Tuesday, October 23, 2012

සියදිවි නසාගැනීම් ගැන යමක්



සියදිවි නසාගැනීම අද සමාජයේ බෙහෙවින්ම කතාබහට ලක්වෙන මාතෘකාවක්. තමන් විසින් තම ප්‍රාණය නිරුද්ධ කරගැනීම එකෙන් අර්ථවත් වෙනවා. සමාජයේ මෙන්ම ආගම් වල පවා මෙය නොකලයුත්තක් ලෙස හැඳින්වුවත් ලංකාවේ සියදිවි නසාගැනීම් වාර්ථාගත ලෙස ඉහල ගිහිල්ලා. පුවත්පත් වල එක දිනකට එවැනි පුවත් එකක් හෝ කීපයක් නොමැති දවසක් නැතිතරම්. මේ සියදිවි නසාගැනීමේ රැල්ලට විරුද්ධව විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කලත් තවමත් ඒ ප්‍රවතාවේ වැඩීමක් මිස අඩුවක් නම් නැහැ 

සියදිවි නසාගැනීමට හේතු කීපයක් බලපාන්න පුලුවන්.  ප්‍රේම සම්බන්ධතා බිඳීයාම, රැකියා අහිමිවීම හෝ ආදායම් මාර්ග නොමැතිවීම, අධික මානසික ආතතිය, කාලයක ඉඳන් පැවැතෙන කායික රෝග මෙන්ම තමන්ගේ සමීපතමයෙක් මියගියවිට දැනෙන අධික ශෝකය නිසාත් කෙනෙක් සියදිවි නසාගැනීමට පෙළඹෙන්න පුලුවන්. මේ සෑම අවස්ථාවකදීම පෙනෙන්නේ ජීවත් වෙනවාට වඩා මරණය සැපයි යන පූර්ව නිගමනය මත මේ කියාවට පෙළඹීමයි. එනම් ජීවත් වෙමින් දුක විඳවනවාට වඩා මියයාමෙන් ඒ දුක නැතිවේවි යන හැඟීමයි. 

සියදිවි නසාගැනීමට කෙනෙක් විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුලුවන්. ප්‍රචලිත ක්‍රම අතර ගෙල වැලලා ගැනීම, විශ පානය කිරීම, කෝච්චියට පැනීම, ගෙඩනැගිලිවලින් බිමට පැනීම ආදිය හඳුන්වන්න පුලුවන්. එමෙන්ම නිදි පෙති හා විවිධ ඖෂධ වර්ග පානයද මරණයට හේතුවක්. බොහෝ දෙනා සියදිවි නසාගැනීම තෝරාගන්නේ මේ ජීවිතය දුකෙන් හා වේදනාවෙන් විඳවමින් ගෙවනවාට වඩා මරණය යහපත් යන විශ්වාසයෙන් වුවත් මරණය ලඟා කරගන්නා ක්‍රම සියල්ලම ඉතාම වේදනාත්මකයි. උදාහරණයක් ලෙස ගෙල වැලලා ගැනීමෙන් මරණයට පත්වීමට විනාඩි 10 ක් හෝ ඊට වඩා වැඩි ගණනක් මරුවා හා සටන් කිරීමට කෙනෙක්ට සිදුවෙනවා. තමන්ම සාදාගන්නා තොන්ඩුව, පනින උස ප්‍රමාණය ආදිය නිවැරදි ගණනයකින් තොරව ආවේගයෙන් යුතුව තම ජීවිතය අවසාන කරන අදහසින් ගෙල වැලලාගත්තද කෙනෙකුට අත්විඳින්නට වෙන්නේ අතිශය කටුක මරණයක්. හදිසියේවත් එම ක්‍රියාව අසාර්ථක වුවහොත් එම පුද්ගලයාට විරුද්ධව නීතිමාර්ගයෙන්ද කටයුතු කර හැකිය. 

සමාජයේ බොහෝ දෙනාගේ තිබෙන මතයක් තමයි සියදිවි හානිකරගන්නේ ජීවිතයට මුහුණ දීමට නොහැකි දුර්වල පුද්ගලයන් කියා. ආදරය අහිමිවීම නිසා ගෙල වැළලා ගන්නා හෝ කොච්චියට පනිනා බොලඳ පෙම්වතුන් පෙම්වතියන්ට මෙය අදාල වුවත් සියදිවි නසාගන්නා සැලකිය යුතු පිරිසක් එය තෝරාගන්නේ තමන්ට වෙනත් මාර්ගයක් නොමැති නිසාය. තමන්ගේ සෙසතම විනාශ වී ණය ගෙවාගැනීමට නොහැකිව පවුල් පිටින් මරු තුරුලට යන ගොවි මහතුන් එවැනි පිරිසක්. එමෙන්ම ජීවිත කාලයේම දැඩි කායික පීඩා විඳින සමහර පිරිස්ද මරණය ස්ව කැමැත්තෙන්ම තෝරාගන්නේ ජීවත්වීමේ නොහැකියාව ඔවුන් හොඳින්ම දන්නා නිසාය. මරණය ලඟා කරගැනීමේ මාර්ගය කොතරම් දුක්ඛදායක වුවත් ඒ සියල්ලටම මුහුණදී ජීවිතය තොර කරගැනීමේ තීරණය මෙවන් අය ගනී. කිසිඳු අයුරකින් එය සාමාජීය වශයෙන් සාධාරණීකරණය කිරීමට නොහැකි වුවත් එම පුද්ගලයින්ගේ තත්වයේ ඔබ සිටියහොත් ඔබත් ගන්නේ එම තීරණය වීමට බොහෝසෙයින් ඉඩ ඇත.

මේ ලේඛකයාද එවැනි සියදිවි නසාගැනිමේ හැඟීම් වලින් පීඩාවිඳි පුද්ගලයෙකි. සියදිවි නසාගැනීමේ පෙළඹීම හා එවැනි තත්වයකදී ඇතිවන අසරණභාවය වෙනත් කෙනෙක්ට කෙදිනකවත් අවබෝධ කරගත නොහැකිය. එවැන්නක් අවබෝධ කරගත හැක්කේ ඒ අත්දැකීම හා හැඟිම අත්දැක ඇත්තෙක් පමණි. සියදිවි නසාගැනීමේ පෙළඹීමක් ඇති පුද්ගලයෙක් කෙරෙහි සමාජය හැසිරෙන ආකාරයත් වෙනස්විය යුතුයි යන්න මගේ හැඟීමයි. බොහෝවිට එවත් ලක්ෂණ පතල කරන කෙනෙක් කෙරෙහි සමාජය විසින් පනවන වරදකාරී ලේබලය හා තමා දුර්වලයෙක් යන හැගීම පුද්ගලයෙක්ව තවදුරටත් සියදිවි නසාගැනීමට උඩගෙඩිදීමක් වේ. එවැනි අවස්ථාවලදී එම පුද්ගලයාව ගැරහීමට හා අවඥාවට ලක්කරනවා වෙනුවට හැකි ඉක්මනින් මානසික වෛද්‍ය ප්‍රතිකාර හෝ උපදේශනයට යොමුකරනවා නම් වැදගත් වේ. 

නූතන ලෝකය තුල තිබෙන සමාජ පීඩනය හා ගැටලු නිසා වැඩිවැඩියෙන් පිරිස් සියදිවිනසාගැනීමට පෙළඹේ. ඉතාම සාර්ථක ජීවිත ගතකරවා යැයි සිතෙන පුදගලයින් පවා යම් අවස්ථාවලදී සියදිවි නසාගැනීමට පෙළඹිය හැක. එවිට දුර්වලට පුදගලයින් සියදිවි නසාගන්නවා යැයි කීම සෑමවිටම නිවැරදි නොවේ. 

නමුත් "කණ කැස්බෑවා වියසිදුරින් අහස බලනවා සේම" අප ලැබූ මේ මිනිස් ජීවිතය ඇත්තේ විනාස කරගැනීමට නොවේ. සැබැවින්ම අප ප්‍රාණය අපට අයිති නැත. එය අයත් වන්නේ මේ සුවිසල් ලෝකයට හා සොබාදහමටයි. එමනිසා අටලෝ දහමින් කම්පා නොවී ජීවිතයේ බැඳීම් ලිහිල් කරමින් උපේක්ෂාවෙන් ජීවිතයට මුහුණදීමට අප සියල්ලන්ම ඉටා ගතයුතුය. 

5 comments:

  1. මොනවා වුනත් උඹ මැරුනේ නැති එක හොදයි.. මැරෙන එකට වඩා මැරි මැරී හරි ජීවත් වෙන එක වටිනවා බං.

    ReplyDelete
    Replies
    1. සෑම කෙනාගේම හොඳ කාලයක් වගේම චිත්ත පීඩා උපරිමේට එන කාලයකුත් තියෙනවා නේ. මටත් උනේ ඒ වගේ දෙයක්. ඒක එතරම් බරපතල උනේ නැති උනත් නොසෑහෙන්න පීඩා වින්දා. තවමත් විටින් විට ඒ මතකයින් මගේ හිතේ හොල්මන් කරනවා.

      ජීවිතය අපි විඳින්නේ නැතිවුනත්, ඒක විඳෙව්වත් අපිට අපේ ජීවිතය නැතිකරගන්න කවදාවත් අයිතියක් නෑ කියලා මම තේරුම් ගත්තා. ඒක නිසා තවමත් මම ජීවත් වෙනවා. ඉන්න කාලේ තමන්ට නැතිවුනත් ලෝකයට හරි වැදගත් වෙන දෙයක් කරන්න මම උත්සාහ ගන්නවා.

      ~~~ සතූතිය ඔබේ ප්‍රතිචාරයට ~~~

      Delete
  2. same here machan.. math oka gana liyannam blog eka patan gaththama...
    sahenna watina lipiyak...

    ReplyDelete
  3. machan mama palaveni sare (diezipam) nidi pethi 14. devani sare (clonazipam) nidi pethi 28. habayi mama marune na. angoda hitiya 2 weeks withara. mama gale gahuwath maranna ba. eka nisa mama ayith suicide kara ganne na. mata thiyenne physiphinea kiyana manasika rogaya. meka dakapu kenek mata comment karanna. samayanayakagihan69@gmail.com

    ReplyDelete