විපක්ශයේ එක්තරා මන්ත්‍රීවරයෙක් ගෙනා යෝජනාවක් ඇසුරුන් මේ ලිපිය සම්පාදනය කිරීමට මට සිතුනි. එම යෝජනාව නම් ලංකාවේ නිවාඩු ගනන අඩුකර වැඩකරන පැය ගණන වැඩි කිරීමයි. එයින් ලංකාවේ අනාගතයට හා ආර්ථික වර්ධනයට ඇතිවන යහපත් ප්‍රතිඵල ගැන එම යෝජනාව ඉදිරිපත් කල මන්ත්‍රීවරයා කරුණු දැක්වුවේය. එතුමා අතීතයේ කල කී දේවල් කෙසේ වුවත් ඉහත යෝජනාව ඉතා වැදගත් මෙන්ම කාලෝචිත එක්ක බවත් කිවයුතුය.
රටක් දියුනු වන්නේ එම රටේ වටිනාම සම්පත වූ මිනිස් සම්පත නිසිපරිදි කළමනාකරණය කරගෙන ඔවුන් ජාතික ශ්‍රම බලකායට ඇතුලු කරගැනීම මගින්. කාර්යශූර ජනතාවක් සිටින රටකට අනිවාර්යයෙන්ම දියුනුවීමේ මංපෙත සලසා ගතහැක. අද අපේ රටේ මූලිකම ගැටලුවක් වෙන්නේ අකාර්යක්ෂම බවයි. රාජ්ය අංශය මින් ප්‍රධානය. රාජ්ය ආයතන වල තිබෙන වැඩකොටස් නිමකිරීමට සමහරවිට වැඩි කාලයක් ගතවේ, ඉතා සුලු වැඩක් කරගැනීමටත් බොහෝ වෙලා රස්තියාදු ගැසීමට සිදුවේ. නියමිත වේලාවට වැඩනොකිරීම මෙන්ම තමන්ගේ තමන්ගේ නියමිත පැයගනන වැඩ නොකිරීමද තවත් දුර්වලතාවයකි.
සාමාන්යයෙන් පැය 8 ක් වන රාජ්ය සේව කාලය තුල කරන්නට බැරිතටම් වැඩකොටසක් රාජ්ය ආයතන වල තිබේ. ප්‍රාදෙශීය ලේකම් කාර්යාල වල, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ථමේන්තුව හා සමහර රාජ්ය බැංකු ආදියේදී වැඩ කල් දැමීමට බොහෝදෙනා ක්‍රියා කරයි. එය ජාතියේ අවාසනාවකි. ජාතියක් වශයෙන් ගතහොත් අපි කම්මැලි ජාතියකි. වෙහෙස වී වැඩකිරීමට මෙන්ම රටේ අනාගතයට තම ශ්‍රමය වැයකිරීමට හැකි අය වෙතොත් ඒ සුලු පිරිසකි. නිලධාරීවාදයෙන් ඔද්ද්ල් වුනු රාජ්ය සේවකයා බොහෝ විට තමන්ට නියමිත වැඩකොටස අවමයෙන් ඉටුකර විවේකය ලබාගැනීමට මහත් ගිජුකමත් දක්වයි.
රාජ්ය අංශයේ තරම් නොවූවත් අනාගතයේ ආයෝජන ඉල්ලුම හා ව්යාපාර වල පිබිදීම හමුවේ ඊට ගැලපෙන ලෙස තම ආයතන වල කාලය වෙනස්කර ගැනීමට බොහෝ සේවාදයකයන් අකමැතිය. දියුනු රටවලට සාපෙක්ෂව අපේ රටේ සතියකට පුද්ගලයෙක් වැඩකරන පැය ගනන ඉතා අඩුය. ජපානය හා කොරියාව වැනි රටවල සේවකයෙක් සතියකට පැය 55-60 අතර ප්‍රමාණයක් සේවයී නියුතු වේ. ජපානය දියුනු වූයේ එරට ජනතාව තුල පැවති නොපසුබටව වැඩකිරීමේ ගුණය බව බොහෝ දෙනෙක් විශ්වාස කරන කරුණක්.
වැඩකරන අවම පැය ගණන 8 සිට 10 දක්වා වැඩිකිරීමෙන් හා සෙනසුරාදා දවස සාමාන්ය සතියේ දවසක් මෙන්ම මූලය හා වෙළඳ කරටුතු වලට යොදාගැනීමෙනි. එවිට ලංකාවේ ඒක පුද්ගල වැඩකරන පැයගණන 40 සිට ඉදිරියට වැඩිකරගත හැක. රාජ්ය ඉකමනින් මෙන්ම විශාල ලෙස ඉටුකර ගැනීමට මෙය හෙතුවනා නොඅනුමානය, රාජ්ය බැංකුවල මූල්ය කටයුතු වෙනදාට වඩා වැඩිකාලයක් පවත්වා ගැනීමෙන් මූල්ය වෙළඳපලෙන් නිසි ප්‍රයෝජනය ගත හැක.
පෞද්ගලික අංශය මගින් මෙය බොහෝ හොඳින් ඉටුකෙරුනද රාජ්ය සේවකයාගෙද සුභසාධනය ගැන එතරම් තැකීමට දක්වන්නෙ නැහැ. නමුත් සේවා ස්ථානය යහපත් හා ප්‍රියමනාප තැනක් කිරීමට කරනා ආයෝජනයට සාපේක්ශව ඉතා වාඩිදායී ප්‍රතිඵල ලබාගත හැක.
ජනතාව වශයෙන් අපි අපේ ආකල්ප වෙනස්කරගත යුතුයි. රට ගැන සිතා මෙන්ම තමාගේ අනාගත යහපත ගැන සිතා වැඩියෙන් වැඩකිරීමට අපි සූදානම් විය යුතුයි. අපිට යම යම් පෞද්ගලික වාසි හා විවේකය කැපකිරීමට සිදුවෙන එක සතයයක්. නමුත් ඒ සියල්ල විඳදරාගෙන කැපවීමෙන් යුතුව වැඩකරන එක ඉතාම වැදගත් කාරණයක්. එවිට තමයි අපි සිතන පතන ලස්සන දෙශය ගොඩනැගෙන්නේ.
මෙව්ව අපේ අය තේරුම් ගන්නෙ නෑ මචං.අයිස් පාරෙ ඉදල ලොකු පඩියක් ගන්න තමා බලන් ඉන්නෙ.
ReplyDeleteනිකමට බලහන් එකෙක් කතාව අගය කරලවත් comment එකක් දාල තියනවද කියල.පිස්සු සයිට් වලටනම් ඕනැ තරම්. කලින් කියපු එක රටක තමයි මමත් ඉන්නෙ.රුපියල් වලින් බැලුවොත් ලක්ෂ 5ක විතර වැටුපක් ගන්න මැනේජර් සේවකයොත් එක්ක එකට වැඩ කරණ හැටි දැක්කම මාර ෆිට් එකක් හිතට එන්නෙ.අපිට sorry ම තමා.
ReplyDelete@dinesh ඔයා හරි. රට දියුනු කරන්න ඔනේ කියලා හැම තිස්සෙම කියවලා වැඩක් නෑ. ක්‍රියාවෙන් ඒක ඔප්පු කරන්න ඔනේ. සෑම රැකියාවක්ම සමාන ත්ත්වයේ සලකන්න ඔනේ. නැත්නම් රැකියාවක වගකීම නිසිලෙස ඉටුවෙන්නේ නෑ. රටේ ශ්‍රම බලකායේ සහයෝගය උපරිමව ලබාගන්නත් ඔනේ.
ReplyDelete