පළමු කොටස
දෙවන ලෝක යුද්ධයෙන් පසු 1948 වසරේ අප රට නිදහස ලබන ආසියාවේ දෙවන විශාල ආර්ථිකය අප සතුව තිබුණි. එමෙන්ම ආසියාවේ යුද්ධයෙන් භෞතික සම්පත් විනාශයද අප රටේ අවම විය. එවකට ආසියාවේ දැවැනත්යන් ලෙස වැජබුනු ජපානය හා චීනය පවා දෙවන ලෝක යුද්ධය නිසා සම්පූර්ණ විනාශයට පත් වුනු නමුත් අප රට හානියට පත් නොවීම නිසාත් රටේ නිශ්පාදන හැකියාව නොනැසී පැවැතුනු නිසාත් අපට ආර්ථික සමෘධිය සඳහා අවස්ථාවන් රාශියක් විවර වී තිබුනත් ඒවා දීර්ඝ සැලැසුමකින් ක්‍රියාවට නැවීමට පාලකයේ අපෙහොසත් වූහ. මෙම විනාශයට මූලික හෙතුව නම් නිදහසින් පසු මේ රටේ බිහිවූ නායකයන් ගේ අදක්ශකම, ප්‍රතිපත්ති රහිත භාවය හා දූෂණයයි. ඉහත නම් කල දුර්වලතා සියල්ලම එක ආකාරයකය 1948 සිට අද දක්වා පාලනය කල පුද්ගලයන් තුල තිබුනා නොවේ. පාලකයින් කිහිපදෙනෙක් සාධනීය මට්ටමකට පාලනය ගෙන ගියත් ඔවුන්ගෙන් පසු එය නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවුනි. එහි වරද ඇත්තේද ඔවුන් අතය.
නිදහසින් පසු ලාංකීය දේශපාලනය යුග තුනකට බෙදිය හැක. ඒ 1948 සිට 1956 දක්වා යුගය, 1956 සිට 1977 දක්වා යුගය හා 1977 සිට අද දක්වා ක්‍රියාත්මක වන දේශපාලන යුගය යනුවෙනි. ලාංකීය දේශපලනය නිදහසට බොහෝ කලින් පැවැතියද රටේ සෘජු පාලනයට ඒවායින් සිදුවුනු මෙහෙය ප්‍රමානාත්මක වශයෙන් අවමය.කෙසේ වෙතත් අපේ රටට නිදහස ලබා ගැනීමට අප රටේ විවිධ දේශපාලන සංවිධාන එකමුතු වූ බව නම් කිව යුතුය. එහෙත් අවසාන අවධියේ මේ මූලික දේශපාලනික සංවිධාන තමන්ගේ එකිනෙකට වෙනත් අරමුණු වලට පෙලගැසීමක් දක්නට හැකිවිය.
මේ කෙසේ වෙතත් බ්‍රිතාන්යයින්ගෙන් නිදහස්වීම කෙරෙහි නම් මේ මූලික දේශපාලනික සංවිධාන අතර පොදු එකඟත්වයක් ඇතිවුනි. එමෙන්ම නිදහස ලබාගැනීමට යන මාර්ගය ගැන ඉතා පැහැදිළි අවබෝධයක් ඇතුව එම සංවිධාන ක්‍රියා කල බවද කිව යුතුය. මෙම සංවිධාන වල සිටි නායකයින් සමාජයේ ප්‍රභූ පන්තිය නියෝජනය කල ඉතා ධනවත් හා කුලවත් ක්පිරිසක් වූහ. ඔවුන් නියෝජනය කලේ සමාජයේ ඉංග්‍රීසි උගත් කලු සුද්දන්ගේ පන්තියයි. ඩී ඇස් සේනානායක වැනි සිංහල නායකයින් මෙන්ම දෙමළ ජාතික ප්‍රරභූවරුද කලු සුද්දන් ගනයට වැටේ.
නිදහසින් පසු පූර්ව දේශපාලනික කන්ඩායම් රටේ නායකත්වයට පත්වීම නව නව පිටුවක් පෙරලීමක් බඳුවිය. රටේ ආර්ථික හා සාමාජීය දියුනුව කෙරෙහි යන මාවත් නිසි ලෙස විවර වී තිබින. තේ රබර් හා පොල් යන අපනයන බෝග හා සුලු ඛනිජ තුලින් ආදායම ලැබූ ප්‍රාථමික ආර්ථික ක්‍රමයක් අප රටේ තිබුනද රටේ දියුනුවට යන මූලික මාර්ගය ලෙස එක කළමනාකරණය කිරීමට එකල නායකයෝ සමත් වූහ. අපනයන සංවර්ධනය මෙන්ම කෘෂිකර්මයේ නැගීම සඳහාද නිදහසින් පසු මූලික අවධියේ පාලනය නියමාකාරයෙන් ක්‍රියා කලහ
යම යම් කාලවල ආර්ථික ගැටලු තිබුනද සමස්ථයක් වශයෙන් රට ස්ථාවර තත්වයක පැවතුනි. වරින්වට ආර්ථික අර්බුධ නොතිබුනාද නොවේ. මේ කාලයේ දේශපාලකයින් වචනයේ පරිසමාප්ත අර්ථියෙන්ම මහත්මයින් වූහ. මහත්මා දේශපාලනය ගුරු කොටගත් ඔවුහු දේශපාලනය යනු රැකියාවකට වඩා සේවයක් ලෙස සැලකූහ. අද කාලයේ වාගේම දේශපාලන ගැටුම් පැවතියහ. පක්ශ අභ්යන්තරයේද නොයෙකුත් ගැටුම් පැවතියද ඒවා උපක්‍රමශීලීව හා සිවිල් සමාජයට ගැලපෙන ශිෂ්ටසම්පන්නව විසඳා ගැනීමට ඒ නායකයින් තුල පැවති හැදියාව අද කාලයේ දේශපාලන අංකුර වලට හොඳ ආදර්ශයක් වේ. එදා අද මෙන් නොව දේශපාලනය සෑම කෙනෙකුටම කල හැකි දෙයක් නොවුනි. එය සමාජයේ උගත්, ධනවත් හා ගරුබුහුමන් ලැබූ ඉතා සුලු පිරිසක් විසින් සිදුකල දෙයකි. නීතිය අකුරට රැකූ හා නීතියට ප්ටින් නොගිය අධිකරණයේ බලය තම සියතට නොගත් උදාර මිනිසුන් පිරිසකගෙන් පාලනයට වීමට තරම් එදා ජනයා පින් කර තිබුනි.
එකල ලෝකයේ හා මෙරට තිබුනු සමාජ ආර්ථික වටපිටාවට ගැලපෙන පරිදි ලංකාවේ පාලයයෝ නිදහසින් පසු ආර්ථිකය හැසිරූහ. ඇමරිකාව හෝ සෝවියට් දේශය මෙන් කර්මාන්ත ආර්ථිකයක් මෙරට ඇතිකිරීම ප්‍රායෝගික නොවූයෙන් කෘෂි ආර්ථිකයකින් හා මූලික අපනයන බෝග වලින් සුසැදි අර්ථ ක්‍රමයන් එකල පාලකයින් විසින් ඇතිකිරිම එකලට අනුව සාධාරණිකරනය කල හැක. නමුත් කර්මාන්ත ක්ශේත්‍රයට මූලික අඩිතාලම එකල වැටුනා නම් 1970 පමණ වන විට තරමක නූතන ආර්ථිකයක් ලඟා කරගැනීමට හැකියාව තිබුනා යැයි සිතිය හැක. මෙකල දේශපාලකයින් තුල දුර්වලතා කීපයක් වූහ. අවංක හා දූෂණයෙන් තොර වූවත් කල් පවත්නා ලෙස ලෝකයේ ආර්ථික ප්‍රරවණතා හඳුනාගැනීමේ නොහැකියව මේ අවස්ථාවේ කැපී පෙනෙයි. එමෙන්ම විකල්ප දේශපාලන ධාරාව නියමාකාරයෙන් කළමනාකරණය කරගැනීමේ දුශ්කරතාව තවත් මූලීකාංගයක් ලෙස සැලැකේ.
නිදහසින් පසු ලංකාවේ ප්‍රථම යුගය හොඳ ආරම්භයක් ලෙස සැලකිය හැක. මන්දයත් ඒවනවිට ලෝකයේ පැවැතුනු තත්වයන් හා සසඳා බලනකල ඉතා ස්ථාවර ආර්ථික දේශපාලනික හා සාමාජීය වටපිටාවක් පැවැති නිසාය. නමුත් මේ ප්‍රරථම යුගයේ දේශපලනය ලංකාවේ බහුතරයක් වන නූගත් දිලිඳු පන්තියේන් නියෝජනය නොවීම නිසා 1956න් පසුව නව දෙශපාලන පරිවර්ථනයක් ලංකාවේ සිදුවිය.
ලාංකීය දේශපාලනයේ දෙවන යුගය ගැන මීලඟ ලිපියෙන් සාකච්ජා කෙරේ ....
පිටරට පනින්න අදහසක් නැති ලංකාවේ ජීවත් වීමට අදහස් කරගෙන ඉන්න හැමෝටම වැදගත් මාතෘකාවක් සහ හොඳ ආරම්භයක් මේ ලිපිය.මොකද මේ යන විදියට ගියොත් සිම්බාබ්වේත් ලංකාවට වඩා හොඳ වෙයි ලඟදිම.හැබයි රචකයා ඔලුවෙ පුරවාගෙන ඉන්න මනස්ගාත සහ දෘෂ්ටිවාද වලින් බැහර නොවී ඒවායෙම එල්ලිලා හිටියොත් මේ විමසීමත් තවත් එක පුස්සක් විතරක් වේවි.මේ මනස්ගාත සහ දෘෂ්ටිවාදයන්හි පදනම බිඳ දමනකම් කවදාවත් අපිට ඉදිරියට යන්න බැහැ. මේ දෘෂ්ටිවාද අපේ ඔලුවලට ආවේ ඉතා සරල හේතුවක් නිසා 1956 බලයට පත්වීම සඳහා කපටි බණ්ඩාරනායක නූගත් දිලිඳු පන්තිය සහ ගැමියන් තුල කුලවත් ධනවත් ප්‍රභූ සහ නාගරිකයන් (මේ ලේඛකයාට අනුව කලුසුද්දන්) තුල නොමැති අපූරු මිනිස් කම්, සංස්කෘතියක් ගැමි සුවඳක් ඇතයි කියා මුරුන්ගා අත්තේ තබා බලයට පත්විය.ඉන්පසු අපේ රටේ බහුතරය වන මේ දිලිඳු නූගත් පන්තිය සහ ගැමියන් මාර ආතල් එකකින් මේ මුරුංගා පාර ඇත්තක් ලෙස ගෙන ඇත්තටම අපි මාරයි කියා තමන් තමන්වම අන්දවා ගන්නා ලදී.ඉන් පසු අපේ කලා කාරයන් ගායකයන් රචකයන් චිත්‍රපට කරුවන් ආගමක් ලෙස මේ දෘෂ්ටිවාදය පොදුජන සිත් සතන් තුලට කාවද්දන ලදී.ලාංකිකයා ඉතා ඉක්මනින් අවබෝධ කරගත යුතු සත්‍යය නම් දිලිඳු නූගත් ගැමි පන්තිය වෙනුවෙන් පෙනී සිටීම යනු දිලිඳු නූගත් ගැමි පන්තියේ සංස්කෘතිය කරතබා ගැනීම නොවන බවය. හිඟන්නාට ඇති සංස්කෘතියක් සභ්‍යත්වයක් නොමැති බව පණ්ඩුකාභයලා ඉතා ඉක්මනින් අවබෝධ කරගත යුතුය ඒ හා සමානවම කලු සුද්දන්ට විරුද්ධ වීම යනු ප්‍රභූ පන්තියේ සභ්‍යත්වය සහ ශිෂ්ටත්වයට විරුද්ධ වීම නොවන බව ඔලුව පුරවාගෙන සිටින මනස්ගාත දෘෂ්ටිවාද පසෙකලා තේරුම් නොගතහොත් හෙට අනිද්දාට 56 දරුවන්ගේ දරුවන් වන පන්ඩුකාභයලා උඩදාන හිඟන්නන්ගේ රස්තියාදුකාර සංස්කෘතිය විසින් පන්ඩුකාභයලාම බිලි ගන්නවා ඇත.
ReplyDelete