Thursday, November 25, 2010

අනිවාර්ය යුධ සේවය (Conscription)ලංකාවේ ඇතිකරමු


මාගේ බ්ලොග් අඩවියේ මූලික නීතියක් ලෙස දේශපාලනික කාරණා ගැන ලිපි ලිවීම නොකරයි. මගේ කිසිඳු දේශපාලන බලවේගයකට සහය දීමක් නැත. එම නිසා පහත ලිපිය දේශපාලන පදනමකින් තොරව කියවීම තුලින් මෙහි හරය නිසි ලෙස ග්‍රහනය කරගත හැකි බව සලකන්න.

අනිවාර්ය යුධ සේවය (Conscription) ලොව බොහෝ රටවල් වල තිබෙන දෙයක්. සියලුම පුද්ගලයින් යම් වයසකට පත්වූ පසු අනිවාර්යයෙන්ම රටේ හමුදාවට, පොලීසියට හෝ වෙනත් රජය මගින් ක්‍රියාත්මක වෙන පැරාමිලිටරි ආයතනයකට යම කාලයක් සේවය කිරීම එයින් හැඳින්වේ. ලංකාවේ අතීතයේ තිබුනේත් එවැනි සේවයක්. රටේ සියලුම පුරවැසියන් රටට සේවය කිරීමත්, යුද්ධ කාලයක සියලු දෙනා එක්වී සටන් කිරීමත් ආරම්භයේ සිටම පැවතුනා. නිත්ය යුධ සේවයක් පැවතියේ බොහෝ කලකට පසුයි.ලෝකයේ බලවත් ජාතීන්ට මෙරට යටත් කරගැනීමට ඉතා අපහසු වුනේ මේ හේතුවෙන්.

ඊට බොහෝ කලකට පසු අපේ රට දැන් පැමින සිටින්නේ එවන් යුගයකට. රටේ අභ්යන්තර තර්ජන බොහෝමයක් අවසන් වූ නමුත් නැවත ත්‍රස්තවාදයේ නැගිටීමක් ඇතිවිය හැක. රටේ අසමගිය වැඩිවී එකිනෙකා කුලල් කා ගන්නා තත්වයකට රට පැමින ඇත. දූශනය, භීෂණය ඉහවහා ගොසිනි. එමෙන්ම තම යුතුකම් ඉටුකිරීම, නීතිගරුක වීම, වැඩිහිටියන්ට ගුරුවරුන්ට හා සමාජයේ වගකියයුත්තන්ට ගරුකිරීම, මනා විනයක් පවත්වා ගැනීම වැනි කාරණා වලින් අප සමාජය (විශේෂයෙන්ම තරුණ පරපුර.) ඈත්වී තිබේ.

රටට ආදරය කරන අභියෝග හමුවේ නොසැලෙන එඩිතර ජනතාවක් වෙනුවට අපට ඉතිරිව ඇත්තේ. සිහින ලෝකවල කිමිදෙන තම අපේක්ෂා ඉටුකරගැනීමට උකටලී වෙන කම්මැලි නිහීන පිරිසකි. අපේ රටේ අනාගතයට මෙවන් පිරිසකගෙන් සිදුවන විනාශය ගැන කීමට අටුවා ටීකා අවශ්ය නැත. රටට වන හානිය වලක්වා ගැනීමට ශක්තිමත්, රටට ආදරය කරන විනයගරුක ජනතාවක් රටේ ඇතිකිටීම අනිවාරය වේ.

oකාවට අනිවාර්ය යුධ සේවය වැදගත් වන ආකාරය මීලඟට සලකා බලමු. මෙමගින් රටට මෙන්ම තරුණ පුද්ගලයින්ට මගඟු සෙතක් සැලසෙනවා. සෑම දෙනාටම තමන්ගේ නායකත්ව කුසලතා, සන්නිවේදන කුසලතා වැඩිදියුනු කරගැනීමට හැකියාව ලැබෙනවා එමෙන්ම පිරිසක් සමග වැඩකරන්නේ කෙසේද යන්න ගැන කියමාකාර පුහුනුවක් මෙමගින් ලබාගන්න පුලුවන්.  ශාරීරික හා මානසික යෝග්යතාවය තවත් එක් යහපත් කාරනාවක්.  යුධ සේවයෙන් ලැබෙන සියලුම කුසලතා අනාගතයට ඉතා වැදගත්. හොඳින් අනිවාර්ය යුධ සේවය සම්පූර්ණ කලවිට පරිපූර්ණ මිනිසෙක් ගොඩනැගෙනවා. කිසිඳු වේදනාවක් දරාගන්නට බැරිව දුක් විඳින්නට නොහැකි තමන්ගේ අහියේග වලට බියවන බෝනික්කන් වැනි තරුණ පිරිසක් බිහිකරනවාද  නැතහොත් කලින් සඳහන් කල ආකාරයේ පරිපූර්ණ මිනිසෙක් බිහිකරනවාද කියා සිතීමට ඔබට බාරයි.

මෙම යුධ සේවයට සියලුම ජාතීන්ට පැමිනීම අනිවාර්ය කරන නිසා සියලුම දෙනාට තමන් ලාoකිකයන් ලෙස සිතා ජාති බේද දු‍රැලීමට අවස්ථාව ලැබෙනවා.  මෙම යුද්ධ පුහුනුව මහින් තම කායික හා මානසික යහපැවැත්ම තීරනය වනවා වාගේම වාරශිකව හෝ මාසිකව පවත්වන පුහුනු මගින් (Boot camps) ශාරීරික යෝග්යතාවය සදාකාලිකවම පවත්වා ගැනීමට හැකිවනවා.
 
මා මුලින් සඳහන් කල ආකාරයට අනිවාර්ය යුද්ධ පුහුනුව යනු ආයුධ පුහුනුව ලබාදීම පමනක් නොවේ. මනා විනයක් ඇතිකිරීම එහි එක් අoගයක්. විනය නියමිත පරිදි ඇති නිසා තමන්ගේ පුහුනුව වැරදි ආකාරයට භාවිත කිරීම වැලකෙනවා. එමෙන්ම ආයුධ සoසරණය සීමා කිරීම මගින් වඩා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරගත හැක.

අනිවාර්ය යුද්ධ සේවය (ජාතික සේවය යන්න වඩා ඵලදායි යෙදුමකි) තුලින් ප්‍රතමාධාර පුහුනුව, ආත්මාරක්ශක පුහුනුව, පාරිසර සoරක්ෂණය වැනි දේවල් ගැන දැනුම් සම්භාරයක් තමාට ලඟාකරගත හැක. එමෙන්ම ආපදා අවස්ථාවලදී කිසිඳු බියක් සැකකින් තොරව එයට මුහුන දීමට මෙම ජාතික සේවක පිරිස යොදාගත හැක. පරිසර සoරක්ෂණය, සමාජ සේවා කටයුතු ආදියට මෙවන් පිරිසකගෙන් ගතහැකි සහය නිමකල නොහැක. අනාගත ‍රැකියා වෙලඳපලට සරිලන කායික හා මානසික වශයෙන් ශක්තිමත් ජනතාවක් මේ ආකාරයෙන් නිර්මාණය කරගත හැක. අවoකත්වය තම වගකීම නිසිලෙස ඉ‍ටුකරන ශ්‍රම බලකායක අවශ්යතාව මෙමගින් සම්පූර්ණ කරගත හැක.

ජාතියක් වශයෙන් බොහෝ ඵලදායී ප්‍රතිඵල මෙයින් ලබාගත හැක.
සටන් පුහුනුව ලැබූ විශාල ජනකායක් සිටින නිසා මෙරටට තිබෙන අභ්යන්තර හා බාහිර තර්ජන පහසුවෙන් විනාශ කල හෑක. නිත්ය හමුදාවේ ප්‍රමාණය වැඩිකරනවාට වඩා මෙවන් පැරාමිලිටරි පුහුනුව ලැබූ පිරිසක් නඩත්තු කරීම පහසුයි.  ඉතා හොඳන් පුහුනුව ලැබූ ශ්‍රම බලකායකින් යුද්ධයක් නැතත් වෙනත් සේවා වලට අනියුත්ක කල හැක. රටේ ආහාර නිශ්පාදනය වැඩිකිරීමට මොවුන්ගෙන් වැඩි දායකත්වයක් ලබාගත හැක. රටේ ප්‍රචන්ඩ ක්‍රියා අඩුකිරීමට හා අපරාධ මැඩලීමට පොලීසියත් සමග මෙවන් ජාතික සේවක පිරිසක් යොදාගැනීම තුලින් අපරාධ අවම වේ.  මිලිටරි පුහුනුව මගින් ජනතාව ආරක්ශා කිරීම හා සැමට ගරුකිරීම වැනි දෙවල් නිසා සමාජ අසාධාරණය, විශ්ව විද්යාල තුල භීෂණය වැනි දේවල් වලට නැවතීමේ තිත තැබීමට පුලුවන්.

මේ සියලු දේ කිරීමට විධිමත් ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතුයි. ශාරීරික යෝග්යතාවය සලකා බලා ජාතික සේවයට (අනිවාර්ය යුධ සේවයට) බඳවා ගතයුතුයි. ශාරීරික මට්ටම අඩු වුවත් ඔවුන් අතිරේක සේවාවන් වලට යොදාගත හැක. යුද පුහුනුව හා සේවා කාලය සීමා සහිත කාලයකට සිදුකල හැක (මාස 6 ක් හෝ අවුරුද්දක් ). යම් ආර්ථික අපහසුකම් ඇති අයට සහනක් හෝ යම් වැ‍ටුපක් ගෙවීම කලයුතුයි. පුහුනුව නිමකල අයට ‍රැකියා ලබාදීම ගැන රජයේ ආයතන හෝ පෞද්ගලික ආයතන යම් ක්‍රමවේදයක් ගොඩනගා ගත හැක.

සෑම කෙනෙකුටම කමාගැන, තම රට ගැන වගකීමක් ඇත. තරුණ පිරිසට එය වඩාත් බලපායි මන්දයක් රටේ අනාගතය ඔවුන් නිසාය. අනිවාර්ය යුධ සේවය එතරම් පහසු වන්නේ නැත. නමුත් දැඩි කැපවීමෙන් තම රට චෙනුවෙන්, සමාජය වෙනුවෙන් තමාගේ සතුට, වින්දනය හා පහසුව කැපකිරීමට අප සැම දෙනාම පුරුදු විය යුතුවේ. මිනිසා ඉපදී ඇත්තේ කෑමට, බීමට, රමණය කිරීමට හා තමන්ගේ පහසුව තකා ආත්මාර්ථකාමී වීමට නොවේ. මිනිසා හා අනෙක් සත්වයන් අතර ඇති වෙනස එයයි.

oකාව වැනි රටකට අනිවාර්ය යුධ පුහුනුවට මූල්ය ප්‍රතිපාදන සපයා ගැනීමට දුශ්කර විය හැක. නමුත් මෙරටට වඩා දුප්පත් රටවල් බොහෝමයක මෙය සිදුකෙරේ.  මූලික ප්‍රාග්ධනය සපයා ගැනීම තරමක් දුශ්කර වුවත් එයින් ලැබෙන ඵලය නම් ඉතා වටිනා කමින් ඉහලයි. අපේ රටගොඩ නැගීමට ප‍ටු අදහස් වලින් තොරව අනිවාර්ය යුද සේවයට(ජාතික සේවයට) සියලු දෙනාගේම සහය හිමිවිය යුතුයි

7 comments:

  1. 100% එකඟයි. මොකද මමත් අවුරුඩු 5ක් ම School Cadet කෙනෙක් වෙලා හිටියා. එනිස මන් දන්නව එකෙ වැදගත්කම. බලන්න Singapore වල, එහිත් අනිවාර්ය යුධ පුහුණුව තියෙනවා. මට මතක විධිහට අවු 18 ත් 20 ද කොහෙද.

    මේක තමයි මන් කාලෙකින් කියවපු වැදගත්ම ලිපිය.

    ReplyDelete
  2. අනිවා 100% එකඟයි.ඔය මිලිටරි පුහුනුව නැත්තෙ මේ වෙනකොට දකුණු ආසියාවෙ රටවල් කීපයකයි,අප්‍රිකන් රටවල් ටිකකයි විතරයි.පිලිපීනෙ පවා මේ වෙනකොට සෑම තරුණ තරුණියකටම ඕක අනිවාර්්‍ය කරල තියනවා.තායිවාන්,කොරියන්,ජපන් කෙල්ලො පවා ඕකට යන්න ඕනැනෙ.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. හමුදාවටම යන්න ඹ්න නැහැ කොන්දක් තියෙන මිනිහෙක් වෙන්න.අනික හමුදාවෙ ඉන්න ඔක්කොම එවුන්ට කොන්දක් ඇත්තෙත් නැහැ.හමුදාවට යන්න ඕන උඹ වගේ කොන්දක් නැති එවුන්.මිනිහෙක් වෙන්න බලපන් කාගෙවත් උදව්වක් වෙන්න.උඹ වගේම මෝඩයෝ දෙන්නෙකුත් ඉන්නව වගේ.

    ReplyDelete
  5. malli poddak awul wage neda? :)

    Cadet kenek ehema comment ekak dala thiyenawa dakka, personality eka wardhanaya karanawa kiyala. Military service eken karanne personality eka wardhanaya karana eka nemei, nethi karana eka. Personality kiyanne raspot daagena inna eka nemei, konda pana athuwa weda kireeme hakiyawa. Military service wala ehema ekak ne, kiyana de kala yuthui, prashana kala nohakiy.
    Lasitha kiwwa wage konda pana thiyagena minihek wenna balahan.

    ReplyDelete
  6. @ලසිත. සහෝදරයා, හමුදාවට යන්නම ඔනේ නෑ කොන්දක් තියෙන්න. " බහුතරයක් " හමුදාවේ ඉන්න අයට කොන්දක් තියෙනවා. සාමාන්ය අයට වඩා හමුදා සේවයේ රැඳලා ඉන්න පුලුවන් ඉතාම දැඩි දරාගැනීමේ ශක්තියක් තියෙන අය. අනිත් එක මම කියන්නේ නිත්ය හමුදාවට බැඳෙන එක ගැන නෙවෙයි. ජාතික සේවා සංචිතයක් ඇතිකරන එක ගැන. මේ ලිපිය මුල ඉඳලා කියවලා බලන්න. මම අනිවාර්ය යුධ සේවය කියලා යොදාගත්තේ මූලික වශයෙන් යුද්ධ කටයුතු වලට මොවුන්ව යොදාගන්න එක ගැන. සුලු කාලයකට මේවගේ පුහුනුවක් ලබලා රටට සේවයක් කරන එකේ තියෙන වැරැද්ද මොකද්ද? මේ වගේ දේවල් වලින් කරන්නේ සෑම දෙනාම ශක්තිවනත අය කරන එක. කොන්දක් නැති අය කොන්දක් ඇති අය කරන්නත්. කොන්දක් තියෙන අය තවත් ශක්තිමත් කරන්නත් මේක හේතුවන්වා

    ReplyDelete
  7. @Anonymous සහෝදරයා, ඔබතුමා මිලිටරි සේවය ගැන වැරදි විදිහට වටහ ගෙන වගේ තියෙන්නේ. තමන්ගේ ඉහල අනට අවනත වීමත් එක්තරා ආකාරයට විනය පවත්වා ගැනීමක්. සෑම විටම මිලිටරි සේවය පුද්ගලයෙක්ගේ මොරාල් එක වැඩිකරන්නට කරයුතු කරන්වා. මම ලසිතට කිව්ව දේ ඔබතුමාටත් වලංගුයි. මේක නිත්ය හමුදාවක් නොවේ. ගොඩක් අය අනිවාර්ය යුද සේවය කියලා කියනකොට තේරුම වරද්දාගත්ත බව මට පැහැදිලියි. රටේ තරුණ පිරිස සෑම හැකියාවකින්ම සන්නද්ධ කිරීම තමයි මෙහි මූලික අරමුණ. පැරාමිලිටරි ඒකකය වනාහී මෙහි එක් ප්‍රතිඵලයක් පමණයි.

    ReplyDelete