Friday, March 1, 2013

සමාජය පිරිසුදු කිරීම



(Photo courtesy : www.forteantimes.com )

මා මේ ලිපියෙන් ඔබට කියන දෑ පිළිබඳව ඔබ 100% එකඟ නොවිය හැක. නමුත් මේ අදහස් මාගේ සිතේ දිගුකලක් පැවති ඒවා වන අතර බොහෝ කාලයක් මසිතින් තර්ක කිරීමෙන් අනතුරුව මෙසේ ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තු වෙමි. පහතින් දැක්වෙන ලිපියට පක්ෂ අදහස් මෙන්ම විරුද්ධ අදහස්ද පහන් සිතින් බාරගනිමි.

මේ සමාජයේ විවිධ පුද්ගලයින් ජීවත් වේ. ගැහැණු පිරිමි, දුප්පත් පෝසත්, තරුණ මහලු හා පන්ති භේදයෙන් සමාජය බෙදී පවතී. තවත් කොට්ටාශයකට අනුව මේ සමාජය බෙදා වෙන්කල හැකිය. එනම් සමාජයේ ජීවත්වීමට ශක්තිය ඇති හා එසේ ජීවත්වීමට ශක්තිය නොමැති අයවලුන් වශයෙනි. සංක්ෂිප්ත ලෙස සලකනවා නම් සමාජයට ගැලපෙන හා සමාජයට නොගැලපෙන වශයෙනි.

සමාජයට නොගැලපෙන අය පහතින් වර්ගීකරණයට භාජනය කල හැක.

  •  ශරීරයේ ග්රාහක ඉන්ද්රියන් නිසි පරිදි ක්රියාත්මක නොවන අය. එනම් සදාකාලිකවම ඇස් නොපෙනෙන අය, කන් නොඇසෙන අය, සමාජයේ ජීවත් වීමට නොහැකිවන සේ ග්රාහක ඉන්ද්රියන් නැවැත සුවකල නොහැකි සේ පිහිටා තිබෙන පිරිස හා පසුකාලයේදී එවැනි සුවකල නොහැකි ආබාධවලට ලක්වූවන්
  •  විවිධ ආබාධිත තත්වයන්ට ලක්වූවන් (මෙවන් සමහරුන් ජිවත්වීමට හැකියාව ලබාගත්තත් බොහේ දෙනෙක් සමාජයට නොගැලපේ. )
  • සුවකල නොහැකි රෝගීන්
  • මානසික උමුතුභාවයට පත්වූවන්
  • ලිංගික විකෘතිතාවයට පත්වූවන් එනම් සමලිංගික, ද්වී ලිංගික හා ලිංගික විපර්යාසවලට පත්වූවන්. (මොවුන්ගෙන් සමාජයට වෙන අවැඩ ගැන ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. )


නමුත් ප්‍රධාන වර්ගීකරණයට භාජනය කල අය අතුරිනුත් යම් ප්‍රමාණයක් සමාජයේ ශක්තිමත්ව ජීවත්වීමට ගැලපෙන ආකාරයට තම ජීවිතය සකස්කරගෙන ඇත. උදාහරණයකට පුද්ගලයෙකුට තමන්ගේ අතක්, පයක් අහිමිවුවත් කෘතිම උපකරණ භාවිතකරමින්, හෝ විවිධ උපක්‍රම හා ඉරියව් භාවිතයෙන් තමන්ගේ එදිනෙදා කටයුතු කරගැනීමට හැකියාව ඇත. සමහර ඇස් නොපෙනෙන අය පවා බ්‍රේල් ක්‍රම භාවිතයෙන් යම් තරමක් දුරට තමන්ගේ කටයුතු තමන්ම කරගැනීමට හැකියාව ලබාගනිති. ගැටලුව වන්නේ මොවුන් තමන්ගේ කටයුතු යම් කාලයක් යනතුරු කරගත්තත් වයසට යනවිට, තමන්ගේ හිතවතුන් ඈත්වූවිට තමන්ගේ මූලික අවශ්‍යතාවන් ඉටුකරගැනීමටවත් නොහැකි වන අවස්ථා තිබේ.

සමාජයට නොගැලපෙන්නන්ට සමාජයටවත් අඩුමතරමේ තමන්ටවත් ධනාත්මක ලෙස දායකවීමට නොහැකිවේ. මන්දයත් ඔවුනට පුද්ගලයන් ලෙස ජීවත්වීමට අවශ්‍ය කායික හා මානසික හැකියාව නොමැතිවීමයි. ඉගෙනීමට, ශිල්පීය ඥාණය ලබාගැනීමට, ඒ දැණුමෙන් රැකියාවකින් හෝ ව්‍යාපාරයකින් තම දැණුම සමාජයට ලබාදීමට මොවුනට නොහැක. එවන් අය සමාජයේ අනුකම්පාව මත ජීවත්වීම හැරෙන්නට වෙනත් ජිවන මාර්ගයක් නැත. ලේඛකයාට මේ කටුකත්වය ගැන හොඳින්ම අත්දැකීම් ඇත්තේය.  

සත්ව ලෝකයේ නම් ඇස් නොපෙනෙන, කන් නොඇසෙන, ආබාධිත සතුන්ට ජීවත්වීමට නොහැක. මන්දයත් ඔවුනට තමන්ට කෑම සොයාගැනීමටවත් හැකියාව නොමැතිවීමයි. ඉපදී ටික කලකින්ම ඔවුන් එක්කෝ විලෝපිකයන්ගේ ගොදුරු බවට පත්වේ. නැත්නම් ආහාර නොමැතිව මියයයි. එහිදී ජීවත් වන්නේ ශක්තිවන්තයා පමණයි.

දරුවෙක් පිලිසිඳගැනීමට තීරණය කිරීමට පෙර සිටම විවාහ වීමට සූදානම් වෙන යුවලක් තමන්ගේ මතු පරම්පරාව ගැන සිතිම අවශ්‍ය වේ. විවාහ වීමට යහපත් කායික හා මානසික රෝග වලින් තොරවීම, රුධිර පරීක්ශාවක් කර තමන්ගේ රුධිර ගන ගැලපීම තහවුරු කරගැනීම හා ලේ නෑයන් අතර විවාහ සිදු නොකිරීමෙන් පරම්පරානුගත රෝග වලින් වැලකීමට හැක.

වෛද්‍ය තාක්ෂණය දියුණුවීමත් සමගම පිළිසිඳගත් දරුවාට ජානමය විකෘතිතාවයක් ඇතිදැයි හඳුනාගැනීමට හැකියාව ලැබෙනු ඇත. "ස්පාටන් වරුන්" සිදුකලාක් මෙන්ම ශක්තිමත් දරුවන් සමාජයට දායාද කිරීමට මෙයින් හැකිවනු ඇත. එයිනුත් නොනැවතී සමාජයට අවශ්‍ය කායික හා මානසිකව පරිපූර්ණ දරුවෙක් ජාන තාක්ෂණයේ පිහිටෙන් ලබාගැනීමට අනාගත දෙමව්පියන්ටද හැකිවනු නොඅනුමානය.

සමාජය තුල ශක්තිවන්තයින් පමණක් ඉතිරිකර ගැනීමට මනා සැලසුම්සහගත වැඩපිළිවෙළක් තිබිය යුතුය. මෙහිදී සමාජයේ රෝගීන්, ආබාධිතයින් ඝාතනය කිරීමක් හෝ ඔවුන් ඉවත් කිරීමක් කෙසේවත් අදහස් නොවේ. එවැන්නක් කිරීම විශාල වැරැද්දකි. නමුත් අනාගත සමාජයේ යහපත තකා සදාචාරාත්මක රාමුව තුල හිඳ යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවේ. "බල්ලන් මැරීම වලකා ඔවුන්ව වඳ කිරීම" සදාචාරාත්මක වන්නා සේම කාරණා කටයුතු සිදුකිරීම අපේ අනාගත පරපුරේ උන්නතිය සඳහා අත්‍යාවශ්‍ය වේ 

1 comment:

  1. හිතවත, ඔබ වැනි අය අන්තර්ජාලයේ සැරිසැරීමත් ලැජ්ජාවට කරුණක්මය... කරුණාකර ළෝව ඉතා ජනප්‍රිය ධනවාධී චින්තනයේ සුප්‍රසිද්ධ දේශකයකු වන නික් ගේ මේ වීඩීයෝව පමණක් බලන්න... ඔබ කවුදැයි ඔබටම වැටහේ...

    ගල් යුගයේවත් ඔබ වැන්නන් නොසිටි බව පමණක් කිව හැක...

    http://www.youtube.com/watch?v=ciYk-UwqFKA

    ReplyDelete