Monday, October 11, 2010

ලන්ඩන් ටවර් පාලම (Tower Bridge of London).

ටවර් පාලම (Tower Bridge)තේම්ස් නදිය හරහා වැටුණු චලනය කල හැකි පාලමකි. ලන්ඩන් ටවර් ගොඩනැගිල්ලට සමීපව තිබෙන නිසා මෙයට ටවර් පාලම ලෙස නම් ලැබී තිබේ.
මෙම පාලම ඉතා විශාල කුලුණු 2 කින් සමන්විත වේ. එම කුලුණු දෙක සම්බන්ධ කරමින් වාහන ගමනාගමනයට මාර්ගයක් ඉදිකර ඇත. එම මාර්ගය අවශ්ය විටෙක හකුලා තෙම්ස් නදියේ බෝට්ටු ගමනාගමනයට ඉඩ සලසා දෙයි. මාර්ගය චලනය කිරීමට යොදාගන්නා යන්ත්‍ර පාලමේ කුලුණු දෙකේ ගබඩා කර තිබේ.
19 වන සියවසේ අගභාගයේදී කාරිමික සoවර්ධනය නිසා ඇතිවුනු මාර්ග තදබදය හේතුවෙන් තේම්ස් නදිය හරහා නව පාලමක් අවශ්යතාවය දැනුණා. සාමන්ය පාලම්ක් සෑදීම ප්‍රායෝගික නොවුනේ එයින් තෙම්ස් නදියේ බෝට්ටු ප්‍රවාහනයට බාධා එල්ලවන නිසාය.
1876 දී නව පාලම්ක් ඉදිකිරීමට ශ්‍රීමත් ඇල්බට් ජෝශප් ඇල්ට්මන් ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කලා. ඔවුන් විසින් සැලසුම් 59 ක් පමණ සලකා බැලීමෙන් අනතුරැව  1884 දී  Horace Jones විසින් ඉදිරිපත්කරණු ලැබූ සැලසුම පිලිගත්තා.
මෙම පාලම සෑදීමට කොන්ත්‍රාත් කරැවන් පස්දෙනෙක් අවුරැදු 8 ක් පුරවට වැඩෙහි නියලුනා.  E W Crutwell  ගේ නායකත්වය යටතේ කම්කරැවන් 432 දෙනෙක් විසින් මෙම නිර්මාණය ඉදිකර තිබේ. කොන්ක්‍රීට් ටොන් 70000ක් විශාල ආධාරක 2 ක් මත වානේ ටොන් 11000 ක කුලුනු 2 කින් මෙම පාලම සමන්විත වෙනවා. වානේ ආධාරක මළකඩ කෑමෙන් ආරක්ශා කිරීම පිණිස සිමෙන්ති වලින් ආවරණය කොට තීන්ත ආලේප කර තිබේ
අද කාලේ මුදලින් පවුම් මිලියන් 100ක් පමණ වියදම්කොට ඉදිකරණු ලැබූ මෙය වර්ශ 1894 දී වෙල්සයේ කුමාරයාගේ අතින් විවෘත වුනා.මෙම පාලමට යටින් එවකට ලෝකයේ ප්‍රතම උමo දුම්‍රිය මාර්ගයද විවෘත වුනත් දැන් එය වසා දමා පදික උමගක් ලෙස භාවිතා කෙරෙනවා. වාශ්ප එoජිම හා ඊට සම්බන්ධ හයිඩ්‍රොලික් පද්ධතිය 1974 දී නවීකරණයට ලක්කර විදුලි හයිඩ්‍රොලික් පද්ධතියක් ස්ථාපනය කර තිබේ. එමෙන්ම වර්ශ 2000 න් පසුව මෙම පාලමේ පාලනය ස්වයoක්‍රීය පර්ගණක පද්ධතියක් විසින් සිදුකෙරේ
මෙම පාලම එ0ගලන්ත ඉoජිනේරැවන්ගේ දැනුම හා සැලසුම් ශිල්පය මනාව කියාපාන්නකි. වසර 110කට වඩා ඉහතදී සෑදුවත් තවමත් ඉතා හොඳින් ක්‍රියා කරන මෙම විස්කම් නිර්මාණය ඉදිරියේදීත් ලන්ඩන් නගරයේ අලoකාරය වර්ධනය කරණු ඇත

1 comment: