Monday, November 22, 2010

මරණ දඬුවම තුලින් සමාජය විනයගරුක කරමු


අද ලංකාවේ අපරාධ රැල්ලක් ඇතිවන බව බොහෝදෙනෙක් කියති. නිරන්තරයෙන් අප රටේ මහා භයානක අපරාධ සිදුවේ. මිනීමැරුම්, මහා පරිමාන මුදල් වංචා, සොරකම් හා ලිංගික අපරාධ දවයිනේ දස දෙසින් වාර්ථාවේ. රටේ නීතිය ආරක්ශා කරන පොලීසිය හා උසාවිය වැනි ආයතන වලටත් මේ අපරාධ රැල්ල අවම කිරීමට තවත් හැකිවී නැත. මෑත කාලයේදී නීතිය සුරකින ආයතන පවා අපරාධකරුවන්ගේ තර්ජන වලට හසුවූ බව ටික කලකට පෙර වැලිකඩ ඇතිවූ සිද්ධිය විමසා බැලීමෙන් අපට පැහැදිලි වේ. අප රටේ අපරාධ අඩුකිරීමට විවිධ ක්‍රියාමාර්ග අතහදා බැලුවත් ඒ එකක් වත හරිහැටි ඵලදරා නැත.

ලංකාවේ මෑත කාලයේදී ක්‍රියාත්මක නොකෙරුනු මරණ දන්ඩනය යලි ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ රැල්ල ප්‍රමානාත්මකව අඩුකරගත හැකි බව මගේ හැඟීමයි. එමෙන්ම මගේ පසුගිය ලිපියක සඳහන් වූ ආකාරයට කුඩාකල සිටම දැඩි දඬුවම් දීමෙන් ළමයා විනයගරුක, නීතියට/දඬුවමට බය පුදගලයෙක් බවට පත්කරගත හැක. එමෙන්ම දඬුවම් දීමේදී එය ප්‍රසිද්ධියේ කිරීම මගින් දඬුවම් ලබන්නා පමනක් නොව අවට සමාජයද වැරදි කිරීම හා එයට පනවන ලබන දඬුවම් ගැන මනා අවබෝධයකින් මෙන්ම දඬුවම ගැන බියෙන් යුක්තව නීතිගරුක වීම ඉබේම සිදුවේ.

මේ නිසා මරණ දඬුවම ප්‍රසිද්ධියේ සිදුකිරීම ඉතා වැදගත්. අතීත ලංකාවේ මරණ දඬුවම සෑම දෙනාටම දැකගැනීමට හැකිවන ආකාරයට සිද්ධකෙරුනු බවට සාක්ශි හමුවේ. එමෙන්ම හිස ගසා දැමීම, උල තැබීම වැනි ඉතා දැඩි දඬුවම් ද අපරටේ ක්‍රියාත්මක වී තිබෙනවා. මරණයට නියම වූ තැනැත්තාට වදමල් මාලයක් දමා කසපහර ගසමින් නගරයේ වීදි දිගේ ඇවිද්දවීම තුලින් එය නරඹන ජනයාගේ සිතතුල දඬුවමට බියක් ඇතිවනවා. එය ඉතාමක් ප්‍රතිඵලදායකයි. බිය මගින් මිනිසාව පහසුවෙන හික්මවන්නට පුලුවන්.

අමානුශිකයි කියන සමහර රටවල් වල නීති හා දඬුවම් ගැන සලකන විට ලංකාවේ රජකාලේ පවා ඒවා ක්‍රියාතමක වී තිබුනා. දරුනු අපරාධ වලට රජකාලේ දඬුවම් නිර්දේශ කරන බොහෝ දෙනෙක් අද රටේ සිටිනවා. රජකාලේ දඬුවම් දීම කෙසේ වෙතත් මනුශ්ය ඝාතන, ලිංගික අපරාධ, මත්කුඩු හා මහාපරිමාන මූල්ය වංචා වලට මරණීය දණඩනය පිරිනැමීම මැනවි. එමෙන්ම රටේ නීති පද්ධතියට සුලු වැරදි වලට ප්‍රසිද්ධියේ කසපහර ගැසීම (Judicial Copral Punishment ) වැනි දඬුවම් ඇතුලු කිරීම මගින් දඬුවමට බිය වැරදි කිරීමට බියවන විනයගරුක ජනතාවක් ඇතිකරගත හැක.

පෝරකය සිරගෙවල් වල තිබෙන රහසිගත ස්ථාන වල නොව සෑම දෙනාටම නැරඹිය හැකි ස්ථානයක සවිකල හැක. එමෙන්ම දැන් බන්ධනාගාරවල එල්ලුම් ගසට නියමවී සිටින අපරාධකාරයින් සියල්ලම ඉතා ඉක්මනින් පෝරකයට යැවිය යුතුයි. එල්ලුම ගස පමනක් නොව වෙඩිතබා මැරීම, විදුලි පුටුව හා විශ එන්නත වැනි ක්‍රම මෙරට අත්හදා බැලිය යුතුයි. මෙම තත්වය ගැන පාලක පන්තියේ ඉක්මන් අවධානය යොමුවිය යුතු වනවා. අපරාධ රැල්ලෙන් ලංකාව බෙරාගැනීමට කල්යල්  නොබලා ක්‍රියාත්මක වීමට දැන් කාලය එලඹ ඇත

11 comments:

  1. ප්‍රසිද්ධියේ මරණ දඬුවම් දීම පිළිගත නොහැකි මනුෂ්‍යත්වයට නොගැලපෙන දෙයක්.

    ReplyDelete
  2. ඔය කියල තියන විදියට කලොත් නම් ලංකාව්ව්යි සෞදි අරාබියෙයි වෙනසක් නැතිව යනව නේ.
    සඳහන් කර ඇති වැරදි වලට දිය යුතු දඬුවම එය වුවත් ප්‍රසිද්ධියේ කසපහර ගැසීම එල්ලා මැරීම යනාදිය ශිශ්ඨ සම්පන්න සමාජයකට උචිත නොවේ.

    ReplyDelete
  3. ethakota deshapalana paliganim,buruwata warada karu kirim magin giya aya mareddi mokada wenne?

    ReplyDelete
  4. Issarawela lankawe neethiya pothatai dupppath minissuntai witharak nethuwa hemotama eka hetiyata kriyathmaka kaloth weradi bohomayak hadaganna puluwan wei.Den nam ithin neethiya thiyenne podi minihek karana weradi walata witharak danduwam denna witharane. Polisiyata puluwan onama kenekwa arrest karala kudu pekat ekek dala epe nethuwa hire yawanna.E wagema deshpalakayek polisiysta godawela kiwwoth me mage minihek kiyala polisiya ballo wage onam a apradhakarayek eliyata danawa.

    ReplyDelete
  5. ඔබගේ ලිපියෙහි ඇති කරුණු වලට මම 100%ක් එකග නොවුනත් බොහෝ කරුණු ඉතාම නිවැරදියි කියා මට හිතෙනවා.අපේ රටේ අපරාධ වැඩි වෙලා තියෙන්නෙ නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවීම නිසයි.එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම අමානුෂික ක්‍රියාවක් ලෙස මා නම් දකින්නේ නැහැ.එය අමානුෂික වන්නේ නිවැරදි කරුවෙක් වැරදිකරුවෙකු කර එවැනි දඩුවමක් ලබා දුන්නොත් පමණයි.එවැනි දැඩි නීති පද්දතියක් අප රටේ ක්‍රියාත්මක වෙනවානම් මීට වඩා ශිෂ්ට සමාජයක් අපිට දකින්න පුළුවන්.වරදකරු නිසි ලෙස හදුනාගෙන ,වරදේ ස්වභාවය අනුව දඩුවම් පමුණුවනවානම් අපේ රටේ මිනිසුන් මීට වඩා වරදට බිය වේවි.මුදල් මත පදනම් නොවී නීතිය සැම දෙනාටම සාධාරන වෙනවා නම් රට මේ අගාදයෙන් ගොඩ ගන්නට අමාරු නැහැ.අපේ රටේ මිනීමරුවන්ට,ස්ත්‍රී දූෂකයන්ට ලබා දෙන ලිහිල් දඩුවම් හේතුවෙන් ඔවුන් නැවතවරක් බිය නැතිව එවන් වැරදි කිරීමට පෙළඹෙන බවයි මගේ හැගීම.නීතිය අකුරට ක්‍රියාත්මක වෙන සුන්දර හෙට දවසක් පැතීම හැර අපට කරන්නට වෙන දෙයක් ඉතිරිව තිබේද?

    ReplyDelete
  6. මේක නම් සහතික ඇත්ත. අද කාලෙ මේ මරණ දඬුවම නැති එක රටට හෙනයක් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  7. අදහසනම් හොඳයි. ඒත් ලංකාවේ නම් මේ දඞුවම් වලට ලක්වෙන්න වෙන්නෙ වැරැදි කරපු පුංචි අහිංසකයින්ට විතරයි. නැත්නම් වැරැදි නොකර එසේ වැරැදි කරුවන් බවට පත් පොඩි මිනිහට විතරයි.
    මොකද ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ පොඩි මිනිහට විතරනෙ.
    නිකන්ම ගෝත්‍රිකයින්ගෙ ක්‍රමයක්නෙ දැනට තියෙන්නෙ. ඉස්සර වෙලා ඒ තත්වෙ වෙනස් කරන්න වෙයි.

    ReplyDelete
  8. මේ සේරටම කලින් ලංකාවෙ නීතිය හරියට හදන්න වෙනවා.

    ReplyDelete
  9. ලංකාවේ මරණ දඩුවම ඉල්ලා සිටින කාන්ඩයක් තමයී,ජීවිතාන්තය දක්වා හිර දඩුවම නියම වූ උදවිය. ඒ කෙසේ වෙතත්, මරණ දඩුවමට එක් කොන්දේසියක් යටතේ මා එකගයී. ඒ වැරදි ලෙස මිනිසෙක් මැරුවේ කවුරුද සහ ඒ මරණයට උදවි වූයේ කවුරුද, ඒ පුද්ගලයන්ටද මරණ දඩුවම දිය යුතුය යන්න කොන්දේසිය මතයී.

    මරණ දන්ඩනය නීතී ගත වූ ඇමරිකාවේ, the innocence project නම් ආයාතනය මගින්, සෑම වසරකම නවීන තාක්ශණය නිසා සොයා ගත් අලුත් සාක්කි මගින්, සිය ගනනක් වැරදි ලෙස හිර බත් කන උදවිය, මරණ දඩුවම ලැබූ උදවිය නිදහස් කරනවා. මරණයට පත් කර උදවිය නිවරදි කරුවන් බව සනාත කරනවා. සැබෑ වැරදි කරුවන් සොයා ගැනීමට පාර කපනවා.

    ඒ අනුව, උසාවියක් වැරදි ලෙස මිනිසෙකු මරණට පත් කරන්නේද, ඒ නඩුකාරයා සහ ජූරියටද ඒ හා සමාන දඩුවමක්, මරණ දඩුවම, දීමේ හැකියාව ඇත්නම්, මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතුයී. ඊට අමතරව, වැරදි මනුශ්‍ය ගාතනයට සහය දුන් පුරවැසියන්ටත්, යම් ආකාරයේ දඩුවමක් ලැබිය යුතුයි. (කස පහර යෝග්‍යයී) කොහොමත් මිනිහෙක් මරණයට නියම කරන්නේ, සැක හැරනේ. ඒ නිසා නඩුකාරයාටවත්, ජූරියටවත්, එහෙම කොන්දේසියක් තිබුනා කියා බයට පත් විය යුතු නැහැ නේද?


    වැරදිලෙස මිනිසෙකු මරණයට පත් කරෝතින්, ඒ වෙනුවෙන් දඩුවමක් වශයෙන් මරණ දන්ඩනය ලබන්න පන්ඩුකාබය සූදානම්ද?

    උදාහරනයක් විදිහට, නිවරදිකරුවෙකු වූ පන්ඩුකාබයගේ මව් සහ පියාව, මම ප්‍රසිද්දියේ, කඩිනමින්, මීනි මැරුකමකට වරද කරුවෙකු යැයී ප්‍රකාශයට පත් කර, මරණ දන්ඩයනයට පත් කර, සත් දවසක් ගිය කල, ඩී.ඇන්.ඒ මගින් (ලංකාවේ තවමත් මේ තාක්ශණය හරියට යෝදා ගන්නේ නැත ) නිවරදි කරුයැයී ඔප්පූ වුවේතින්, "අනේ ඒ සුලු අත් වැරැද්දක්නේ, හැමොම අතින් ඔය වාගේ සුලු සුලු අත්වැරදි සිදුවෙනවානේ" කියන්නේ, පන්ඩුකාබය සූදානම්ද?

    ReplyDelete
  10. එකග වෙන්න බෑ ...

    ReplyDelete
  11. නඩුකාරයො කරන වැරදිවලට දඩුවම් දෙන ක්‍රමයක් නෑ

    ReplyDelete