Friday, June 14, 2013

කොටට ඇඳන් යාම හා කාන්තාවන්ට සිදුවන අතවර


රත්නපුර ප්‍රදේශයේ රාත්‍රී සේවයට යමින් සිට හෙදියකගේ කලවා ප්‍රදේශය ස්පර්ශ කරමින් ඇයට අතවර කෙරූ පුද්ගලයෙකු අත්තඩංගුවට ගත් බවට පුවතක් පසුගියදා වාර්ථා වුනා. දිනපතා පුවත්පතක් බැලූවොත් අපට දැකගන්නට පුලුවන් මේ වාගේ සිද්ධි විශාල ප්‍රමාණයක්. කාන්තාවන්ට සිදුවන හිංසන ලංකාවේ සමාජයේ දැන් සාමාන්‍යකරණය වෙලා.

මේ පුවතේ සඳහන්ව තිබෙන පරිදි සිද්ධියට සමබන්ධ සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිනවීමෙන් පසුව එතුමා අධිකරණයේදී වැදගත් දෙයක් ප්‍රකාශ කලා. ඒ කාන්තාවන් ඇඟ පේන්න කොටට ඇඳගෙන යෑමෙන් අතවර වලට ලක්වීමට උඩගෙඩි දෙන බවයි. එතුමාගේ ම වචන වලින් ප්‍රකාශ කරයි නම්

“කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි. අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන් ද ඉන්නවා”.

මෙය හොඳින්ම සිතට ගතයුතු කාරණයක්. අද සමාජයේ සෑම අවස්ථාවකදිම කාන්තාවක් අතවරයකට පත්වුවහොත් ඒ අතවරයේ වැරැද්ද පිරිමියා මතම පැටවීමට කාන්තාවන් ක්‍රියා කරනවා. හතු පිපෙනාක් මෙන් තිබෙන කාන්තා සංවිධාන ආදියද ඒ සඳහා සැදී පැහැදී සිටිනවා.

මේ ගැටලුව විද්‍යාත්මකව සිතීම අවශ්‍යයි. සාමාන්‍යයෙන් සෑම සත්වයෙක්ගේම පැවැත්ම තීරණය කරන්නේ ප්‍රජනනය මගිනි. තමන්ගේ වර්ගයා බෝ කර ගැනීමට විරුද්ධ ලිංගික සත්වයින් ආරක්ශණය කර ගැනීමට විවිධ ක්‍රමෝපායන් ස්වභාව ධර්මය විසින් ම සාදා තිබේ. සෑම සත්වයෙකුම තුලම තම විරුද්ධ ලිංගිකයෙක් සමග සංසර්ගයේ යෙදී වර්ගයා බෝකිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. නමුත් සත්ව වර්ගයා ගෙන වර්ගයාට ලිංගික චර්යා ආදිය වෙනස් වෙනවා. සත්වයෙන් වන මිනිසා තුලත් ඒ අවශ්‍යතාවය සැඟවී පවතිනවා. නමුත් සමහර සතුන් මෙන් නොව මිනිසාගේ ප්‍රජනනය අවුරුද්දේ එක කාල පරාසයකට සීමාවී නැත්තේය. එනමුත් මිනිසා කොතරම් තාක්ශණයෙන් හා බුද්ධියෙන් උසස් වුවත් ප්‍රාථමික ලිංගික අවශ්‍යතා සැඟවී පවතිනවා.

වෙනත් සත්ව වර්ගයින් තමන් ලිංගික ක්‍රියාවට සූදානම් බව පැවැසීමට විවිධ සංඥා ලබාදීමෙන් විරුද්ධ ලිංගික සත්වයා තුල හැඟීම් පුබුදුවාලීමට කටයුතු කරනවා වාගේම මිනිසා තුලද ලිංගික හැඟීම් ඇවිස්සීමට විවිධ ක්‍රම භාවිතා වෙනවා. එම නිසා කාන්තාවන්  ශරීරය අනවශ්‍ය ලෙස පෙනෙන පරිදි ඇඳුම් අඳින්නේ නම් පිරිමින් තුල හැඟීම් ඇවිස්සීමෙන් කාන්තාවන්ට අතවර සිද්ධ විය හැක. සත්වයා තුල සැඟවී පවතින යට කල නොහැකි ප්‍රාථමික ලිංගික ආශා උද්දීපනය කර පිරිමියා පෙලඹවීමෙන් අනතුරුව අතවරයක් සිදුවී විට එහි වරද පිරිමියා මත පැටවීම කාන්තාවන් තුල ඇති කුහක කම නොවන්නේ ද ?



සාමාන්‍යයෙන් මිනිසා තුල තිබෙන ප්‍රාථමික ලිංගික ආශාව සමාජය මගින්, ආගම මගින් හා සංස්කෘතිය මගින් පාලනය කර තිබේ. "රාගය" ලෙසින් පොදුවේ හැඳින්වෙන කාමාශාව බොහෝ විට ගින්නකට සමකර තිබේ. රාග ගින්න නිවීමෙන් පමණක් විමුක්තිය ලබාගත හැකි බව ආගමික වශයෙන්ද දක්වා ඇත. නමුත් ඒ සියල්ලටම පටහැනි සේ රාගය තව තවත් වැඩිකරන ලෙසම අඟ පසඟ විවරවී පෙනෙන ලෙසට ඇඳුම් ඇඳීමෙන් සිදුවන්නේ රාග ගින්නට තවත් පිදුරු දමන්නකි.

ශ්‍රී ලංකාවට චිරාත් කාලයත් තිබූ සංස්කෘතියක් තිබුණි. එහිදී කාන්තාවන්ගේ ඇඳුම් පැලඳුම් ගැන විශේෂ අවධානයක් යොමු කර ඇත. අතීතයේදී "රොඩී" කුලයේ කාන්තාවන් උඩුකය නොවැසුවද සිංහල කුල කාන්තාවන් හොඳින්ම ශරීරය වැසෙන ලෙස ඇඳුම් ඇන්දහ. සමහරෙක් මතු කරන කාරණයක් නම් ලිංගික අවස්ථා සුලභ කිරීම මෙන්ම බටහිර රටවල මෙන් ලිංගිකත්වය සාමාන්‍යකරණය කිරීමෙන් අතවට අඩුකර ගත හැකි බවයි. නමුත් එයින් සිදුවෙන්නේ තව තවත් මිනිසා තුල රාගය හා ප්‍රාථමික ලිංගික ආශාවත් වැඩිදියුණු කිරීමයි.

ඇමරිකාව වැනි බටහිර රටවල් වල කොතරම් ලිංගික නිදහස තිබුනද එහි දිනකට කාන්තාවන් විශාල ප්‍රමාණයක් අතවරයට ලක් වේ. ලෝකයේ අඩුම කාන්තා අතවර සිදුවන්නේ අන්තවාදි යැයි කියනා නීතියක් ඇති සෞදි අරාබියේ බව මතක තබාගත යුතුය.

අපේ රටේ කාන්තාවන් සියලු දෙනාම ඔවුනට සිදුවන අතවර වලට ඔවුන්ගෙන්ම ඇති දායකත්වය ගැන නැවැත විමසිය යුතු වේ. ඔවුන්ගේ විලාසිතා නිසාම ලිංගික හැඟීම අවදිවී ඔවුන්ට අතවරයක් කිරීමට අවස්ථාව නොලැබුනත් ඒ ආශාව පිටකරගන්නේ කුඩා දැරියකගෙන් හෝ මැහැලියකගෙන් විය හැක. කාන්තාවන් ගේ නොගැලපෙන විලාසිතා නිසා අවසානේ රටේ ළමා පරපුර ද විනාශ වන්නේ එ ලෙසිනි.


පිරිමින්ට වරද පටවා අත සෝදා ගැනීමට මාන බලන කාන්තාවන් හා කාන්තා සංවිධාන මේ තත්වය වටහා ගැනීම ඔවුන්ගේ ම සුභසිද්ධිය පතා ම වැදගත් වේ

21 comments:

  1. 21 වන සියවසේ ජීවත් වන ගෝත්‍රිකයෙක්....

    ReplyDelete
    Replies
    1. ගෝත්‍රිකත්වය යනු කාන්තාවන් සංවරව ඇඳුම් හැඳිමත් නූතනත්වය යනු තමන්ට, තමන්ගේ රටට හා සංස්කෘතියට නොගැලපෙන ඕනෑම සංකර ඇඳුමක් හැඳ අතවරයකට ලක්වීම ද ?

      Delete
    2. මාතලන්ගෙන් පොඩි ඉල්ලිමක් කරනවා මම.ලංකාවේ පමණක් නොව ලෝකයේම සිදුවන කාන්තා දුෂණයට හේතුව කුමක්ද?ඒ පිළිබඳව ලිපියක් ඔබගේ බොලොග් අඩවිය තුලින් ලබා දෙන්න.

      Delete
    3. පිරිමින් පිරිමින් ලෙස නොව පොන්නයන් ලෙස හැසිරීම. දේමාපියන් පිරිමි දරුවන් නොව. පොන්නයන් සෑදීම. ඔය නාකි ආච්චිලා, පොඩි දරුවෝ රේප් කරන්නේ කොටට ඇඳන් යන හින්දද..

      Delete
  2. what women decide to wear is their own choice, they don`t ask to be touched by perverts. Its perverts who don`t know how to behave and don`t know how to control themselves.In countries like Malaysia they wear really short frocks etc but noone even looks at them.

    ReplyDelete
    Replies
    1. Well sir/madame, what women should wear must be decent and non-provocative. The problem is their clothing attracts unwanted attention.
      Women don't know how to choose cloths appropriately. They wear cloths that suits an evening party to office and blaming men for it. Cloths should be worn considering time place and culture.

      Delete
  3. මෙන්න සිංහල තලේබාන් ඔටුවෙක්. උඹලටම හොඳයි ඉස්ලාම් හැතිකරේ.

    ReplyDelete
    Replies
    1. ඉස්ලාම් ආගමිකයින් කාන්තාවන්ට ඇඟ වසාගැනීම කීම හා ලංකාවේ සිංහල තරුණියන් අනවශ්‍ය නොගැලපෙන ඇඳුම් ඇඳීම අතර සම්බන්ධයක් මට නොපෙනේ. එක් එක සංස්කෘතියකට අනුව ඇඳුමේ ස්වභාවය වෙනස්වීම සාමාන්‍යයි.
      මෙතනදී මා කීමට උත්සාහ කලේ කාන්තාවන් අඳිනා ඇඳුම් නිසාම ඔවුන්ව දුශණය වීමට ඇති ඉඩ ප්‍රස්ථා ගැන මිසක් වෙනෙකක් නොවේ

      Delete
    2. කාන්තාවෝ කොටට ඇන්දාම දූෂණය වෙන්නේ ඔයාලා වගේ ගල් දැක්කාම මයිල් ඉස්මයිල් වෙන අය හන්දා

      Delete
  4. මූ සිංහල නමකින් ලියන හම්බයෙක්.

    ReplyDelete
    Replies
    1. මාගේ කලින් ලිපි කියවා මා හම්බයෙක්ද නැද්ද කියලා බලන ලෙස ඉල්ලා සිටිමි

      Delete
  5. කොට ඇන්දට කමක් නැ.එත් ඒ කොට ඇදුමෙත් තිබිය යුතු යමක් ඇත.ඒ නම් එහිද යමි කිසි පිළිවෙලක් තිබිය යුතුය.තමන්ට අඩිය තියන්න බැරි තරම් කොටට ඇඳ ඊටම සරිලන්න අඩි උස සපත්තු පැළද යන කාන්තාවන් ඕනැ තරම් ඇත.මේ ළඟදි ඉන්දියාවේ දි ඕස්ට්‍රේලියා ඇගමැතිණියට වෙච්ච අකර තැබිය මතකයිනේ.
    හැබැයි මෙහි සමහර කරුණු වලට මම එකඟ නැ.සෞදි අරාබියේ මොකද දුෂණ සිදු නොවන්නේ.එහි තිබෙන නීතිය හොදම දුෂණයක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඔස්ට්‍රේලියාවේ කොටට ඇඳගෙන ගියාට. පිරිමින්ගේ ලිංගය ප්‍රානවත් වන්නේ නැත. පිරිමි නමින් ගෝත්‍රික පොන්නයන් සිටිනා රටවල එසේ සිඳුවේ... මේ ළිපිය ලියන්නාද එවන් ගෝත්‍රික මනසක් සහිත. තම හැඟීම් පාළනය කර ගත නොහැකි. ගෝත්‍රිකයෙකි.

      Delete
  6. ඔබගේ චින්තනය අතිශය ග්‍රාම්‍යයි. ටිකක් මොලේ පාවිච්චි කරන්න... ඒක උඩ වාඩි වෙන්නෙ නැතිව...

    ReplyDelete
    Replies
    1. මා ලිපියේ කරුණු ඉදිරිපත් කලේ යමිකිසි පදනමක් ඇතුවයි. ඒ කාන්තාවන් අඳින ඇදුම් නිසාම ඔවුනට අතවර සිදුවීමේ ප්‍රවණතාවයක් පැවතීම ය. අවශ්‍ය ස්ථාන වලට අවශ්‍ය ඇඳුම් ඇඳීමෙන් සංවරත්වය වැඩිවීම මෙන්ම අන්වශ්‍ය ප්‍රශ්ණත් ඇතිවීම වලකාලිය හැක.

      Delete
  7. මට නම් පෙන්නේ කාන්තා අඟ පසඟ දකින විට ලිංගය ප්‍රාණවත් නොවෙන්නේ පොන්නයෙක්ගේ කියලයි. ගෝත්‍රික ලක්ෂණ ඔය කොයි සමාජයේත් අඩු වැඩි වශයෙන් තියනවා. බටහිර රට වල කාන්තාව ඔක්කොම එළියේ දාගෙන ඉන්න එක පොෂ් සමාජයක ලක්ෂනයක් හින්දා වෙන්න ඇති වැඩි නැඹුරුවක් සමලිංගිකත්වයට තියෙන්නේ. මේ ලියුම සමග මම නම් 80% වඩා එකඟයි. හැබයි ඔබ කියන විදිහට අරාබි රට වල විශේෂයක් නැ මම දන්නා තරමින්. කොහොම උනත් මට නම් කෙල්ලෙක්ගෙ දනිහට උඩින් කකුලක්, පියයුරු වගේ දේවල් දැක්කහම කිසිම අප්සැට් එකක් නැතිව හොඳට කෙලින් වෙනවා. ඒ හින්දා මම සතුටු වෙනවා ඔය කියන ගෝත්‍රිකයෙක් උන එක ගැන.

    දෙයියනේ කියලා ඕක කෙලින් උනාට තැන නොතැන නොබලා ගැනියෙක්ගේ බඩ උඩ නගින්න නම් ඕන වෙන්නේ නැ. මොකද ඒ මට්ටමට අපේ දෙමවුපියෝ ගුරුවරු සමාජය අපිව පිරිහෙන්න දුන්නේ නැති නිසා. හැබයි ඉතින් හැමෝටම ඒ විදිහට බැ.

    ReplyDelete
    Replies
    1. ඔයා නිල් චිත්‍රපට බලනවාද?ඒවායේ ඉන්න පිරිමින්ට ලංකාවේ චීත්ත කෑල්ලක් දැකපු ගමන් කෙලින් වෙන්නේ නෑ.ඒ පොන්නයෝද?

      Delete
  8. මචං,උඹ කියන කතාවේ යම් දෙයක් තියෙනවා.ඒත් ඔය අතවරයට ලක් වෙලා තියෙන්නේ හෙදියක් නේද?මං හිතන්නේ නිල ඇඳුමින් ඉඳිද්දි.ඒක කොට ගවුමද නැද්ද කියලා වැඩක් නෑනෙ.දැන් සමහරු ඉන්නවා දිගට ඇඳන් යන ගෑනුන්ටත් අතවර කරන එවුන්.
    අනික බං ඔය අරාබියේ යන අපේ ගෑනුන්ට වෙන දේවල් දැක්කම,උන්ගේ මහ ලොකු නීතියේ තරම පේනවනෙ.ඇමරිකාවේ දූෂණ වෙනවට වඩා ඉන්දියාවෙ,අරාබියේ දූෂණ වෙන්න පුලුවන්,ඒත් එව්වා නීතිය ඉදිරියට එනවද?

    ReplyDelete
    Replies
    1. මම අරාබිය සුද්දකරන්න හැදුවේ නෑ මිත්‍රයා. නමුත් කාන්තාවන් කොටට ඇඳගෙන ඇඟ පෙන්නාගෙන යනකොට ඒකෙන් පෙළඹවීමක් (sexual stimulation )ඇතිවෙනවා මයි. අද අපේ සමාජයේ ඇස් පනාපිට තියෙන්නේ ලිංගික පෙළඹවීම් තියෙන දේවල්. මම ළඟදී දැක්කා කොළඹ ප්‍රසිද්ධ පාසලක් ලඟ අඩනිරුවතින් ඉන්න ගෑනුන්ගේ බිල් බෝඩ් එකක් (ප්‍රචාරක පුවරු.)
      ඉතින් ඒවගේ දේවල් එකතු වෙලා ඒ වගේම අද ඔෆිස් යන කෙල්ලෝ යන්නේ හරියට පාටිවලට යනවා වගේ. ඒ අය තමන්ගේ ආයතන ප්‍රධානියා ආකර්ෂණය කරගන්න යනවා වෙන්න පුලුවන්. නමුත් බස් වල එහෙම යන්න ගියාම වෙන්නේ නැති කරදර ඇතිවෙන එකයි. මම කියන්නේ අවශ්‍ය තැනට අවශ්‍ය සංවර ඇඳුම් අඳින්න කියලයි

      Delete
  9. මම කෙටියෙන් කියන්නම්, කාන්තාව හෙළුවෙන් පාරේ ගියත් දූෂණය උනා නම් වරද දූශිතයගේ නෙමෙයි. අර දූෂණය කරපු එකාගේ. - Shana

    ReplyDelete
    Replies
    1. වරද "සම්පූර්ණයෙන්" ම දූශනය කල තැනැත්තා මතම පටවන්න බෑ. ඒ තැනැත්තා ඒ තත්වයට පත් කිරීමට එක හේතුවක් තමයි කාන්තාවගේ ඇඳුම් විලාශය.
      අද පාර තොටේ, රැකියා කරන ස්ථානයේ කාන්තාවන් හරියට කාමය අවුස්සන කාමිනියන් වගේ.ඒ වගේ කාන්තාවන් කරන්නේ දූශනයට අත වැනීමක්

      Delete