Friday, August 2, 2013

එක්ස් ඒලියන් නාඩගම (My opinion on EX-Alien song )

පසුගිය දිනෙක මාගේ මගේ මිතුරෙකු එවූ ලින්කුවක් මගින් මට අපූරු සින්දුවක් අසන්නට ලැබින. ඒ ගීතය ඔබත් අසා නොමැති නම් පහතින් අසන්න.




සාමාන්‍යයෙන් EX යන වදන දමන්නේ කලින් තිබුණු දැන් නොමැති තනතුරක්, පුද්ගලයෙක් හෝ තත්වයක් හැඟවීමටයි (Ex wife, Ex soldier etc) . ඒ නයින් මේ ගීතයට Ex Alien යන නම දැම්මද එහි Alien ගතිය කිසිසේත් අත්හැරී නොමැති බව නම් පෙනේ. ගීතය අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එහා සිටිනා පිටසක්වල ජීවියෙකු ඇසුවහොත් එහි අර්ථය වටහා ගැනීමට හැකිවනු ඇති බව මගේ විශ්වාසය යි.

ගීතය ගයන්නේ අවුරුදු 15 ක් පමණ වයසැති ගැහැණු දරුවෙකි. ඇයගේ youtube ගිණුමේ වෙනත් ගීත ඇත්තේ ද නැත. ඇය කල එකම ගීතය මෙය විය හැක. කෙසේ වෙතත් මාස 10 ක් පමණ පැරණි මෙම ගීතය එක් වරම කරළියට පැමිණියේ Social Networking අඩවි හා Online Forums හරහාය. මුලින් 2000 ක් පමණ hits තිබූ මෙම ගීතයට සතියක් දෙකක් ඇතුලත 200,000 ඉක්මවා hits ලබා දීමේ Social Networking බලය නිසාම ලැබුනකි. වෙනත් රටවල විප්ලව පවා ඇතිකිරීමට ප්‍රභල වූ Social Networking තුලින් මේ ගීතය ලැව් ගින්නක් සේ පැතිරීම පුදුමයට කාරණයක් ද නොවේ.

මේ ගීතයේ බැලූ බැල්මටම වැරැද්දක් ඇත. ඒ මෙය අසා ඉන්නට නොහැකි කමයි. මේ ගීතයට ප්‍රතිචාර ලෙස බල්ලන් කුලප්පු වන ආකාරය පෙන්වන විකට වීඩියෝ පවා youtube එහෙකි ඇත. බල්ලන් සින්දුවට උඩුබුරලූවත් නැතත් සින්දුව නම් අසා ඉන්නටම බැරිය. බල්ලන් නොව මිනිසුන්ට උන් හිටි තැන් අමතක කරවන තාලේ ප්‍රභල ගීතයකි මෙය.



ගීතයේ තනුව මේධානී විසින්ම සෑදූවක් වුවත් එහි වරදක් නැත, කිසිම විශේෂත්වයක් හෝ අලංකාරයක් මෙහි නැත. එය සංගීත විශාරදයෙකු ට පමණක් නොව රස විඳීමට හැකි ඕනෑම මිනිස්/සත්ව කොට්ටාශයකට තේරේ. තනුව නම් අසා ඉන්නට හැක්කේ ය.

ගීතය එකම විලාපයක් ලෙස අපට ඇසුනද ඇත්තෙන්ම මෙහි ගී පද මාලාවක් ද ඇත. එයත් මේධානී ගේ ය. ඇය විසින්ම ගී පද මාලාව සඳහා වූ ලින්කුව අප වෙත් එවන ලදී. මීට කලින් මා පල කල ගී පද වෙනත් අයෙක් විසින් පල කල එකක් වන අතර නිවැරදි ගී පද පහතින් දැක්වේ. 


How I wonder when I see ur face with blue eyes they're shimmering-wow
And I wanna be with u my baby u know what am saying –wow
When I want u..i'll give hints by ma eyes
And then I'll wait for u…come with zephyr with no shy
(above part is repeated)

All I want is u-never turn back-what am I todo-am gonna die now oh//
Gonna die now oh//
Go-go-gonna d-d-die now wo-o-o
Wo-o-o///

Hey-Ex-alien,where iz ma exaltation
Why u make me exasperated
And know u r exceptional

Oh no no no no no 



ගී පද නම් අන්ද මන්ද කරවන සුලුය. ගායිකාව ගේ සිතේ වූ යම් කිසි කාරණයක් හෝ කාරණා රාශියක් ගීතයට පදනම් වුනේද යන්න නොදනිමි. කෙසේ වෙතත් අර්ථයක් සිංහල හෝ ඉංග්‍රීසි යන දෙයාකාරයෙන් ම ගත් විට නැති බව හොඳින්ම පැහැදිළි වේ. නූතන සිංහල රැප් කලාවේ සිංහලෙන් කියන්නට තියෙන දේවල් එළිපිටම කිව්වද ඒවායේ සරල බව නිසාම අහන් ඉන්නට හැක. 

ඉරාජ් වීරරත්න බවා මුලින්ම රැප් කල ඉංග්‍රීසි රැප් එක පවා අර්ථයෙන් හීන වුවත්, සමහර ලාංකීය තරුණ ගායකයින් උජාරුවට ඉංග්‍රීසියෙන් අමු තිත්ත කුණුහැරප කියුවත් කිසිම ගනනක් නැතුව අසා ඉන්නට අපට හැකිවුනත් අවුරුදු 15 ක් පමණ වන ගැහැණු දරුවෙක් ගේ "සිඟිති ආතල්" නම් අසා ඉන්නටම බැරිය. එයට හේතුවක් ඇත. එය නම් වචන හා සංගීතයේ නියමාකාර එකතුවක් මේ ගීතයේ නැති වීමයි. ඉංග්‍රීසි කුණුහැරප පවා සංගීතයට එක්කාසු කිරීමට අනෙකුත් ගායකයින්ට හැකිවවද අත්දැකීම් අඩුකම හා නොදන්නා කම නිසාම සින්දුව අච්චාරුවක් කරගත් බව නම් සැබෑ ය. 

මෙම ගීතය නරඹන (මියුසික් වීඩියෝ එක නොමැතිව මම ගීතය ඇසීම ඉතාම අන්තරාදායකයි.) සියලුම දෙනා පාහේ සිංහල රසික රසිකාවියන් ය. ඔවුනට සිංහලත් නැති ඉංග්‍රීසි ත් නැති ඒලියන් භාෂාවකින් ගායනා කිරීම අයෝග්‍යය. අඩුම තරමේ මේ ගීතයේ ඕඩියන්ස් එක මුලින්ම හඳුනා ගැනීමට ගායිකාවට හැකි වූවා නම් තත්වය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුනි. 

වෙනස් ආරේ ගීත වලට අපේ අය බොහෝ දෙනෙක් කැමතිය. "ගෙම්බා" නමින් නුවන් හා කොලින් විසින් ඉදිරිපත් කල ගීත එකතුව වෙනස්ම අමුතුම එකක් වුවත්, එහි පද හා කටහඬ කොතරම් ආගන්තුක වුවත් එය අපේ තරුණ පරපුර විසින් වැලඳ ගත්තේ නැතත් ප්‍රතික්ශේප කලේද නැත. කොතරම් "අප්සට්" වුවත් ටාසන් බාප්පාගේ විකට ගීත ඉතාම ජනප්‍රිය ය අපට දැනෙනා ආකාරයට ජෝක් එකක් වුවත් ඉදිරිපත් කරන්නේ නම් රසිකයින් එය ප්‍රතික්ශේප නොකරයි. 

මේ ගායිකාව අනුකාරකවාදිනියෙකි. මැය Nicki Minaj නැමැති ගායිකාවගේ ගායන ශෛලිය අනුකරනය කරන බව ලේඛකයාගේ හැඟීමයි. මේ ගීතයම මේ තනුවම වෙනත් කටහඬකින් ගායනා කලා නම් සින්දුවෙන් වන හානිය අඩුය.
වෙන් වෙන්ව ගත්විට පද මලාව, සංගීතය හා ගායිකාව යන තුනෙහි ගැටලුවන් නැති වුවත් ඉහත කොටස් තුන එකතු වී සෑදෙන Ex Alien ගීතය නැමැති මූලද්‍රව්‍යය නම් විසකුරු හා මිනිසුන් හා සතුන් පිස්සු වට්ටන එකකි.

වැඩියෙන්ම dislikes ලද ලාංකික වීඩියෝව ලෙස youtube ඉතිහාසයට එක්වන මේ වීඩියෝවේ කොමෙන්ට් කිරීමට ඇති පහසුකම් හුදී ජන පහන් සංවේගය උදෙසාම එම ගායිකාව විසින්ම ඉවත් කරන ලදී. 

ගායිකාව අවුරුදු 15 ක් දැරියක් බව සැබෑව. නමුත් තමන්ට හිතෙන හැම හැම දේම ලෝකයට පෙන්නට අන්තර් ජංජාලෙහි එබීමට පෙර එයින් තමන්ගේ ආත්ම ගරුත්වයට වෙන හානිය ගැන සිතීම නුවණට හුරුය. තමන් මහා අමුතු "ඩයල් එකක්" සේ ලෝකයට "ගොං ෂෝ" දැමීමෙන්ම තමන් පිරිහීමට ලක්වන බව මේ ගායිකාව නොදැනීම කණගාටුවට කරුණකි.  

අත්දැකීම් අඩු කමින් තමන් කල දේ සමාජය පිළිකෙව් කරන විට එය ඉවත් කර නොගැනීම මහා ලොකු වීර කමක් ලෙස සමහරක් නපුංසකයින්ට පෙනේ. ඔවුන් මේ දැරියව වීරවරියක් කිරීමද ප්‍රයත්න දරයි. එයට කම් නැත. කෙසේ වෙතත් අලුත් දෙයක් කරනවා, සමාජයේ උඩුගං බලා යනවා යැයි කියා ගනිමින් කෙනෙක් ඇඳුම් උනා නිරුවතින් ගමන් කරනවා යැයි සිතන්න. එය සමාජය නොපිළිගනී. විවේචන හමුවේ නොසැලෙන්නටයි කියා දිගටම නිරුවතින්ම ගමන් කිරීම සුදුසු ද ?. එසේ ගමන් කිරීම ආත්ම ශක්තිය ද ? මේ ගායිකාව කරන්නේ ද එයමයි. 

කාලෙන් කාලේට එක් එක් රැළි පැමීනෙන්නා සේම මේ වීඩියෝවේ උණුසුම ඉක්මනින්ම මැකෙනු ඇත. ඉන්පසු එයට හා විවෙචන නැතුව යනු ඇත. මේ ගායිකාවගේ ගායනයට ස්වාභාවික මරණයක් කාලයාගේ ඇවෑමෙන් හිම්වනු ඇති බව ලේඛකයාගේ විශ්වාසයයි. එම නිසාම ගායිකාවට යලි යලි සිතීමට කරුණු රාශියක් තිබේ. ඉල්ලුමට සරිලන ලෙස සැපයීම හා නව ඉල්ලුමක් නිර්මාණය කිරීම යන කාරණා දෙකෙන් එකක්වත් නොමැතිව තම ගීතය සයිබර් අවකාශයේ අලෙවි කිරීමට යාම නිසා හොට බිම ඇනගත් ගායිකාව යලි එවන් මෝඩ වැඩ නොකරනු ඇතැයි බලාපොරොත්තු වෙමි 

10 comments:

  1. මල්ලී, මේ තියෙන්නේ වෙන කෙනෙක් මේක අහන් ඉඳලා දාපු Lyrics ටිකක්, මුල් ගී පද නෙමෙයි :)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මහත්තයෝ මම කලින්ම කියලා තියෙන්නේ මම දාපු lyrics ටික online forum එකක තිබිලා දාපු එකක් කියලා

      Delete
    2. yes these lyrics are fake.watch them on "www.poetrypoem.com/poet4317"

      Delete
  2. මේකේ තනුවත් මෙයා හදපු
    එකක් නෙවේ. You tube "ex alien Acousticකියල සර්ච් කරලා බලන්න

    ReplyDelete
  3. ඒ කෙල්ලට ඉන්න දීපන් බන්. ඕකිව මඩවන එක ඇර වෙන වැඩක් බොලාට නැත් ද ? මිටි තැන් වලින් වතුර බස්සන්න හදන්න එපා බන්.....

    ReplyDelete
  4. අපහාසය

    පව් කියලා හිතෙන්නේ නැද්ද?

    ජරා මිනිස්සු බන් උඹලා.

    ඒ කෙල්ලට ඇති වුණ මානසික පීඩාව තව තවත් රහ කර කර හිටපන්.


    ReplyDelete
  5. හපොයි මේ සින්දුව එලාම් එක ට දාගත්තම අපේ මල්ලි දැන් වෙලාවටම නැගිටිනවා. වෙනදට නම් එලාම් එක වහල දාලා නිදාගන්නවාන්.

    ReplyDelete
  6. real lyrics of this sog.. watch on "www.poetrypoem.com/poet4317"

    ReplyDelete
    Replies
    1. ගී පද වෙනස් කලා. ස්තූතියි.

      Delete