Tuesday, October 5, 2010

ගෝලීය උණුසුම ඉහලයාම ඇත්තක්ද?





ගෝලීය උණුසුම ඉහල යාම අද ලෝකයේ සෑම දෙනෙක්ම පාහේ දන්නා කරැණක්.ගෝලීය උණුසුම ඉහල යාමෙන් ඇතිවන අහිතකර ප්‍රතිඵල ගැන අපි හැම දෙනාම කථා කරනවා. නමුත් නවතම පරීක්ෂණ හා දත්ත වාර්ථා අනුව ගෝලීය උණුසුම ඉහලයාමේ බරපතල අනතුරක් නොමැතිබව ඔප්පු උනා. කාලගුණයේ වෙනස්වීම සාමාන්ය තත්වයක් බවත් පෘතුවිය පසුගිය වසර 30 කාලය තුල සැලකිය යුතු ලෙස උණුසුම් වී නොමැති බවටත් කරැණු සොයාගෙන තිබෙනවා.
චන්ද්‍රිකා දත්ත වාර්ථා වලට අනුව ගෝලීය මධයන්ය උෂ්ණත්වය වසර 1979 දී පැවති අගයට සමාන වන බවත් මුහුදේ අයිස් ස්ථර 1979 දී තිබෙන තරම් ප්‍රමාණයක් බවත් සොයාගෙන තිබේ. අයිස් දියවෙන විට නව අයිස් ස්ථර සෑදීම ස්වභාවයෙන්ම සිදුවෙනවා. අවසාන අයිස් යුගයෙන් පසු මුහුදු ජල මට්ටම මීටර් සිය ගණනක් ඉහල නැග තිබුනාට බොහෝදෙනා අපේක්ෂා කල පරිදි පසුගිය වසර කීපය තුලදී ඉහල නැගීමක් සිදුවී නැහැ. එමෙන්ම දේශගුනික විපර්යාස (භූමිකම්පා ආදිය හැරෙන්නට ) සිදුවන රටාවේ වෙනසක් සිදුවී නොමැත. ගෝලීය උණුසුම ඉහලයාමේදී හරිකේන් හා ටයිෆූන් අවධානම ගැන සඳහන් කලත් ඒවා සාමාන්ය ආකරයට සිදුවූ බවට දත්ත වාර්ථා සාක්ශි දරනවා.
සත්ව හා ශාක විශේෂ වලට සැලකිය යුතු හානියක් සිදුවී නොමැති බවයි පෙනීයන්නේ. එකඳු ජීවී විශේෂයක්වත් ගෝලීය උනුසුම ඉහලයාමෙන් වඳ වී නැහැ. එමෙන්ම වඳවීයාමේ අනතුරක් ගැන වාර්ථාවුනු හිම වලසුන් ගහනයද විශාල වශයෙන් ඉහල ගියා. වැදගත්ම කාරණය ලෙස සැලකිය හැක්කේ, ඕසෝන් ස්ථරයේ හරිතාගාර වායු නිසා සෑදී ඇතැයි කියන සිදුරේ ප්‍රමානය අඩුවීමයි.
මෙවන් තත්වයක් ඇතිවීමට හේතු මොනවාද? ප්‍රධාන කරැණු 2 ක් තිබේ, පළමුවැන්න මිනිසාගේ පරිසර සoරක්ශණ වැඩපිලිවෙළ නිසා ගෝලීය උණුසුම පාලනය වීමයි. වර්ථමානයේ බොහෝ රටවල් (විශේෂයෙන්ම යුරෝපීය කාර්මික රටවල් ) හරිත සoවර්ධනයකට ගමන් කරනවා. විකල්ප බලශක්ති සහ හරිතාගාර වායූන් අවම කරගැනීමට දියුනු රටවල් මෙන්ම දියුනු වන කාර්මික රටවල්ද උත්සාහ කරනවා. ඕසෝන් ස්ථරයේ සිදුරේ ප්‍රමාණය කුඩාවීමට මෙය බලපෑමක් වෙනවා.
දෙවන කාරණය නම් ගෝලීය උනුසුම වැඩිවීමට මිනිස් කාර්යයන්ගෙන් වැඩි බලපෑමක් නොමැතිවීමයි. මෙය පිලිගත නොහැකි දෙයක් වුවත් මිනිස් ක්‍රියා වලට ඔරොත්තු දීමේ හැකියාව එයින් ඔප්පු කරන්න පුලුවන්. නමුත් පෘතුවිය මෙසේ ඔරොත්තු දෙන්නේ මිනිසා විසින් ඇතිකරන උණුසුම ඉහලයාමට පමණකි. පරිසර දූශණයට ඔරොත්තු දීමට හැකියාවක් මිහිතලයට නෑ.
මේ කෙසේ වුවත් ලෝකයේ සියලු දෙනාම එක් සම්මුතියක් අනුව පරිසරය ගැන ක්‍රියාකලහොත් පරිසර ස0රක්ෂණය කලනොහැක්කක් නොවන බව ඔප්පු වී හමාරය.

No comments:

Post a Comment