Monday, September 17, 2012

ස්ටීව් ජොබ්ස් - සාර්ථක මිනිසෙකුගෙන් අපට උගත හැකි පාඩම්




අපි හැමෝම අහලා ඇති ස්ටීබ් ජොබ්ස් ගැන. ලෝකයේ විශාල පරිගණක සමාගමක නිර්මාතෲවරයාව සිට මියගිය සාර්ථක ව්‍යාපාරිකයෙන් තමයි ඔහු.

තමන් වැදූ අම්මාගෙන් තාත්තාගෙන වෙන්වෙලා, විශ්ව විද්‍යාල අධ්‍යාපනේත් කඩාකප්පල් කරගෙන අවසානේ දියුණුවේ හිනිපෙත්තටම නගින්න ඔහු සමත් වුනා.

ඔහු මහා මැජික්කාරයෙක් නෙවෙයි. ඔහුත් අපි වැනිම මනුශ්‍යයෙක්. ඔහුටත් අනන්තවත් වැරදීම්, පසුබැහීම් වෙලා තිබෙනවා. නමුත් අප සමාජයේ බොහෝ දෙනෙක් වගේ එම පීඩාවලින් නොවැටී ඔහු තමන්ගේ මාර්ගයේ ගමන් කරා. ලෝකයේ සෑම කෙනෙක්ම 100% සාර්ථක වෙන්නේ නෑ. ජොබ්ස් උනත් එහෙමයි. නමුත් තමන් ලබාපු ජීවිතයෙන් මුලු ලෝකයම වෙනස් කරන්න ඔහුට පුලුවන් උනා.

BBC නාලිකාව මෙහු ගැන වාර්ථාමය චිත්‍රපටයක් හැදුවා. මීට ටික කාලයකට පෙර මෙය නිර්මාණය උනත් ඔහුගේ ජීවිත කතාව අපි හැමදෙනාටම වැදගත් වෙන එකක් නිසා මම ඒ චිත්‍රපටය මෙතන ඇතුලක් කරනවා. අනිවාර්යයෙන්ම බලන්න.




මෙහුගේ ව්‍යාපාර හා ජීවන රහස් කිහිපයක් මම කෙටියෙන් දකවන්නම්. බොහෝවිට මේ රහස් ව්‍යාපාරික ක්ශේත්‍රයට වැදගත් වෙයි

1)  අලුත් විදිහට හිතන්න. ඒ හිතුවිල්ල කොච්චර රැඩිකල් උනත් කිරීමට අපහසු වුනත් තමන් සිහින දකින එක, අලුත් අලුත් අදහස් සැලසුම් කරන එක නවත්තන්න එපා

2)  තමන්ගේ ඉලක්කයට යාමට අවශ්‍ය ඕනෑම මානව හා භෞතික සම්පතක් ඉක්මනින්ම තමන් වෙත ලබාගන්න. ඒ වාගෙම තමන්ට අන්වශ්‍ය සියලුම සම්පත් බැහැර කරන්න. ව්‍යාපාරයකදී නම් මානව හා භෞතික සම්පත් මේ ගණයට ඇතුලු කරන්න පුලුවන්. ඒක කොතරම් අපහසුවක් උනත් තමන්ට වේදනාවක් උනත් තමන්ගේ අවසාන ඉලක්කයට බාධා වෙන ඕනෑම දෙයක් විනාශ කරන්න පසුබට වෙන්න එපා

3)  තමන් වරක් අසමත් වුවහොත් වෙනත් මාර්ගයක් තෝරාගන්න. නමුත් ඒ මාර්ගය තමන්ගේ අවසාන ඉලක්කය කරා යන එකක් දැයි සැකහැර දැනගන්න. ස්ටීව් ජොබ්ස් තමන් නිර්මාණය කරපු Apple සමාගමෙන්ම එළියට ඇද දැමූ විට තමන්ගේ අවසාන ඉලක්කය වූ "තාක්ෂණයෙන් ලෝකය වෙනස් කිරීම" යන්න ඉටුකරගැනීමට Pixar, NEXT  වැනි සමාගම් මිලට ගෙන ඒවා ලාභ ලබන තත්වයට ගෙනාවා. අවසානයේ සමාගමට නැවත්ත් ජොබ්ස් නැතුවම බැරි චරිතයක් උනා

ජොබ්ස් ගේ ව්‍යාපාර ඥානය ඉතාම වැදගත්. මේ ඔහුගේ බිස්නස් රහස් කීපයක්

1)  සෑමවිටම වෙනස් දෙයක් කරන්න. ඒකාකාරී දේවල් වලට මිනිසුන් අකමැතියි. අනිත් සෑම තරඟකරුවෙක් ගෙන්ම වෙනස් වූ අංග තමන් තුල ඇතිකරගතහොත් පාරිභෝගිකයෝ නිතැනින්ම ඔබ වෙත ඇදේවි

2)  පාරිභෝගික මතයට සංවේදී වන අතරම තමන් නිර්මාණය කල නව අදහස් වලට ඉල්ලුමක් පාරිභෝගිකයින් අතර ඇතිකරන්න. Apple සමාගමේ සම්පූර්ණ වෙලඳ උපක්‍රමය මෙයයි. Apple සමාගමේ භාන්ඩ පාරිභෝගික මතයට සංවේදී වෙමින් ඔවුන් විසින් ඇතිකරනු ලැබූ සංස්කෘතියට නිතැනින්ම පාරිභෝගිකයින් නම්මාගැනීමක් සිදුකෙරෙනවා. ඒම නිසා Apple නිෂ්පාදන වැනි වෙනත් ඒවා කොතරම් තිබුනත් පාරිහෝගිකයා වෙතම ඇදේ

3)  සෑම විටම සරල බවක් හා එකම Theme එකක් යොදාගැනීම. Theme එකට අනුව ඔවුන්ගේ නිෂ්පාදන, කාර්යාල, වෙලඳ ප්‍රචාරණ හා සේවක පිරිස පවා හැඩගස්වා තිබෙනවා. එයින් යම් පිළිවෙලක් හා ක්‍රමවත් බවක් ඇතිවෙනවා. (සරල බව පිළිබඳ අදහස ඇතිවූයේ බුදුදහමින් බව ජොබ්ස් වරක් කියා සිටියා.)

4)  ආයතනයේ සේවකයින් හා සැකැස්ම වෙනස් කිරීමට කවදාවත් ජොබ්ස් පසුබට උනේ නෑ. ආයතනයට අවශ්‍යය නොවන අය වගේම අවශ්‍ය නොවන ව්‍යාපෘති පවා වෙනස් කරා. ජොබ්ස් තමන්ගේ සේවයකයින් ගෙන තදින් වැඩගත් ස්වාමියෙන් බව ප්‍රකට කරුණක් නමුත් සේවකයින්ගේ ආත්ම විශ්වාසය ඉහල නංවා ගැනීමට ඔහු ඉතාම හොඳින් ක්‍රියා කලා.

5)  ව්‍යාපාරික සම්බන්ධතා ඇතිකරගැනීමටත් තමන්ට අවාසි වන අවස්ථා ඉවෙන් මෙන් දැනගෙන එවිට එම සම්බන්ධතා බිඳ දැමීමටත් ජොබ්ස් ක්‍රියා කරා. ඒ වගේම සෑම විටම ව්‍යාපාරය කෙරෙහි තමන්ගේ 100% අවධානය හා ශ්‍රමය ඔහු යෙදවූවා. තමන්ගේ සියලුම දේවල් පසෙකට තබා ආයතනය ගැන සිතීම එතරම් යහපත් වුනේ නැතත් සාර්ථකත්වය උදෙසා යම් යම් කැපකිරීම් කරන්න ඕන බවත් මතක තබා ගන්න

ඉහත සඳහන් බොහෝ කරුණු බහු ජාතික සමාගම් වලට් විතරක් නෙවෙයි, සිල්ලර කඩයකටත් යොදාගන්න පුලුවන් දේවල්. කවුරු හරි අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්නත්, තමන්ගේ ව්‍යාපාර දියුණු කරන්නත් මේ කාරණා උපයෝගී කරගත්තා නම් සාර්ථ්කත්වය නියත් බව අවසාන වශයෙන් කියන්න කැමතියි


Friday, September 14, 2012

ඉඟුරු දී මිරිස් ගැනීම (The American Version)



මැදපෙරදිග දැන් උනුසුම් වී තිබේ. මැදපෙරදිග රටවල් හයක ඇමරිකාවට හා බටහිරට විරුද්ධව ජනයා උද්ගෝෂණ සංවිධානය කර තිබේ. ලිබියාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට කඩා වැදුනු ජනතාව එයට ගිනි තබා ඇමරිකානු තානාපති තුමාද මරා දැම්මෝය. සුඩානයේ ඇමරිකානු හා ජර්මානු තානාපති කාර්යාල වලට පහර දුන්නේ අද දවසේය.


පෙනුමෙන් නම් බරපතල දෙයක් සිදුවී ඇත. ඇමරිකාවට ඉතිහාසයේ මුහුනදීමට සිදුවූ දරුණුම විදේශ ජන නැගිටීම මෙයයි. ඇමරිකාවට පමණක් නොව මුලු බටහිරටම විරුද්ධව මෙවන් ජන නැගිටීමක් පැමිනියේ ඉතිහාසයේ කවරදාකත් නොවූ විරූ අයුරිනි.

මේ මහා විරෝධතාවයන් වලට මූලික වූයේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජීවත් වෙන ඊජීප්තියානු-ඇමරිකානු ජාතිකයෙක් විසින් ඉදිරිපත් නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටියක් පිළිබඳවය.
එයින් එක්තරා ආගමික කණ්ඩායමක ප්‍රධාන ශාස්තෲවරයාට අගෞරවයක් වූ බව කියමින් ලොව පුරාම එම ආගමිකයින් වීදි බැස ඇමරිකානු හා බටහිර විරෝධී උද්ගෝෂණ වල නිරත වූහ. මේ චිත්‍රපටය තවම නිකුත් කර හෝ නැත. මෙතරම් විශාල ප්‍රචන්ඩ ක්‍රියා මාලාවකට ඉහත කී චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පමණක් ප්‍රමාණවත් වීම විශේෂ කරුණකි. මෙහිදී කිසිඳු ආගමකට නිර්දය ලෙස පහර ගැසීම අප අනුමත නොකරන නමුත් මේසා විශාල ජන නැගිටීමකට හේතුවූ මූලික කාරනා විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි.




මේ ජන නැගිටීම් සිදුවුනු ප්‍රදේශ හා ජන කණ්ඩායම් ගැන විමසීමේදී ලිබියාව, ටියුනීසියාව, ඊජීප්තුව යන රටවල් ප්‍රධාන වේ. මුලින්මා ප්‍රචන්ඩ ක්‍රියා ආරම්භ වූයේද ඊජීප්තුවෙනි. ඉහත කී රටවල් තුනම අරාබි වසන්තයේ බලපෑමට හසුවී ආණ්ඩු පෙරලියකට ලක්වූ රටවල්ය. අරාබි වසන්තය යනු ඇමරිකාවේ නිර්මාණයක් බවට කිසිඳු සැකයක් නැත. ඇමරිකාව ප්‍රමුඛ බටහිර නඩය තමන්ට පාලනය කිරීමට නොහැකි ඒකාධිපතීන් හා ඒකාධිපති ආණ්ඩු මට්ටු කිරීමට කෙලින්ම් යුධ බලය නොයොදා තම ආධිපත්‍යය පතුරවා හැරීමට අරාබි වසන්තය යොදා ගත්තෝය


මෙය ඉතා සරල ක්‍රියවලියකි. පියවර මෙසේය



  • තමන්ට පලවා හැරීමට අවශ්‍ය ඒකාධිපති ආණ්ඩුවක් තෝරාගැනීම (එම රටේ ඒකාධිපතියාට විරුද්ධ සංවිධාන බලාත්මක වී තිබිය යුතුය.)
  • බටහිර ඒජන්තයින් එම සංවිධාන උත්තේජනය කර අවි-ආයුධ, මුදල් හා දේශපාලන සහයෝගය ලබාදිම
  • බොහෝ විට දේශපාලන නැගිටීමක් ලෙස බටහිර උදව් ලබන මේ සංවිධාන රාජ්‍ය බලය ලබාගනී.
  • එම රාජ්‍ය විරෝධී සංවිධාන ඒකාධිපතියා සමග සටන් කරන විට සිවිල් වැසියන් මියයාම ගැන කිඹුල් කඳුලු හෙලන ඇමරිකාව වක්‍රාකාරයෙන් සිවිල් වැසියන්ට හානි වෙනවා යැයි කියමින් යුධමය වශයෙන් ආණ්ඩු පෙරලියකට උදව් ලබාදේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇමරිකාවට නතුකර ගනී. 
  • අවසානයේ ඇමරිකාවේ සහය ලබන ආණ්ඩු විරෝධී කණ්ඩායම් බලය ලබා ගනී. 



මේ කණ්ඩායම් වල විශේෂත්වයක් ඇත. එනම් ඒ බහුතරයක් අතිශය ආගමික අන්තවාදී, මූලධර්මවාදී ත්‍රස්ත කණ්ඩායම් ඒ ඒවාට උදව් දෙන දේශපාලන කණ්ඩායම් වීමයි. මුලුන්ම රාජ්‍ය විරෝධී අරගල පටන් ගන්නා විට ආගමික අන්තවාදයක් නොපැවතුනද පසු කාලීනව අරාබි වසන්තයේ සියලුම අරගල වලදී ඉදිරියට ආවේ ආගමික අන්තවාදයයි. මෙය 1979 දී ඉරාන විප්ලවයට සමානය. ඉරනයේ ෂා රජතුමාට විරුද්ධව ඇරැබුණු එම අරගලය අවසානයේ ආගමික අරගලයක් ලෙස පැතිරගොස් දැඩි මතධාරී ආගමික නායකයෙක් ගේ පාලනයකට නතුවූ රාජ්‍යයක් බවට පත්වීය, දැන් ඉරානය දේශපාලන වශයෙන්ද නැවැත ෂා රජ සමයේ පැවැතියාටත් වඩා ඒකාධිපති පාලනයක් වී ඇත.


අරාබි වසන්තයේදී අවසානයේ ආගමික අන්තවාදී කණ්ඩායම් බලය අල්ලාගන්නා බව ඇමරිකාවද දැන සිටියේය. ඒ කෙසේ වෙතත් ඇමරිකාවට අවශ්‍ය වී තිබුනේ ආගමික අන්තවාදී වුවත් තමන්ට අවනත පාලන තන්ත්‍රයක් ගොඩනගා ගැනීමටයි. අවසානයේ නොසිතූ දෙයක් සිදුවිය. ඇමරිකාව විසින් බෝකරනු ලැබූ අරාබි වසන්ත විසබීජය ඇමරිකාවටම පරාවලලක් විය.




මැදපෙරදිග ජනයා (බොහෝ විට තරුණ පරපුර ) එතරම් බුද්ධිමත් නොවේ. ආගමික මතවාදයින් ඔස්සේ ජීවිත විනාශ කිරීම දක්වා ඔවුන්ගේ මනස පාලනය කිරීමට පහසුවෙන් හැකිය, නූතන සමාජ ජාල වෙබ් අඩවි වල පිහිටෙන් ආගමික අන්තවාදීන්ට මේ ආඥාන තරුණ පරපුර බටහිර විරෝධී කිරීමට හැකිවූයේ මේ නිසාය. ඇත්ත වශයෙන්ම ආගමට අපහාස කරන චිත්‍රපටය ඇමරිකානු රජයේ නිශ්පාදනයක් නොවේ එයට ඇමරිකානු ජාතිකයින්ගේ සම්බන්ධයක් නොමැත. ඇමරිකානු පුරවැසිභාවය ලැබූ ඊජීප්තු ජාතියෙක් විසින් කරනු ලැබූ මෙම චිත්‍රපටයට නැගුනු විරෝධය ඇමරිකාව කෙරෙහි කෙලින්ම යොදාගැනීමට හැකිවීම ඇමරිකාව විසින් මැදපෙරදිග ඇතිකල නව ආගමික අන්තවාදී සමාජයේ ජයග්‍රහනයක් යැයි කිව හැක.
 ආගමට අපහාස වන දේවල් අනන්තවත් මීට පෙර සිදුවී ඇත. එහෙත් මෙවැනි දරුණු සිදුවීම් හෝ බටහිර විරෝධී සිද්ධි මීට පෙර වාර්ථා වී නොතිබුණි.

 මේ සියල්ලටම හේතුව වන්නේ ඇමරිකාව විසින් ඇතිකල අරාබි වසන්තයයි. මැදෙපෙරදිග සමාජ සාමාන්‍යයෙන් දියුණු සමාජ හා දේශපාලන පද්ධතියකට උරුමකම් නොකියති. සංස්කෘතිය හා ආගම් විසින් විචාට බුද්ධිය මොටකරනු ලැබූ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ඇවැසි නොවේ. ඒකාධිපති පාලනයක් යටතේ සිටීම ඔවුනට ඉතාම ගැලැපේ. එවන් සමාජයක් බලෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇද දැමීමෙන් සිදුවෙන්නේ ඒ ප්‍රජාත්න්ත්‍ර ව්‍යාපාරය ආගමික අන්තවාදීන් විසින් තමන්ගේ පටු උවමනා වලට නතු කරගැනීම පමණි.


ඇමරිකාව තමන් නිර්මාණය කල යක්ෂයාව තේරුම් ගැනීමට නොහැකිවීමෙත් දැන් පහර කමින් සිටී. නමුත් මෙම ප්‍රචන්ඩ ක්‍රියා වලින් අවසානයේ අවාසියක් අත්වෙන්නේ මැදපෙරදිග සිටින් ජනතාවටත්, ඇමරිකාවේ හා බටහිර රටවල සිටින මැදපෙරදිග සංක්‍රමණිකයින්ටය. ඇමරිකානුවන් තමන්ට සිදුවූ අවනම්බුවේ පලිය ගනු ඇත. එමෙන්ම ඇමරිකාවේ සිටින සුලු ආගමිකයින් හා සංක්‍රමණියකින් ඇමරීකානුවන්ගේ ප්‍රහාරයට ලක්වනු ඇත.

ආගමකට අපහාස කිරීම කිසිඳු හේතුවක් මත සාධාරණීකරණය කිරීමට නොහැකි අතරම ආගමේ නාමයෙන් දේපල ගිනි තැබීම හා මනුෂ්‍ය ඝාතන ද අප අනුමත නොකරමු.



නමුත් මෙම සිද්ධිය අප රටටද යම් පනිවිඩයක් ගෙනදෙයි. එනම් ලංකාවේ බෞද්ධයින්ට අපහාස වන අයුරින් විවිධ දේවල් මෑත කාලයේදී බෙදාහරින ලදී. බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන ලදී. එවැනි සිද්ධි වලට ඉහත කී චිත්‍රපටය මගින් අපහාසයක් වූ ආගමේ පිරිසක්ද සම්බන්ධ විය. බෞද්ධයාට විරුද්ධව අපහාස උපහාස හා තර්ජනය කිරීම් වලින් බෞද්ධයාට දැනෙන දුක, කෝපය හා කම්පාව චිත්‍රපටය මගින් එම ආගමිකයින්ටද දැනෙනු ඇත. 

මීට පසුවත් තමන් උපමා කරගෙන තමන්ට දැනෙන දුක හා පීඩාව අනුන්ටද දැනෙන බව දැනගෙන ඒ ආගමික පිරිස මේ රටේ ආගම් අතර සමගියක් ඇතිකිරීමට දායක වනු ඇතැයි මම විශ්වාස කරමි.









Sunday, September 9, 2012

නැගෙනහිරදී මොකද උනේ ?




2012 පළාත් සභා ඡන්දය දැන් නිමාවිය. රජය සලාක ක්‍රම‍යට ඡන්ද පැවැත්වීම නිසා පළාත් තුනක පමණක් ඡන්දය පැවැත්වීමට සිදුවුනි. උතුරුමැද හා සබරගමුව කෙසේ ප්‍රතිඵලය පැමිණියද අපගේ වැඩිම අවධානයක් යොමුවූ පළාත නැගෙනහිර පළාතයි.

වැදගත්කම



එය වැදගත් ලංකාවේ ජන අනුපාතය ප්‍රධාන ජනවර්ග අතර බොහෝවිට සම සමව පැවැති පළාතක් වන නිසාය. ඡන්ද ප්‍රතිඵලයට ජන අනුපාතය බෙහෙවින් බලපාන අයුතු මැනැවින් මේ පළාතේ නිරීක්ෂණය කිරීමට හැක. දේශපාලන කෝණයෙන් බලනවාට වඩා සාමාජීය කෝණයෙන් බැලූවිට ලංකාවේ ජනතාවගේ ජාතික ඒකාබද්ධතාවය හා වර්ගවාදය හොඳින්ම මැනබැලිය හැකි පළාතක්ද වන්නේ නැගෙනහිරය. එමෙන්ම පසුගිය කාලයේ සිදුවුනු සිදුවීම් විග්‍රහ කර බලනවිට ප්‍රදේශයේ දේශපාලන ගැටුම් ප්‍රතිපත්ති වලින් ඔබ්බට ගොස් ආගම, ජාතිය සමගද පැටලැවීමක් දක්නට ඇත. නැගෙනහිර පලාත ජයගන්නා පාර්ශවය නියෝජනය වන ජනවර්ගය ඉහත කී සටනෙන් ජයගත්තාහූ වෙති

ඡන්ද සටන හා වර්ගවාදීවීම


නගෙනහිර පළාතේ තිබෙන ජනසංයුතිය හා එක එක ජනකොටස් අතර තිබෙනා විරසයක දේශපාලනමය වශෙයන් තරඟරයකට පත්වීම මෙහිදී සිදුවිය. නාමයෝජනා ලබාදුන් ප්‍රධාන පක්ෂ 4 න් තුනක්ම ඡන්ද සටන වාර්ගික යුද්ධයක් බවට පත්කරගෙන තිබුනි. මුස්ලිම් කොන්ග්‍රසය මුස්ලිම් ජනයා වෙනුවෙන්ද, දෙමළ ජාතික සංධානය දෙමළ ජනයා වෙනුවෙන්ද එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තියක් හැටියට නැතත් ප්‍රායෝගිකව සිංහල ජනයා වෙනුවෙන්ද ඉදිරිපත් විය. එ.ජා.පේ දයා ගමගේ මහතා සිංහල මහඇමතිවරයෙක් ගැන කීමද මෙහිදී සලකා බැලිය යුතු කරුණකි. මෙම කාරණයේදී එක ජාතිකටවත් විශේෂ සැලකිල්ලක් නොදැක්වූයේ සංධානය පමණි. සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හිටපු මහඇමතිවරයා මෙන්ට සිංහල හා මුස්ලිම් අපේක්ෂකයින් බොහෝ දෙනෙක් සංධානයෙන් තරඟ කිරීම තමන්ගේ වාසියට හරවාගැනීමට සංධානය සමත්විය

මුස්ලිම් කොන්ග්‍රසයේ සීතල යුද්ධය.



මුස්ලිම් කොන්ග්‍රසය නිදහස් සංධාන රජයේ කොටස්කරුවන් වුවද මෑත කාලයේදී ඒ සුහදතාවය පලුඳු වන ආකාරයේ සිදුවීම් රාශියක් දැකගන්නට ලැබුනි. දඹුල්ල ප්‍රදේශයේ දේවස්ථානයක් සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධියෙන් පසු මුස්ලිම් කොන්ග්‍රසය කෙමෙන් කෙමෙන් ආණ්ඩුවේ සිටිමින්ට ආණ්ඩුව විවේචනය කරන තත්වයකට පත්විය. මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ නැති බවට මුස්ලිම් කොන්ග්‍රසය විවිධ අවස්ථාවලදී රජයට චෝදනා ඉදිරිපත් කළහ. එමෙන්ම රජයේම තවත් හවුල්කාර පක්ෂයක් වන හෙල උරුමය සමග ප්‍රසිද්ධියේම සටනට එළඹීම සුලභ සිද්ධියක් විය. කිහිපවරකම මුස්ලිම් කොන්ග්‍රසය රජයෙන් ඉවත්වන බවට තර්ජනය කිරීමද තවත් සිද්ධියකි. මුස්ලිම් කොන්ග්‍රසයේ සභාපතිතුමා ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වුනේ ඡන්දයට ඔන්න මෙන්න කියා තිබියදීය. මුස්ලිම් කොන්ග්‍රසයේ ක්‍රියාපිළිවෙත දැඩි වර්ගවාදී මාවතකට එලඹී ඇතිබව ඇතැම්හූ චෝදනා කලහ

අවසාන ප්‍රතිඵලය

කවුරුවත් අපේක්ෂා නොකළ ආකාරයකට ඉතා අඩු බහුතරයකින් වුවද නැගෙනහිර පළාත ජයග්‍රහණය කිරීමට සංධානයට හැකිවිය. ඡන්ද දූෂණ හා මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වාර්ථාවුවද මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට තරම් එය බරපතල නොවුනි.

UPFA - 200,044 - 14
TNA- 193,827 - 11
SLMC-132,917 - 07
UNP - 74,901 - 04
JNP- 9,522 - 01

ලේඛකයාද අනුමාන කළේ නැගෙනහිර ජන දෙමළ ජාතික සංධානයට ලැබේවි කියාය. කෙසේ වෙතත් දැන්සංධානය ජයක්ග්‍රහණය කර අවසන්ය. වැඩි ඡන්ද 6000 ක් වැනි ප්‍රමාණයකින් වුවත් ජයග්‍රහණය සහතික කරගෙන ඇත. මෙයින් පසුව පළාත් සභාවේ මහ ඇමතිවරයා හා බහුතර බලය ලබාගැනීමට යම් සන්ධානගතවීමකට ප්‍රධාන පක්ෂ 4 ම කටයුතු කරනු නිසැකය. මෙහිදී සංධානයට වැඩි වාසියක් හිමිවේ. බොහෝ විට ජාතික නිදහස් පෙරමුණ හා මුස්ලිම් කොන්ග්‍රසය සංධානයට සහය පළකිරීමෙන්  බහුතරයකින් සංධානය යලිත් පළාත් සභාවේ ජය තහවුරු කරගනු ඇත.

දිනුවේ කවුද පැරදුනේ කවුද ?

සංධානය (UPFA): එක්සත් ජනතා නිදහස් සංධානය වැඩි ඡන්ද වලින් පළාත් ජයග්‍රහණය කලද ඔවුනට අනිවාර්යයෙන් වෙනත් පක්ෂ සමග එකතුවීමට සිදුවෙනු ඇත. බොහෝ විට මුස්ලිම් කොන්ග්‍රසය හා ජා.නි.පෙ සමග එකතු වේ නම් ඔවුන්ගේ ඉල්ලීම් වලට එකඟවීමෙන් යම් යම් කැපකිරීම් කිරිමට සංධානයට සිදුවේ. මේ ඡන්දයේ මුල සිටම සංධානයේ අභ්‍යන්තර ගැටලු තිබිණ. හෙළ උරුමය හා ජා.නි.පෙ ට සංධානේ ලයිස්තුවෙන් ඉදිරිපත්වීමට නොහැකි වූ නිසා හෙළ උරුමය ඡන්දයෙන් වැළැකී සිටිය අතර ජා.නි.පෙ වෙනම. තරඟ කලේය. සංධාන නායකයින් ජා.නි.පෙ අපේක්ෂයකාට අවස්ථාව දුන්නේ නම් ත්‍රීකුනාමලය දිස්ත්‍රික්කයේ ජයද සංධානයට ලැබෙනු ඇත.

දෙමළ ජාතික සංධානය : මෙම ඡන්දයේදී ඉතාම කැපී පෙනෙන ලෙස ඉදිරියට ආවේ මොවුන්ය. පිල්ලෙයාන් හා අතාවුල්ලාගේ මැර කල්ලි වලින් බැට කමින් කෙසේ හෝ යම් ජයග්‍රහණයක් ලබාගැනීමට මොවුනට හැකිවිය. පක්ෂය කෙරෙහි දෙමළ ජන ප්‍රසාදය අඩුවෙමින් ඇති බව නැවැත දෙමල සංධානය ඉදිරියට ඒම තුල කැපී පෙනෙන ලක්ෂනයකින්. උතුරේ පළාත් සභා ඡන්දයකින් නම් අනිවාර්යයෙන්ම දෙමළ සංධානය ජයගනු ඇති බවට මගේ හැඟීමයි.

එජාපය : ඉතාම නින්දිත අකාරයට කෙදිනකවත් නොවූ විරූ ආකාරයට නැගෙනහිරින් මොවුන් පරාජය වී තිබේ. ගිලෙමින් යන එජාප නෞකාව ගොඩගැනීමට දයා ගමගේට වත් නොහැකිවිය. කිසිඳු සැලසුමක් නොමැතිවීම අභ්‍යන්තර කුලල්කාගැනීම් මෙවුන්ගේ පරාජයට තවත් හේතුවකි.

මුස්ලිම් කොන්ග්‍රසය : මුස්ලිම් කොන්ග්‍රසය දේශපාලන සූදුවකින් පැරැදුනු බව මගේ මතයයි. රවුෆ් හකීම්, හසන් අලී ප්‍රමුඛ නායකයින් මුල සිටම සංධානයත් සමග ගැටුම් ඇතිකරගැනීමෙන් මෙන්ම ජාතිවාදී ආගම්වාදී දේශපාලනයක නිරතවීමෙන් තමන්ට තිබුනු කේවල් කිරීම හැකියාව බොහෝ දුරට නැතිකරගත්තේය. ඡන්දයෙන් අනතුරුව සංධානය සමග එක්වුවද පෙර තිබූ ශක්තිය යලි ලබාගන්නේදැයි සැකසහිතය. මුස්ලිම් කොන්ග්‍රසයේ දේශපාලනය නිසා මුස්ලිම් ප්‍රජාවට මහඇමතිකම හෝ වෙනත් විශේෂ වරප්‍රසාද ලබාගැනීමට ඇති ඉඩකර ඇහිරී ගිය බව නම් කිවයුතුය

නැගෙනහිර සිංහලයින්ගේ ඉරණම



නැගෙනහිර සිංහල ජනතාව 20% - 30% පමණ වාසය කරන අතර ඉඩම් සම්බන්ධයෙන් දැඩි අසාධාරණකම් මොවුනට සිදුවී ඇතිබවට වාර්ථා ඉදිරිපත් වේ. කලින් පළාත් සභාවේ මහඇමතිවරයාද මේ ගැන උනන්දු වන බවක් පෙනෙන්නට නැත. පළාත් සභාව ජයග්‍රහනය කලේ සිංහල බහුතරයකින් සැදි ආණ්ඩුවක් ඇති පක්ෂයක් වුවද පළාත් සභාවේ සිටින්නේ බොහෝ විට අන්‍ය ජාතික පිරිසකි. එම නිසා ඔවුන්ගෙන් සහනයක් කෙසේවත් බලාපොරොත්තු විය නොහැකිය. පළාත් පාලන ආයතන වලින් සිංහල ජනතාවට වන අසාධාරණ ගැනද අසන්නට ලැබේ. ඉඩම් බලතල හදිසියේවත් ලබාදුනහොත් එය නැගෙනහිර සිංහලයාගේ අවසානය විය හැක.

ජයග්‍රාහී සන්ධාණය ඉගෙනගත යුතු පාඩම්



පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් වුවත් එය කෙසේ හෝ පවත්වා ගතයුතුය. මේ රටේ යුද්ධය අවසන් වුවත් එහි තුවාල තවත් සුව වී නොමැත. දෙමළ ජනයාගේ සිතෙන් බෙදුම්වාදය සහමුලින්ව ඉවත්කිරීමට යම් ක්‍රියාමර්ගයක් ගතයුතුය. එය කිරීමට හැක්කේ දෙමළ ජාතික සංධානය හා යහපත් සම්බන්ධතා ගොඩනැගීමෙන් පමණය. කොටි සංවිධානය අවසන් වීමෙන් පසුව උතුරේ දෙමළ ජනයා තමන්ගේ එකම බලාපොරොත්තුව ලෙස තබාගෙන ඇත්තේද දෙමල සංධානයයි. එය උතුරේ ඡන්දයකදී වඩාත් පැහැදිළි වනු ඇත. එම නිසා ඒකීය රටක් තුල සිංහල බහුතරයට මෙන්ම දෙමළ ජනයාටද පිළිගත හැකි විසඳුමක් සඳහා සැවොම එක්විය යුතුය. ඉන්දියාව හෝ වෙනයම් රටක ඇඟිලිගැසීම් හා න්‍යායපත්‍රවලට අනුව ක්‍රියානොකර ගැටලුව විසඳීම යහපත් වේ. තුවාලට ඔඩුදුවන තුරු නොඉඳ රජය මෙයට කටයුතු කරනවා නම් ඉතාම වැදගත්ය. උතුරේ ඡන්දයක් පවත්වනවා නම් එය හොඳම අවස්ථාවය

නැගෙනහිර සංධානය දිනුම්ය. ජයපැන් බොනවාට වඩා තවත් බොහෝ වැඩ ඉතිරිවී තිබේ. නැගෙනහිරින් පාඩම් ඉගෙනගෙන එය උතුරට ක්‍රියාත්මක කලහොත් යුද්ධය පමණක් නොව ජාතික ගැටලුවද විසඳූ රජයක් ලෙස සංධානය ඉතිහාස ගතවනු ඇත. නමුත් අවාසනාවකට රජය  එසේ සැලසුම් කරනු අද වනතුරු දක්නට නොමැත.