවත් එක් ප්‍රයේජනයකි. මූලික වියදම සාමාන්ය ගොවිබිමකට වඩා තරමක් වැඩි වුවද කල්ගතවනවිට වගා උපකරණ සඳහා වැයකලයුතු ඉන්ධන වියදම අඩුවීම, පාලිත තත්වයන් යටතේ රෝග බෝවීම අඩුවීම, නාස්තිය අවම වීම යන කරුණු හේතුවෙන් සැලකියයුතු ලෙස ලාභදායී වේ.
මේ ආකාරයට සලකා බලන විට අනාගත ආහාර අවශ්යතාව සඳහා සිරස් බෝග වගාව ඉතාම වැදගත් කාර්යයක් ඉටුකරන අතර මනා කලමණාකරනයකින් යුතුව වගාබිම් පරිහරණය කිරිමෙන් අනාගත ආහාර ගැටලුවට ස්ථිරසාර පිළිතුරු සෙවිය හැක

Wednesday, October 13, 2010

උණුසුමින් බේරීමට පිළියම්

එකම පන්නයේ ලිපි ඉදිරිපත් කල මම අද වෙනස් දෙයක් කරන්න හිතුවා. ලංකාවේ අද කාලේ රස්නය උහුලන්න අමාරුයි. විශේෂයෙන් කොළඹ නගරයේ මේ වනවිට දැඩි උනුසුමක් පවතිනවා. අධික උනුසුම නිසා මිනිසාගේ පරිවෘත්තීය ක්‍රියා අඩාලවී මරණය පවා සිදුවෙන්න පුලුවන්.  ඉන්දියාවේ වසරකට දහස් ගනනක් උනුසුම වැඩිවීම නිසා මියයනවා. මම අද ඔබට අධික උනුසුමෙන් බේරීමට කාරණා කිපයක් කියාදෙන්නම්. මේවා මම අන්තර්ජාලය පරිශීලනය කරනවිට සොයාගත්ත දේවල් ටිකක්. Holli Friedland තමයි මේ කරුණු මුලින්ම ඉංග්‍රීසි භාෂාවෙන් සම්පාදනය කරලා තියෙන්නේ.
1.     තමන්ට දාඩිය දාන්න ඉඩදෙන්න. දාඩිය තමාගේ සිරැරේ ඇති උශ්ණත්වය උරාගෙන        වාශ්ප වීමන් ශරීරයට සිසිලක් ගෙන එනවා. ජලය තමාගේ ශරීරයට ඉසගෙන විදුලි පංකාවක් යට හිඳීමෙන් උනුසුම අඩුකරගන්නත් පුලුවන්
2.     තමන් අඳින ඇඳුම ගැන සැලකිලිමත් වෙන්න. ඉතා ලිහිල් කපු ඇඳුම අඳින්න. සුදු පාටට හුරැ ලා පාටවල් තෝරාගන්න
3.     තාපය පිටකරන උපාංග ඒවා භාවිත නොකරන වේලාවල ක්‍රියා විරහිත කරන්න. ඉතා කුඩා උපාංග පවා නොසලකා හරින්න එපා. පරිගණකය, මයික්‍රෝවෙව් උඳුන වගේම දුරකථන චාර්ජරය වැනි භාන්ඩ ඒවා භාවිත නොකරන විට වසා තැබීමෙන් විදුලිය පවා ඉතිරි වෙනවා.
4.     ඔබ ජීවත් වන්නේ තට්ටු කීපයක නිවාසයක් නම් උණුසුම වැඩි වේලාවල යට තට්ටුවේ සිටීමට උත්සාහ කරන්න. නිවසක යට තට්ටුව සෑම විටම උඩ තට්ටුවට වඩා සිසිල් වීම මීට හේතුවයි
5.     තරමක සැර ආහාර අනුභාව කරන්න. බොහෝ උශ්ණ කලාපිය රටවල මිනිසුන්  (ලංකාව, ඉන්දියාව, මෙක්සිකෝව වැනි )සැර ආහාර අනුභාව කරන්නේ එවැනි ආහාර වලින් දහඩිය පිටවීම වැඩි කරන නිසාය.
6.     සෑම වේලාවක දීම ස්නාන්යය කිරීමට නොහැකි නිසා අඩුතරමේ තමන්ගේ කකුල් දෙකවත් වතුරේ යම් වේලාවක් තබාගන්න.
7.    සීතල වතුර පිරුණු බෝතලයක් වැනි යමක් ගෙන නිතරම තමන්ගේ නලලේ හා ගෙලේ පිටුපස තබාගන්න. එමෙන්ම සීතල වතුර පානය කරන්න. නමුත් ශීත කල පැණි බීම වර්ග පානය කිරීමෙන් වලකින්න.
8.     ශාරීරික අභ්යාස කිරීමට දහවල් කාලය නොව රාත්‍රී කාලය යොදාගන්න.
9.     සීතල ආහාර ගන්න. සලාද වර්ග, පළතුරැ සහ චීස් වර්ග නිතර ආහාරයට එක්කරගන්න.       ඔබේ අවසාන තේරීම ලෙස සීතල ස්ථානයකට (කෘතිම හේ ස්වාභාවික ) යන්න. සුපිරි වෙළඳසැල්සාප්පු සංකීර්ණ හා ජල උද්යාන හොඳ තෝරාගැනීම වේ
     

Monday, October 11, 2010

ලන්ඩන් ටවර් පාලම (Tower Bridge of London).

ටවර් පාලම (Tower Bridge)තේම්ස් නදිය හරහා වැටුණු චලනය කල හැකි පාලමකි. ලන්ඩන් ටවර් ගොඩනැගිල්ලට සමීපව තිබෙන නිසා මෙයට ටවර් පාලම ලෙස නම් ලැබී තිබේ.
මෙම පාලම ඉතා විශාල කුලුණු 2 කින් සමන්විත වේ. එම කුලුණු දෙක සම්බන්ධ කරමින් වාහන ගමනාගමනයට මාර්ගයක් ඉදිකර ඇත. එම මාර්ගය අවශ්ය විටෙක හකුලා තෙම්ස් නදියේ බෝට්ටු ගමනාගමනයට ඉඩ සලසා දෙයි. මාර්ගය චලනය කිරීමට යොදාගන්නා යන්ත්‍ර පාලමේ කුලුණු දෙකේ ගබඩා කර තිබේ.
19 වන සියවසේ අගභාගයේදී කාරිමික සoවර්ධනය නිසා ඇතිවුනු මාර්ග තදබදය හේතුවෙන් තේම්ස් නදිය හරහා නව පාලමක් අවශ්යතාවය දැනුණා. සාමන්ය පාලම්ක් සෑදීම ප්‍රායෝගික නොවුනේ එයින් තෙම්ස් නදියේ බෝට්ටු ප්‍රවාහනයට බාධා එල්ලවන නිසාය.
1876 දී නව පාලම්ක් ඉදිකිරීමට ශ්‍රීමත් ඇල්බට් ජෝශප් ඇල්ට්මන් ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කලා. ඔවුන් විසින් සැලසුම් 59 ක් පමණ සලකා බැලීමෙන් අනතුරැව  1884 දී  Horace Jones විසින් ඉදිරිපත්කරණු ලැබූ සැලසුම පිලිගත්තා.
මෙම පාලම සෑදීමට කොන්ත්‍රාත් කරැවන් පස්දෙනෙක් අවුරැදු 8 ක් පුරවට වැඩෙහි නියලුනා.  E W Crutwell  ගේ නායකත්වය යටතේ කම්කරැවන් 432 දෙනෙක් විසින් මෙම නිර්මාණය ඉදිකර තිබේ. කොන්ක්‍රීට් ටොන් 70000ක් විශාල ආධාරක 2 ක් මත වානේ ටොන් 11000 ක කුලුනු 2 කින් මෙම පාලම සමන්විත වෙනවා. වානේ ආධාරක මළකඩ කෑමෙන් ආරක්ශා කිරීම පිණිස සිමෙන්ති වලින් ආවරණය කොට තීන්ත ආලේප කර තිබේ
අද කාලේ මුදලින් පවුම් මිලියන් 100ක් පමණ වියදම්කොට ඉදිකරණු ලැබූ මෙය වර්ශ 1894 දී වෙල්සයේ කුමාරයාගේ අතින් විවෘත වුනා.මෙම පාලමට යටින් එවකට ලෝකයේ ප්‍රතම උමo දුම්‍රිය මාර්ගයද විවෘත වුනත් දැන් එය වසා දමා පදික උමගක් ලෙස භාවිතා කෙරෙනවා. වාශ්ප එoජිම හා ඊට සම්බන්ධ හයිඩ්‍රොලික් පද්ධතිය 1974 දී නවීකරණයට ලක්කර විදුලි හයිඩ්‍රොලික් පද්ධතියක් ස්ථාපනය කර තිබේ. එමෙන්ම වර්ශ 2000 න් පසුව මෙම පාලමේ පාලනය ස්වයoක්‍රීය පර්ගණක පද්ධතියක් විසින් සිදුකෙරේ
මෙම පාලම එ0ගලන්ත ඉoජිනේරැවන්ගේ දැනුම හා සැලසුම් ශිල්පය මනාව කියාපාන්නකි. වසර 110කට වඩා ඉහතදී සෑදුවත් තවමත් ඉතා හොඳින් ක්‍රියා කරන මෙම විස්කම් නිර්මාණය ඉදිරියේදීත් ලන්ඩන් නගරයේ අලoකාරය වර්ධනය කරණු ඇත

Tuesday, October 5, 2010

ගෝලීය උණුසුම ඉහලයාම ඇත්තක්ද?





ගෝලීය උණුසුම ඉහල යාම අද ලෝකයේ සෑම දෙනෙක්ම පාහේ දන්නා කරැණක්.ගෝලීය උණුසුම ඉහල යාමෙන් ඇතිවන අහිතකර ප්‍රතිඵල ගැන අපි හැම දෙනාම කථා කරනවා. නමුත් නවතම පරීක්ෂණ හා දත්ත වාර්ථා අනුව ගෝලීය උණුසුම ඉහලයාමේ බරපතල අනතුරක් නොමැතිබව ඔප්පු උනා. කාලගුණයේ වෙනස්වීම සාමාන්ය තත්වයක් බවත් පෘතුවිය පසුගිය වසර 30 කාලය තුල සැලකිය යුතු ලෙස උණුසුම් වී නොමැති බවටත් කරැණු සොයාගෙන තිබෙනවා.
චන්ද්‍රිකා දත්ත වාර්ථා වලට අනුව ගෝලීය මධයන්ය උෂ්ණත්වය වසර 1979 දී පැවති අගයට සමාන වන බවත් මුහුදේ අයිස් ස්ථර 1979 දී තිබෙන තරම් ප්‍රමාණයක් බවත් සොයාගෙන තිබේ. අයිස් දියවෙන විට නව අයිස් ස්ථර සෑදීම ස්වභාවයෙන්ම සිදුවෙනවා. අවසාන අයිස් යුගයෙන් පසු මුහුදු ජල මට්ටම මීටර් සිය ගණනක් ඉහල නැග තිබුනාට බොහෝදෙනා අපේක්ෂා කල පරිදි පසුගිය වසර කීපය තුලදී ඉහල නැගීමක් සිදුවී නැහැ. එමෙන්ම දේශගුනික විපර්යාස (භූමිකම්පා ආදිය හැරෙන්නට ) සිදුවන රටාවේ වෙනසක් සිදුවී නොමැත. ගෝලීය උණුසුම ඉහලයාමේදී හරිකේන් හා ටයිෆූන් අවධානම ගැන සඳහන් කලත් ඒවා සාමාන්ය ආකරයට සිදුවූ බවට දත්ත වාර්ථා සාක්ශි දරනවා.
සත්ව හා ශාක විශේෂ වලට සැලකිය යුතු හානියක් සිදුවී නොමැති බවයි පෙනීයන්නේ. එකඳු ජීවී විශේෂයක්වත් ගෝලීය උනුසුම ඉහලයාමෙන් වඳ වී නැහැ. එමෙන්ම වඳවීයාමේ අනතුරක් ගැන වාර්ථාවුනු හිම වලසුන් ගහනයද විශාල වශයෙන් ඉහල ගියා. වැදගත්ම කාරණය ලෙස සැලකිය හැක්කේ, ඕසෝන් ස්ථරයේ හරිතාගාර වායු නිසා සෑදී ඇතැයි කියන සිදුරේ ප්‍රමානය අඩුවීමයි.
මෙවන් තත්වයක් ඇතිවීමට හේතු මොනවාද? ප්‍රධාන කරැණු 2 ක් තිබේ, පළමුවැන්න මිනිසාගේ පරිසර සoරක්ශණ වැඩපිලිවෙළ නිසා ගෝලීය උණුසුම පාලනය වීමයි. වර්ථමානයේ බොහෝ රටවල් (විශේෂයෙන්ම යුරෝපීය කාර්මික රටවල් ) හරිත සoවර්ධනයකට ගමන් කරනවා. විකල්ප බලශක්ති සහ හරිතාගාර වායූන් අවම කරගැනීමට දියුනු රටවල් මෙන්ම දියුනු වන කාර්මික රටවල්ද උත්සාහ කරනවා. ඕසෝන් ස්ථරයේ සිදුරේ ප්‍රමාණය කුඩාවීමට මෙය බලපෑමක් වෙනවා.
දෙවන කාරණය නම් ගෝලීය උනුසුම වැඩිවීමට මිනිස් කාර්යයන්ගෙන් වැඩි බලපෑමක් නොමැතිවීමයි. මෙය පිලිගත නොහැකි දෙයක් වුවත් මිනිස් ක්‍රියා වලට ඔරොත්තු දීමේ හැකියාව එයින් ඔප්පු කරන්න පුලුවන්. නමුත් පෘතුවිය මෙසේ ඔරොත්තු දෙන්නේ මිනිසා විසින් ඇතිකරන උණුසුම ඉහලයාමට පමණකි. පරිසර දූශණයට ඔරොත්තු දීමට හැකියාවක් මිහිතලයට නෑ.
මේ කෙසේ වුවත් ලෝකයේ සියලු දෙනාම එක් සම්මුතියක් අනුව පරිසරය ගැන ක්‍රියාකලහොත් පරිසර ස0රක්ෂණය කලනොහැක්කක් නොවන බව ඔප්පු වී හමාරය.

Sunday, October 3, 2010

ඇඩ්ලොෆ් හිට්ලර් සහ IBM සමාගම






බැලූ බැල්මට හිට්ලර් හා IBM සමාගම අතර සම්බන්ධයක් සොයාගන්නට බෑ. නමුත් ලෝක් ඉතිහාසයේ සිද්ධවුනු කුරිරුතම සිද්ධි දාමයකට මෙම කාරණා දෙකේ සම්බන්ධයක් පවතින බව ඔබ දන්නවාද?
1930 මුල් භාගයේදී ඇඩ්ලොෆ් හිට්ලර්ගේ නායකත්වයෙන් යුතු ජාතික සමාජවාදී පක්ශය (Nazi) බලයට පත්වුනා. හිට්ලර් හා ඔහුගේ සගයන් විශ්වාස කලේ ජර්මනිය පලමු ළෝක යුද්ධයෙන් ලැබූ පරාජයට හේතුව යුද්ව්වන් කියාය.පක්ෂය බලයට පත්වන්නටත් පෙර සිටම හිට්ලර් ගේ ප්‍රධාන අරමුන වනුයේ යුදෙව්වන් ලෝකයෙන් තුරන් කිරීමයි.
ලෝකයේ මුලු යුදෙව් ජනගහනය එවකට මිලියන 9 ඉක්ම වූවා. එම නිසා සියලු යුදෙව්වන් වෙන්කර ගැනීමට හා ඔවුන්ගේ යලි බිහිවීම වලක්වා ගැනීමට යුදෙව්වන් සෑම කොනෙකුගේම දත්ත රැස්කර ගැනීමටත් අවශ්ය වේලාවක පහසුවෙන් නැවත දත්ත ලබා ගැනීමට නාසීන්ට සිදුවුනා.
සරල භාෂාවෙන් කියනවානම් යුදෙව්වන්ගේ දත්ත පාදකයක් (Database) සැකසීමට හිට්ලර් ප්‍රමුක ආණ්ඩුවට අවශ්ය වුනා. එවකට ලෝකයේ මිලියන ගනනක් දත්ත රඳවා තබාගැනීමට ක්‍රමයක් තිබුනේ නැත. නමුත් එවන් දෙයක් කිරීමට හැකියාවක් සහිත යන්ත්‍රයක් නිෂ්පාදනය වී තිබුනා. ඇමරිකාවේ IBM සමාගම විසින් නිර්මාණය කොට තිබුනු එය Hollerith  Machine නම් වුනා. Punch Card තාක්ෂණය යොදාගත් මෙයට පැයකට 24000 සැකසීමට හැකිවුනා. එය එවකට තිබුනු ඉහලම තාක්ෂණයයි
නාසි ආන්ඩුව 1933 දී බලයට පත්වීමෙන් අනතුරුව Hollerith  Machine ගැන IBM සමගමත් සමග සාක්ච්චා කලා. නාසීන්ගේ අර්මුණ දැන දැනත් සමාගම කිසිම තැනක තමන්ගේ නම සඳහන් නොකිරීමේ කොන්දේසිය උඩ. එම කොන්දේසිය ඇතුල් කලේ  අනාගතයේ එම සමාගමට වෙන ගැටලු වලින් මිදීමටය. යන්ත්‍ර ලබාදීමේදී අතිවිශාල මුදලක් ලබාදීමට නාසි රජය පොරොන්දුවුනා. 1937ජූනි මාසයේ සමාගමේ සභාපති Thomas J. Watson බර්ලීනයේ දී හිටිලර් හමුවුනා. ගනුදෙනුව සඳහා විශාල මුදලක් මෙන්ම Watson  මහතාට නාසි ආන්ඩුව විසින් ප්‍රධානය කරනු ලබන  “service to the Reich”සම්මානයද ලැබුනා.

මැශිම ක්‍රියා කරන්නේ අප සාමාන්යයෙන් භාවිතාකරන පරිගනකයක් හා සමානවයි. මෙහිදී තොරතුරැ විශාල ප්‍රමානයක් සoස්කරනය කරනවා. 1933 දී ජර්මානු ආන්ඩුව සියලු යුදෙව්වන්ගේ ස්oගනනයක් සිදුකොට තොරතුරු සියල්ල වල තැම්පත් කලා. ජර්මනියේ මෙන්ම යුරෝපයේ සමහර කොටස් වල මෙම කාර්යය සිදුකිරීමට විශාල ප්‍රමානයක් ආනයනය කලා. 1939 වසරේ යුදෙව්වන් කඳවුරු වලට ගාල්කිරීම ආරම්භ වුනා.
කඳවුරුවල සිරකරැවන් හඳුනා ගැනීම මෙන්ම කඳවුරේ සෑම සිරකරුවෙක්ම හඳුනා ගැනීමට යොදාගන්නා අoකය ද යන්ත්‍රයේ නිර්මාණයක්. සිරකරු අoකය ලබාදීම තුලින් කෙටි කලකින් යන්ත්‍රයේ ආධාරයෙන් සිරකරුවා සතු සියලු විස්තර ලබාගත හැකි වෙනවා. Punch Care Output වල IBM නම සඳහන් නොවුනත් යනුවෙන් සමහර තැනක "Bearbeitet von Hollerith" (Processed by Hollerith) යනුවෙන් මුද්‍රණය කොට තිබුනා. මෙම කාර්යය කිරීමට යොදාගත් යන්ත්‍ර සමහරක් සොයාගෙන තිබෙනවා. මේ ක්‍රමය මගින් උගත් යුදෙව් ජනයා පලමුව තෝරාගෙන මරාදැමීමක් සිදුකලා.
යුද්ධය අවසාන වීමෙන් නාසි ජර්මනිය බිඳවැටෙන විට සමාග්ගම තමන් ජර්මනියට ලබාදුන් Hollerith Machinesබොහොමයක් චෙකෝස්ලොවැකියාවට රහසින් පිටකලා. කෙසේ වෙතත් IBMහා හිට්ලර් අතර මේ ගනුදෙනුව හෙලිවුනේ ඉතාම මෑත කාලයීදීය. IBM සමාගම මේ වනතුරු ජර්මන් ගනුදෙනුව පිලිබඳව නිහඬ පිලිවෙතක් අනුගමනය කරනවා. තමාගේ යන්ත්‍ර නාසීන්ට ලබා දීමෙන් අහිoසක ජීවිත රැසක් විනාශ වෙන බව දැන දැනම ජර්මනියට උදවු කිරීමෙන් එම් සමාගමේ මුදල් වෙනුවෙන් ඕනෑම විනාශකාරී කාර්යයක් සිදුකිරීමේ පිළිවෙත මනාව පැහැදිලි වෙනවා