Friday, March 8, 2013

අහෝ මාලිංග !!!!




පුවත් නොමැතිව වේලි වේලී සිටින ලංකාවේ ජනතාවට පුවතක් නිර්මාණය කරදීම ක්‍රිකට් ක්රීඩක ලසිත් මාලිංග පසුගියදා කාරුණික වී තිබුණි. ක්රිකට් පාලක මණ්ඩලය අතර ඇතිවූ සාකච්චාවකින් පසුව පිටව යන විට මාධ්යවේදියෙකුට බැන වැදීමෙනි. "මාලිංග මහත්තයා" යනුවෙන් ඔහුව ඇමතූ මාධ්යවේදියාට “ඇයි මීට කලින් මාව දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ” යනුවෙන් උත්තර දීමෙන් පසු ඒ දර්ශන රූපවාහිනියෙන් පෙන්වීමෙන් අනතුරුව මාලිංගට එරෙහිව සයිබර් යුද්ධය පටන් ගැනුණි.

මෙහෙදී මුලින්ම ප්රහාරයට ලක් වූයේ මාලිංගගේ ෆේස්බුක් පිටුවයි. මඩ කොමෙන්ටු වලින් එය නෑවූ පිරිස් ඉන්ටනෙට් බැනර් වලින්, ෆොටෝ එඩිට් කරමින් තම සටන ඉදිරියටම ගෙන ගියහ. මාලිංගගේ ජාතකේ සිටම පෙන්විය ඇත්තෙන්ම කියනවානම් මාලිංග කලේ නොකළ යුත්තක්මය. ක්‍රීඩකයන් වනාහී සමාජයේ "තරු" ය. ඔවුන් එකතරා ආකාරයට නළුවන් පිරිසකි. ක්‍රිකට් ක්‍රීඩාවලට නරඹන්නන් අද්දා ගැනීමට අවශ්‍ය නම් ක්‍රීඩකයින්ගේ "තරු" තත්වය රැකගත යුතුය.

මෙහිදී ලසිත් මාලිංග නොකලේ තමන්ගේ තත්වය ආරක්ශා කරගෙන මාධ්‍යයට මුහුන දීමයි. "තරුවක්" කෙදිනකවත් මාධ්‍යය ඉදිරියේ තමන්ගේ චරිතයේ අඩුපාඩු නොපෙන්වයි. දේශපාලාඥයෝත් එසේමයි. තමන් කොතරම් කෝපයෙන් සිටියත් කැමරාව ඉදිරියේ සිනාසී සත්ගුණවත් "තාපසයෙක්" මෙන් ගැටලු කාරී තත්ව වල දී ඒවායෙක් උපක්රමශීලී ලෙස මගහැර නොගියොත් තමන්ගේ නියම චරිතය ලොවටම පෙනී තමන්ට තිබෙන ජනප්රියත්වය නැතිකර ගැනීමට ඔවුනට සිදුවේ.

සාමාන්‍ය මිනිසෙක් තමන් ඉල්ලන වැටුප් වැඩිවීම නොදීම නිසා කෝපයෙක් රත් වුවත් මාධ්‍ය මත තමන්ගේ පැවැත්ම රැඳී පවතිනා ක්‍රීඩකයින් එසේ කිරීම වැරදි ය. මාලිංක කල යුතුව තිබුනේ සංගා මෙන් “ශේප් න්‍යායක්” දමා මාධ්‍ය වෙතින් තම සිත තුල ගුගුරා හැලෙනා කෝපය වසන් කර ගැනීමය

මාලිංග ඉපදුනේ ඉතාම දුප්පත් පවුලකය. ඉහලට අධ්‍යාපනයක්ද ලබා නැත. එවැන්නෙකුට ඉක්මනින් මුදල්, සැපසම්පත් හා ඉහල සමාජ තත්වයක් ලැබීමේදී තමන් "මහා පොරක්" ලෙස සලකා මාන්නයෙක් උඩුඟු වීමක් ඔහුගෙන් දක්නට ලැබුණි. මාලිංගට ඉතා ඉක්මනින් ලැබුන මේ සම්පත් සියල්ලම ඔහුගේ මෝඩ කම නිසාම ඈත්වී ගියහොත් ඔබ පුදුම විය යුතු නැත.

අවසානයකට යමක් කිව යුතුය. මාලිංගගේ මෝඩ කම නිසා ඔහු ඔහුගේ "කාඩ් කුඩුකරගත්තත්" මේ රටේ ජනතාව එයින් උරණ වී ඔහුට මඩ ගසන්නට යාමෙන් වැඩක් නැත. මාධ්‍ය විසින් මාලිංගව පුම්බා මාධ්‍යයම ඔහුගේ නිරුවත ප්‍රදර්ශයනය කර ඇති නිසා ආයේ ආයේත් සමාජ ජාල අඩවි වල මඩ ගැසීමෙන්, බැනර් සෑදීමෙන්, ගොසිප් සයිට් වලට මාතෘකා සැපයීමෙන් අපේ වටිනා කාලය විනාශ කරගන්නවාද කියා මදක් සිතා බැලීම නුවණට හුරුය. මන්දයත් අවසානයේ එයින් විනාශ වෙන්නේ අපේ වටිනා කාලය නිසාය.

2 comments:

  1. අද අප කරන ලොකුම වරද තමයි,යම්යම් පුද්ගලකාන්ඩ වලට අනවශ්‍ය වටිනාකම් ලබා දීම.දේශපාලකයින්,ක්‍රීඩකයින්,දොස්තරවරුන් මෙන්ම මාධ්‍යවේදීන්ද අද තම තමන් පිලිබදව අධිතක්සේරුවක සිටින බව දක්නට අැත.දේශපාලකයින් හා දොස්තර වරුන් මේ අවස්ථාවේ පසෙකින් තබා ක්‍රීඩකයින් සහ මාධ්‍යවේදීන් පිලිබදව සලකා බලමු.ලසිත් මාලිංග ඒ අවස්ථාවෙ හැසිරුනු අාකාරය හොද නැත.ඒය අනිවාර්යයෙන්ම ඔ්නෑම කෙනෙක් පිලිගත යුතුය.නමුත් මාධ්‍යවේදීන්ටද තම වෟතිය කරගෙන යාමේදී යම් යම් සීමා නිර්නක තිබේ. මාධ්‍යවේදියා පේමන්ට් ඒකේ සිටින අැතැම් බිස්නස් කාරයින් මෙන් හෝ අැතැම් ප්‍රයිවෙට් බස් කොන්දොස්තර වරයෙකු මෙන් හැසැරීම හොද නැත.ඔවුන් ප්‍රවෟත්ති සොයා යා තුය.නමුත් මෙහිදී අැතිවන ගැටළුව නම් ඔවුන් ප්‍රවෟත්ති සොයන්නේ කා වෙනුවෙන්ද යන්නයි.ඒදා රටේ අතිමහත් ජනතාවක් බලා සිටියේ අප කවුරුත් අාදරය කරන ක්‍රිකට් ක්‍රිඩාවේ අනාගතය විසදන තීරනාත්මක සාකච්චාවක ප්‍රතිඵලයයි.නමුත් ඔවුන් අපට දුන්නේ තුමක්ද?
    අද ඒ රටක් වටින ක්‍රීඩකයා මානසිකව වට්ටා ඔහුව විනාශ කිරීම අාරම්භ කර අැත.ඔහු වැනි ක්‍රීඩකයින් රටකට සම්පතකි.ඔහු කල කිරීමට පත් වීම නිසා ක්‍රීඩාවෙන් සමුගතහොත් හෝ විදෙස් රටක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරනය කලහොත් ඒහි වගකීම බාර ගන්නේ තවුද?ඒවිට ඒම අපරාධය ඒදා ප්‍රභාකරන් විසින් බෝම්බ තබා ඩෙන්සිල් කොබෟබෑකඩුව විරුවානන් ඝාතනය තලා හා සමාන නොවන්නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්,
      මාලුවාට ජලය මෙන්ම ක්‍රීඩකයින්ට හා තරු වලට රැඳී ඉන්නට මාධ්‍ය අවශ්‍යයි. බොහෝ විට ලංකාවේ අද මාධ්‍ය හැසිරීම ගැන නම් අටුවා ටීකා කීමෙන් ප්‍රයෝජනයක් නොවේ.නූතනයේ ලංකාවේ බොහෝ මාධ්‍ය ආයතන තමන්ට ලැබී ඇති "හතරවන ආණ්ඩු" තත්වයෙන්ම බොහෝ ඔබ්බට ගොස් තමන්ට වෙනම තත්වයක් ආරෝපණය කර ගෙන ඇත්තේය.
      තමන්ට යම් කිසි පාඩුවක් වූ වහමා අවි අමෝරාගෙන හතර වටේටම පහරදී ජනතාවගේ හැඟීම් ඇවිස්සීමට මොවුහු ක්‍රියා කරති. මාලිංග කල අවිනීත අශීලාචාර ක්‍රියාවට ලුණු ඇඹුල් එක් කරමින් එක හතර කරමින් පත්තර කාරයින් මේ සති අන්තයේදී නම් මාලිංගට හොඳටම පහර දුන් ආකාරය ඔබටද මතක ඇතැයි සිතමි.

      Delete