Wednesday, December 15, 2010

සුනඛයන් සමග මිතුරු වීම


සුනඛයා වනාහී මිනිසාගේ ඉතාම කිට්ටුවන්ත් මිතුරාය. ආරක්ශාව ලබාගැනීමට හා සුරතලයට සුනඛයන් ඇතිකිරීමට මිනිසුන් පුරුදු වී සිටිති. සමහර ආක්ටික් ප්‍රදේශ වල නම් කරත්ත ඇදීමට පවා සුනඛයන් යොදා ගනිති. සුනඛයන් සාමාන්යයෙන් මිනිසා සමග මිත්‍රශීලී වුවත් සමහර සුනඛයන් ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී බවක් දක්වයි. එවන් සුනඛයන් සමග මිත්‍රවීම අවදානම් සහගත ක්‍රියාවකි. මේ කෙසේ වෙතත් අලුත් සුනඛයෙක් සමග මිත්‍ර වීමේදී පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවනු නොඅනුමානය.
  • තමන් නොදන්නා සුනඛයෙක් සමග මිත්‍ර වීමේ දී සුනඛයාගේ අයිතිකරුවාගේ අනුමැතිය ලබාගන්න. සුනඛයාගේ ගතිපැවතුම් ගැන මූලික අවබෝධයක් ලබාගැනීම ඉතාම වැදගත්.
  • සුනඛයාට ලංවීමේදී ඉතාම සෙමින් තමන්ගේ අතේ පසුපස කොටස ඉදිරියට දිගුකරන්න. මෙවිට තමන්ගේ ශරීර ගන්ධයට සුනඛයා හුරුවෙනු ඇත.
  • තමන්ගේ අත ඉවකිරීමට සුනඛයාට ඉඩ දෙන්න. සුනඛයන් අන් අයව හඳුනාගැනීමේදී සුවඳ කෙරෙහි සැලකිලිමත් වේ.
  • ආගන්තුක සුනඛයෙක් ව මුලින්ම ස්පර්ශ කිරීමේදී සුනඛයාගේ පපු පෙදෙස, උරහිස් හා බෙල්ලේ උඩ කොටස මෘදු ලෙස ස්පර්ශ කරන්න. එවැනි ප්‍රෙදේශ ස්පර්ශ කරනවාට සුනඛයන් ඉතාම කැමැත්තක් දක්වයි.
  • සුනඛයා මුලින්ම නිදාගන්නා විට හෝ කෑම කන විට ඔහුට ලංවීම නොකරන්න.
  • මුලින්ම සුනඛයා ඔබවෙතට ලං වුවහොත් ශරිරය චලනය කිරීමේන් වැලකී නිසොල්මන්ව සිටින්න. එමෙන්ම සුනඛයා දෙස කෙලින්ම බැලීම නොකරන්න.

  • බොහෝ දෙනෙක් සිදුකරන වැරදි ක්‍රියාවක් නම් ආගන්තුක සුනඛයෙකුගේ හිස ස්පර්ශ කිරීමයි. නන්නාඳුනන පුද්ගලයෙකුගේ එවන් හැසිරීමක් ආක්‍රමණශිලී ලෙස සුනඛයා වටහා ගෙන සපාකෑමේ වැඩි ඉඩක් තිබේ.
  • සුනඛයා ආක්‍රමනශීලී වනවානම් ක්ශනික චලනයක් සිදුනොකරන්න. සුනඛයන් සන්සුන් කිරීමට හේතුවන ඇස්පිල්ලන් ගැසීම හා සිහින් උරුවම් බෑමක් සිදුකරන්න. ඉන්පසු සෙමින් තමන්ගේ අත් චලනය කරන්නේ නැතිව එතනින් ඉවත්වෙන්න. සුනඛයා දෙසට තම පසුපස හරවා දිවයාම ඉතා භයානකයි.


බොහෝ සුනඛයන් මිනිසුන් සමග ඉතාම මිත්‍රශීලියි. සුනඛයෙක් සමග මිතුරු වීමේදී ඔබට ඔහු සමග මිතුරු වීමට තිබෙන උවමනාවට වඩා ඔහුට ඔබ සමග මිතුරු වීමේ ආශාව බලවත් බව මතක තබාගන්න. ඔවුනට නිතරම කරුණාවෙන්, ආදරෙයෙන් සලකන්න එවිට ඔවුන්ගේ ආදරය ඔබට ලැබේවි.








5 comments:

  1. සුරතල් බල්ලන්ට සමීපව ජීවිතයේ වැඩි කාලයක් ගෙවා ඇති මා ඔබගේ සටහන ආසාවෙන් කියැවීමි.

    තව පැහැදිලි කිරීම් එකතු කරනවාට කමා කරන්න.

    //සමහර සුනඛයන් ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී බවක් දක්වයි// යන්න මෙසේ විස්තරාත්මක විය යුතුය. සමහර සුනඛ වර්ග අනිකුත් වර්ග වලට වඩා පුහුණුවෙන් එවැනි හැදියාවකට නැඹුරු කරගත හැකිය. කිසිම සුනඛයෙක් උප්පත්තියෙන්ම ප්‍රචණ්ඩකාරී සුනඛයෙක් නොවේ.

    හපා කන්න බල්ලෝ හදන අයට: තමන් හදා වඩා ගන්නා පවුලේ අයගේ ආරක්ෂාව තම ජීවිතය පරදුවට තබා සැලසීම බල්ලාගෙ සහජ හැදියාවය. ඊට හපා කන්නට බල්ලෝ හැදීම අවශ්‍යය නැත. ඉතා සුහද සාමකාමී බල්ලා වුවද හිරිහැරයක් ආපදාවක් කරන්නට එන අයට එරෙහිව බුරා පනියි, හපා කයි. එමනිසා අමුතුවෙන් වද දී, ආදරය නොපෙන්වා බල්ලෝ හදන්න නොයන්න.

    ඇරුණු ඇඟිලි සුනඛයාට කියන්නේ තමා ඌව ආක්‍රමණය කරන්නට එනවා කියාය. මිටි මොළවා ගත් අතෙන් කියන්නේ තමා ඌට අවදානමක් නොකරනවා කියාය. ඒ නිසා ඔබ කියූ පරිදි //අත ඉව කිරීමට ඉඩ දෙන// විට ඇඟිලි මිටි මොළවාගෙන සිටීම වැදගත් ය.

    ආගන්තුක අමුත්තන්ට අතට ඉස්සරහ ගාතයක් දෙන්නටත් බල්ලාව පුහුණු කරත හැකිය. එයට හුරු කරගත් පසු බල්ලා කැමැත්තෙන්ම ඉස්සරහා ගාතයක් දී අමුත්තන් හඳුනා ගනියි.

    බොහෝ සුනඛයෝ වඩාත්ම ප්‍රිය කරන්නේ කන් පිරිමැදීම ය.

    පැටියා කාලයේ දී ම ආහාර දෙනවිට භාජනයට තම අත දැමීම මඟින් බල්ලා කවුද ස්වාමියා කවුද යැයි ඌට කියා දිය හැකිය. ඌ හපන්න හැදුවොත් සැර වැරයක් දාන්න අවශ්‍යයය. එවිට හැඩි දැඩි බල්ලා වූ පසු ද කෑම කෑමේ දී කිසිවෙක් ළං වූවාට බල්ලා හපා කන්න යන්නේ නැත. මෙය පැටියා කාලයේ දී වඩාත් වතාවක් කර පුරුදු කරගත යුත්තකි.

    සුනඛයා හැමදා ඔබ ඌට දක්වන ආදරයට වඩා ආදරයක් ඔබට දක්වයි. එය කිසිවිටෙක අමතක නොකළ යුත්තකි.

    සටහන දැමුවාට නැවතත් ඉතාමත් ස්තූතියි.

    ReplyDelete
  2. @අරුණි. ඔයාටත් ගොඩක් ස්තූතියි අලුත් කරුණු කීපයක් අපිත් එක්ක බෙදාගත්තට.

    ReplyDelete
  3. ෙහාද ලිපියක්

    ReplyDelete