Sunday, November 21, 2010

යෝජිත විවාහ


සමාජයේ කුඩාම ඒකකය පවුලයි. පවුලක මූලික කාරයය වන්නේ සමාජයේ ඉදිරි පැවැත්මට ගැලපෙන ලෙස අනාගත පරපුරට රැකවරණය ලබාදීමයි. නව පවුල් ඒකක ඇතිවන්නේ ගැහැනියක් හා පිරිමියෙක් එක්ව වාසය කිරීමෙනි. ඔවුන් ප්‍රජනනයෙන් නව පරපුරක් බිහිකරගෙන එය පෝෂණය කරති. දරුවන් නොමැති පවුලකින් සමාජයට නිසි වගකීම ඉටු නොවේ. පවුල් තැනීමේ මූලික අඩිතාලම නැමති විවාහය සිදුකරන ක්‍රම කිහිපයක් තිබේ. සමාජය තුල වැඩියෙන්ම ජනප්‍රිය වී තිබෙන්නේ ප්‍රේම සම්බන්ධයන් මත සිදුකෙරෙන විවාහය හා යෝජිත විවාහයයි. මෙම ක්‍රම දෙක ගැන සමාජයේ පුලුල් කතිකාවතක් ඇතිවී තිබේ. මේ ලිපිය මගින් අවධාරණය කරන්නේ යෝජිත විවාහයේ ඇති යහපත් පැත්ත හා එයින් සමාජ ප්‍රගමනයට ඇති දායකත්වයයි.

බොහෝදෙනා යෝජිත විවාහයන් වලට සෘනාත්මක ආකල්පයක් දක්වන්නේ එහි ආදරය යන සංකල්පයට වැඩි නැඹුරුතාවයක් නොදැක්වීම හෙතුකොටගෙනයි. නමුත් දෙදෙනෙක් තුල ඇතිවන බැඳීම විවාහයෙන් පසුවත් ඇතිවිය හැකියි. සැබෑ ජීවිතයේ රෝමියෝ ජුලියට් ලා සොයාගැනීම කලුනික සොයනවාටත් වඩා අසීරුයි. අද සමාජයේ බොහෝදෙනෙක්, විශේෂයෙන්ම තරුණ තරුණියන් ආදරය ගැන වැරදි වැටහීමක් ඇතිකරගෙන තිබේ. ආදරය යන හැඟීමේ නියම අරුත නොදැන ෆැන්ටසියක සිරවී සිටීම නිසා යෝජිත විවාහ වලට බොහෝදෙනා අකමැති බව පෙනේ . නමුත් යොජිත විවාහ තුල ඉතා සාර්ථක ආදර සම්බන්ධතාවයක් ඇතිවීමට කිසිඳු බාධාවක් නැත.

යෝජිත විවාහය ඉතා සාර්ථකව ලොව පුරා බොහෝ සංස්කෘතීන් තුල අතීතයේ පටන් ක්‍රයාත්මක වෙනවා. අතීතයේ බොහෝ රටවල යෝජිත විවාහයන් සිදුවුනා. අතීත රජපවුල් අතර සෑම විටම සිදුවූයේ යෝජිත විවාහයන් ය. ආසියාවේ, මැදපෙරදිග, අප්‍රිකාවේ පමණක් නොවේ යුරෝපයේ සමහර කොටස් වල තවමත් යෝජිත විවාහයන් සාර්ථකව පැවතෙනවා. බෞද්ධ සමාජයේ මූලිකවම යෝජිත විවාහය ගැන යහපත් ආකල්පයක් පැවතුනා. සිඟාලොවාද සූත්‍රයේ දැක්වෙන පරිදි සුදුසු කල විවාහයක් කරදීම දෙමව්පියන්ගේ යුතුකමක් ලෙස දැක්වනවා. මීට දශක කීපයකට ඈතින් අපරටේ සෑම විටම පාහේ විවාහය යෝජිත එකක් වුනා. වැඩිහිටියන්ගේ සහභාගීත්වයෙන් මනාලයා හා මනාලිය තෝරාගන්නා නිසා බොහෝවිට නිවැරදි ලෙස ගැලපීම් සිදුවෙනවා. ලොව පුරා සංස්කෘතීන් ගනනාවක ඉතා සාර්ථකව පුරුදුපුහුනු කල යොජිත විවාහය නිසා අතීත ලෝකයේ සංස්කෘතීන්ගේ අනන්යතාවය නොනැසී පවත්වා ගැනීමට හැකිවුනා.

කෙදිනකවත් යෝජිත විවාහය බලහත්කාරයෙන් කරගන්නා විවාහයක් ලෙස වරදවා වටහා ගන්න එපා. මෙහිදී විවාහ වෙන දෙදෙනාගේ සියලු ගැලපීම සලකා බලා අවසානයේදී බොහෝවිට විවාහවීමට යෝජිත තරුණයා හා තරුණොයගේ කැමැත්තද විමසා බලනවා. යෝජිත විවාහයේ නාමයෙන් සිදු කරන ළමා විවාහ, දේපල වලට විවාහ කරදීම් ආදිය දැඩිසේ හෙලා දැකිය යුතු වෙනවා. නමුත් දරුවන්ගේ මතු අනාගතය ගැන සිතා දෙමව්පියන් විසින් තිරණය කරනු ලබන විවාහයක එසේ බලෙන් සිදුවන්නේ නැහැ. දෙමව්පියන් සෑම විටම සලකා බලන්නේ ළමයින්ගේ මතු අනාගතයයි ඒ සඳහා වැඩිහිටියන් විසින් ගෙන එන ලද සාධාරණ විවාහ යෝජනාවකට එකඟ වීමට දරුවන් ක්‍රියා කලයුතුයි. හිතුවක්කාර කමට දෙමවුපියන් විසින් ගෙන එන ලද යෝජනාවට විරුද්ධවී තමන්ට නොගැලපෙන විවාහයකට යාම නිසා තමන්ගේ ජීවිතය අඳුරු කරගත් බොහෝ දෙනෙක් සිටිනවා වාගේම මුලින් යෝජිත විවහයට අකමැති වී දෙමව්පිය ඉල්ලීම පිට විවාහ වී ඉතා සාර්ථක ජීවිත ගතකරන බොහෝ දෙනෙක් මට හමුවී තිබෙනවා.

විවාහයක ඇති සාර්ථකත්වයක මූලික පදනම වන්නේ යුතුකම් ඉටුකිරීමයි. පිරිමියා හා ගැහැනිය තමන් සතු යුතුකම් හරියට ඉටුකරනවා නම් විවාහයේ ගැටුම් ඇතිවනේ නැහැ. ආදරයේ ප්‍රතිමූර්තිය බඳු විවාහයන් ඉතා ඉකමනින් දෙදරා යනු අපට දැකගත හැකියි. විවාහය යනු ප්‍රේම සම්බන්ධයක් පවත්වනවාට වඩා ඉතා බැරෑරුම් දෙයක්. බොහෝ දෙනා මෙය නොදැන සිටීමෙන් විවාහ දිවිය අසාර්ථක වේ. ප්‍රේම කරන කාලයේ දී සිටිය කෙනාට වඩා ඉතා වෙනස් කෙනෙක් ලෙස විවාහ වූ පසු තම සහකරු/සහකාරිය පෙනෙන්නට පටන් හැනීම නිසාත් ප්‍රේම කරන කාලයේ තමා කෙරෙහි කයුතු කල ආකාරයට දැන් කටයුතු නොකිරීම නිසාත් විවාහ ජීවිතය අසාර්ථක වීම නොවැලැක්විය හැක. සුලුතරයක් ප්‍රේම සම්බන්ධය හා විවාහය අතර වෙනස දැනගෙන කරයුතු කලත් බහුතරයක් තමන් අතීතයේ ඇසුරු කල පුද්ගලයාව පතනවා. ප්‍රේම සම්බන්ධයන් මත ඇතිවන විවාහයන් වලදී එසේ සිදුවුනත් යෝජිත විවාහයන් වලදී විවාහයේ නියම අරුත තේරුම් ගෙන ජීවත්වීමට දෙදෙනාටම හැකිවෙනවා.

ප්‍රේම විවාහයන් වලට වඩා යෝජිත විවාහයන් දිගුකල් පැවතෙනවා. ලෝකයේ දික්කසාද සිදුවීමේ මට්ටම අතින් අවසාන ස්ථානය ලංකාවට හිමිවී තිබෙනවා. එයිනුත් යෝජිත විවාහයන් වල දික්කසාද මට්ටම ඉතාම අවම වෙනවා. මුලින් සඳහන් කල ආකාරයට විවාහයේ නියම අරුත දැනගෙන කැපකිරීම් කරමින්, යුතුකම් ඉටුකරමින් විවාහය ගෙනයාමට බහුතරයක් යෝජිත විවාහ වලට යොමුවන්නන් ක්‍රියාකරනවා.
කොතරම් ආදරය පිරී තිබුනත් නිවැරදි පවුල් ජීවිතයකට සාමාජීය හා ආර්ථිකමය තත්වයන් බලපානවා. "අගහිඟකම් එනවිට ආදරය පෑලදොරින් පලායනවා " යන කියමනට අනුව නිවැරදි ආර්ථිකයක් හා සමාජ පසුබිමක් සහිතව විවාහයකට නොපැමිනියහොත් විවාහය දෙදරා යාමට වැඩි ඉඩකඩක් තිබෙනවා. නිවැරදි යෝජිත විවාහයක ඇති වාසිය වන්නේ සමාජ මට්ටම හා මූල්ය මට්ටමට ගැලපෙන සහකාරයෙක්, සහාකරියක් හමුවීමයි. ගේ දොර,ඉඩකඩම්, පොරොන්දම් ආදියටත් වඩා නූතනයේදී දෙදෙනාගේ රුධිර පරීක්ෂාවක්ද සිදුකිරීම නුවණට හුරුයි. මන්දයත් රුධිර ගැලපීමෙන් තොර යුවලකට උපදින දරුවාට යම් ශාරීරික ආබාධ සහිත වීමේ වැඩීඩකඩක් පවතින නිසාය.

ඉහත කරුණු කාරණා සලකා බැලීමේදී නිගමනය කල හැක්කේ යෝජිත විවාහ වලදී ප්‍රේම් විවාහ වලට වඩා යම් වාසිදායක තත්වයන් රැසක් තිබෙන බවයි. යෝජිත විවාහයන් සිදුකිරීමේදී ඉතා බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සාර්ථක විවාහයකට අඩිතාලම දමාගැනීමට හැකිවෙන අතර එසේ නොමැතිව එක් කාරණයක් ගැන පමණක් සැලකිලිමත් වී තර්කානුකූලව සිතීමෙන් තොරව සිදුකරන යෝජිත විවාහයන් කෙටි කලෙකින් අසාර්ථක වෙනවා. විවාහයේ මූලික අරුත වන පවුල තැනීම හා අනාගත පරපුර රැකගැනිම පදනම් කරගෙන යුතුකමට/වගකීමට මුල්තැන දී කැපකීරීම් කරමින් ජීවත් වුවහොත් යහපත් විවාහ ජීවිතයක් ගතකර හැක.

10 comments:

  1. bohoma kanagatui
    ma mulumaninma obage adahas valata virudhdhayi
    yojitha vivaha hondai kiyala promote karannnadha oba adhahas kale?

    maa europaye awurudu 12 k sita jeewathvei...
    oba pavasana yojitha vivaha kisi dhineka mehi deka netha... karunakara ema rataval nam karanna..

    ReplyDelete
  2. @madu සහෝදරයා, මම කිව්වේ අතීතයේදී යුරෝපයේ රටවල් වල ඒක සිද්ධ වුනා කියලා. දැන් කාලයේ නම් එවැනි විවාහ යුරෝපයේ නැතිවෙන්න පුලුවන්.

    ReplyDelete
  3. 1) 3 veni paragaph eke 4 veni sentence eka kiyavanna oya liyala thiyena...
    ආසියාවෙ, මැදපෙරදිග, අප්‍රිකාවේ පමනක් නොවේ යුරෝපයේ සමහර කොටස් වල තවමත් යෝජිත විවාහ තවමත් සාර්තකව පැවතෙනවා.
    පැවතෙනවා කියන්නෙ වර්තමාන ක්‍රියා පදයක්.


    2) මම සහෝදරියක්.

    ReplyDelete
  4. @madu ඔබගේ අනන්යතාවය නොදැන "සහෝදරයා" යැයි ඇමතීම ගැන කනගාටු වෙමි

    ReplyDelete
  5. ඔබට කීමට ඇත්තේ එපමනද?

    ReplyDelete
  6. දිගින් දිගටම කොමෙන්ටු මැකීම නම් එච්චර හොඳ දෙයක් නෙවේ. කලිං කීවා නේ ඒක වැරදීමක් ආපහු ඒ වගේ ඒවා වෙන්නෙ නෑ කියලා?

    http://king-pandukabaya.blogspot.com/2010/11/spare-rod-and-spoil-child.html?showComment=1289445168666#c4723888114572871549

    ReplyDelete
  7. මම කොමෙන්ටු දෙක්ක මීට ඉහතදී මකනු ලැබුවා. නමුත් යෝජිත් විවාහ ගැන ලියවුනු ලිපියේ ඔබතුමාගේ හෝ කිසිඳු පුද්ගලයෙකුගේ කොමෙන්ටු මැකුවේ නැත. මීට කලින් පලකල පෝස්ට් එකක ක්වරුන් හෝ අසභ්ය වචනයෙන් බැනවැදීම නිසා එක ඉවත් කලෙමි.

    ReplyDelete
  8. @pandukabaya: ඔබ මැකුවේ නැතිනම් මම මින් පෙර පළ කළ "Is that the only reponse you can make to what Madu Weerakoon sai?" කියන ප්‍රතිචාරය බිල්ලෝ අරං ගියාද?

    මම දමපු ප්‍රතිචාර මැකුවේත් අසභ්‍ය වචනයෙන් බැන වැදිලා තිබුනු නිසාද?

    ReplyDelete
  9. @buddhajeewa
    ඔබතුමා පලකල කොමෙන්ටුව මම මකා නොමැති බව නැවත නැවතත් අවධාරනය කරනවා.ඔබතුමා ඒක පලකලේ මගේ ශාරීරික දඬුවම් දීම ගැන පලකල පෝස්ට් එකට ප්‍රතිචාරයක් ලෙස. ඒක තවම තිබෙනවා. මම නිවැරදි නම් ඔබතුම නොවැම්බර් 23 වැනි දින පාන්දර 2. 40 ට එක පලකලා. 37 වැනි කොමෙන්ටුව ලෙස එය රැඳී තිබෙනවා.

    http://king-pandukabaya.blogspot.com/2010/11/spare-rod-and-spoil-child.html?showComment=1290508848255#c1701759069314978488

    ReplyDelete
  10. යෝජිත විවාහා කියන්නේ මහා විහිලුවක්....මම අදුනන යෝජනා වලින් කසාද බැදපු හැමොටම වගෙ අද අත් වෙලා තියෙන්නේ අදුරු ජීවිතයක්.ඒ නිසාම අපේ අම්මාත් මට කිව්වේ මම නම් කවදාවත් අපි හොයලා දෙන කෙනෙක් කසාද බදින්න කියලා බල කරන්නේ නෑ කියලායි.

    කොහොම වෙතත් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් ඉන්නකොටත් අපේ ගෙදරින් මට ගෑණු ලමයෙක්ව කථා කලා..ඒත් මම දන්න යෝජනා වලින් බැදපු අනික් අය ගේ පවුල් ජීවිත වලට වෙච්චි විනාශය දැන ගෙන හිටපු නිසා මම ඒකට අකමැති උනා.

    ReplyDelete