Monday, March 25, 2013

හලාල්, මුස්ලිම්වරුන් හා අපි.





ලංකාවේ මේ කාලේ ඇති දැවෙන ප්රශ්න වලින් ප්රභලම එකක් ලෙස නූතනයේ සමාජගතවූනේ "ඉස්ලාම්" ආගමිකයින්ට විරුද්ධ රැල්ලයි. යුද්ධය නිමාවීමෙන් පසුව රටේ යම් ස්ථාවරත්වයක් ඇතිවේ යැයි අපේක්ෂා කලත් එය ඇති නොවී අලුත්ම මානයකට රට තල්ලුවී යාම නැති ප්රශ්ණ ඇතිකිරීමක් ලෙස සමහරු දකිතත් මාගේ මතය නම් සියවසක් තිස්සේ මතුපිටට නොපැමිණි ගැටලුවක් යුද්ධය නිමාවීමෙන් අනතුරුව කරලියට පැමිනීමක් "හලාල්" නාමයෙන් එලි බැසීම බවය.

ලංකාවේ ජීවත් වෙන ආගමිකයින්ගෙන් ඉස්ලාම් ආගමිකයින් සුවිශේෂ තැනක් ගනී. සමාජයේ මිනිසුන් කොටස් වලට වෙන් කරද්දී ඉස්ලාම් ආගමිකයින් හෙවත් මුස්ලිම්වරුන් එසේ පැහැදිළිව වෙන් කිරීමට (stereotyping) ඉතාම පහසු වේ.  බොහෝ දෙනා දන්නා පරිදි ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයින්ගේ පිය පරම්පරාව අරාබි වෙළඳ ප්‍රජාව වීමත් එසේම මව් පාර්ශවය සිංහල වීමත් සිදුවුනත් ඔවුන්ගේ සංස්කෘතිය ඒ සියල්ලටම පරිබාහිරව දකුණු ඉන්දීය මුස්ලිම් ප්‍රජාවට නෑකම් කීම නිසා සිංහල හෝ අරාබි ලක්ෂණ අඩුවෙන් ප්‍රචලිත කරන වෙනස්ම ජන කොට්ටාශයක් ලෙස සමාජගත විය.  බොහෝ දෙනා ලංකාවේ මුස්ලිම් ජනතාව ජාතියක් ලෙස වටහාගෙන ඇතත් 'මුස්ලිම්වරයා' ලෙස හැඳින්වෙන්නේ ඉස්ලාම් ආගම අදහන තැනැත්තාය. මුස්ලිම් යනු ආගමික කොට්ටාශයක් මිස ජනවර්ගයක් නොවන බව හොඳින්ම මතක තබාගත යුතු වේ. ශ්‍රී ලංකාවේ මැලේ ජනවර්ගයද, දෙමළ හා සිංහල සුළුතරයක්ද ඉස්ලාම් ආගම වැලඳගැනීම නිසාම මුස්ලිම් වී තිබේ. සාමාන්‍යයෙන් අප මුස්ලිම් යැයි හඳුන්වන කොටස අයත්වන්නේ ශ්‍රී ලංකා යෝනක නැමති ජනවර්ගයටය (Sri Lankan Moors).  බොහෝ විට රජයේ කාර්යාල වල පවා මුස්ලිම් ආගමික කණ්ඩායම ජනවර්ගයක් ලෙස හැඳින්වීම කෙරේ.      

සාමාන්‍යයෙන් ඉස්ලාම් ආගමික කණ්ඩායක් කිරීමේදී කියැවෙන කාරණය නම් බොහෝ විට දැඩි නීතිරීති මත පාලනය වන බුද්ධියට වඩා ආවේගයට අනුව කටයුතු කරන, මූලධර්මවාදයට අනුව පාලනය වන තම ආගම වෙනුවෙන් මියයාම ගෞරවයක් ලෙස සලකන පිරිසක් බවය. අද ලෝකයේ සතර දෙසින් ඇසෙන පුවත් ගැන සලක්කද්දි නම් එහි ඇත්තක් නැත්තේද නොවේ. කොතරම් හෞතික වශයෙන් එම ආගමිකයින් දියුණු වූවද ආධ්‍යාත්මීය වශයෙන් තවමත් පැරණි සමාජයට අනුකූල ලෙස ආගමික කටයුතු වල යෙදීමක් මෙවුන්ගෙන් දැකිය හැකි වේ. මහමමත් නබි තුමාට තමන්ගේ අනුගාමිකයින්ට අලුත් දහමක් උගන්වා ඔවුන්ව යම් සමාජ පාලනයක් මතට ගැනීමට පැරැණි ඉස්ලාම් දහම උදව් වූවත් එහි "අකාලික" භාවයක් නොමැති වූ නිසාම නූතන සමාජයත් සමග සැසැඳීමේදී අන්‍යාගමිකයින් සමග ගැටුම් ඇතිවීම ස්වාභාවික වේ. එවැනි අවස්ථාවලදී ඉස්ලාම් ආගමිකයින් තම ඉගැන්වීම් කාලයත් සමග ගලපාගනු වෙනුවට කලේ සමාජයෙන් වෙන්වීමට යම් බැම්මක් බැඳ ගැනීමය. ඇමරිකාවේ ජීවත්වන ඉස්ලාම් භක්තිකයාගේ සිට ලංකාවේ ඉස්ලාම් භක්තිකයා දක්වාම මේ සමාජ වෙන්වීම අඩු වැඩිව දක්නට ලැබේ. එමනිසාම ඉස්ලාම් භක්තිකයින් තමන්ගේ පිරිසට විශේෂ සැලකිළි මෙන්ම තමන්ගේ ආධිපත්‍යය පැතිරවීමට ක්‍රියාකරති. සමහර සමාජ වල හා පුද්ගලයින් තුල මේ ගුණය නොමැතිවුවත් බහුතරයක් ලෙස ගත්විට බෞද්ධ DNA වලට කාලයක් සමග අවිහිංසාව බද්ධ වූවා මෙන්ම ඉස්ලාම් DNA වලට තම ආධිපත්‍යය පැතිරවීම, සමාජ හුදකලාව, නම්‍යශිලී නොවීය යන ගුනාංග එකතුවී තිබේ. මේ කාරණය හොඳින් අන්‍යාගමික පිරිස් වටහා නොගැනීම නිසා ඉස්ලාම් භක්තිකයින් සමග ගැටුම් වර්ධනයවීම නූතන ප්‍රවනතාවයකි.

ඉස්ලාම් භක්තිකයින්ගේ ඉහත සඳහන් කළ ගුණාංග ආදීකාලේ සිටම මෙරට ඉස්ලාමිකයින් තුල පැවැතුනත් ඔවුන් ඒ ඇජෙන්ඩාව තුල ක්‍රියාකලත් 1915 න් පසුව ඇතිවුනු නිදහස්, 1956 සිංහල පිබිදිම, 1971/1988 කැරළි හා තිස් වසරක යුද්ධය අතර ඉස්ලාම් ජනයා පිළිබඳ මතකය මෙරට ජන විඥ්ඥාණයෙන් බැහැරට ගියහ. යුද්ධය අවසන් වීමෙන් පසුව සැඟවී සිටි "සමාජ අනාරක්ෂිත තාවය" සිංහලයාගේ මනසට ඇතුල්වීම ඉස්ලාමය ගැන සමාජ කතිකාවතක් මෙරට නවැතැත් නිර්මාණය විය. සිදුවී ඇත්තේ යටගිය සමාජ අනාර්ක්ෂිතතාවයක් නැවැත මතුවිම විනා සිංහලයා දෙමළ ජනයාගෙන් පසුව ඉස්ලාම් භක්තිකයින් යට කරන්නට සූදානම් වීම නොවේ. "යුද්ධය නැතුව සිංහලයාට පාලුයි" කිය කියා තමන්ගේ ප්‍රචාරණ මාධ්‍යයන් හසුරවන්නන් මෙය හොඳින්ම මතක තබාගත යුතුය.

ජන අනුපාතයට නොසෑහෙන පරිදි දේවස්ථාන ඉදිකිරීම. අනවසර ආගමික ස්ථාන, ඉඩම් බලෙන් අල්ලාගැනීම ආදී නීති විරෝධී ක්‍රියා මෙන්ම ජනගහන වර්ධනය, වෙළඳ ඒකාධිපත්‍යය වැනි නීතියට අනුකූල වුවත් අන්‍යාගමිකයින් තුල බියක් සැකක් ඇතිවෙන පරිදි කටයුතු කිරීම තුලින්ම සිංහල ජනයාගේ සමාජ අනාරක්ෂිතතාවයට මග පෑදී තිබේ.

පීඩනයට එරෙහිව සංවිධානය වීම මිනිස් ගතියක් නිසාම බොදු බල සේනා, සිංහල රාවය වැනි සංවිධාන බිහිවීමක් දැකිය හැක. මෙතුවක් කල් දේශපාලන ධාරාවේ උදාසීනයින් ලෙස කටයුතු කල හෙල උරුමයට පවා මේ නිසා නව පණක් ලැබිණි. නමුත් මේ සිංහල සංවිධාන වල අරමුණු සිංහල ජාතියට හා බෞද්ධ ධර්මයේ චිරස්තිතියට සහයට වුවත් මෙම සංවිධාන වල සමහර ක්‍රියා තරමක ගැටලුවක් මතුකරයි.

උදාහරණයක් ලෙස හලාල් ප්‍රශ්ණය හැඳින්විය හැක. හරාම් යනුවෙන් අකැප දේවල් ඉස්ලාමයේ දැක්වීම නිසාම යහපත් හෝ කැප ලෙසින් හැඳින්වෙන ආහාර හා වෙනත් දේවල් ඉස්ලාම් සමාජය තුල හලාල් යනුවෙන් හැඳින්වේ. සාධාරණ ලෙස තමන්ගේ ආගමේ හැඳින්වෙන පරිදි ආහාම හෝ වෙනත් දෑ පරිභෝජනයට ගැනීම ඉස්ලාම් භක්තිකයින්ගේ අයිතියක් වන නිසාම පෞද්ගලිකව ඊට ලේඛකයා ගරු කරයි. මෙතරම් විරෝධයක් හලාල් යන concept එකට ඇතිවීම එතරම් යහපත් නැත. නමුත් හලාල් යන සහතිකය ලබාදීම හා ඒ හා බැඳුණු මුදල්මය ගැටලු ගැන නම් මෙරට බෞද්ධයන්ට ගැටලුවක් තිබේ. විශ්වාසය මත බැඳී තිබුණු හලාල් යන සංකල්පය විකුණාගෙන කමින් ඒකාධිකාරයක් ගොඩනැගීමටම ඉස්ලාම් ආගමික සංවිධාන කටයුතු කරනවා නම් විරුද්ධ විය යුත්තේ එයටයි. හලාල් හා සම්බන්ධ ගැටළුව සිංහල සංවිධාන වලට හොඳ මාතෘකාවක් වුනේ නැගෙනහිර පවතින ඉඩම් කොල්ලය, හා ආගමික ආධිපත්‍යය වෙනත් මෙරට සිංහල බෞද්ධයාට සන්නිවේදනය කිරීමේ අපහසුව හා ඊට ප්‍රතිචාර දක්වන ඇල් මැරුණු ස්වභාවය නිසාමය.

හලාල් වලට වඩා දස දහස් ගුණයකින් බරපතල ඒවා මෙරට ඇතත් හලාල් වලට මෙතරම් උනන්දුවක් සිංහල සමාජයේ ඇතිවීම කණගාටුවට කරුණකි. නමුත් දැන් හලාල් ගැටලුව ගැන නියමාකාර කතිකාවතක් හා සිංහල-මුස්ලිම් දෙවර්ගයටම එකඟ වියගැකි විසඳුමක් ලබාදිමට වගකියයුත්තන් එක් රැසි වී සිටීම යහපත් කාරණයකි.

මේ ලිපියේ කලින් සඳහන් කලාක් මෙන්ම ඉස්ලාම් භක්තිකයින් ගේ ඇතැම් ක්‍රියා මාර්ග නිසා ම. බහුතරය තුල ඇති වන අනාරක්ෂිත භාවය තව තවත් වැඩි වුවහොත් එයම ඉස්ලාම් භක්තිකයින්ගේ සිත තුල බියක් ඇති කිරීමට බලපානු ඇත. මෙය චක්‍රයක් ලෙස ක්‍රියා කලහොත් අවසානයේ දී ජාතිවාදී ගැටුමක් ඇවිලීමේ අවධානමක් ද පවතී. ඉරාකයේදී, ඇෆ්ගනිස්ථානයේදී ඉස්ලාම් භක්තිකයින් බූරුතු පිටින් මරා දැමූ බටහිර ප්‍රජාව එම ගැටලුවේදී නම් සිටින්නේ ඉස්ලාමිකයින් ගේ පැත්තේ බව සක්සුදක් සේ පැහැදිළිය.

කලයුත්තේ කුමක්ද ?

මෙම ගැටළුව මගහරවා ගැනීමට නම් ඉස්ලාමිකයින් හා බෞද්ධයින් අතර හිතට එකඟව කෙරෙන කතිකාවතක අවශ්‍ය වේ. එකිනෙකාගේ වෙනස් කම් හඳුනාගෙන එයට ගරුකරමින් එකිනෙකා කෙරෙහි ඇතිවී තිබෙන අනාරක්ෂිත භාවය නැතිකිරීමට දෙපාර්ශවයටම යම් කැපකිරීම් කිරීමට සිදුවනු ඇත.

මුස්ලිම් සමාජය තුල ඇති අන්තවාදි කොටස් නැති කර දැමීමට ඉස්ලාම් විද්වතුන් හා බුද්ධිමතුන්ට සුවිශාල කාර්යභාරයක් පැවැරේ. ඉස්ලාම් තරුණ ප්‍රජාව අන්තවාදීන්ගේ ගොදුරු බවට පත්වීමෙන් වැලැකීම එයින් මූලිකම කාර්යභාරයක් විය යුතුය. අන්තවාදයෙන් ඔලුව උදුම්මාගෙන කෑගහසන අධිකරණ ඇමැතිවරයා, අසාද් සාලි වැන්නවුන් දේශපාලන තලයෙන් ඉවත් කර මැදහත් සිතින් දේශපාලනය කරන මුස්ලිම් දේශපාලාඥයින් මෙරටට අවශ්‍යය. ඔවුන්ව පත්කර යැවීම මුස්ලිම් සමාජයේ වගකීමක් වේ.

සිංහල බෞද්ධයාද තව දුරටත් තමන්ගේ ගමේ පන්සලත් සමග ඇසුරේ යෙදෙමින් ලෞකික හා ලෝකෝත්තර සැප ලබාගැනීමට උත්සුක විය යුතුය. අතීතයේ පරිදි සිංහල සමාජයට පන්සලෙන් නායකත්වය ලැබුනා නම් ආගම් වලට හරවා ගැනීම්, ඉඩම් ආක්‍රමණ හා වෙළඳ ආධිපත්‍ය යන දේව්ල් අවිහිංසාවෙන්ම පිටු දැකීමට අවස්ථාව ලැබෙනු ඇත. අන් ජාතියක් හෝ ආගමක් සමග ගැටුම් ඇතිකර නොගෙන තමන්ගේ ජාතිය ආගම ආරක්ශා කර ගැනීමට එයින් ඉඩ ලැබේ. 

මේ රට තුල ඉපදුණු අයෙක් හෝ මේ රටේ පුරවැසිභාවය ලබාගත් සෑම කෙනෙකුටම රටේ අයිතියක් ඇත. රටේ තුල ඇති සෑම වර්ප්‍රසාදයකටම ඔවුනට ජාති ආගම් කුල භේදයකින් තොරව "නීතියට අනුව නම්" අයිතියක් ඇත. එමනිසාම කුමන ජාතියක්වත් රටෙන් පිට නොකර සෑමදෙනාටම තමන්ගේ ආගම හා ජාතිය ආරක්ශා කරගනිමින් පොදු අනන්‍යතාවක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය වේ. එය වහ වහාම ඉටු නොකලොත් අනාගතයේ විශාල ගැටලුවකට මුහුන පාන්නට සිදුවන බව නම් ඒකාන්ත ය.

1 comment:

  1. මුස්ලිම් කොංග්‍රස්, තමිල් අරසු කච්චි හා ඔය ඉවැන්ජලික දේශපාලන කල්ලි හැදිලා උන්ගේ නීති මෙහේ සම්මත කරගන්නත් බුදු පිලිම හිතුමතේ ‍පොලවේ ගසා අන්‍යාගම් වැලදගැනීටම පාර හදද්දී, ඉතිහාසය අකා මකා ඒ මත මිසදු‍ටු ආගමික මධ්‍යස්ථාන හදද්දී,,, අවුරුදු කීයක් ඉවසුවාද?

    සිංහල‍යන්ට බෞද්ධයන්ට කියලා නමටවත් පක්ෂයක් තිබුනේ නෑනේ...

    උන් වර්ගවාදී.. ජාතිවාදී පක්ෂ හැදුවා... ඒවාට හරියන සිංහලයාට, බෞද්ධයාට ඇනෙන/ඇඩෙන වැඩ කලා‍‍‍‍‍‍‍‍‍‍‍.‍.‍ දැන් ඌරගෙ මාලු උගෙ පිටේම තියලා එකට- එක කරන්න සිංහල, බෞද්ධ පක්ෂ බිහිවෙලා... (මේ සිංහල බෞද්ධ පක්ෂ නම් අසාධාරණයට විරුද්ධව වාවිකව ‍ලිඛිතව (නීත්‍යානුකූලව) මතය ගෙනියනවා විනා වෙනත් කිසිදු ආකාරයක ඝට්ඨනයකට පැටලී නැත)

    ඇයි දැන් ඇඩන්නෙ මුන්‍ට... ඒ වැරදි හදන්නත් එපෑ මචෝ...

    මුන් ඉල්ලගෙන කාලා නේද තියෙන්නෙ?

    තව ‍හොද මේවා වලින් වෙනවා කියන්න පුලුවන්,

    තව එකෙක් බොරු කරලා රහත් වෙලා කියලා මිනිස්සු රවටන්න ඉස්සර, රත්‍රං බෝපත් ආවා කියලා මිනිස්සු රවටන්න ඉස්සර, ජේසු තුමාගේ රූපේ බිත්තියේ පේනවා කියලා මිනිස්සු මුලා නොකර ඉන්න, ලෙඩ සුව කරනවා කියලා මිනිස්සු මර මර ඉතරු වුන් අන්‍යාගමික කරන්න ඉස්සර, මුදල් දීලා බුදු පිලිම පොලවේ ගස්වා වෛර ඇති කරවා අන්‍යාගමිකරයන කරන්න ඉස්සර, මේ රටේ මින් පෙර අසා නැති බහුබූත ආගම් (පළමු ආගම් විකෘති කරන) ගේන්න ඉස්සර, තවත් තියනවා ලියන්න කම්මැලී...

    තව පාරක් හිතයි නේද?

    ReplyDelete