Friday, October 15, 2010

සිරස් බෝග වගාව (Vertical Farming)


අද ලෝකයේ ජනගහනය විශාල වශයෙන් ඉහල යනවා. එමෙන්ම නාගරීකරණය ඉතා සීඝ්‍රයෙන් සිදුවෙනවා. වර්ෂ 2050 දී මුලු පෘතුවි ජනගහනයෙන් 80% නාගරිකව ජීවත්වේ යැයි ගණන් බලා තිබෙනවා. එවැනි ජනගහනයකට ආහාර සැපයීමට දැනට භාවිත කරන තාක්ෂණය අනුව වගාබිම් ප්‍රමාණවත් නොවේ. නිවැරදි තත්ව පාලනයෙන් තොරවද ඉතා විශාල වගා බිම ප්‍රමාණයක නියම ප්‍රතිඵල ලබාගැනීමට අප අපොහොසත් වී තිබෙනවා. මේ කාරණා සැලකිල්ලට ගැනීමේදී පෙනීයන්නේ අප මුලින් ඇස්තමේන්තු කල කාලයට කලින්ම ආහාර අර්බුදයක ඇතිවන බවය
මෙයට සාර්ථක විසඳුමක් ලෙස සිරස් බෝග වගාව හැඳින්වීමට පුලුවන්. සුලු පරිමානයෙන් අද පවා මෙම තාක්ෂණය තක්කාලි හා ඖෂධ පලෑටි වගා කිරීමට යොදාගන්නවා. මේ තාක්ශණය ඵලදායක ලෙස හා කාර්යක්ශම ලෙස යොදාගැනීමට විද්යාඥයන් දැන් උත්සුක වෙලා. අතීතයේ සිටම මිනිසා ගොවිතැන් කලත් තාක්ෂණයෙන් තොරව විවිධ අත්හදාබැලීම සිදුකිරීම නිසා එකල පැවති සරුබිම් රාශියක් අපිට අහිමි වෙලා. කෙමෙන් කෙමෙන් නාගරීකරණය වනවිට පරිසර දූෂණය නිසාද වගා බිම් වලට තර්ජන එල්ල වෙලා. උග්‍ර ජල හිඟය, හරිකේන්, කුණාටු හා ගංවතුර තත්වයන්ද ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. මෙවන් තත්ව යටතේ සාම්ප්‍රදායික ගොවිබිම් හා ඒවායේ නඩත්තුව ඉතා වියදම් අධික හා කල්ගතවන ක්‍රම. මිනිස් ජනාවාස තුලදීම මිනිසුන්ට අවශ්ය ආහාර නිපදවාගැනීමට හැකිනම් එය ඉතාමත් ලාභදායී හා විස්වාසවන්ත් වෙනවා. එයින් ආහාරවල ගුනාත්මක බව මෙන්ම නිශ්පාදන කාලයද ඉතුරු වෙනවා.

අනාගත ලෝකයට අවශ්යවන ආකාරයේ කුඩා ඉඩෙහි ඉතා විශාල ශාක ගනනක් සිටුවා ශාක වලට අවශ්ය මූලද්රව්ය නියත අනුපාතයෙන් මිශ්‍රකොට කෙලින්ම මූල පද්ධතියට යොමුකලහැකි ආකාරයේ වගා පද්ධති සඳහා නියාමක ව්යාපෘති දැනටත් ක්‍රියාත්මක වෙනවා. සාමාන්ය ආකාරයට බෝග වගාකරනවාට වඩා තට්ටු කීපයකින් යුතුව ගොඩනැගිලි වල වගා කිරීම වඩාත් ප්‍රතිඵලදායක වේ. එමෙන්ම කෘතිම ආලේක තත්ව යොදාගෙන අවුරුද්දේ සෑම කාලයකදීම වගාකිරීමද මෙහි තවත් එක් ප්‍රයේජනයකි. මූලික වියදම සාමාන්ය ගොවිබිමකට වඩා තරමක් වැඩි වුවද කල්ගතවනවිට වගා උපකරණ සඳහා වැයකලයුතු ඉන්ධන වියදම අඩුවීම, පාලිත තත්වයන් යටතේ රෝග බෝවීම අඩුවීම, නාස්තිය අවම වීම යන කරුණු හේතුවෙන් සැලකියයුතු ලෙස ලාභදායී වේ.
මේ ආකාරයට සලකා බලන විට අනාගත ආහාර අවශ්යතාව සඳහා සිරස් බෝග වගාව ඉතාම වැදගත් කාර්යයක් ඉටුකරන අතර මනා කලමණාකරනයකින් යුතුව වගාබිම් පරිහරණය කිරිමෙන් අනාගත ආහාර ගැටලුවට ස්ථිරසාර පිළිතුරු සෙවිය හැක

No comments:

Post a Comment