Friday, October 29, 2010

පසුගාමී දරුවා

                                

බොහෝ කාලයකට පසු නැවතත් බ්ලොග් ලිවීම පටන් ගත්තේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන ඔබට කරුනු කියන්නයි. ලංකාවේ තරුණ පරපුර අසහනයෙන් පෙලීම ගැන බොහෝ දෙනා කථා කරනවා. තරුණයින් අපෙක්ශා කරන්නේ සමාජ පිළිගැනීම හා දියුනුවයි. රැකියාවක්, දෙපල හා අනෙකුත් සම්පත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒවා සාර්ථක කරගන්නේ කීයෙන් කීදෙනාද ? ලංකාවේ හොඳ රැකියාවක් කරන්න අනිවාර්‍රයෙන් විශ්ව විද්යාල මට්ටමේ උසස් අධ්යාපනයක් අවශ්ය වේනවා. එමෙන්ම මූලික උපාධිය නිමකල පමනින්ම රැකියාවක් ස්ථිර වෙන්නේත් නෑ.

සමහරු රැකියා ලබාදෙන්න කියා රජයට බලකරනවා. එවැනි ඉල්ලීම වල සාර්ථක අසාර්ථක භාවය කෙසේ වුවත් රටේ සෑම දෙනාටම රැකියා ලබාදෙන්න රජයට හැකියාව නොමැති බවනම් කිවයුතුය. අද අපේ රටේ පාසල් දරුවක් කීදෙනේක් තමාගේ අධ්යාපනය සරසවිය දක්වා ගෙනයනවාද ? සාමන්යයෙන්  2%-4%  අතර ප්‍රමානයක් පමණයි සරසවි වරම් ලබාගන්නේ. ඉතිරි පිරිසට වෙන්නේ කුමක්ද ?

සත්යය නම් ලංකාවේ රැකියා තිබෙන බවත් ඒ සඳහා කුසලතා, හැකියාවන් හා ආකල්ප වලින් පිරිපුන් පිරිසක් නොමැතිවීමත් ය. රැකියා වියුක්තිය හා තරුණ අසහනය ගැන හඬනගන කිසිඳු කෙනෙක් මෙම ගැටලුවේ මූලය නොසෙවීම කණගාටුදායක කරුණක්.
මීට විසඳුම සෙවීම ළමා කාලයේ සිටම කලයුතුයි. අපේ රටේ දරුවන්ට පවතින බරපතල ගැටලුවක් වන්නේ නියමිත ඉලක්කයක් නොමැති වීමයි. තමාට අනාගත්යේ ජිවත් වන්නට සිදුවන්නේ කුමන පුද්ගලයන් ලෙසද යන්න කුඩාකාලයේ සිටම දරුවන්ට කියාදී තමාගේ අනාගත මාර්ගය තමන්ටම තෝරාගැනීමට ඉඩදිය යුතුයි. අනාගත පුරවැසියන් ලෙසට වගකීම සහගතව ජීවිතයට මුහුන දෙන අයුරු ලංකාවේ දෙමවුපියන් දරුවන්ට කියා නොදීම බරපතල ගැටලුවක්. වෙනත් රටවල නම් කුඩාකාලයේ සිටම ධනාත්මකව සිතීමට, තමාගේ අරමුණ කරා නොනැවතී ඉදිරියට යාමට හා ඒ අවස්ථාවලදී ඇතිවන බාධක මගහරවා ගැනීමේ කුසලතා කියාදේ.

අවාසනාවකට අපරටේ දමවුපියන් දරුවන්ව ඉගෙනීමට යොමුකිරීමට මහන්සි වුවත් ඉගෙනගන්නා ක්‍රමය හා බාධක ජයග්‍රහනය කරන ක්‍රමය (Learning to Learn)ගැන කියාදෙන්නේ නැත. ඒ සඳහා දෙම්ව්පියන්ට දැනුමක්ද නැත. තවත් සමහර දෙමවුපියන් දරුවන්ව ඉලක්ක වලින් ඈත් කරති. " තවම පොඩි ළමයනේ, මේ වයසේ ඔලුවට එච්චර ලොකු දේවල් දාන්න හොඳ නෑ නේ" යනුවෙන් සිතති. එවිට බිහිවන දරුවා නවීන ලෝකයේ තරඟකාරීත්වය හමුවේ අසරණ වන එක නොවැලැක්විය හැක. මිනිසාගේ මනස පීඩනයට ඔරොත්තු දෙන ලෙස හැඩ ගැසී පවතී. ක්‍රමවත් ලෙස පුහුනු කළ මනසකට ඕනෑම වයසක ඕනෑම පීඩනයක් දරාගෙන තම අරමුන කරා ගමන්කල හැක.අද කාලේ දරුවන්ට පුහුනු කල යුත්තේ එයයි.

දරුවන්ට ළමා කාලයක් තිබිය යුතු බව ඇත්ත. නමුත් ළමයාගේ දෙමවුපියන් ගෙවූ ආකාරයේ ළමා වියක් ලබාදීමේ හැකියාවක් නැත. මන්දයත් එදාට වඩා අද තත්වය බරපතල ලෙස වෙනසකට ලක්වීම නිසාය. අපිට කුණාටුව නැවත හැරවිය නොහැක. කලයුතු වන්නේ එයට අනුව හැඩගැසීම පමණයි. දරුවාගේ ජීවිතයේ යම් යම් කාලවලදී උචිත ඉලක්ක ලබාදෙන්න. එම ඉලක්කය කරා යනවිට ඇතිවන බාධක මැඩගන්නා ආකාරය හා පැමිනෙන සියලු කායික, මානසික පීඩා දරාගැනීමට දරුවා හුරුකරන්න.
දරුවා තුරුණු වියට එළඹෙත්ම ජීවිතයේ බැරෑරුම්කම හා අනාගතය වෙනුවෙන් සටන් කරන ආකාරය කියා දෙන්න. තමන්ගේ ජීවතයේ වෙනත් අරමුණු හා ආශාවන් තම මූලික අරමුණ වෙනුවෙන් කැපකිරීමට පුරුදු කරවන්න. එමෙන්ම උත්සාහයෙන්, කැපවීමෙන් හා කැපකිරීමෙන් තොරව සාර්ථකතවයක් නොලද හැකිබව තරුණයන්/ දරුවන් මතකතබාගැනීම ඉතා වැදගත් වේ. ජීව්තය කවදාවත් සතුටින් හා සැහැල්ලුවෙන් ගතකරන යමක් නොවේ. එය ජය පරජයෙන් පිරි දෙයක්. සමහර වෙලාවට ජයග්‍රහනයට වඩා පරාජය අපිට උරුම වෙන්න පුලුවන්. ජීවිතය කියන්නේ සටනක්. තමන්ගේ අනාගතය වෙනුවෙන් සටන් කරන්න නොහැකි දුර්වලයන් විනාශයට පත්වෙනවා. ජීවිතය් ඇති අවධානම හා භයංකාරත්වය වටහා ගන්න. මෙය අද රටේ බහුතරයක් දෙනා පිළිගන්නේ නෑ.

අනාගතයට අවශ්ය දරුවන් හා තරුණයන් නිර්මාණය කිරීමේදී දෙමවුපියන් වෙත පැවරෙන වගකීම අතිවිශාලය. තරඟකාරී ලෝකය තුල කොන්වෙන්න නොදී අභීතව අරමුණ කරා ගමන්කරන, ඕනෑම දුකක් පීඩනයක් දරාගත හැකි පිරිසක් නිර්මාණය නොකලොත් ජාතියක්, රටක් වශයෙන් කොන්වීම නොවළැක්විය හැක


No comments:

Post a Comment