Wednesday, November 24, 2010

අන්තර්ජාලයෙන් නිසි ප්ර යෝජන ලැබීම


අන්තර්ජාලය වනාහී අද ලෝකයට අත්යාවශ්ය දෙයකි. එය මුලු ලෝකයම එකට සම්බන්ධ කරයි. අතීතයේ මෙන් නොව නූතනයේ මිනිසාට එකිනෙකා හා සම්බන්ධ වී සිටීමට සිදුවේ. ස්වයංපෝශිත ජීවන රටාව ලබාගැනීමට ලොව කිසිඳු රටකට නූතනයේ නොහැකි වී තිබේ. කාලයත් සමග සංකීරිණ වන මිනිස් අවශ්යතා සමග මූල්ය අංශය පෙරදා නොවූ ආකරයට ප්‍රසාරණය වූවා. එමෙන්ම එක් පුදගලයෙක් අනෙකා මත යැපීමට සිදුවුනා. අවසානයේ ලෝකය විශ්ව ගම්මානයක් බවට කෙමෙන් කෙමෙන් පත්වුනා.

අන්තර්ජාලයේ සේවාවන් හා පැතිකඩවල් කීපයක් තිබෙනවා. නූතනයේ මිනිස් අවශ්යතා වලට මූලිකවම බලපාන්නේ ලෝක ව්යාප්ත ජාලය නැමති අන්තර්ජාලයේ අතුරු මුහුනතයි (World Wide Web). දත්ත රාශියක් වෙබ් පිටු ආකාරයට පරිගණක වල ස්ථාපනය කිරීම හා අවශ්ය විටෙක ඒවා නැවත වෙනත් පරිගණක මගින් ලබාගැනීමට හැකිවීම මෙහි ප්‍රධාන කාර්යයයි. ලෝක ව්යාප්ත ජාලය මගින් දත්ත ලබාගැනීම පමනක් නෙව පරිගණක සමග යම් වැඩසටහන් කියාත්මක කිරීමටත් නූතනයේ දී හැකිවී තිබේ. එහි ප්‍රයෝජන කියා නිමකල නොහැකියි. අධ්යාපන, මූල්ය, විනෝදාත්මක වැනි අංශ රාශියකට ලෝක ව්යාප්ත ජාලය තම දායකත්වය ලබා දෙයි. ලොවේ සෑම දෙයකම හොඳ හා නරක දෙකක් තිබෙන නිසා අන්තර්ජාලයේ නරක පැත්ත ගැන අනිවාර්යයෙන්ම සාකච්චා කලයුතුයි. මූලිකවම අන්තර්ජාලය භාවිතයෙන් වන හානි අතරට අසභ්ය වෙබ් අඩවි, ත්‍රස්තවාදී ක්‍රියා, මූල්ය වංචා හා දත්ත සොරාගැනීම ආදිය සඳහන් කලහැක.

අන්තර්ජාලය භාවිතයෙන් සිදුව බරපතලම ගැටලුව වන්නේ අසභ්ය වෙබ් අඩවි ය. ලිංගිකත්වය මිනිසාට පාලනය කරහැනීමට ඉතා අසීරුම ආවේගයයි. අතීතයේ පටන් ලිංගිකත්වය යන මාතෘකාවට සමාජයේ වැඩි ප්‍රසිද්ධියක් ලැබුනු අතර ලිංගික සතුට වෙනුවෙන් මිනිසා ඕනෑම අභියෝගයක් ජයගැනීමට ක්‍රියා කලා. ස්ත්‍රියකගෙන් ලිංගික සතුට ලබාගන්නට නොහැකිවූවුට වෙනත් ක්‍රමයකින් එය ලබාගැනීමට මිනිසුන් පුරුදු වුනා. මෙහි නූතන විකාශනය ලෙස අන්තර්ජාලය භාවිතයෙන් අසභ්ය දෙවල් නැරඹීම ලෙස හැඳින්විය හැක. එසේ අසභ්ය දේවල් නැරඹීම වනාහී ඇබ්බැහියකි. දුම්බීම, මත්ද්‍රව්ය ගැනීමට වාගේම මානසික බලපෑම් මෙන්ම කායික බලපෑම්ද ලඟාකරදෙන බරපතල ඇබ්බැහියකි.

අසභ්ය කාරනා නැරඹීම, ඇසීම හෝ කියවීම තුලින් ඔබේ මුදල් හා කාලය විනාශ වනවාට වඩා කිසිඳු සෙතක් තමන්ට අත්වෙන්නේ නැත. මේවැනි දේ කිරීම මගින් ඔබේ මනස දූශනය වෙනවා. ලමයින්ට මෙය බරපතල ලෙස බලපානවා. අද ලංකාවේ ළමයින් විශාල ප්‍රමානයක් මේවා නරඹනවා. තරුණ පිරිස ගැන අමුතුවෙන් විස්තර කිරීමට අවශ්ය නැත. දෙමව්පිය දූදරු සම්බන්ධතා දුර්වල වීම, සංස්කෘතියට නොගැලපෙන ආකාරයේ ක්‍රියා අත්හදා බැලීම (විවාහයට පෙර ලිංගික ක්‍රියා කිරීම සියලු ආගම්වල තහන්ම් කර තිබේ. බුදු දහමේ කුමරි බඹසර හා කුමර බබසර ගැන විශේෂයෙන් සඳහන් කර ඇත.) වැනි දේවල් මේ නිසා සිදුවෙනවා. බෙහෝ අය පවසන තර්කයක් වන්නේ ලිංගික කාරනා අඩංගු දෙවල් තහනම් කිරීමෙන් ලිංගික අසහනය වැඩිවෙනවා කියාය. නමුත් මිනිසුන් තුල කාමය ඇවිස්සීමට අසභ්ය දේවල් හෙතුවෙනවා. ප්‍රතිශතයක් ලෙස ගතහොත් ස්ත්‍රී දූශන වැඩිපුරම සිදුවන්නෙ ලිංගිකත්වයට ලිබරල් ආකල්ප දක්වන බටහිර රටවල් වලයි.

ලෝකයේ ස්ත්‍රී දූශන සිදුවන අනුපාතය අනුව රටවල් පෙලගැස්සුවොත් ඉන් පලමු රටවල් 13 අතරට ඔස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නවසීලන්තය මෙන්ම ඉතාම උසස් ජීවන තත්වයක් තිබෙන ලෝකයේ ස්ථාවරම රටවල් ගොන්නට ගැනෙන ස්කැන්ඩිනේවියානු රටවල්ද ඇතුලත් වෙනවා. මෙහි අඩුම දූශන අනුපාතය තිබෙන්නේ ලිංගිකත්වයට දොරටු වැසූ අසභ්ය දේවල් කපාහරින මුස්ලිම රටවලයි (සවුදි අරාබියාව, යේමනය, කටාර් වැනි.). මුස්ලිම රටවල සෑම නීතියක්ම ලංකාවට වලංගු නැත. එමෙන්ම මනුශ්යත්වයට නොගැලපෙන දෙවල් රාශියක්ම එම රටවල ක්‍රියාත්මක වේ. නමුත් මිනිසාගේ කාමය අවුස්සන දේවල් වලින් ඔවුන් හැකිතරම් ඈත් කිරීමෙන් කාම අපරාධ අඩුකරගත හැක. අසභ්ය දෙවල් පමණක් නොව සමාජ ජාල හා අන්තර්ජාල කථන පහසුම් (Chatrooms) නිසා අපචාරකරුවන්ට ළමයින් ගොදුරු වීමට හේතුවිය හැක. කුඩා ලමයින් හා කාන්තාවන් රවටා ඔවුන්ට අපචාරයට ලක්කිරීමේ සිද්ධි ගැන නන් දෙසින් වාර්ථා වෙනවා. එමෙන්ම සියදිවි නසාගැනීම් වලටද මූලික හෙතුවක් වන්නේ වැරදි සමාජ ඇසුරට අන්තර්ජාලය නිසා යොමුවීමයි. බ්‍රිතාන්ය චිත්‍රපටයක් වන “Chatroom” චිත්‍රපටයෙන් අන්තර්ජාලය නිසා තරුණ ජීවිත විනාශ වෙන අයුරු පැහැදිලි කරනවා.

අන්තර්ජාලය තුලින් මූල්ය වංචා නිරන්තරයෙන් සිදුවෙනවා. කොතරම් වැටකඩොලු බැන්දත් ඒවා නැවැත්විය නොහැකියි. මූල්ය වංචා වලට මූලිකවම අන්තරාලය භවිත කරන්නාගේ නොසැලකිල්ල හා නියමිත ආරක්ශක උපක්‍රම නොයෙදීම දැක්විය හැක. එමෙන්ම ත්‍රස්තවාදී ක්‍රියා වලටද අන්තර්ජාලය යොදාගන්නවා. ත්‍රස්තවාදීන්ගේ ප්‍රචාරක උපක්‍රමයක් ලෙස හා කෙලින්ම අන්තර්ජාලය භාවිතා කරගේන ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීම මේ යටතට ගැනෙනවා (සයිබර් ත්‍රස්තවාදය.) කොටි සංවිධානය පවා ඔවුන්ගේ ප්‍රචාරක යාන්ත්‍රනයට අන්තර්ජාලය බහිලවම යොදාගත්තා. රජයේ ප්‍රචාරක යාන්ත්‍රනයට වඩා කොටින්ගේ යාන්ත්‍රනය එදා ඉතා බලවත් වී තිබුනා.

අන්තර්ජාලයේ නරක දෙවල් වලින් ජනයා ඈත් කිරීමට විසඳුම් මීලඟට සලකා බලමු. මුලින්ම අන්තර්ජාල නියාමන පනතක් ඉදිරිපත් කලයුතුයි. එහි කාර්යභාරය පහත පරිදි විය යුතුයි.

1.     අන්තර්ජාල සම්බන්ධයේ ගුනාත්මක භාවයට හානියක් නොවන අයුරුන් ෆිල්ටර් ක්‍රමයක් භාවිත කිරීම. (නමුත් ලංකාවේ අන්තර්ජාල සම්බන්ධතාවල වේගය ගැන අමුතුවෙන් කීමට අවශ්ය නැත.)

2.     වෙබ් අඩවි තහනම් එතරම් සාර්ථක නොවුනත් එහි යම්තාක් දුරකට සාධනයක් තිබෙන නිසා ලමා හා කාන්තා කාර්යංශයට නොව වෙනම ඒකකයකට වෙබ් අඩවි තහනම් කිරීම පැවරීම හා ඊට අදාල නීති සංශෝධනය කිරීම.

3.     සයිබර් කැෆේ සම්බන්ධයෙන් නීති පද්ධතියක් සැකසීම හා ඒවා ලියාපදිංචිය.

4.     අන්තර්ජාලයෙන් දරුවා රැකගැනීම ගැන දෙමවුපියන්, ගුරුවරුන් දැනුවත් කිරීම.

5.     මූල්ය වංචා හා සයිබර් ත්‍රස්තවාදයට එරෙහි නව ඒකකයක් පොලීසියී හෝ හමුදාව යටතේ ආරම්භ කිරීම.

අන්තර්ජාලය දෙපැත්ත කැපෙන පිහියකි. වඳුරාට දැලිපිහිය හසුවුනා සේ නොව හංසයා දියෙන් කිරි වෙන්කරගන්නා සේ නිවැරදි දේවල් එයින් තෝරා ගතයුතුයි. දරුවන්ට එම බැවහැර ඥානය නොමැති නිසා වැඩිහිටියන් ඒගැන සැලකිලිමත් විය යුතුයි. අන්තර්ජාලයේ වාරණය කලයුත්තේ අසභ්ය දේවල් හා ත්‍රස්තවාදී ක්‍රියා වලට සම්බන්ධ වෙබ් අඩවි මිස තම විරුද්ධ මතධාරීන් නොවන බව පාලක පන්තිය වටහාගත යුතුයි. ඕනෑම දෙයකට සුදු, කලු කියා පැති දෙකක් තිබේ. හොඳ දේවල් ලංකරගෙන නරක දේවල් බැහැර කිරීම ඔබේ වගකිමයි

4 comments:

  1. වැදගත් ලිපියක්...

    ReplyDelete
  2. බොරු බයිල කියන්න එපා මල්ලි ලන්කාවෙ ස්ත්‍රී දූශන වැඩි ඉන්ටනෙට් වල වැල බලන කොළඹ නෙවෙයි හද්ද පිටිසර දුෂ්කර ගම් වලයි. බටහිර ලිබරල් රටවල ස්ත්‍රී දූශන ප්‍රතිශතය වැඩි බව කියන මූලාශ්‍ර පෙන්වන්න.ඔයා ඔලුවෙන් දෙයක් හිතල තමන්ගෙ බොරුවට තමන්ම රැවටිල.

    ReplyDelete
  3. ස්ත්‍රී දූශන වැඩිපුර ලෝකයේ සිද්ධ වෙන්නේ දියුනු රටවල. මූලාශ්‍ර වලට අනුව සමහර අප්‍රිකානු රටවල් කීපයක් හැරුනු විට වැඩිපුරම ඒවා බටහිර රටවල සිදුවෙනවා.

    http://www.nationmaster.com/graph/cri_rap_percap-crime-rapes-per-capita

    3 වෙනි 4 වෙනි හා පස්වෙනි රටවල් ඉතා දියුනු රටවල්. ඕස්ට්‍රේලියාව 3 වෙනි ස්ථානයට පත්වී තිබෙනවා. සීශෙල්ස් දූපත් 2 වෙනි ස්ථානයට. නමුත් අඩුම සවුදි අරාබියේ

    ReplyDelete
  4. that data depend on percentage of rapes and sexual assaults were reported to law enforcement officials buddy you think in Arab women complain? if Sri Lankan girl go to police to report like Australian girl does?

    ReplyDelete