Wednesday, December 26, 2012

O/L ඉවරයි what next ? [Part 1]


(Photo courtesy : http://www.colombotelegraph.com )

මීට දවස් කීපයකට පෙර අපේ නංගිලා මල්ලිලා බොහෝ දෙනෙක් ජීවිතයේ දෙවැනි විභාග කඩඉම පසුකලා. පළවෙනි එක ඉතින් ශිෂ්යත්වේ නේ. සමහර කට්ටියට මේපාර විභාගේ ලේසි ඇති. තවත් බොහෝ දෙනෙක්ට තරමක් අමාරු ඇති. කොහොම වෙතත් මම දැන් ඉවර නිසා තමන්ගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න ලොකු තීරණ ගන්න වෙනවා මේ කාලෙදී.

ලංකාවේ ළමයි බොහෝ දෙනෙක්ට සාමාන්යපෙල හා උසස්පෙල අතර කාලයේදී නිවැරදි තීරණ ගන්න බැරිවෙන නිසා එයාලගේ ජීවිතේම අඳුරු වෙනවා. තමන් අනාගතේ කරන්න තියෙන රස්සාව මොකක්ද ? තමන් ගමන් කරන්න ඕන මාර්ගය මොකද්ද කියන එක තීරණය කරන එක මේ සාමාන්යපෙලින් පසුව කරන්න ඕන. කාර්යය හරියට වුනේ නැත්තන් තමන්ට මුලු ජීවිත කාලෙම පසුතැවෙන්න වෙයි. මේ කාරණය ගැන හිතලා අද මම ලෙවල් කරපු මල්ලිලා නංගිලාට පොඩි උපදෙස් ටිකක් දෙන්නම්. ඒවා හොඳට මතක තියාගෙන නිවැරදි තීරණයක් අරගෙන අනාගතේ සාර්ථක කරගන්න.

සාමාන්යපෙළින් පස්සේ යන්න තියෙන පාරවල් මොනාද ?

1) උසස් පෙල කරන එක.

අපේ අත්තලා, මුත්තලා, තාත්තලාගේ කාලේ ඉඳලම ලංකාවේ ලමයෙක්ට යන්න තිබුන මාර්ගය තමයි මේක. අද ලංකාවේ අවම රැකියා සුදුසුකම හා උසස් අධ්යාපනයට යන්න පුලුවන් පිවිසුම් මාර්ගය තමයි මේක. ලංකාවේ රාජ් විශ්ව විද්යාලයකට වගේම වෙනත් උපාධි දෙන ආයතන වලින් ඉගෙනගන්න නම් කොහොම හරි උසස් පෙල ගොඩදාගන්නම වෙනවා.

උසස් පෙල විශයධාරා තෝරගන්න එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද සාමාන්යපෙල වගේ නෙවෙයි මේකෙදී තමන්ට එක විශය පද්ධතියක් ගැන ගැඹුරටම ඉගෙනගන්න වෙනවා. ඒක නිසා තමන්ට කරන්න පුලුවන්, තමන් ආස විශය ධාරාවක්ම තෝරගන්න. සමහරු තමන්ගේ දෙමාපියන්ට පිටුපාන්න බැරි හින්දා තමන් අකමැති විෂයක් තෝරගෙන උසස් පෙල අසමත් වෙනවා. කෙසේ හෝ තමන්ගේ දෙමාපියනුත් කැමැති කරගෙන තමන්ට ගැලපෙන විෂයධාරාවක් කරන එක තමයි නුවණට හුරු.

ජීව විද්යා :

ලංකාවේ ජනප්රියම විෂය ධාරාව මේක තමයි. ඉතාම තරඟකාරීත්වයක් තියෙන්නෙත් මේකේ. ජීව විද්යාව හැදෑරුවොත් යන්න පුලුවන් ඉහලම උපාධි අවස්ථාව තමයි වෛද් උපාධිය. මුලු ලංකාවෙන්ම 1175 දෙනෙක් තමයි වසරකට වෛද් උපාධි වරම් ලබන්නේ. ඊට පහලින් දන්ත වෛද්, පශු වෛද්, MLT වගේ දේවල් තියෙනවා.

ඉතාම දරුණු කැපවීමක් හා ලොකු දරාගැනීමේ ශක්තියක් තිබෙන්නට ඕන මේවගේ විෂයක් කරන්න. තමන්ගේ ජීවිතයම උසස් පෙල අවුරුදු දෙක සඳහා කැපකරන්න අවංක අදිෂ්ඨානයක් තිබෙනවානම් විතරක් මේක තෝරගන්න. වගේම තමයි පාඩම් කරන්න කැමැත්තක් තියෙන්නත් ඕන.

ගණිත :

ගොඩක් බුද්ධිය අවශ්යවෙන විෂයධාරාවක්. අපේ භාෂාවෙන කියනවා නම් "වැඩ්ඩෝ නැත්තන් දරුණු මීටර්" වලට මේ විෂයධාරාව ගැලපෙනවා. කකුල වතුරේ දාගෙන කටපාඩම් කරන්න නැතිවුනත් අමාරු විෂය කරුණු තියෙන නිසා මේක කරනවා නම් තමන්ගේ බුද්ධිය වර්ධනය කරගන්න, තේරුම් ගැනීමේ හැකියාව ඉහලදාගන්න මහන්සි වෙන්න. ඉංජිනේරු උපාධියේ ඉඳලා තොරතුරු තාක්ෂණ වගේම වෙනත් උපාධි අවස්ථා වලට ගණිත විෂයධාරාවෙන් යන්න පුලුවන්. වගේම මූල්යමය රැකියා වලට ගණිත අංගයෙන් උසස් පෙළ හදාරපු කෙනෙක් බඳවාගන්න තියෙන ඉඩකඩත් වැඩියි.

වානිජ :

වානිජ අංගයෙන් උසස් පෙළ කලොත් කළමණාකරන උපාධියක් ලබාගන්න පුලුවන් වගේම ගණකාධිකරණය, බැංකු, රක්ෂණ වගේ විශාල ක්ශේත්රයක පැතිරිච්ච රැකියා ලබාගන්නත් හැකියාව තිබෙනවා. හොඳින් උසස් පෙළ කලොත් විශ්ව විද්යාලයට යන්න වරම් නැතිවුනත් රැකියාවක් හොයාගන්න, උසස් අද්යාපනය ලබාගන්න තියෙන ඉඩප්රස්ථා ගනන වැඩියි. වගේම තමන්ගේම කියලා ව්යාපාරයක් අරභන්න න්යායාත්මක දැනුම ගන්නත් මේකෙන් පුලුවන්.

කලා:

ලංකාවේ බහුතරයක් රාජ් විශ්වවිද්යාල වලට බඳවා ගන්නේ කලා උපාධි අපේක්ෂකයන්. නීති, පරිපාලන වගේ රැකියා වලට ඇතුලුවෙන්න කලා අංශයෙන් උසස් පෙළ කලොත් පුලුවන්. රැකියා අවස්ථා නම් තරමක් අඩුයි. උපාධිධාරීන් පවා රැකියා විරහිතව ඉන්නකොට තමන් ඉතාම දක්ෂයෙන් නෙවෙයි නම් අනාගතයේ රැකියා ලබාගන්නට අසීරු වෙනවා.

සාමාන්යපෙලට වඩා උසස් පෙළ තරමක් වෙනස්. සාමාන් පෙල හා උසස් පෙල අතර තියෙන විෂය පරතරය ගොඩාක් වැඩියි. ජීව විද්යා හා ගණිත අංශ වල ඒක දරුණුවටම බලපානවා. සාමාන්යපෙල විෂය කරුණු වල ප්රමාණයයි උසස් පෙල කරුණු ප්රමාණයයි සසඳලා බැලුවොත් ඒක අහසයි පොලවයි වගේ. සමහර සාමාන් පෙළින් උසස් පෙලට අලුතින් එන අය මේ වෙනසට මුහුණ දෙන්න බැරුව අතරමං වෙනවා. වගේම් මානසිකව වැටෙනවා. වගේ දෙයක් මුලින්ම වලක්වා ගන්න ඕන. සාමාන් පෙල විභාගය අවසාන වෙනවාත් සමගම උසස් පෙළට සූදානම් වෙන්නට කෙනෙක්ට පුලුවන් නම් කෙනාට උසස් පෙල විශය පරතරය පහසුවෙන් තරණය කරගන්න පුලුවන්, ඒක නිසා කල් නොඉඳ වහ වහා සූදානම් වෙන එක තමයි ඇඟට ගුණ

අදට මේ ටික හිතට ගන්න. ලඟදීම මේ ලිපියේ දෙවැනි කොටසත් දාන්න බලාපොරොත්තු වෙනවා.
ඒකෙන්,

  1. එක එක විෂයධාරාවට අදාලව උසස් පෙළ පෙර සූදානම
  2. උසස් පෙළට පාඩම් කලයුත්තේ කෙසේද ?
  3. උසස් පෙළ කල යුතු නොකලයුතු දේවල්
  4. සාමාන් පෙලින් උසස් පෙළ නොකර යා හැකි වෙනත් මාර්ග.


වගේ කරුණු ටිකක් බලාපොරොත්තු වෙන්න. ඔබට ජය. !!!!



4 comments:

  1. බොහොම අපුරු ලිපියක් අය්යේ.හොඳට තේරුම් ගන්න ලේසි විදිහට ලියල තියෙනවා.ඉතුරු ටිකත් ඉක්මනටම දාය් කියල බලාපොරොතු වෙනවා.

    ReplyDelete
  2. බොහොම වැදගත් ලිපියක්!

    ReplyDelete
  3. ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න! අපිට ගොඩක් වැදගත් වෙයි.

    ReplyDelete
  4. නියම ලිපියක් ගොඩක් ප්‍රයෝජනවත් බොහොම ස්තූතියි.

    ReplyDelete