Friday, December 10, 2010

කාල කළමනාකරණය.


කාලය රන් හා සමානයි කියා පැරණි කියමනක් ඔබ අසා ඇති. තමන් කොතරම් ප්ර්වේසම් වුවත් ගිලිහී යාමට වඩාත්ම ඉඩ ඇති වස්තුවද කාලයයි. එය නිසි පරිදි යොදාගැනීම අපි සෑම දෙනටම වැදගත් වේ. ඔබ බහුජාතික සමාගමක විධායක නිලධාරියෙක් වන්නට පුලුවන්. එසේත් නැත්නම් තවම අධ්යාපනය ලබනවා වන්නට පුලුවන්.  මේ සෑම දෙනාටම තම ජීවිතය සාර්ථක කරගැනීම සඳහා අනිවාර්යයෙන්ම පුරුදු පුහුනු කලයුතු දෙයක් තමයි කාල කළමනාකරණය.

අප සාමාන්ය භාවිතයේදී කාල කළමනාකරණය ලෙස හැඳින්වුවද, කාලය වනාහී පාලනය කල හැකි දෙයක් නොවේ. දිනකට පැය 24 ක් ඇති බව හා එය නොවෙනස් වන බව අපි දනිමු. එසේනම් වෙනස් කල හැකි එකම දෙය වන්නේ අපේ චර්යා රටාවයි. එසේ නම් කාල කළමනාකරණයේ මූලිකම හරය වනාහී කෙටි කාලයකින් උපරිම වැඩ කොටසක් කීඊම සඳහා අපේ චර්යාවන් වෙනස් කර ගැනීම වේ.

කාලය කළමනාකරණය කිරීමටත් පෙර සිටම කල යුත්තේ තමන් කාලය අපතේ යවන අවස්ථා හඳුනා ගැනීමයි. ඔබ කරන කාර්යය  සඳහා අනවශ්ය ලෙස කාලය වැය වනවාද, නොවැදගත් දේවල් වලට ඔබ කාලය නිකරුනේ විනාශ කරනවාද යන ගැටලු වලට පිලිතුරු සෙවීමට උත්සාහ කරන්න. දවසේ සිදුකරන සියලුම වැඩකටයුතු ගැන මනා අවබෝධයක් තිබීමෙන් තමන් කරන නොවැදගත් දේවල් හා වැදගත් දේවල් අතර ඇති වෙනස් මනාව හඳුනාගැනීමට හැකි වනු ඇත. මෙය කාල කළමනාකරණය සඳහා ඇති මූලිකම පියවරයි.

කාලය අපතේ යන වැඩකටයුතු හඳුනා ගත් පසු ඒවා වලට නැවතීමේ තිත තැබීමට සැලසුම් කිරීම අවශ්යයි. උදාහරණයකට ඔබ රාජකාරි කරන වේලාවේදී පුද්ගලික දුරකථන පනිවිඩ ලබාගන්නවානම් එය නැතිකිරීම සඳහා ඉලක්කයක් තබාගන්න. " මම මෙතැන් පටන් සතියක කාලයක් අනවශ්ය දුරකථක ඇමතුම නොගනිමි" වැනි ඉලක්කයක් මූලික අවධියේ ප්‍රමානවත් ය. එය සාර්ථක වී නම් ඉලක්කයේ කාල පරාසය වැඩි කරගන්න.  සතියක් අනවශ්ය දුරකථක ඇමතුම් ලබාගැනීමෙන් වැළකුනා නම් එම කාලය සති 2 ක් දක්වා වැඩි කර ගන්න. මේ ආකාරයට දවසේ පැය 24 තුල අප විනාශ කරන කාලය එක් ‍රැස් කරගත හැක.

කාලය කළමනාකරණය කිරීමට සාමාන්ය පුදගලයෙකුට නම් දිනපොතක් හෝ Time Planner උපකරණයක් අවශ්ය නොවනු ඇත. නමුත් කාලසටහනක් පාවිච්චි කිරීම ඉතා වැදගත් වේ. තම තමන්ගේ තත්වයට අනුව කාල සටහන වෙනස් වේ. ශිෂ්යයෙකුට නම් තමන්ගේ කාලසටහනේ වැඩිම කාලයක් වෙන්කල යුත්තේ ඉගෙනීමේ වැඩවලටයි. විනෝදාත්මක වැඩ සඳහා යොදන කාලය හැකිතාක් අඩුකරමින් එම කාලය තුලත් තම් මූලික ඉලක්කය ජය ගැනීමට වැඩ කිරීම තුලින් ඉගෙනීමේ හෝ ‍රැකියාවේ සාර්ථකත්වය කරා ලඟාවිය හැක. කාල සටහනේ සමාජ කටයුතු වලට ඉඩක් වෙන් කර ගැනීම ඉතාම වැදගත් වේ. මන්දයත් සමාජයත් සමහ වැඩ කිරීම එතරම් පහසු නොවූවත් එය අනාගතයට ආයෝජනයක් වන නිසාය. 

දිනය ආරම්භයේදීම තමන් කරන වැඩ කටයුතු වල ප්‍රමුඛතා ලයිස්තුවක් සාදාගන්න. උදහරණයකට ඔබට දිනකට වැඩකටයුතු 20 ක් සිදුකිරීමට තිබෙනවානම් ඒවායේ වැදගත්කම පදනම් කරගෙන ලයිස්තු ගතකරන්න.  එයින් ඇත්ත වශයෙන්ම සිදුකරගතයුතු කාර්යයන් කීයක් තිබෙනවාද ?  ඉතාම වැදගත් කාර්යයන් මුලින්ම සිදුකිරීම නිසා යම් හෙයකින් අනෙක් කාර්යයන්ට යම් බාධාවක් ඇතිවුවද එයින් වන හානිය අවම වේ. තවත් කාරණයක් නම් කිසි විටක වැඩ කල් නොදැමිමයි.

ඔබේ වැඩකටයුතු අනෙක් අය අතර බෙදාගැනීමට පුරුදු වන්න. නිවසේ හෝ කාර්යාලයේ හෝ වැඩ බෙදාගැනීම මගින් තමන්ගේ කාලය ඉතුරු වෙනවා වගේම වැඩ කීපයක් එක විටම නිමකිරීමටද හැක.

සෑම විටම කාලය අපතේ යන ස්ථාන වලදී කරන්නට යම් වැඩ කොටසක් සූදානම් කරගන්න. උදාහරණයක් ලෙස යම් ආයතනයකට ගියවිට තරමක් වේලා බලාසිටීමට සිදුවෙනවා නම් පෙතක් වැනි දෙයක් ‍රැගෙන යන්න. වැඩක් නොමැතිව කිසි විටකත් බලා නොසිටින්න. තමන් අධ්යාපනය ලබනවානම් කෙටි සටහන් වැනි දේවල් කියවීම පිනිස අපතේ යන කාලය කැප කරන්න.

අපට ජීවත් වීමට  ඇත්තේ කෙටි කාලයකි. ඒ කාලය තුල උපරිම වැඩ කොටසක් කිරීමට සෑම දෙනාම උත්සාහ කල යුතුය. ලෝකයේ සාර්ථකම පුද්ගලයාටත්, අසාර්ථකම පුද්ගලයාටත් තිබෙන්නේ දිනකට පැය 24 ක් පමණයි. නමුත් ඔවුන්ගේ සාර්ථක අසාර්ථක බවට හේතුව නම් කාලය ප්‍රයෝජනයට ගන්න ආකාරයයි.  ඔබේ තේරීම වන්නේ සාර්ථක ජීවිතයක්ද ? එසේ නම් මේ මොහොතේ සිටම කාලය කළමනාකරණය කරගන්න.

2 comments:

  1. "දිනය ආරම්භයේදීම තමන් කරන වැඩ කටයුතු වල ප්‍රමුඛතා ලයිස්තුවක් සාදාගන්න. උදහරණයකට ඔබට දිනකට වැඩකටයුතු 20 ක් සිදුකිරීමට තිබෙනවානම් ඒවායේ වැදගත්කම පදනම් කරගෙන ලයිස්තු ගතකරන්න. එයින් ඇත්ත වශයෙන්ම සිදුකරගතයුතු කාර්යයන් කීයක් තිබෙනවාද ? ඉතාම වැදගත් කාර්යයන් මුලින්ම සිදුකිරීම නිසා යම් හෙයකින් අනෙක් කාර්යයන්ට යම් බාධාවක් ඇතිවුවද එයින් වන හානිය අවම වේ. තවත් කාරණයක් නම් කිසි විටක වැඩ කල් නොදැමිමයි.

    ඔබේ වැඩකටයුතු අනෙක් අය අතර බෙදාගැනීමට පුරුදු වන්න. නිවසේ හෝ කාර්යාලයේ හෝ වැඩ බෙදාගැනීම මගින් තමන්ගේ කාලය ඉතුරු වෙනවා වගේම වැඩ කීපයක් එක විටම නිමකිරීමටද හැක.

    සෑම විටම කාලය අපතේ යන ස්ථාන වලදී කරන්නට යම් වැඩ කොටසක් සූදානම් කරගන්න. උදාහරණයක් ලෙස යම් ආයතනයකට ගියවිට තරමක් වේලා බලාසිටීමට සිදුවෙනවා නම් පෙතක් වැනි දෙයක් ‍රැගෙන යන්න. වැඩක් නොමැතිව කිසි විටකත් බලා නොසිටින්න. තමන් අධ්යාපනය ලබනවානම් කෙටි සටහන් වැනි දේවල් කියවීම පිනිස අපතේ යන කාලය කැප කරන්න.

    අපට ජීවත් වීමට ඇත්තේ කෙටි කාලයකි. ඒ කාලය තුල උපරිම වැඩ කොටසක් කිරීමට සෑම දෙනාම උත්සාහ කල යුතුය. ලෝකයේ සාර්ථකම පුද්ගලයාටත්, අසාර්ථකම පුද්ගලයාටත් තිබෙන්නේ දිනකට පැය 24 ක් පමණයි. නමුත් ඔවුන්ගේ සාර්ථක අසාර්ථක බවට හේතුව නම් කාලය ප්‍රයෝජනයට ගන්න ආකාරයයි. ඔබේ තේරීම වන්නේ සාර්ථක ජීවිතයක්ද ? එසේ නම් මේ මොහොතේ සිටම කාලය කළමනාකරණය කරගන්න."

    එලකිරි මචං පට්ට සීන්එක.

    ReplyDelete
    Replies
    1. සහතිකවම.....මටත් යාළුවන් ගෙන්,හිතවතුන්ගෙන් අනවශ්‍ය දුරකථන ඇමතුම් ,අනවශ්‍ය ලෙස කාලය කා දැමීමේ දේවල් ගොඩක් එනවා,ඊයේ වෙනකම්ම එි කියන්නේ 2020/01/03 වෙන කම් ම ආවා.ඒත් ආයෙත් මම ඒ වරද කෙදිනකවත් කරන්නේ නම් නෑ..ගොඩාක් කාලය අපතේ ගියා....දැන් නම් හොදටම ඇති....අද දිනේ ඉදන් මම හැදෙනවා....ආයෙත් කාලේ කා දමන වැඩ කරන්නේ නෑ කෙදිනකවත්....ඒ වගේ දැඩි පියවරක් ගන්න මේ ලිපිය මට අති විශාල පිටුවහලක් උනා...ඉතින් මෙි ලිපාය පල කරපු ඔබට බොහොමයක් ස්තූතියි!!! ජය වේවා..

      Delete