Thursday, November 18, 2010

කෝපයේ යහපත් පැත්ත


කෝපය වනාහී සෑම ජීවියෙක් තුලම ඇතිවන ඉතාම සුලභ හා බැරෑරුම් සිතුවිල්ලක්. තමන්ගේ සිතැඟි පරිදි පරිසරයේ වෙනස්කම් සිදුනොවෙන විට හා තමාගේ ජීවිතයට යම් තරජනයක් එල්ල වුනු විට කෝපය සෑම විටම ක්‍රියාත්මක වෙනවා. අපි සෑම දෙනාම අසා තිබෙන්නේ කෝපය යනු මිනිසාගේ විනාශයට හේතුවන චිත්තවෙගයක් ලෙසය. නමුත් කෝපය කෙනෙකුගේ ජීවිතයට යහපත් ආකාරයෙන් බලපෑම් කරන අවස්ථාද තිබේ. කෝපය දනවන හැඟීම් තමාගේ ජීවිතයට ඵලදායී ලෙස හසුරවා ගැනීමෙන් ඔබට වාසි රැසක් සැලසෙනු ඇත.

මිනිසාගේ ප්‍රගමනයට අවශ්ය වෙන සමාජ, ආර්ථික හා දේශපාලනික වෙනස්කම් බොහොමයක් සිදුකිරීමට මිනිසුන් තුල වූ කෝපය මූලික වී තිබෙනවා. සමාජ අසාධාරණ වලට එරෙහිව නැගී සිටීමට සෑම විටම කෝපය මූලික වෙනවා. මෙවැනි අවස්ථාවලදී නිසි තීරණ ගැනීමට හා තමන්ට/සමාජයට වැදගත් වන තීන්දු තීරන වලට කෝපය හා ආවේගශීලීතවය මහඟු පිටිවහලක්.

මූලිකවම ජීවියෙකුට යම් තර්ජනයක් (කායික හා මානසික ) පැමිනි විට මූලිකවම දැනෙන චිත්තවේග 2 ක් තිබෙනවා. එනම් බිය හා කෝපයයි. මේ 2 ක සන්සන්දනාත්මකව බැලීමේදී බියට වඩා කෝපයේ සැඟවුනු වාසි රැසක් ගැබ්වී තිබේ. මෑතක දී සිදුකල පර්යේෂණයකට අනුව අහියෝගාත්මක අවස්ථාවක කෝපවන අය එම අවස්ථාවටම බියවී ප්‍රතිචාර දක්වන අයට වඩා තර්කානුකූල ලෙස හා නිවැරදි ආකාරයට එයට මුහුන දෙන බව පැහැදිලි වුනා. බිය වීම නිසා ශරීරයේ තර්කන හැකියාව, ශක්තිය හා මානසික ඒකාග්‍රතාවය අඩුවුනත් කෝප වීමේදී එසේ නොවීම මෙයට හේතුවයි.

පීඩනයේ අහිතකර ප්‍රතිඵල බොහෝදුරට අඩුකර ගැනීමට කෝපය නිසා හැකිවනවා. සාමාන්යයෙන් මිනිසුන් මානසික ආතතියට ලක්වූ විට සිද්ධ වන්නේ එම තැනැත්තා තුල ආරක්ශාකාරී (Defensive) හැඟීම් වැඩිදියුනු වීමයි. ඔහු නොදැනුවත්වම මානසික ආතතිය රඳවාගනී. නමුත් කෝපය මගින් තම ආතතිය පිටකිරීමට වගබලා ගනී. එම නිසා පීඩනය හමුවේ ආරක්ශාකාරී ලෙස ප්‍රතිචාර දක්වන්වාට වඩා ආක්‍රමණශීලී (Aggressive)ලෙස පිළිතුරු දැක්වීම වඩා නුවණට හුරුයි. නමුත් මතක තබාගතයුතු කාරණය වන්නේ කෝපය පිටකිරීමේදී එය අන් අයට ගැටලුවක් වන ආකාරයට සිදුකිරීමෙන් වැලකීමයි.

උසස් මානසික තලයකට නොපැමිනි කෙනෙකුට කෝපය සම්පුර්ණයෙන්ම නවත්වාගැනීමට නොහැක. එමෙන්ම කෝපය පාලනය කිරීමේ ක්‍රම බොහෝදුරට ප්‍රයෝගික නැන. එමනිසා කලයුත්තේ කෝපය නැමති චිත්තවෙගය අපේ යහපතට යොදාගැනීමයි. කෝපය කෙනෙකුට අහිතකර නොවන අතර අහිතකර වන්නේ එයත් සමග කටයුතු කරන ආකාරයයි. තමන් කෝපයට අවනත නොවී කෝපය අපිට අවශ්ය ආකාරයට හැඩගස්වා ගැනීම ඉතාමත් හිතකරයි. තමන්ගේ වේදනාව කෝපයටත් කෝපය ශක්තිය බවටත් හරවාගත් තැනැත්තාට ජීවිතයේ අභියෝග ජයගැනීම එතරම් අපහසු නොවනු ඇත.

No comments:

Post a Comment