Wednesday, October 31, 2012

මිනිසා තුල සැඟවගත් යක්ෂයා (Psychopaths among us )



මෙම ලිපිය මා ලිවූ ලිපිවල ස්වභාවයෙන් තරමක් ඔබ්බට ගොස් ප්‍රායෝගික මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රයට බර වූවකි.

අප අපේ ජීවිත කාලය තුල විවිධ පුද්ගලයින් ඇසුරු කරයි. ඒ අය විවිධ පෞරුෂ ඇත්තන්ය. හොඳ හෝ නරක, ආත්මාර්ථකාමී හෝ පරාර්ථකාමී, මසුරු හෝ ත්‍යාගශීලී අය ඒ අතර සිටියි. මේ සියල්ලන්ම අතරින් අතිශයින් කුරිරු නමුත් මානසික ආබාධයක් හෝ ව්‍යාධියක් නොපෙන්වන මිනිසුන් කාන්ඩයක් ඇත. 

Psychopaths යන ඉංග්‍රීසි නාමයෙන් හැඳින්වෙන මෙම පිරිස සාමාන්‍යයෙක් සිංහල ව්‍යවහාරයේදී "මානසික ව්‍යාධිකරුවන්" ලෙස හැඳින්වුවද එය බොහෝවිට නිවැරදි නැත. Psychopath හි ඉංග්‍රීසි තේරුම නම් 

"A person with an antisocial personality disorder, manifested in aggressive, perverted, criminal, or amoral behavior without empathy or remorse" 

යන්නයි. එනම් සමාජ විරෝධී හැසිරීමකින් යුතු සදාචාරයෙන් තොර නපුරු හැසිරීම් වලින් යුතු සහකම්පනයෙක් තොර වූ පුදගලයෙකි.මෙම තත්වය පෞරුෂ ආබාධයක් වුවත් මානසික ව්‍යාධියක් නොවේ. එමෙන්ම Psychopaths පුද්ගලයින් දැඩි හැසිරීම් තිබෙන පුද්ගලයින් ලෙසද වරදවා වටහාගතයුතු නැත. අන් පුද්ගලයින්ගෙන් Psychopaths ලා වෙන් කරගන්නා ප්‍රධානම නිර්ණායකය වන්නේ ලාගේ අභ්‍යන්තර අනුකම්පාවක් නොමැතිකමයි. මා මේ ලිපියේ සෑම විටම මෙම පුද්ගලයින්ට "Psychopaths" කියාම යොදා ඇත.  


මොවුන්ගේ ලක්ෂණ පහතින් ලයිස්තුගතකර හැක.


හැඟීම් දැනීම් අඩුකම 
මානසික ආතතියට ඔරොත්තු දීම
සහකම්පනයෙක් තොරවීම
වරදකාරී හැඟීම් වලින් තොරවීම
දැඩි මමත්වය
ඉතාම ප්‍රසන්න ආකාරයෙන් සමාජයේ හැසිරීම (මේ කරුණ නිසාම පුද්ගලයින් හඳුනාගැනීම ඉතාම අසීරුය)

සෑම විටම තමන්ගේ ප්‍රයෝජනය උදෙසා අන් අයව තමන්වෙත නතුකරගෙන ඔවුන්ව රවටා තම අරමුණ ඉටුකරගනියි. තමන්ට අන් අයව ප්‍රයෝජනයක් නැති බව හැඟුනු විට ඒම  පුද්ගලයින්  අයින් කර දැමීමටද මොවුන් පසුබට නොවෙති. පලිගැනීමේදී දරුණු වල මෙම පුද්ගලයින් තම ගොදුර වෙත සෑම අවියකින්ම දමා ගසා ඒ පුදගලයින්ගේ රැකියාව, සමාජ ජීවිතය හා පවුල පමණක් නොව ජිවිතය පවා පලිගැනීමේදී දරුණු වල මෙම පුද්ගලයින් තම ගොදුර වෙත සෑම අවියකින්ම දමා ගසා ඒ පුදගලයින්ගේ රැකියාව, සමාජ ජීවිතය හා පවුල පමණක් නොව ජිවිතය පවා උදුරාගනී

පුද්ගලයින් ඉතාම සාර්ථකව තම රැකියාව හා සමාජ ජීවිතය ගෙවයි. ඔවුන් තුල ඇති අභියෝග වලට මුහුණදීම, නිර්භීතකම, අවධානම් ගැනීම හා කෙනෙක් තමන්ට නම්මා ගැනීමේ හා රැවටීමේ හැකියාව මෙන්ම දැඩි තීරණ ගැනීමට පසුබට නොවීම යන ගුණාංග නිසා නූතන ව්‍යාපාර ලෝකය තුල ඉහලටම නැගීමට මෙම පුද්ගලයින්ට හැකිවී තිබේ. මිනිසුන්ගෙන් 1% පමණ වන මේ පිරිස අද ව්‍යාපාර ලෝකයේ සිටින පිරිසගෙන් 10% පමණ වීම මත Psychopaths ලා කොතරම් සාර්ථක භාවයක් ලද්දේද යන්න පැහැදිළි වේ 

මෙවුන්ව හඳුනාගැනීම තරමක් අපහසුවේ. සෑම දක්ෂ පුදගලයෙක්ම Psychopath කෙනෙක් නොවිය හැක. එමෙන්ම ආත්ම විශ්වාසයෙන් වැඩකිරීමට Psychopath කෙනෙක්ම වීමට අවශ්‍ය නැත. නමුත් කපටිකම්, ඉක්මනින්ම ජයග්‍රහණය ලැබීමට ඇති ආශාව, ජීවිතයේ ස්ථාවරව පවත්වාගැනීමට ඇති අකමැත්ත, අනෙක් පුද්ගලයින්ගෙන් දැඩිසේ පළිගැනීම වැනි ලක්ෂණ නිසා මොවුන් විශේෂිත වේ. 

අවාසනාවකට අද ලෝකයේ ඉහල රැකියාවන් කරන්නන් හා නායක/විධායක පුද්ගලයින්ගෙන් බොහොමයක් Psychopath ගනයට වැටේ. මෙවන් පුද්ගලයින් යටතේ වැඩකරන්නට හෝ එවන් පුද්ගලයින් සමග ගනුදෙනු කරන්නට අනිවාර්යයෙන් අපට සිදුවේ සමහරවිට තමන්ගේ මිතුරා හෝ සහකාරිය/සහකරු මෙවන් පුදගලයෙක් විමේ ඉඩක් ඇත. නමුත් එම ලක්ෂණ "මනෝව්‍යාධී තත්වයක්" යැයි ඔබ නොදැන සිටින්නටද ඇත.  

මෙම පුදගලයින්ගේ ගොදුරක් වීම ඉතාම භයානක වේ. නමුත් පහත කරුණු වලින් මෙම පුදගලයින් සමග ගනුදෙනු කරන ආකාරය විස්තර කෙරේ 

  • Psychopath කෙනෙක්ගේ ගොදුරක් වෙනවාට වඩා මොවුන්ට කල් තියා හඳුනාගැනීම ප්‍රතිඵලදායකය. 
  • අලුත් රැකියාවට, පරිසරයකට පැමිණියහොත් කිසිඳු පුදගලයෙකු ගැන විශ්වාසය තබන්නට එපා. ඔබව අල්ලාගැනීමට, රවටා ගැනීමට Psychopaths පුද්ගලයින් නිතර සිටියි. 
  • සෑම විටම Psychopaths ලා ව මග අරින්න. එමෙන්ම තමන් මානසිකව හා කායිකව ශක්තිමක් කෙනෙක් බව පෙන්වන්න. බොහෝ විට Psychopaths ලා තම ගොදුරු බවට පත් කරගන්නේ දුර්වල පුද්ගලයින්ය 
  • අවාසනාවකට මොවුන්ගෙන් කරදට සිදුවුවහොත් ඊට මුහුණදීමට සියලු ශක්තිය, ඔවුන්ගෙන කරදර සිදුවුන බවට ඇති සාක්ෂි ආදිය ප්‍රවේසමෙන් රැස්කරගෙන එක්වරම පහරදීම වඩා යෝග්‍ය වේ. රැකියාවේදී නම් ඉහල අධිකාරියකට පැමිණිලි කිරීමට පෙර ඉතාම සැලසුම්සහගතව එය කල යුතුවේ 

අවසාන වශයෙන් කිව යුත්තේ මේ සමාජය කිසිසේත්ම යහපත් තැනක් නොවන බවයි. එය පිරී ඇත්තේ නපුරු දුෂ්ට පුදගලයින්ගෙනි. නමුත් සමාජයෙන් දුරස් වී අපට ජීවත්වීමට නොහැකි නිසා කෙසේ හෝ නපුරු සමාජයත් සමග ගනුදෙනු කල යුතුවේ. අපට යහපත් පුද්ගලයින් ලෙස ජීවත් විට හැක නමුත් සමාජයේ දුෂ්ටකම්, නපුරුකම් හා රැවැට්ටීම් වලට ඔරොත්තු දෙස ලෙස අපේ පෞරුෂය වර්ධනය කරගැනීම අනිවාර්ය වේ. 




15 comments:

  1. හරිම වටින ලිපියක් . . .

    අප ජීවත් වන සමාජයේ අප අසලම ගැවසෙන අය ගැන වුනත් බොහෝම විමසිලිවත්ම සිතන්න බලන්න ඕන කියන දේ මේ ලිපිය නිසා මම තේරුම් ගත්තා.

    බොහෝම ස්තූතියි . .

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක ඇත්ත. අපි පිටින් නොදකින ලක්ෂණ ඇතුලතින් තියෙන්න පුලුවන්. විමසිලිමත්බව තමයි වැදගත්

      Delete
  2. මමත් ඔය විස්තර කරල තියෙන විදිහෙ psychopath කෙනෙක්... නියමයි... වටින ලිපියක්.. :)

    ReplyDelete
    Replies
    1. එහෙමම කෙනෙක්ව එකපාරටම psychopath කියලා හංවඩු ගහන්න බෑ.psychopath ලාගේ ලක්ෂණයක් විදිහට ගන්නවානම් කවදාවත් එයාලා තමන්ගේ නරක ගති වැරද්දක් කියලා ගනන් ගැනෙන්නේ නෑ (No guilty feeling). වරදකාරී හැඟීමක් එයාලා තුල නෑ.

      තමන්ට තමන්ගේ ගතිලක්ෂණ මනිනවාට වඩා තමන්ට ලඟින් ඉන්න කෙනෙන්ගෙන් ඉහත ලක්ෂණ ඔයා ලඟ තියෙනවාද කියලා විමසලා බලන්න. එතකොට ඇත්තටම psychopath ද කියලා බලන්න පුලුවනි

      Delete
  3. ඒ විතරක් නෙමේ අපිට අපි ගැන ම ත් ආපහු හිතල බලන්න හිතෙනවා මේ විදිහට සරලව ලිව්වාම :D

    ReplyDelete
    Replies
    1. Psychopaths ගැන තවදුරටත් කියවන්න ඕන නම් "Snakes in Suit" කියන පොත කියවන්න

      Delete
  4. අප්පට සිරි... මටත් ඔය ලක්ෂණ අඩු වැඩි වසයෙං තියෙනවා... හැබැයි තාම කාටවත් දැනගෙන වරදක් කරල නං නෑ... සමහර වෙලාවට මම ඔය තද ගතිය කියන එක පාවිච්චි කරන්නෙ defensive mechanism එකක් විධියට. හැමෝටම ළං වෙන්න බැරි වෙන්න.

    ReplyDelete
    Replies
    1. දැඩි මිනිස්සු (tough or difficult people) psychpath ලාට වඩා වෙනස්. තමන්ගේ හිතට දෙයක් තමන් කරන දේ හොඳ නරක දැනෙනවා නම් ඒක කෙනෙක්ගේ ලක්ෂණයක් නෙවෙයි. නමුත් ලා හැම වෙලාවේම හිතන්නේ තමන් කරන දෙයින් අනිත් අයට ප්‍රශ්ණයක් නෑ කියලා (lack of concern for the consecuesnces of their actions) , තමන් කරන්න හරි දේ කියලා. ඒක නිසා කෙනෙක් අඳුන ගන්න නම් බාහිර ලෝකයේ ඉන්න අයගේ එක අවශ්‍යම වෙනවා

      Delete
  5. හොඳ ලිපියක්. මුලින්ම මතක් උනේ American Psycho කියන ෆිල්ම් එක. මේකෙ කථානායකයත් psychopath කෙනෙක්. http://www.imdb.com/title/tt0144084/

    ReplyDelete
  6. මම දන්න කෙනෙක්ව මතක් වුනා මේක කියවන් යද්දි... ඇත්තටම....

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම ජීවිතේ එක අවස්ථාවකදී හරි මේ වගේ පුද්ගලයින් මුනගැහිලා තියෙනවා. මට නම් ගොඩාක් ඇත්දැකීම් තියෙනවා මේ වගේ අයත් එක්ක.
      ඔයාගේ ප්‍රතිචාරයට ස්තූතියි :)

      Delete
  7. හිතන මිනිස්සු ...
    මම එදා ඉඳන් කල්පනා කරන දෙයක් තමා හොදට ඉන්න
    අපිට තියෙන දේත් නැති වෙලා ඇයි අර වගේ උන්ටම
    හරියන්නේ කියල ...
    ඒකට හේතුව ඇත්තටම මේ ටික තමයි ....




    කවදාවත් එයාලා තමන්ගේ නරක ගති වැරද්දක් කියලා ගනන් ගැනෙන්නේ නෑ (No guilty feeling). වරදකාරී හැඟීමක් එයාලා තුල නෑ.
    හැඟීම් දැනීම් අඩුකම
    මානසික ආතතියට ඔරොත්තු දීම
    සහකම්පනයෙක් තොරවීම
    වරදකාරී හැඟීම් වලින් තොරවීම
    දැඩි මමත්වය
    ඉතාම ප්‍රසන්න ආකාරයෙන් සමාජයේ හැසිරීම

    ReplyDelete