Monday, March 25, 2013

හලාල්, මුස්ලිම්වරුන් හා අපි.





ලංකාවේ මේ කාලේ ඇති දැවෙන ප්රශ්න වලින් ප්රභලම එකක් ලෙස නූතනයේ සමාජගතවූනේ "ඉස්ලාම්" ආගමිකයින්ට විරුද්ධ රැල්ලයි. යුද්ධය නිමාවීමෙන් පසුව රටේ යම් ස්ථාවරත්වයක් ඇතිවේ යැයි අපේක්ෂා කලත් එය ඇති නොවී අලුත්ම මානයකට රට තල්ලුවී යාම නැති ප්රශ්ණ ඇතිකිරීමක් ලෙස සමහරු දකිතත් මාගේ මතය නම් සියවසක් තිස්සේ මතුපිටට නොපැමිණි ගැටලුවක් යුද්ධය නිමාවීමෙන් අනතුරුව කරලියට පැමිනීමක් "හලාල්" නාමයෙන් එලි බැසීම බවය.

ලංකාවේ ජීවත් වෙන ආගමිකයින්ගෙන් ඉස්ලාම් ආගමිකයින් සුවිශේෂ තැනක් ගනී. සමාජයේ මිනිසුන් කොටස් වලට වෙන් කරද්දී ඉස්ලාම් ආගමිකයින් හෙවත් මුස්ලිම්වරුන් එසේ පැහැදිළිව වෙන් කිරීමට (stereotyping) ඉතාම පහසු වේ.  බොහෝ දෙනා දන්නා පරිදි ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයින්ගේ පිය පරම්පරාව අරාබි වෙළඳ ප්‍රජාව වීමත් එසේම මව් පාර්ශවය සිංහල වීමත් සිදුවුනත් ඔවුන්ගේ සංස්කෘතිය ඒ සියල්ලටම පරිබාහිරව දකුණු ඉන්දීය මුස්ලිම් ප්‍රජාවට නෑකම් කීම නිසා සිංහල හෝ අරාබි ලක්ෂණ අඩුවෙන් ප්‍රචලිත කරන වෙනස්ම ජන කොට්ටාශයක් ලෙස සමාජගත විය.  බොහෝ දෙනා ලංකාවේ මුස්ලිම් ජනතාව ජාතියක් ලෙස වටහාගෙන ඇතත් 'මුස්ලිම්වරයා' ලෙස හැඳින්වෙන්නේ ඉස්ලාම් ආගම අදහන තැනැත්තාය. මුස්ලිම් යනු ආගමික කොට්ටාශයක් මිස ජනවර්ගයක් නොවන බව හොඳින්ම මතක තබාගත යුතු වේ. ශ්‍රී ලංකාවේ මැලේ ජනවර්ගයද, දෙමළ හා සිංහල සුළුතරයක්ද ඉස්ලාම් ආගම වැලඳගැනීම නිසාම මුස්ලිම් වී තිබේ. සාමාන්‍යයෙන් අප මුස්ලිම් යැයි හඳුන්වන කොටස අයත්වන්නේ ශ්‍රී ලංකා යෝනක නැමති ජනවර්ගයටය (Sri Lankan Moors).  බොහෝ විට රජයේ කාර්යාල වල පවා මුස්ලිම් ආගමික කණ්ඩායම ජනවර්ගයක් ලෙස හැඳින්වීම කෙරේ.      

සාමාන්‍යයෙන් ඉස්ලාම් ආගමික කණ්ඩායක් කිරීමේදී කියැවෙන කාරණය නම් බොහෝ විට දැඩි නීතිරීති මත පාලනය වන බුද්ධියට වඩා ආවේගයට අනුව කටයුතු කරන, මූලධර්මවාදයට අනුව පාලනය වන තම ආගම වෙනුවෙන් මියයාම ගෞරවයක් ලෙස සලකන පිරිසක් බවය. අද ලෝකයේ සතර දෙසින් ඇසෙන පුවත් ගැන සලක්කද්දි නම් එහි ඇත්තක් නැත්තේද නොවේ. කොතරම් හෞතික වශයෙන් එම ආගමිකයින් දියුණු වූවද ආධ්‍යාත්මීය වශයෙන් තවමත් පැරණි සමාජයට අනුකූල ලෙස ආගමික කටයුතු වල යෙදීමක් මෙවුන්ගෙන් දැකිය හැකි වේ. මහමමත් නබි තුමාට තමන්ගේ අනුගාමිකයින්ට අලුත් දහමක් උගන්වා ඔවුන්ව යම් සමාජ පාලනයක් මතට ගැනීමට පැරැණි ඉස්ලාම් දහම උදව් වූවත් එහි "අකාලික" භාවයක් නොමැති වූ නිසාම නූතන සමාජයත් සමග සැසැඳීමේදී අන්‍යාගමිකයින් සමග ගැටුම් ඇතිවීම ස්වාභාවික වේ. එවැනි අවස්ථාවලදී ඉස්ලාම් ආගමිකයින් තම ඉගැන්වීම් කාලයත් සමග ගලපාගනු වෙනුවට කලේ සමාජයෙන් වෙන්වීමට යම් බැම්මක් බැඳ ගැනීමය. ඇමරිකාවේ ජීවත්වන ඉස්ලාම් භක්තිකයාගේ සිට ලංකාවේ ඉස්ලාම් භක්තිකයා දක්වාම මේ සමාජ වෙන්වීම අඩු වැඩිව දක්නට ලැබේ. එමනිසාම ඉස්ලාම් භක්තිකයින් තමන්ගේ පිරිසට විශේෂ සැලකිළි මෙන්ම තමන්ගේ ආධිපත්‍යය පැතිරවීමට ක්‍රියාකරති. සමහර සමාජ වල හා පුද්ගලයින් තුල මේ ගුණය නොමැතිවුවත් බහුතරයක් ලෙස ගත්විට බෞද්ධ DNA වලට කාලයක් සමග අවිහිංසාව බද්ධ වූවා මෙන්ම ඉස්ලාම් DNA වලට තම ආධිපත්‍යය පැතිරවීම, සමාජ හුදකලාව, නම්‍යශිලී නොවීය යන ගුනාංග එකතුවී තිබේ. මේ කාරණය හොඳින් අන්‍යාගමික පිරිස් වටහා නොගැනීම නිසා ඉස්ලාම් භක්තිකයින් සමග ගැටුම් වර්ධනයවීම නූතන ප්‍රවනතාවයකි.

ඉස්ලාම් භක්තිකයින්ගේ ඉහත සඳහන් කළ ගුණාංග ආදීකාලේ සිටම මෙරට ඉස්ලාමිකයින් තුල පැවැතුනත් ඔවුන් ඒ ඇජෙන්ඩාව තුල ක්‍රියාකලත් 1915 න් පසුව ඇතිවුනු නිදහස්, 1956 සිංහල පිබිදිම, 1971/1988 කැරළි හා තිස් වසරක යුද්ධය අතර ඉස්ලාම් ජනයා පිළිබඳ මතකය මෙරට ජන විඥ්ඥාණයෙන් බැහැරට ගියහ. යුද්ධය අවසන් වීමෙන් පසුව සැඟවී සිටි "සමාජ අනාරක්ෂිත තාවය" සිංහලයාගේ මනසට ඇතුල්වීම ඉස්ලාමය ගැන සමාජ කතිකාවතක් මෙරට නවැතැත් නිර්මාණය විය. සිදුවී ඇත්තේ යටගිය සමාජ අනාර්ක්ෂිතතාවයක් නැවැත මතුවිම විනා සිංහලයා දෙමළ ජනයාගෙන් පසුව ඉස්ලාම් භක්තිකයින් යට කරන්නට සූදානම් වීම නොවේ. "යුද්ධය නැතුව සිංහලයාට පාලුයි" කිය කියා තමන්ගේ ප්‍රචාරණ මාධ්‍යයන් හසුරවන්නන් මෙය හොඳින්ම මතක තබාගත යුතුය.

ජන අනුපාතයට නොසෑහෙන පරිදි දේවස්ථාන ඉදිකිරීම. අනවසර ආගමික ස්ථාන, ඉඩම් බලෙන් අල්ලාගැනීම ආදී නීති විරෝධී ක්‍රියා මෙන්ම ජනගහන වර්ධනය, වෙළඳ ඒකාධිපත්‍යය වැනි නීතියට අනුකූල වුවත් අන්‍යාගමිකයින් තුල බියක් සැකක් ඇතිවෙන පරිදි කටයුතු කිරීම තුලින්ම සිංහල ජනයාගේ සමාජ අනාරක්ෂිතතාවයට මග පෑදී තිබේ.

පීඩනයට එරෙහිව සංවිධානය වීම මිනිස් ගතියක් නිසාම බොදු බල සේනා, සිංහල රාවය වැනි සංවිධාන බිහිවීමක් දැකිය හැක. මෙතුවක් කල් දේශපාලන ධාරාවේ උදාසීනයින් ලෙස කටයුතු කල හෙල උරුමයට පවා මේ නිසා නව පණක් ලැබිණි. නමුත් මේ සිංහල සංවිධාන වල අරමුණු සිංහල ජාතියට හා බෞද්ධ ධර්මයේ චිරස්තිතියට සහයට වුවත් මෙම සංවිධාන වල සමහර ක්‍රියා තරමක ගැටලුවක් මතුකරයි.

උදාහරණයක් ලෙස හලාල් ප්‍රශ්ණය හැඳින්විය හැක. හරාම් යනුවෙන් අකැප දේවල් ඉස්ලාමයේ දැක්වීම නිසාම යහපත් හෝ කැප ලෙසින් හැඳින්වෙන ආහාර හා වෙනත් දේවල් ඉස්ලාම් සමාජය තුල හලාල් යනුවෙන් හැඳින්වේ. සාධාරණ ලෙස තමන්ගේ ආගමේ හැඳින්වෙන පරිදි ආහාම හෝ වෙනත් දෑ පරිභෝජනයට ගැනීම ඉස්ලාම් භක්තිකයින්ගේ අයිතියක් වන නිසාම පෞද්ගලිකව ඊට ලේඛකයා ගරු කරයි. මෙතරම් විරෝධයක් හලාල් යන concept එකට ඇතිවීම එතරම් යහපත් නැත. නමුත් හලාල් යන සහතිකය ලබාදීම හා ඒ හා බැඳුණු මුදල්මය ගැටලු ගැන නම් මෙරට බෞද්ධයන්ට ගැටලුවක් තිබේ. විශ්වාසය මත බැඳී තිබුණු හලාල් යන සංකල්පය විකුණාගෙන කමින් ඒකාධිකාරයක් ගොඩනැගීමටම ඉස්ලාම් ආගමික සංවිධාන කටයුතු කරනවා නම් විරුද්ධ විය යුත්තේ එයටයි. හලාල් හා සම්බන්ධ ගැටළුව සිංහල සංවිධාන වලට හොඳ මාතෘකාවක් වුනේ නැගෙනහිර පවතින ඉඩම් කොල්ලය, හා ආගමික ආධිපත්‍යය වෙනත් මෙරට සිංහල බෞද්ධයාට සන්නිවේදනය කිරීමේ අපහසුව හා ඊට ප්‍රතිචාර දක්වන ඇල් මැරුණු ස්වභාවය නිසාමය.

හලාල් වලට වඩා දස දහස් ගුණයකින් බරපතල ඒවා මෙරට ඇතත් හලාල් වලට මෙතරම් උනන්දුවක් සිංහල සමාජයේ ඇතිවීම කණගාටුවට කරුණකි. නමුත් දැන් හලාල් ගැටලුව ගැන නියමාකාර කතිකාවතක් හා සිංහල-මුස්ලිම් දෙවර්ගයටම එකඟ වියගැකි විසඳුමක් ලබාදිමට වගකියයුත්තන් එක් රැසි වී සිටීම යහපත් කාරණයකි.

මේ ලිපියේ කලින් සඳහන් කලාක් මෙන්ම ඉස්ලාම් භක්තිකයින් ගේ ඇතැම් ක්‍රියා මාර්ග නිසා ම. බහුතරය තුල ඇති වන අනාරක්ෂිත භාවය තව තවත් වැඩි වුවහොත් එයම ඉස්ලාම් භක්තිකයින්ගේ සිත තුල බියක් ඇති කිරීමට බලපානු ඇත. මෙය චක්‍රයක් ලෙස ක්‍රියා කලහොත් අවසානයේ දී ජාතිවාදී ගැටුමක් ඇවිලීමේ අවධානමක් ද පවතී. ඉරාකයේදී, ඇෆ්ගනිස්ථානයේදී ඉස්ලාම් භක්තිකයින් බූරුතු පිටින් මරා දැමූ බටහිර ප්‍රජාව එම ගැටලුවේදී නම් සිටින්නේ ඉස්ලාමිකයින් ගේ පැත්තේ බව සක්සුදක් සේ පැහැදිළිය.

කලයුත්තේ කුමක්ද ?

මෙම ගැටළුව මගහරවා ගැනීමට නම් ඉස්ලාමිකයින් හා බෞද්ධයින් අතර හිතට එකඟව කෙරෙන කතිකාවතක අවශ්‍ය වේ. එකිනෙකාගේ වෙනස් කම් හඳුනාගෙන එයට ගරුකරමින් එකිනෙකා කෙරෙහි ඇතිවී තිබෙන අනාරක්ෂිත භාවය නැතිකිරීමට දෙපාර්ශවයටම යම් කැපකිරීම් කිරීමට සිදුවනු ඇත.

මුස්ලිම් සමාජය තුල ඇති අන්තවාදි කොටස් නැති කර දැමීමට ඉස්ලාම් විද්වතුන් හා බුද්ධිමතුන්ට සුවිශාල කාර්යභාරයක් පැවැරේ. ඉස්ලාම් තරුණ ප්‍රජාව අන්තවාදීන්ගේ ගොදුරු බවට පත්වීමෙන් වැලැකීම එයින් මූලිකම කාර්යභාරයක් විය යුතුය. අන්තවාදයෙන් ඔලුව උදුම්මාගෙන කෑගහසන අධිකරණ ඇමැතිවරයා, අසාද් සාලි වැන්නවුන් දේශපාලන තලයෙන් ඉවත් කර මැදහත් සිතින් දේශපාලනය කරන මුස්ලිම් දේශපාලාඥයින් මෙරටට අවශ්‍යය. ඔවුන්ව පත්කර යැවීම මුස්ලිම් සමාජයේ වගකීමක් වේ.

සිංහල බෞද්ධයාද තව දුරටත් තමන්ගේ ගමේ පන්සලත් සමග ඇසුරේ යෙදෙමින් ලෞකික හා ලෝකෝත්තර සැප ලබාගැනීමට උත්සුක විය යුතුය. අතීතයේ පරිදි සිංහල සමාජයට පන්සලෙන් නායකත්වය ලැබුනා නම් ආගම් වලට හරවා ගැනීම්, ඉඩම් ආක්‍රමණ හා වෙළඳ ආධිපත්‍ය යන දේව්ල් අවිහිංසාවෙන්ම පිටු දැකීමට අවස්ථාව ලැබෙනු ඇත. අන් ජාතියක් හෝ ආගමක් සමග ගැටුම් ඇතිකර නොගෙන තමන්ගේ ජාතිය ආගම ආරක්ශා කර ගැනීමට එයින් ඉඩ ලැබේ. 

මේ රට තුල ඉපදුණු අයෙක් හෝ මේ රටේ පුරවැසිභාවය ලබාගත් සෑම කෙනෙකුටම රටේ අයිතියක් ඇත. රටේ තුල ඇති සෑම වර්ප්‍රසාදයකටම ඔවුනට ජාති ආගම් කුල භේදයකින් තොරව "නීතියට අනුව නම්" අයිතියක් ඇත. එමනිසාම කුමන ජාතියක්වත් රටෙන් පිට නොකර සෑමදෙනාටම තමන්ගේ ආගම හා ජාතිය ආරක්ශා කරගනිමින් පොදු අනන්‍යතාවක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය වේ. එය වහ වහාම ඉටු නොකලොත් අනාගතයේ විශාල ගැටලුවකට මුහුන පාන්නට සිදුවන බව නම් ඒකාන්ත ය.

Friday, March 8, 2013

අහෝ මාලිංග !!!!




පුවත් නොමැතිව වේලි වේලී සිටින ලංකාවේ ජනතාවට පුවතක් නිර්මාණය කරදීම ක්‍රිකට් ක්රීඩක ලසිත් මාලිංග පසුගියදා කාරුණික වී තිබුණි. ක්රිකට් පාලක මණ්ඩලය අතර ඇතිවූ සාකච්චාවකින් පසුව පිටව යන විට මාධ්යවේදියෙකුට බැන වැදීමෙනි. "මාලිංග මහත්තයා" යනුවෙන් ඔහුව ඇමතූ මාධ්යවේදියාට “ඇයි මීට කලින් මාව දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ” යනුවෙන් උත්තර දීමෙන් පසු ඒ දර්ශන රූපවාහිනියෙන් පෙන්වීමෙන් අනතුරුව මාලිංගට එරෙහිව සයිබර් යුද්ධය පටන් ගැනුණි.

මෙහෙදී මුලින්ම ප්රහාරයට ලක් වූයේ මාලිංගගේ ෆේස්බුක් පිටුවයි. මඩ කොමෙන්ටු වලින් එය නෑවූ පිරිස් ඉන්ටනෙට් බැනර් වලින්, ෆොටෝ එඩිට් කරමින් තම සටන ඉදිරියටම ගෙන ගියහ. මාලිංගගේ ජාතකේ සිටම පෙන්විය ඇත්තෙන්ම කියනවානම් මාලිංග කලේ නොකළ යුත්තක්මය. ක්‍රීඩකයන් වනාහී සමාජයේ "තරු" ය. ඔවුන් එකතරා ආකාරයට නළුවන් පිරිසකි. ක්‍රිකට් ක්‍රීඩාවලට නරඹන්නන් අද්දා ගැනීමට අවශ්‍ය නම් ක්‍රීඩකයින්ගේ "තරු" තත්වය රැකගත යුතුය.

මෙහිදී ලසිත් මාලිංග නොකලේ තමන්ගේ තත්වය ආරක්ශා කරගෙන මාධ්‍යයට මුහුන දීමයි. "තරුවක්" කෙදිනකවත් මාධ්‍යය ඉදිරියේ තමන්ගේ චරිතයේ අඩුපාඩු නොපෙන්වයි. දේශපාලාඥයෝත් එසේමයි. තමන් කොතරම් කෝපයෙන් සිටියත් කැමරාව ඉදිරියේ සිනාසී සත්ගුණවත් "තාපසයෙක්" මෙන් ගැටලු කාරී තත්ව වල දී ඒවායෙක් උපක්රමශීලී ලෙස මගහැර නොගියොත් තමන්ගේ නියම චරිතය ලොවටම පෙනී තමන්ට තිබෙන ජනප්රියත්වය නැතිකර ගැනීමට ඔවුනට සිදුවේ.

සාමාන්‍ය මිනිසෙක් තමන් ඉල්ලන වැටුප් වැඩිවීම නොදීම නිසා කෝපයෙක් රත් වුවත් මාධ්‍ය මත තමන්ගේ පැවැත්ම රැඳී පවතිනා ක්‍රීඩකයින් එසේ කිරීම වැරදි ය. මාලිංක කල යුතුව තිබුනේ සංගා මෙන් “ශේප් න්‍යායක්” දමා මාධ්‍ය වෙතින් තම සිත තුල ගුගුරා හැලෙනා කෝපය වසන් කර ගැනීමය

මාලිංග ඉපදුනේ ඉතාම දුප්පත් පවුලකය. ඉහලට අධ්‍යාපනයක්ද ලබා නැත. එවැන්නෙකුට ඉක්මනින් මුදල්, සැපසම්පත් හා ඉහල සමාජ තත්වයක් ලැබීමේදී තමන් "මහා පොරක්" ලෙස සලකා මාන්නයෙක් උඩුඟු වීමක් ඔහුගෙන් දක්නට ලැබුණි. මාලිංගට ඉතා ඉක්මනින් ලැබුන මේ සම්පත් සියල්ලම ඔහුගේ මෝඩ කම නිසාම ඈත්වී ගියහොත් ඔබ පුදුම විය යුතු නැත.

අවසානයකට යමක් කිව යුතුය. මාලිංගගේ මෝඩ කම නිසා ඔහු ඔහුගේ "කාඩ් කුඩුකරගත්තත්" මේ රටේ ජනතාව එයින් උරණ වී ඔහුට මඩ ගසන්නට යාමෙන් වැඩක් නැත. මාධ්‍ය විසින් මාලිංගව පුම්බා මාධ්‍යයම ඔහුගේ නිරුවත ප්‍රදර්ශයනය කර ඇති නිසා ආයේ ආයේත් සමාජ ජාල අඩවි වල මඩ ගැසීමෙන්, බැනර් සෑදීමෙන්, ගොසිප් සයිට් වලට මාතෘකා සැපයීමෙන් අපේ වටිනා කාලය විනාශ කරගන්නවාද කියා මදක් සිතා බැලීම නුවණට හුරුය. මන්දයත් අවසානයේ එයින් විනාශ වෙන්නේ අපේ වටිනා කාලය නිසාය.

Friday, March 1, 2013

සමාජය පිරිසුදු කිරීම



(Photo courtesy : www.forteantimes.com )

මා මේ ලිපියෙන් ඔබට කියන දෑ පිළිබඳව ඔබ 100% එකඟ නොවිය හැක. නමුත් මේ අදහස් මාගේ සිතේ දිගුකලක් පැවති ඒවා වන අතර බොහෝ කාලයක් මසිතින් තර්ක කිරීමෙන් අනතුරුව මෙසේ ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තු වෙමි. පහතින් දැක්වෙන ලිපියට පක්ෂ අදහස් මෙන්ම විරුද්ධ අදහස්ද පහන් සිතින් බාරගනිමි.

මේ සමාජයේ විවිධ පුද්ගලයින් ජීවත් වේ. ගැහැණු පිරිමි, දුප්පත් පෝසත්, තරුණ මහලු හා පන්ති භේදයෙන් සමාජය බෙදී පවතී. තවත් කොට්ටාශයකට අනුව මේ සමාජය බෙදා වෙන්කල හැකිය. එනම් සමාජයේ ජීවත්වීමට ශක්තිය ඇති හා එසේ ජීවත්වීමට ශක්තිය නොමැති අයවලුන් වශයෙනි. සංක්ෂිප්ත ලෙස සලකනවා නම් සමාජයට ගැලපෙන හා සමාජයට නොගැලපෙන වශයෙනි.

සමාජයට නොගැලපෙන අය පහතින් වර්ගීකරණයට භාජනය කල හැක.

  •  ශරීරයේ ග්රාහක ඉන්ද්රියන් නිසි පරිදි ක්රියාත්මක නොවන අය. එනම් සදාකාලිකවම ඇස් නොපෙනෙන අය, කන් නොඇසෙන අය, සමාජයේ ජීවත් වීමට නොහැකිවන සේ ග්රාහක ඉන්ද්රියන් නැවැත සුවකල නොහැකි සේ පිහිටා තිබෙන පිරිස හා පසුකාලයේදී එවැනි සුවකල නොහැකි ආබාධවලට ලක්වූවන්
  •  විවිධ ආබාධිත තත්වයන්ට ලක්වූවන් (මෙවන් සමහරුන් ජිවත්වීමට හැකියාව ලබාගත්තත් බොහේ දෙනෙක් සමාජයට නොගැලපේ. )
  • සුවකල නොහැකි රෝගීන්
  • මානසික උමුතුභාවයට පත්වූවන්
  • ලිංගික විකෘතිතාවයට පත්වූවන් එනම් සමලිංගික, ද්වී ලිංගික හා ලිංගික විපර්යාසවලට පත්වූවන්. (මොවුන්ගෙන් සමාජයට වෙන අවැඩ ගැන ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. )


නමුත් ප්‍රධාන වර්ගීකරණයට භාජනය කල අය අතුරිනුත් යම් ප්‍රමාණයක් සමාජයේ ශක්තිමත්ව ජීවත්වීමට ගැලපෙන ආකාරයට තම ජීවිතය සකස්කරගෙන ඇත. උදාහරණයකට පුද්ගලයෙකුට තමන්ගේ අතක්, පයක් අහිමිවුවත් කෘතිම උපකරණ භාවිතකරමින්, හෝ විවිධ උපක්‍රම හා ඉරියව් භාවිතයෙන් තමන්ගේ එදිනෙදා කටයුතු කරගැනීමට හැකියාව ඇත. සමහර ඇස් නොපෙනෙන අය පවා බ්‍රේල් ක්‍රම භාවිතයෙන් යම් තරමක් දුරට තමන්ගේ කටයුතු තමන්ම කරගැනීමට හැකියාව ලබාගනිති. ගැටලුව වන්නේ මොවුන් තමන්ගේ කටයුතු යම් කාලයක් යනතුරු කරගත්තත් වයසට යනවිට, තමන්ගේ හිතවතුන් ඈත්වූවිට තමන්ගේ මූලික අවශ්‍යතාවන් ඉටුකරගැනීමටවත් නොහැකි වන අවස්ථා තිබේ.

සමාජයට නොගැලපෙන්නන්ට සමාජයටවත් අඩුමතරමේ තමන්ටවත් ධනාත්මක ලෙස දායකවීමට නොහැකිවේ. මන්දයත් ඔවුනට පුද්ගලයන් ලෙස ජීවත්වීමට අවශ්‍ය කායික හා මානසික හැකියාව නොමැතිවීමයි. ඉගෙනීමට, ශිල්පීය ඥාණය ලබාගැනීමට, ඒ දැණුමෙන් රැකියාවකින් හෝ ව්‍යාපාරයකින් තම දැණුම සමාජයට ලබාදීමට මොවුනට නොහැක. එවන් අය සමාජයේ අනුකම්පාව මත ජීවත්වීම හැරෙන්නට වෙනත් ජිවන මාර්ගයක් නැත. ලේඛකයාට මේ කටුකත්වය ගැන හොඳින්ම අත්දැකීම් ඇත්තේය.  

සත්ව ලෝකයේ නම් ඇස් නොපෙනෙන, කන් නොඇසෙන, ආබාධිත සතුන්ට ජීවත්වීමට නොහැක. මන්දයත් ඔවුනට තමන්ට කෑම සොයාගැනීමටවත් හැකියාව නොමැතිවීමයි. ඉපදී ටික කලකින්ම ඔවුන් එක්කෝ විලෝපිකයන්ගේ ගොදුරු බවට පත්වේ. නැත්නම් ආහාර නොමැතිව මියයයි. එහිදී ජීවත් වන්නේ ශක්තිවන්තයා පමණයි.

දරුවෙක් පිලිසිඳගැනීමට තීරණය කිරීමට පෙර සිටම විවාහ වීමට සූදානම් වෙන යුවලක් තමන්ගේ මතු පරම්පරාව ගැන සිතිම අවශ්‍ය වේ. විවාහ වීමට යහපත් කායික හා මානසික රෝග වලින් තොරවීම, රුධිර පරීක්ශාවක් කර තමන්ගේ රුධිර ගන ගැලපීම තහවුරු කරගැනීම හා ලේ නෑයන් අතර විවාහ සිදු නොකිරීමෙන් පරම්පරානුගත රෝග වලින් වැලකීමට හැක.

වෛද්‍ය තාක්ෂණය දියුණුවීමත් සමගම පිළිසිඳගත් දරුවාට ජානමය විකෘතිතාවයක් ඇතිදැයි හඳුනාගැනීමට හැකියාව ලැබෙනු ඇත. "ස්පාටන් වරුන්" සිදුකලාක් මෙන්ම ශක්තිමත් දරුවන් සමාජයට දායාද කිරීමට මෙයින් හැකිවනු ඇත. එයිනුත් නොනැවතී සමාජයට අවශ්‍ය කායික හා මානසිකව පරිපූර්ණ දරුවෙක් ජාන තාක්ෂණයේ පිහිටෙන් ලබාගැනීමට අනාගත දෙමව්පියන්ටද හැකිවනු නොඅනුමානය.

සමාජය තුල ශක්තිවන්තයින් පමණක් ඉතිරිකර ගැනීමට මනා සැලසුම්සහගත වැඩපිළිවෙළක් තිබිය යුතුය. මෙහිදී සමාජයේ රෝගීන්, ආබාධිතයින් ඝාතනය කිරීමක් හෝ ඔවුන් ඉවත් කිරීමක් කෙසේවත් අදහස් නොවේ. එවැන්නක් කිරීම විශාල වැරැද්දකි. නමුත් අනාගත සමාජයේ යහපත තකා සදාචාරාත්මක රාමුව තුල හිඳ යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවේ. "බල්ලන් මැරීම වලකා ඔවුන්ව වඳ කිරීම" සදාචාරාත්මක වන්නා සේම කාරණා කටයුතු සිදුකිරීම අපේ අනාගත පරපුරේ උන්නතිය සඳහා අත්‍යාවශ්‍ය වේ