Wednesday, July 3, 2013

ඥානසාර හිමි VS ඩිල්කා. 360 පසුවදන
















මීට ටික කලකට පෙර ලංකාවේ මාධ්‍ය ලෝකය ඇවිලුනේ දෙරණ රූපවාහිනිය මහින් විකාශය කල සජීවී දේශපාලන/සමාජමය වැඩසටහනකට මෙරට ප්‍රභල බලපෑම් කන්ඩායමක් වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් තනතුර හෙබවූ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් ගේ පැමිනීමයි. එහිදී නිවේදිකාව ඇසූ ප්‍රශ්න වලට උත්තර දීමට නොහැකි වූ ඥානසාර හිමියන් පත්වූ අපහසුතාවය බොහෝ දෙනකුගේ අවධානයට ලක්වී තිබුණි. බොහෝ දෙනෙක් ඥානසාර හිමියන්ගේ ඇත්ත ස්වභාවය හෙලි වූවා යැයි කියා ඔල්වරසන් හැඬවූ අතර සමහර දෙනෙක් ඒ නිවේදිකාව කල දේ නොහොබිනා වැඩක් යැයි කීහ.

බොදුබල සේනාවේ නැගී සිටීම පශ්චාත් යුධ සමයේ සිංහල ජාතියේ හා බුද්ධ ධර්මයේ නැගී සිටීමත් සමගම ඇතිවූවකි. බෞද්ධ ප්‍රබෝධය මින් පෙර සමහරක් භික්ෂූන් වහන්සේලා නිසා සිදුවුවද සිංහල ජාතියත් සමගම බෞද්ධ ධර්මයේ නැගීමක් හා ආගම රැකගැනීමට පෙරට ඒමක් දැකගත හැකි වූයේ මෑත කාලයේ දීය. සිංහල බෞද්ධයින් තුල වූ ජයග්‍රාහී මානසිකත්වය නිසාම ජාතියට ආගමට වින කටින අනෙකුත් ආගමික කොටස් වලට එරෙහිව නැගීසිටීමක් සිදුවුනි. එහි වරදක් දක්නට නොහැක. බෞද්ධ ආගමික නායකයින් පාර්ලිමේන්තු යන තත්වයකදී වත් නොතිබුනු උනන්දුවකින් බෞද්ධ බලපෑම් කණ්ඩායම් ක්‍රියා කරනු දැකිය හැක.
බොදු බල සේනාව බිහිවන්නේ මේ තත්වය උඩදිය. ඉස්ලාම් ආගමිකයින් හා මූලධර්මවාදින් ඉලක්ක කරගෙන මේ සංවිධානය ගෙනගිය වැඩපිළිවෙළ බහුතර බෞද්ධ ජනතාවගේ කැමත්තටත් හේතු වූ බව නොරහසකි.  බොහෝ දෙනෙක් මුවින් නොබිනූවද සිතින් බොදුබල සේනාවේ ගමනට ආශිර්වාද කලහ.

රටේ බෞද්ධයාට තිබූ තත්වය කෙමෙන් කෙමෙන් පහලට වැටෙනා විට. ත්‍රස්තවාදී උවදුරට වඩා භයානක ආකාරයෙන් ආගමික අන්තවාදී කණ්ඩායක් ලංකාවේ කඳවුරු බඳිනා විට. සුලු ජාතීන් තමන්ගේ ආත්ම ලාභය පිණිස රටේ ව්‍යාප්තවාදයක් ඇතිකිරීමට කටයුතු කරන තත්වයට සිංහල-බෞද්ධයා තුල ඇතිවූ අනාරක්ෂිතභාවය බොදු බල සේනාවන්ට පාර කැපීය. සුලු ජාතීන් හා ආගමිකයින් තුලත් බෞද්ධයා ගැන ඇති වෛරය ඇවිලෙන ගින්නට පිදුරු දැමිමක් විය. සුලු ජාතික නායකයින් මෙන්ම දේශපාලකයින් තුලද ජාතීන් ආගම් ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙලක් නොතිබුණි.

බොදු බල සේනාවේ ඥානසාර හිමියන් බීමත්ව රිය පදවා අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන දඬුවම් ලැබූ බවට වූ පුවත කරළියට එන්නේ මේ අතරයි. මේ බව නිවේදිකාව ලිඛිත සාක්ෂි ඇතුව විමසද්දී ඥානසාර හිමිට වැඩේ වැරදුන බව සැවොම දුටුවහ. මේ බීමත්ව රිය පැදවීමේ සිද්ධිය තරමක් පැරැණි සිදුවීමකි. මීට කලින් මෙය ප්‍රසිද්ධ වී තිබුණි. කෙසේ වෙතත් මීට වඩා ජඩ වැඩ කල දේශපාලුවන් ආඳන් සේ පෙර කී නිවේදිකාවගෙන් ලිස්සා යද්දී උපක්‍රමශීලී නොවීම නිසාම ඥානසාර හිමි අපහසුතාවට පත්වූ බව කිව යුතුමය.

නෝර්වේ මුදල්, ඇමරිකා ගමන හා මේ සිද්ධිය ගැන නිවැරදිව කරුණු පැහැදිළි නොකිරීම හා තමාට අවාසි වන ප්‍රශ්න උපක්‍රමශීලීව මහගැරීමේ දේශපාලන ඥානය ඥානසාර හිමියන්ට නොමැති වීම එහිමියන්ගේ දුර්වල දේශපාලනය කියාපායි. ආගමික සංවිධානයක නායකයෙක් අතිශයින්ම සිල්වත් විය යුතු බව අප පිළිගන්න කරුණක් නිසාම මෙහිදී එහිමියන් ගේ චරිතයට කැළැලක් ඇතිවූ බව නොරහසකි.

නියමාකාරයට කළමණාකරණය නොකිරීම හා තමන්ට එරෙහිව නැගෙන කරුණු වලට ප්‍රතිචාර දැක්වීමේ අසමත් බව බලපෑම් කණ්ඩායමක් ලෙස බොදු බල සේනාව දුර්වල වීමේ මාර්ගයකි. මෙහිදී නිවේදිකාවට හෝ රූපවාහිනී නාලිකාවට දොස් පැවැරීමෙන් පලක් නැත. මන්දයත් ඔවුන් කරන්නේ අනෙක් රාජ්‍ය හා රාජ්‍ය නොවන නාලිකා හා  දෙකයි පහසේ මාධ්‍ය කාරයෝ කරනා කුණු රසය සොයාගෙන යාම පමණම් බැවිනි. ඥානසාර හිමියන් නිසාම එකී නාලිකාවට එදා කරල පැහුනු අතරම නිවේදිකාවට ප්‍රසිද්ධියක් ද ලැබුණි.

මෙහිදී තවත් වැදගත් දෙයක් ප්‍රකාශ කල යුතුමය. බැරිවේලාවත් අන්‍යාගමික නායකයෙක් ගෙනැවිත් ඔවුන්ගේ අතීතර හාරා ඇවිස්සුවා නම් තත්වය මීට වඩා වෙනස් වීමට තිබුණි. ඉස්ලාම් ආගමික පූජක තුමෙක් ගෙනැවිත් ආගමික ව්‍යාප්තවාදය, අන්තවාදය හා ආගමික ආයතන තුලින්ම අන්තවාදී සංවිධාන වලට ආයුධ සැපයීම, තම ආගමිකයින් පදිංචි කරවීම, හා ළමා විවාහ ගැන විමසුවේ නම් එම රූපවාහිනී නාලිකාවට එරෙහිව දරුණු ප්‍රචාරයක් යනු ඇත.ආගමික අසමහිය ආ සුලු ජාතින්ගේ අයිතීන් විනාශ කරන්නේ යැයි කියා රජය ද එම නාලිකාවට එරෙහිව ප්‍රකාශ නිකුත් කරනු ඇත. එයින් නොනැවදී එම නාලිකාව තහනම් කරනු ඇත. එකී නිවේදීකාව ගේ මරණ වරේන්තුව මරදානේ හෝ මාලිගාවත්තේ මැරයෙකු අතින් ලියවීමට බොහෝ ඉඩකඩ තිබේ.

බෞද්ධයාට පහර දුන් අය යහතින් සිටීමත් වෙනත් ආගමික කණ්ඩායම් වලට අතක් වත් ඉස්සීමට කිසිවෙක් ඉදිරිපත් නොවීමට් නූතනයේ බෞද්ධයාගේ දුක්ඛදායක ඉරණම කියාපායි. බොහෝ විට මේ බෞද්ධ ප්‍රබෝධය "ලත් තැනම ලොප්" වීමටත් ඉඩ තිබේ. බෞද්ධයින් මේ ගැන නුවණින් සිතීම වටී. පිරිසිදු නායකත්වයක් සමග, දැඩි විනයකින් යුතුව සටන් කරනවා නම් සටන් කල යුතුය. නො එසේ නම් වඳවී ගිය ජාතියක් ලෙස සිංහල බෞද්ධයා පත්වීම වැළැක්විය නොහැක.


8 comments:

  1. ඒකත් ඇත්ත ගලගොඩ නෑවිත් වෙන කෙනෙක් ආවත් ඔච්චරමනේ..සමහර විට ඊටත් හපන්..ගලගොඩයා පරිප්පුව කෑවා කරුමයක් පඩිසන් දෙන්න තිබිලා...

    කොහොම හරි මාධ්‍ය තුළින් වීරයෝ , වීර වරියෝ වෙන්න යන අයත් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ..මොකද දෙයක් උන දාට TV බලලා හුරේ දාපු අය යන්නේ නැහැ උදව්වට...

    අඩුම තරමේ පාන් කෑල්ලක් වත් දෙන්න කව්රුත් එන්නේ නැහැ..ලයිසම කෙලවගත්ත දාට එක බල්ලෙක් නැහැ.

    ReplyDelete
    Replies
    1. බෞද්ධයාට අද වෙලා තියෙන දේ ගැන දැනුවත් කරලා ඊට විරුද්ධව සටන් කරන්න ව්‍යාපාරයක් අපිට ඕන. නමුත් නිසි සංවිධානයක් නැතුව ලාභය බලාගෙන රජ වෙන්න යන අය නිසාම අන්තිමට පහර වදින්නේ සිංහල බෞද්ධයාටමයි.
      "Mr Clean" කෙනෙක් හොයාගන්න බැරිවුනත් ආගම රැකගන්න නායකත්වය දෙන්න ඉස්සල්ලා ඒ ආගමේ විනය වත් පිළිපදින්න පුලුවන් කම තිබ්බා නම් ඥානසාර හිමිත් ගොඩ, බොදු බල සේනාවත් ගොඩ

      Delete
  2. OWA DENU PARAHATA THAMA SAMMATHEHI PIHITA.

    ReplyDelete
  3. දිල්කට ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ. මාධ්‍යවේදිනියක් ලේස උසස්ම සම්මානයටත් පාත්‍ර වෙලා ගොඩක් කල්, පවතින ක්‍රමය තුල මට ඇය නම් පිරිමි උන්ටත් වඩා බොහෝ ඉදිරියෙන් ඉන්න මාධ්‍යවේදිනියක්.

    කරුමේ තියෙන්නේ, අනිත් ආගම් වල අය දේශපාළණය කරන්නෙම නැති තරම්. අපේ රටේ නෙමෙයි මුලු ලෝකෙම දිහා බැලුවත්. අනික නානසාර බොන එක ලොකු දේකුත් නෙමයි. බහිතරයක් හාමුදුරුවරු හොඳට බොනවා. සිගරට් ගහනවා, ගෑණු තියාගෙන ඉන්නවා, ළමා අපචාර එකසිය ගානට, ඒ විතරක්ය ප්‍රසිද්දියේ ගෑණුත් ඉන්නවා. ඒ අති බැලුවම නම්, දිල්කා මේ අහපු ප්‍රශ්ණේ මෝඩ පශ්ණයක් තමයි.

    ReplyDelete
    Replies
    1. බහුතරයක් හාමුදුවරු එහෙම කරනවා කියලා ඔබතුමාට සාක්ෂි කොහෙන්ද ? ඉස්සර නම් ගම පන්සලත් එක්ක බැඳිලා තිබ්බේ. ගමේ පන්සලේ හාමුදුරුවෝ සිල්වත් වෙන්නම ඕන. නැත්තන් දානෙත් නැතිවෙන සිද්ධියක් තමයි ඒකාලේ තිබ්බේ. නූතනයේ හැම දෙයක්ම කනපිට එන නිසාම හාමුදුරුවරු ඔබතුමා කිව්වා වගේ "ආතල් ගන්න" අය වෙන්න පුලුවන්. නමුත් ඔය "බහුතරය" කියන වචනය පරිස්සමෙන් පාවිච්චි කරන්න

      ලංකාවේ 70% ක් බෞද්ධ නිසාම ඒ ආගමේ නායක කාරකාදීන් දේශපාලනයට නැබුරු වෙන එකත් අරුමයක් නෙවෙයි. මිනිසා කියන්නේ දේශපාලන සතෙක් නොවැ. අනිත් රටවලත් ප්‍රධාන ආගම දේශපාලනයත් එක්ක හොඳින්ම බැඳිලා තියෙන්නේ

      Delete
  4. Mathalange Lagadi Konakapala kiyala dala thibuna komentuwaka... Eka eththada manda...

    ReplyDelete
    Replies
    1. මගේ කොන කපලා වෙන්න පුළුවන්. ඒත් උපාසක මහත්තය්ගේ තුනම කපලා නානසාරලා..

      Delete
  5. ඇත්තටම එදා වෙච්ච දේ දන්න කෙනෙක් මෙතන ඇති කියලා මම හිතන්නේ නැහැ. හැබැයි එදා වුන දේ තව අවුරුදු 10කින් විතර හාමුදු‍රුවෝම කියයි. තමන් බීලා එලෙව්වාද නැත්ද කියලා. එදාට උඹලත් සාධුකාර දෙයි.

    ReplyDelete