දෙවන ලෝක යුද්ධය වනාහී මිනිස් ඉතිහාසය තුල සිදුවුනු ඉතාම දරුණු සංග්‍රාම වලින් එකක්. එංගලන්තය, ඇමෙරිකාව, රුසියාව ඇතුලු මිතුරු පාර්ශවය හා ජර්මනිය ඉතාලිය ජපානය ප්‍රමුඛ සතුරු පාර්ශවය යනුවෙන් කල්ලි 2 කට බෙදී සිදුවුනු මෙම සටන නිසා මිලියන ගනනක් ජනතාව මරණයට පත්වුණි. දෙවන ලෝක යුද්ධයේ බිහිසුනු මතකයන් අද පවා බෙහෝ දෙනෙක් තුල රැඳී තිබේ. මේ මහා යුද්ධයට තුඩු දුන් කාරණා බොහොමයක් අද වියැකී ගොස් ඇති නමුදු මෙහි ප්‍රතිඵලය වෙනස් වීමට බොහෝ ඉඩ තිබුනු බව නම් පැහැදිලිය.
හිට්ලර් ප්‍රමුඛ සතුරු පාර්ස්චවය යුද්ධය පරාජය විම කෙරෙහි බලපෑ සාධක රාශියක් තිබේ. මූලික වශයෙන් ඒවා දේශපාලනික, උපක්‍රමික හා තාක්ශනික වශයෙන් කොටස් 3 කට බෙදා දැක්විය හැක. මේවා එකිනෙක ගැඹුරුන් ඉදිරියේදී විස්තර කෙරෙනු ඇත.
දේශපාලනික වශයෙන් සලකා බැලූ විට දෙවන ලෝක යුද්ධයේ අරමුණ ඉතාම වැරදි සහගත හා අමන ක්‍රියාවකි. එය කිසිසේත්ම ප්‍රායෝගික නොවන අරමුනක්. නව පාලන තන්ත්‍රයක් (තුන්වන රාජ්යය.) වසර 1000 ක් පවතින ලෙස නිර්මාණය කිරීමටත් වඩා සතුරු පාර්ස්ච්වීය නායකයන්ගේ අරමුණ වී තිබුනේ යුදෙව්වන් සමූල ඝාතනය කිරීමටයි. යුද්ධ කිරීම හා යුදෙව්වන් සමූල ඝාතනය කිරීම යන ක්‍රියා මාර්ග දෙකම එකවිට කරන්න යාම නිසා නිකරුනේ ජාත්යන්තර අරගල වලට ජර්මනිය තල්ලු වී ගියේය.
සත්යය නම් යුදෙව්වන් සමූල ඝාතනය කිරීම ඉතාම සූක්ෂමව කිරීමට හිට්ලර්ට හැකියාව තිබූ බවයි. තුන්වන රාජ්ය සංකල්පය මුල්බැසගත් නාසි ආන්ඩුවට ජාත්යන්තරය එරෙහි වුනේ යුදෙව්වන් ගැන අනුකම්පාවෙන් නොව නාසි ආන්ඩුව යුරෝපා බල තුලනයට බාධාවක් වීම නිසාය. ජර්මනියට ශක්තිමත් මිතුරු පාර්ස්චවයන් නොතිබීම අවසාන කාලයේ දී දැඩි අවාසි සහගත තත්වයක් නිර්මාණය කලා. නමුත් එංගලන්තය ප්‍රමුඛ මිතුරු පාර්ශවයට රුසියාව හා ඇමෙරිකාව වැනි ලෝක බලවතුන් රාශියක් හා බ්‍රිතාන්ය යටත් විජිත විශාල ප්‍රමාණයක සහය ලැබුනා.
යුදෙව් විරෝධී අප්‍රිකානු හා මැදපෙරදිග රටවල් වලින් නියමාකාරයට සහල ලබා ගැනීමට හිට්ලර් ට නොහැකි වුනා. මෙවන් තත්වයක් ඇති නොවීමට කළයුතුව තිබුනේ නාසි ආන්ඩුව බලයට පත්වූ විගසම ආසියා, අප්‍රිකා හා ලතින් ඇමරිකා රටවල් සමග වෙනම දේශපාලන බලමුලුවක් නිර්මාණය කරගැනීමයි. ස්වභාවයෙන්ම හිට්ලර් වනාහී සූක්ෂම දේශපාලනික ක්‍රියා වලට වඩා යුද්ධයට ප්‍රිය කල කෙනෙකි. නමුත් යුද්ධ කරනවාට වඩා වැඩි වාසියක් සාකච්චා මාර්ගයෙන් ලබාගැනීමට හැකි බව නාසීන්ට වැටහුනේ ඔවුන්ගේ විනාශයේ අසබඩයි. එවිට දේශපාලන විසඳුමකින් පලක් නොවේ.
මිනිස් බලයෙන් හා සම්පත් වලින් අනූන ඉන්දියාව හා චීනය වැනි රටවල් කෙරෙහි හිට්ලර්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් ජර්මනියට සතුරන් කිහිපදෙනෙකු සමග ඒකවිට සටන් කිරීමට සිදුවිය. ඉතාලිය හා ජපානය පමනක් නොව සතුරු පාර්ස්චවයට ලතින් ඇමෙරිකාව, චීනය, අප්‍රිකාව වැනි ප්‍රදේශ වල සහය ලැබුනා නම් ලෝක ඉතිහාසය සහමුලින්ම වෙනස් වනු නොඅනුමානය.
සතුරු පාර්ශවයට බාහිර දේශපාලනික අර්බුධ පමනක් නොව අභ්යන්තර අර්බුධ පවා නොඅඩුව තිබිණ. මූලික වශයෙන් ඒක කේන්ද්‍රීයව නාසි පක්ශයේ බලය පැතිරීම හේතුවෙන් නායකත්වය කෙරෙහි සතුරන් වැඩිවීමක් පෙන්නුම් කෙරුනා. නායකත්වය කෙරෙහි මහජන අප්‍රසාදය වැඩිවීමද වේගයෙන් සිදු වුනා. හිට්ලර්ව ඝාතනය කිරීමට නාසි පක්ශය තුලින්ම උත්සාහයන් දැරීමද අමතක නොකල යුතුය.
යුද උපක්‍රම අතින්ද ජර්මනියට කොතරම් වාසි සහගත වුවද ඒවයින් නිසි ප්‍රයෝජන ගන්නට සමත් පාලකයන් නොසිටියහ. නමුත් අවාසිය වාසියක් කරගනිමින් දක්ෂ ලෙස යුද්ධය මෙහෙය වූ මොන්ටිගොමරි, පැටන්, අයිසන්හවර් වැනි යුද නායකයන් සිටීම නිසා මිතුරු පාර්ශවයට සීමිත වාසි සහගත අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකිවිය.
දෙවන ලෝක යුද්ධයේ සතුරු පාර්ශවය කල බරපතලම යුධ උපක්‍රමික වැරදි 3 ක් ඇත. මූලිකම කාරණය වන්නේ පර්ල් වරායට බෝම්බ දැමීමයි. එය ඇමෙරිකාව නැමති නිදාසිටි යෝධයා අවධි කිරීමකි. මෙතෙක් කල් ආධාර සැපයීමට පමණක් සීමාවූ ඇමරිකාවේ යුධ දායකත්වය සක්‍රිය යුද්ධ ක්‍රියාමාර්ගය දක්වා වර්ධනය වුනේ මේ නිසාය.
දෙවැන්න නම් බ්‍රිතාන්යයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමයි. මාස කීපයක් තිස්සේ ගුවන් ප්‍රහාට එල්ල කරත් පලක් නැති නිසා හිට්ලර් විසින්ම මෙහෙයුම අවලංගු කර දැමීය. නමුත් හිට්ලර් නොදැන සිටි එක දෙයක් විය. එයම් රාජකීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ශක්තියයි. බ්‍රිතාන්ය යුද්ධයේ අවසාන භාගය වනවිට එය බරපතල ලෙස විනාශ වී තිබිණි. එක මොහොතක රාජකීය ගුවන් හමුදාව සතුව පැවතියේ ගුවන් යානා 150 ක් පමණයි. බ්‍රිතාන්ය යුද්ධ හමුදාව ද දැඩි සේ දුර්වල වී ඇති මෙවැනි අවස්ථාවක ක්ශනික ප්‍රහාරයකින් බ්‍රිතාන්ය අධිරාජ්යය දනගැස්සවිය හැකිව තිබිණි. එසේනම් රෝම වරුන්ගෙන් පසුව බ්‍රිතාන්යය යටත් කරගන්නා එකම ජාතිය වීමටද ජර්මිනියට ඉඩ තිබිණ. දෛවයේ සරදමකට මෙන් හිට්ලර්ගේ වැරදි තීරණ නිසා අවසානයේ යුද්ධයේ වාසිය මිත්‍ර පාර්ශවය අතට පත්විය.
බ්‍රිතාන්ය යුද්ධය අතහැරීමෙන් නොනැවතී තවත් අමන ක්‍රියාවක් හිට්ලර් සිදු කලේය. ඒ බාබරෝසා මෙහෙයුම මගින් රුසියාවත් සමහ පැවති සාම ගිවිසුම ඒක පාර්ස්චවිකව කඩා දමා යුද්ධයකට මුලි පිරීමයි. බාබරෝසා මෙහෙයුමින් ජර්මනියට අන්ත පරාජයක් අත්විය. මෙතුවක් කල් යුද්ධයට සම්බන්ධ නොවී සිටි රුසියාව ජර්මනියට එරෙහිව යුධ වැදීම නිසා වසර දහසක් පවතින් ලෙස නිර්මාණය කල තුන්වන රාජ්යය වසර 5 ක් වැනි කාලයකදී විනාශ වීමට මුල පිරුණි.
මිත්‍ර පාර්ශවයට වඩා සිය ගුණයකින් තාක්ශනික අංශයෙන් ඉදිරියට ගොස් තිබුනද ඒවා නියමාකාරයෙන් කළමනාකරණය කරගැනීමට ජර්මානුවන්ට නොහැකි විය. ලෝකයේ පළමු බැලස්ටික් මිසයිලය හා පලමු පරමානු බෝම්බ ආකෘතිය නිපදවූයේ ජර්මානුවන් වග අමතක නොකල යුතුයි. නමුත් සාර්ථක තාක්ශනයක් වැඩිදුර නිපදවනවාට වඩා ජර්මානුවන් සිදු කලේ අසාර්ථක නිර්මාණ රාශියක් ගැන පරීක්ෂණ සිදු කිරීමයි. යුද්ධ කාලයේ අනවශ්ය පරීක්ෂණ වලට මුදල් හා කාලය නාස්ති කරනවාට වඩා එවකට පැවති සාර්ථක අවි ආයුධ මහා පරිමාණයෙන් නිපදවීම සිදුකිරීමට තිබුණි.
වසර ගනනක් පැරණි ME 109 ප්‍රහාරක ගුව්න් යානය වැඩිදියුනු කිරීම, Tiger සහ Panzer යන යුද්ධ ටැංකි ඉක්මනින් නිපදවීම, MP 44 ප්‍රහාරක අවිය මහා පරිමානයෙන් නිපදවීම සහ පරමාණු බෝම්බ තාක්ෂණය වැඩිදියුනු කිරීම වැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ග මගින් පහසුවෙන් යුද්ධයේ ගමන්මග ජර්මානුවන් වෙත හරවා ගැනීමට හැකියාව තිබුනත් එය සිදු නොවුණි.
අවසාන වශයෙන් කිව හැක්කේ ජර්මනියට යුද්ධයෙන් ජයගැනීමට සෑම විටම මාවතක් විවර වී තිබුනු බවයි. නමුත් නියමිත සැලසුමකින් තොරව යුද්ධයට අවතීර්ණ වූ නිසා ඒ අවස්ථා සියල්ලම මගහැරුණු බව නම් කිවයුතුය
ela
ReplyDeleteKeep it Up
ReplyDeleteහොද ලිපියක්.....
ReplyDeleteහිට්ලර් මේ ලිපිය කියෙව්වනම් අඬයි