Monday, October 1, 2012

බෞද්ධයා අනතුරේ



බෞද්ධයින්ට ඉතාම කණගාටුදායක සිදිධියක් මීට දින දෙකකට පමන පෙර අසන්නට ලැබුනා. ඒ බංග්ලාදේශයේ බෞද්ධ පන්සල් කිහිපයක් ගිනිබත් කර ඒ ප්‍රදේශවලින් බෞද්ධයින් පළවා හැරි පුවතයි. දැනටත් ඒ ප්‍රචන්ඩකාරී වාතාවරණය මහගැරී නැත. 





මේ සිද්ධිය බංග්ලාදේශයේ සිද්ධවුනු පළමු වතාව නොවේ. බංග්ලාදේශ ජනගහනයෙක් 1% පමණ වාසය කරන බෞද්ධ ප්‍රජාව බංග්ලාදේශ චිතගොන් නිම්නයේ සංකේන්ද්‍රණය වී වාසය කරනවා. ථේරවාදී බෞද්ධයින් ජීවත් වෙන රටක් හැටියටයි එය සැලැකෙන්නේ.




මෙම ප්‍රචන්ඩත්වයට හේතුව ලෙස අනාවරණය කරගෙන ඇත්තේ ආගමික ග්‍රන්ථයක් පුලුස්සා ඒ පින්තූරය ෆේස්බුක් වෙබ් අඩවියේ පළකිරීමයි. අවසානයේ එය කෙළවර උනේ බෞද්ධ පන්සල් රාශියක් ගිණිබත් කිරීමෙනි. ආගමකට අපහාස කිරීම අප හෙලාදැකිය යුතු කරුණකි. නමුත් මෙහිදී වැදගත් වෙන්නේ ග්‍රන්ථ පුලුස්සා දැමීම හේතුවෙන් මෙතරම් ප්‍රචන්ඩත්වයක් මුදාහැරිම නීතිමය වශයෙන් හා සදාචාරාත්මක වශයෙන් කොතරම් නිවැරදිද යන්නයි. 

මා මීට පෙර ලිපියකද සඳහන් කර පරිද්දෙන් චිත්‍රපටියකට තිබූ විරෝධතාවය තවමත් මගහැරී නොමැත. මේ ආකාරයෙන් ලෝකය පුරාම අන් ආගම් වලට එරෙහිව අන්තවාදී ක්‍රියා කිරීමට පෙලඹවීමක් ඇතිවීම එතරම් යහපත් දෙයක් නොවේ. 

ලිබියාවේ සිද්ධවූ සිද්ධිය මෙන්ම මෙයත් කිසිඳු සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව නූගත්, කරුණු කාරණා නොදන්නා, අපහාස වලට නිසිආකාරයෙක් පිළිතුරු දීමට නොදන්නා පිරිසකගේ වැඩකි. ආගමික පූජකයින් ජනතාව කුපිතකරවා එය ගැටුමක් දක්වා වර්ධනය කිරීමක් මෙහිදී සිදුවී ඇත. බංග්ලාදේශ රජයටද මෙය පාලනය කිරීමට හැකියාවක් හා බලයක් නොමැතිබවද පෙනී යන කරුණකි. 





ලෝකයේ ආගමික ශාස්තෲවරුන් සියල්ලන්ටම පාහේ විවිධ තර්ජන, උපහාස හා අපහාස එල්ලවුනි. නමුත් ඔවුන් ඒ සියල්ලටම තාර්කිකව හා බුද්ධිමත් ආකාරයෙන් පිළිතුරු දුන්හ. බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේට එල්ල වූ අපහාස වලට නිසි පිළිතුරු දුන් සේක. උන්වහන්සේ කෙදිනකවත් අපහාස කරන්නාවූ තැනැත්තන්ගේ ආරාම විනාශ කිරීමට, ඔවුන්ව මරාදැමීමට අනුබල නොදුන් සේක. ලංකාවේද බෞද්ධයින්ට සිදුවන අසාධාරණකම් හමුවේ අප මොවුන් හැසිරී තිබෙන ආකාරයටම හැසිරුනා නම් මෙරට අන්‍ය ආගමික ස්ථනයක්, අන්‍ය ආගමිකයෙක් ඉතිරි නොවනු ඇත. දිනෙන් දිනම් අපහාසාත්මක වෙබ් අඩවි, ෆේස්බුක් ගිනුම් මතුවේ, නැගෙනහර පලාතේ බෞද්ධ ආරමවලට තර්ජණ එල්ලවී ඇත. නමුත් ඉහත කී මිනිස් වෙසින් සිටින යක්ශයින්ට වඩා ලංකාවේ බෞද්ධ ජනතාව කොතරම් ඉවසීමකින් සිටින්නේද යන්න පැහැදිලිය

එමෙන්ම අනෙකුත් ලොව පතල ආගම් වල ශාස්තෲවරුන්ද ඒහා සමානවම ක්‍රමයක්, අඩුම තරමේ "හින්සාවෙන් තොරව කරුනු පැහැදිලි කිරීමෙන්" එයට පිලිතුරු දුන් බව සිතිය හැක. නමුත් දැන් එම අයගේ අනුගාමිකයින් කරන්නේ කුමක්ද ? මේ ආගමික කණ්ඩායම් දැනගතයුතු කරුණක් නම් නූතන ලෝකය තුල ඕනෑම කෙනෙකුට තවත් කෙනෙකුගේ චරිතය ඝාතනය කිරීමට, අපහාස කිරීමට හැකියාවක් ඇති බවය. ඒවාට සන්සුන්ව බුද්ධිමත් ලෙස මුහුණදීම ඒ අයගේ යුතුකම වේ. 

අපහාස වලට තිරිසනුන් සේ අවි අමෝරා ගන්නවාට වඩා කරන්නට ඇති දේ බොහෝය. බංග්ලාදේශ රජයට මීට මැදිහත්වන්නට තිබුනි. එමෙන්ම යම් යම් නීතිමය කටයුතු ගැනීමට තිබුණි. නමුත් සිදුවූයේ කවුරුන් හෝ කරපු වරදකට කිසිත් වරදක් නොකල පිරිසකගේ ආගමික නිදහස අහිමිවීමයි.  මෙතන ඇති විහිලුවට කාරණය නම් ඔය ප්‍රචන්ඩත්වය පැතිරූ ආගමික කණ්ඩායමම ඔවුන්ගේ ලබ්ධියේ පිරිස් විවිධ ම්ලෙච්ඡ ක්‍රියා කරනවිට ඒවා නිසා ඔවුන් සියල්ලන්ම එම ගණයට ඇදදමන්නට එපා යැයි කීමයි. එසේ කියන ගමන්ම එක පුද්ගලයෙක් කී කාරණය අලලා සියලු බෞද්ධයින්ට පහරදේ 


අප කලයුත්තේ කුමක්ද ?

අප සමහර පිරිස් සිදුකලා සේ ආකාරයෙන් බංග්ලාදේශ තානාපති කාර්යාලය වැටලිය යුතු නැත. තානාපතිවරුන් මරාදැමිය යුතු නැත. උසාවි වලට ගල් ගැසිය යුතු නැත. පාරවල් වසමින් පොදු දේපල විනාශ කරමින් යකා නැටිය යුතු නැත. බුදුදහමට අපහාස උපහාස කරන්නවුන්ට, පන්සල් ගිනිතියන්නන්ට ඔවුන් කරගත් කර්මයේ බරපතලකම අනුව විපාක ලැබෙනුඇත. ඔවුන් නිසා අප පව් රැස්කරගැනීම මෝඩකමකි. 

මෙහිදී බෞද්ධාගම ආරක්ශාකිරීමට ව්‍යවස්ථාවෙන්ම් කැපැවී සිටින ශ්‍රීලංකා රජයට යම් කාර්යභාරයක් හිමිවී තිබේ. සාක් කලාපීය රටක් හා අපේ මිතුරෙක් වන බංග්ලාදේශ රජයෙන් එරට බෞද්ධයින්ට වන තර්ජන පිළිබඳව හා ආරක්ශාව ගැන විමසිල්මත්වීම වැදගත්ය. අනිත් ආගම්වලට වඩා ලෝක බෞද්ධ ප්‍රජාව සංවිධනය් ශක්තියෙන් අඩුය. එය වලක්වා එකමුතුකම මෙරටදීත් ජාත්‍යන්තර තලයේදීත් රඳවා ගැනීම තුලින්  අනාගතයේ එල්ලවිය හැකි බිහිසුනු ඉරණම්වලින් ගැලවීමට රුකුල් වේ. මේ කෙසේ වෙතත් ශ්‍රීලංකාවේ බෞද්ධයින්ට තිබෙන තර්ජන ගැන මුනිවත රකින රජය තුලින් මීට මැදිහත්වීමක් ලබාගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමක් වනබව කණගාටුවෙන් වුවද කිව යුතුය 

මේ රටේ ඕනෑම ආගමිකයෙකුට තමන්ට අවශ්‍ය විදිහට ආගමික නිදහස භුක්ති විඳිය හැක. නීත්යානුකූලව තමන්ගේ ආගමික කටයුතුවල කිසිම ගැටලුවකින් තොරව යෙදිය හැකිය. ඒ මේ රටේ බහුතරය වූ බෞද්ධයින්ගේ ආගමික සහනශිලීත්වය නිසාමය. එය දඩමීමා කරගෙන දිගටම කෙනිහිලිකම් කිරීමට ඒම එතරම් නුවැණැති ක්‍රියාවක් නොවන බවත් බෞද්ධයාගේ සහනශීලී ගුණය නිවටකමක්, මෝඩකමක් ලෙස වටහා නොගන්න ලෙසත් අන්‍යජාතික, අන්‍යාගමික පිරිසගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිමි 

(ඡායාරූප උපුරාගැනීම  Russia Today )



6 comments:

  1. ගොඩක් දුකයි......මිනිස්සුන්ට මේවා තේරෙනකොට පරක්කු වැඩියි....

    ReplyDelete
    Replies
    1. සමහර බෞද්ධයින්ම මේවා කියන අපිට ජාතිවාදි ලේබල් අලවනවා. ඒකයි ඉවසන්නම බැරි

      Delete
    2. ඔව් ඒක ඇත්ත .ඒත් උන් බංග්ලාදේශයේ වෙනවා වගේ බල්ලො වගේ මැරෙන දවසට ඕක තේරෙයි

      Delete
  2. මෙතන ප්‍රධානම දුර්වලතාවය බෞද්ධ රටවල් එකමුතු නොවිම, තායිලන්තය,බුරුමය,කාම්බෝජය,වියට්නාමය,ලාඕසය,කොරියාව,ජපානය,චීනය,භූතානය,ලංකාව වගේ රටවල් කිසිම එකමුතුකමක් නැති එක තමයි මේ දුර්වල තාවයට හෙතුව, මේ රටවල් ටික එකමුතු වුනොත් ලෝකේ කිසිම ජගතෙකුට බෞද්ධයන්ව වට්ටන්න බැහැ

    ReplyDelete
    Replies
    1. කල යුත්තේද එයමයි

      Delete
    2. කවුරු එකමුතු උනත් හම්බ්යන්ගේ බෝවීම නතර කරන්න බෑ...

      Delete