Wednesday, November 3, 2010

නින්ද අඩුකර කාර්යක්ශමතාවය වැඩිකර ගමු


අපි සෑම කෙනෙකුටම නින්ද අවශ්යයි. සමාජයේ සාමාන්ය මතය වන්නේ කෙනෙකුට පැය 8 ක් වත් නින්ද අවශ්ය වන බවයි. නමුත් අද බොහෝ වැඩිහිටියන් හා තරුණයින් පැය 5-6 ක නින්දක් ලබාගන්නවා. සමහර අවස්ථා වලදී අපට තිබෙන වැඩ කරයුතු අනුව දවසේ පැය 24 ත් ඒ සඳහා ප්‍රමානවත් වෙන්නේ නැහැ. මේ තත්වය වැඩියෙන්ම පවතින්නේ පාසලේ උසස් පෙල පන්තියේ දරුවන්, විශ්ව විද්යාල ශිෂ්යයන් හා උසස් රැකියාවල නිරත වෙන වෘත්තිකයන් තුලයි. අපට නින්ද සඳහා යන කාලය අඩුකරගෙන තමන්ගේ අනෙක් කටයුතු වලට එය ප්‍රයෝජනවත් ලෙස යොදාහන්නට සිතුනත් ශරීරය මගින් ඇතිකරවන නිදිමත හා වෙහෙස නිසා කොතරම් අනෙක් වැඩ පමා උනත් නින්දක් ලබාගැනීමට අපි සෑම දෙනාම පසුබට වෙන්නේ නෑ. මූලිකවම නිදි මැරීමට අපිට හැකිවුනත් අපේ කාර්යක්ශමතාවයත් ඒ සමගම අඩුවන බව ඔබ අත්දැක ඇති. නමුත් ඉතා සරල ක්‍රම කීපයක් අනුගමනය කිරීමෙන් නින්ද සඳහා ගතකරන කාලය අඩුකරගැනීමට මෙන්ම දවසම ප්‍රබෝධමත්ව සිටීමටත් ඔබට හැකිවනවා නිසැකයි.

අප ශරීරයේ අනෙක් සෑම කාර්යයක් වාගේම නින්දටත් ඊට ආවේනික රටාවක් පවතිනවා. එය අද කාලයේ පවතින කාර්ය බහුල ජීවන රටාවට නොගැලපෙනවා විය හැක. නමුත් ක්‍රමවත් පුහුනුවකින් හා කෙටි කාලයක් තුලදී ශරීරයට අවශ්ය විවේකය ලබාදීම තුලින් නින්ද අවශ්ය වන කාලය අඩුකර ගතහැක.

මුලින්ම දිවා කාලයේදී ආලෝකය ඇති තැනක ගැවසෙන්න.හිරු එලිය වැටෙන පරිසරයක දිගු වේලාවක් සිටීමෙන් අපේ ශරීරයේ උනුසුම පහත වැටෙන වේගය අඩුකර ගත හැක. එවිට කෙටි කාලයක් තුල හොඳ නින්දක් ලබාගැනීමට ඔබට හැකි වේ.

ව්යායාම කිරීමද තවත් වැදගත් දෙයකි. නියමිත ආකාරයට වෛද්ය උපදෙස් මත එය සිදු කිරීමෙන් ශරීරයේ යෝග්යතාව (Fitness) නියමිත අයුරින් පවත්වා ගත හැක. ඇත්තෙන්ම ශාරීරික අභ්යාස මගින් සිරුරට දැනෙන වෙහෙස අඩු කරනවා මිස වැඩි කරන්නේ නැත. වෙහෙස අඩු නම් නින්දට අඩුකාලයක් ගතකරමින් අනෙකුත් වැඩවලට තම කාලය මිඩංගු කිරීමට හැකියි.

සරල හා පෝශ්යදායී ආහාර වේලක් අනුභාව කිරීමෙන් හා නිරන්තර ජලය පානය කිරීමෙන් ශරීරයේ ආහාර ජීර්න පද්ධතියට තම කාර්යය පහසු කරවයි. නින්දේදී බොහෝවිට ක්‍රියාත්මක වෙන්නේ ආහාර ජීර්ණ පද්ධතියයි. එහි ක්‍රියාකාරීත්වය අවම කරගැනීමෙන් නින්ද සඳහා අවශ්ය සාධකයක් ඉවත්වේ. නමුත් මෙහිදී ආහාරය සරල වන තරමට එහි ගුණය අඩුවීමක් සිදු නොවීමට වගබලාගන්න.

අවශ්ය නම් දහවල් කාලයේදී විනාඩි 30 ක් පමණ කෙටි නින්දක් ලබාගැනීමෙන් ශරීරය ප්‍රබෝධමත්ව තබාගත හැක. ඔබගේ රැකියාවට හා අනෙකුත් රාජකාරී වලට පහසු වන ආකාරයට මෙම කෙටි නින්ද සකස් කරගන්න. නිදාගන්නා අවස්ථාවේදී හොඳින් වාතාශ්‍රය ලැබෙන, අඳුරු හා උනුසුමින් අඩු තැනක් තෝරා ගැනීමෙන් නිදාගන්නා කෙටි කාලයේදී සම්පූර්ණ නින්දක් ලබාගත හැක.

මේ ආකාරයට කෙටි පුරුදු කීපයක් මගින් තමන්ගේ නින්ද අඩුකර ගැනීම මුලදී දුශ්කර බව දැනුනත් නිරන්තර පුහුනුවීම තුලින් ලෙහෙසි දෙයක් බවට පත්කර ගත හැක. ඔබත් ඉහත කී කරුණු පිලිපදිමින් නින්ද සඳහා ගතකරන කාලය අඩුකරගනිමින්, නිදාගන්නා කාලයේදී සම්පූර්ණ නින්දක් ලබමින් තම කාර්යක්ශමතාවය හා ඉහල මට්ටමේ ශාරීරික සුවතාවය ලඟා කරගන්න.

1 comment:

  1. මටනම් හරියට නිදා ගත්තු කාලයක් මතක නෑ.බලමු මෙහෙමවත් කරලා.

    ReplyDelete