Thursday, January 5, 2012

කෘෂිකර්මය රටේ ගැලවුම්කරුවාය



නූතනයේ මේ ශ්‍රීලංකාද්වීපය මුහුනදී සිටින ගැටලු රැසකි. රටේ සමාජ ආර්ථික පසුබිම ගැන කවුරුන් කුමක් කීවද එය එතරම් යහපත් මට්ටමක අද නොපවතියි. රටේ ආහාර පිළිබඳ ගැටලු, ආර්ථික අර්බුධ, රැකියා ගැටලු, හා රැකියා විරහිත උපාධිධාරයන් රට වෙලා ගත් ගැටලු වලින් ප්‍රමුඛ ස්ථානයක් ගනී. කලින් කල අපි මේ ගැටලුවලින් මිදිමට උත්සාහ ගත්තත් ඒහි සාර්ථකත්වයක් නම් පෙනෙන්නට නොතිබේ. මේ කෙසේ වෙතත් අපට රටක් වශයෙන් ඉදිරියට ඒමට නම් ඉහත ඉහත ගැටලු වලට ඉතා කඩිනමින් විසඳුම් සෙවිය යුතුය

රටක සියලුම ගැටලුවලින් මුදාලන මැජික් යෂ්ටියක් නම අපට නැත. නමුත් රටේ සමාජ ආර්ථික ගැටලුවලට නියම විසඳුම දිය හැකි අංශයක් අපට ඇත. ඒ කෘෂිකර්මයයි. නමුත් මෙය සාම්ප්‍රදායික ආකාරයෙන් කරන කෘෂිකර්මයක් නොව අප රටට ගැලපෙන නවීන තාක්ෂණයෙන් යුතුව අඩු කාලයකින් හා ශ්‍රමයකින් වැඩි ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රමයකි.

කෘෂිකර්මය පමණක් නොව විද්‍යාත්මක කෘෂිකර්මයද ලංකාද්වීපයට අමුත්තක් නොවේ. අතීත රජදරුවන්ගේ සමයේ අපට තිබුනු විශිෂ්ට වාරී ක්‍රමය හා දියුනු කෘෂි තාක්ෂණය නිසා පිටරටට වුවද බත සැපයීමට අපේ මුතුන්මිත්තන්ට හැකිවිය. කාලයාගේ ඇවෑමෙන් රටේ ඇතිවූ දේශපාලන අවුල් වියවුල් ස්වභාවය හා විදේශ ආක්‍රමණ නිසා රාජධානි වෙනස් වී කලින් තිබූ මහා පරීමාන කෘෂිකර්මය වෙනුවට එදිනෙදා අවශ්‍යතා සංසිඳුවා ගැනීමට ස්වයංපෝශිත ක්‍රමයක් දක්වා වෙනස් විය. මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු අපරට සහල් අපනයනය කල බවට සාක්ශි නැත්තේ එහෙයිනි

1815 දී මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීමේන් පසුව වැවිලි ආර්ථිකයකට රට තල්ලුවී ගියේය. එයින් ලාභය ලැබුවේ එංගලන්තයේ වැවිලි සමාගම් පමණි. කෙසේ වෙතත් අප නිදහස ලබනවිට රටේ ආර්ථිකය රැඳුනේ තේ, රබර් හා පොල් යන තෙපාව මත පමණි. නැවත රටේ කෘෂිකර්ම ප්‍රබෝධයක් ඇතිවුනේ1950 දශකයේ දීය. පදවිය වැනි ගොවි ජනපද ව්‍යාපාර ඇතිකීරීමෙන්ද රටේ වාරී පද්ධතිය නවීකරණයෙන්ද නව කෘෂි ආර්ථිකයට පදනම වැටුණි.

ගොවි පවුල් පදිංචි කර නව ගොවි ජනතාවක් රටේ ඇතිකිරීමද මෙකල සිදුවුනි. 1950 ගනන් වල සිදුවූ මෙය නැවතත් හැරවුම් ලක්ෂයකට ආවේ විවෘත ආර්ථිකයේ පැමිනීමත් සමගය. රටේ කෘෂි ආර්ථිකය ක්‍රමයෙන් සේවා ආර්ථිකයක් බවට පත්වෙද්දී කර්මාන්තවල වර්ධනයක් ද දැකිය හැකිවේ. අවාසානාවකය මේ සියලුම ආර්ථික නව්‍යතාවන්ගෙන් අවසානයේ බැට කෑවේ සාමාන්‍ය ජනතාවයි. සුලුතරයක් ජනතාව සමාජයේ හිනිපෙත්තටම නගින් විට, නූගත් දුප්පත් ගොවි ජනතාව ඉතාම අසීරුතාවයට පත්විය.

කෘෂිකර්මය ජීවනෝපාය කරගත් ඔවුන්ට නිසි සැලකීමක් නොලැබුණි. ආධාර අනුග්‍රහ නොලැබීම මෙන්ම නිසි කෘෂිකාර්මික දැණුමක් නොලැබීමද ගොවිතැනේ නූතන විනාශයට මූලික හේතුවකි. ගොවිතැන විනාශ වීම නිසා සිදුවුණු ආර්ථික විනාශයටත් වඩා ඇතිවුනේ අපේ ගැමි සමාජ පද්ධතීන් විනාශ වීමයි. ගමේ ජනතාව නගරයට ඇදීයාමෙන් බරපතල සමාජ ගැටලු රාශියක් උද්ගත වුනි. විශේෂයෙන්ම නිදහස් වෙලඳ කලාප වල තිබෙන විවිධ අපචාර ආදියද හටගත්තේ මේ නිසාය. නගරයට නොඇදී ගමේ නතරවූ පිරිසටද අත්වූයේ අන්ත දුප්පත්කමේ පතුලට බැසීමටය. අන්තිමට මේ අසරණයින්ට තිබෙන එකම සරණ විදේශ රැකියාවන් සඳහා මැදපෙරදිග යාමයි. ඒ නිසා බිඳෙන පවුල් ජීවිත හා අනාථ වන දරුවන් දෙස බැලූ කල අප කාලාන්තරක් තිස්සේ ඇදහූ ඒ සුන්දර ගම අද අනාගතයේ ඉතිරිවේදැයි සැක සහිතය

මේ තත්වය වෙනස් කර ගොවිතැන ලාභ ලබන වෘත්තියක් කර එයට නිසි ගෞරවය ලබාදීමට කාරනා  4 ක් ඉටුකර යුතුවේ.

1.   1 කෘෂිකර්මය සම්බන්ධයෙන් කරන පර්යේශණ හා සංවර්ධන ක්ශේත්‍රය සංවර්ධනය කිරීම හා කෘෂිකර්මය සම්බන්ධව වර්ථමාන ගොවියන්ට හා අනාගතයේ මේ කර්මාන්තය කිරීමට බලාපොරොත්තු වන අයට විධිමත් දැණුමක් ලබාදීම.  :- මෙය ඉතාම වැදගත් වේ. අප රටේම දැනුම නිපදවා ඒවා අපේම ගොවියන්ට ලබාදීමට අවශ්‍යය. අද රටේ අඩුවෙන්ම සැලැකිල්ලට යොමුවී ඇති ක්ශේත්‍රයද වන්නේ මෙයයි. නව බීජ මෙන්ම නවීන වගා ක්‍රිම නිපදවීමට අප අදිටන් කරගත යුතුවේ. එම දැනුම ඉතා විධිමත්ව රටේ ගොවි පරපුරට නොලැබේ නම් එය සාර්ථික නොවනු ඇත.
2.    2 දේශීය හා විදේශීය වෙලඳපලක් කෘෂිකර්මාන්තයට ඇතිකිරීම.  :- වෙළඳපල අප කරා නොපැමිනෙන අතර අප එය සොයාගත යුතු වේ. එළවලු, පළතුරු හා වෙනත් සුලු අපනයන බෝග වලට විදේශීයව විශාල ඉල්ලුමක් පැවැතියද සැපයුම් අවස්ථා ලබාගැනීමට අප රට බොහෝ විට අසමත් වේ. දේශීය සමාගම් හෝ රජය අතරමැදියන් වශයෙන් කටයුතු කලහොත් මෙය ඉතාම පහසුය
3.    3 කෘෂිකර්මය ආකර්ෂණීය වෘත්තියක් කිරීමට අවශ්‍ය ආකල්පමය වෙනස. :- අතීතයේ දී ගොවියට තිබුණු තත්වය අද ඇතිකිරීමට තරමක් අපහසු උනත්. ගොවිතැන ලාභදායි වෘත්තියක් ලෙස නොව ව්‍යාපාරයක් ලෙස සමජගත කලහොත් එයට යම් පිළිගැනීමක් ලැබෙන බව නිසැකය. එවිට ගොවියාගේ පුතා දොස්තරවරයෙකු වීමට කල්පනා නොකොට (මෙහිදී රටට දොස්තරවරුන් අනවශ්‍ය බව නොකියයි. ගැටලුව ඇත්තේ සෑම දරුවෙකුම දොස්තර, ඉංජිනේරු, බැංකු හා නීති ක්ශේත්‍ර වලට තරඟ කලහොත් රටට ආහාර සපයන්නේ කවුරුන්ද යන්නය ) හොඳ ගොවියෙක් හෝ වැවිළිකරුවෙක් වීමට උත්සාහදරනු ඇත.
4.   ගොවිතැනේ යෙදීමට මූල්‍යමය සහන ලබාදීම (ණය හා රක්ෂණ වැනි දේ)

     අප දැන්මම තීරණයක් ගතයුතුය. රජය සියලු දේ කරන තුරු බලාසිටීම නුවණට හුරු නොවේ. නූතනයේ එය අපේක්ෂා කීරීමද හාස්‍යයට කරුණකි. අවශ්‍ය වන්නේ නොසිඳේන අධිශ්ඨානය, කැපවීම හා නිවැරදි සැලසුම් පමණි. තනි තනි පුද්ගලයා මේ ආකාරයෙන් නැගී සිටියහොත් අපට මුලු රටම වෙනස් කල හැකිය.












4 comments:

  1. oiligath krushikarma diploma akak ganna puluwan tanaka address akak danna kanak e maikl karanna puluwanda
    indika250@yahoo.com

    ReplyDelete
  2. මොනවා කිව්වත් තුන්වෙනි ලෝකයේ තියෙන කෘෂි කාර්මික ගැටළු වල පොදු දුර්වලතා අපේ රටෙත් තියෙනවා. මං මේ අහන්නේ අපේ රටේ වටේට මුහුද තියෙද්දි මිනිස්සු ධිවරයෝ නොවී ගොවියෝ උනේ ඇයි. විජය ද අපිට හාල් වවලා බත් කන්න කියලා දුන්නේ?.

    මං හිතන්නේ අපේ යැපුම් කෘෂි කර්මාන්තේ නැවත ආවොත් හොදා.රජය වවාගෙන කන්න කියලා අපට කියන්නේ එෟකට ද දන්නේ නැති උනාට මොකද ආර්ථික අවපාතෙක ඉන්න ලොකු ලොකු රටවලටත් අමාරැ වෙච්ච වෙලාවක ඒක තමා හොද ම වැඩේ. බලන්න බඩු මිල මෙහෙම ඉහළ ගිහින් ජීවිතේ අමාරැ වෙනකොට මේ පුංචි මුතු ඇටේ ධාන්‍ය කියන ධනය පිරැණු නෙක මල් පල හටගන්න රටක් වෙන්නේ නැද්ද කිලා. ඒවා දෛවයේ සරදම්.දැන් ලොකු මහත්තුරැන්ගේ පුංචි ගාර්ඩන් වල එළවළු කොටු තියෙනවා.

    ReplyDelete
  3. නියම ලිපියක් දිගටම ලියන්න

    ReplyDelete