Saturday, June 22, 2013

දඟ ළමයිව මට්ටු කරමු (Spare the Rod and Spoil the Child Part 2)



මේ ලිපියෙන් ප්රකාශ කෙරෙන කාරණාව ගැන මීට කලින් මේ බ්ලොගයේ "ශාරීරික දඬුවම් මගින් ළමා පරපුර විනයගරුක කරමු" යන මැයෙන් පලවූ ලිපියෙන් විස්තර කෙරුනත් ගැඹුරු විශයක් වූ ළමා හැදියාව පිළිඹඳව තවත් ලිපියක් ලිවීමට මට සිත් විය. පාසල් දරුවන්, ගැටවරයින් මෙන්ම කුඩා දරුවන් විනය අතින් එන්න එන්නම පිරිහෙන මේ යුගයේ නැවතත් දඬුවම මගින් විනය ඇති කිරීම සංවාදයට බඳුන් විය යුතු කාරණයක් බව මම විශ්වාස කරමි.

සමස්ථයක් ලෙස ගත හොත් නූතනයේ ශ්රී ලංකාවේ ළමා පරපුර (වයස අවුරුදු 18 අඩු පිරිස.) විනය අතින් පිරිහී ඇත. දිනපතා පුවත් පත් රැගෙන විමසුවහොත් සෑම දිනකම එක්කෝ පාසල් දරුවෙන් ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකුට පහර දුන් අවස්ථාය. සිසු ගැටුම් පොලීසිය මගින් විසඳා ගත් අවස්ථාද නැත්තෙම නොවේ. එමෙන්ම දන්සැලක් සංවිධානය කිරීමට ගොස් ඇතිවූ ගැටුමකින් කොළඹ ප්රසිද්ධ බාලක පාසලක සිසුවෙක් පිහි ඇණුම් කා මියගිය ඛේදනීය පුවතක් මෑතක දී වාර්ථා විය. විදුහල්පතිවරයාට එරෙහිව පිකට් කරන්නට පාසලෙන් එළියට බසින සිසු පිරිස ගැන අප ඇසුවේ ඉතා මෑතකදී . විද්යාලාන්තට ක්රිකට් තරඟ හා විද්යාල පාගමන් කෙලවර වෙන්නේ මහා ගැටුමකිනි. "වලියක්" නැතුව ඉවරවෙන ක්රිකට් තරඟ සෙවීම කළුනික සොයනවාටත් වඩා අසීරු . කාලයක් යද්දී මිනිසාගේ සියලු ගුණධර්ම විනාශ වීම ස්වාභාවික දෙයක් වුවත් ඉතා කෙටි කාලයක දී සිසු ප්රජාව මෙලෙස පරිහානියට පත්වීම විමසිය යුත්තකි.

දරුවන් ගේ මනස ළමා කාලයේ මෙන්ම ගැටවර අවදියේ විශාල වශයෙන් වෙනස් වීමට ලක් වේ. මනසේ වර්ධනයත් සමගම අත්හදා බැලීමේ ආශාව කල්ලි ගැසීමේ ආශාව මෙන්ම තමන් ස්වාධීන වීමට හා අනුකරණය කිරීමට දරුවන් පෙළඹේ. තීන්දූ තීරණ ගැනීමට තරම් පරිනත මනසක් මේ කාලයේදී ඔවුනට නැත. අත්දැකීම අඩුකම ප්රධාන ලක්ෂණයක් වේ. පිරිමි දරුවන් අතර ස්වාධීන වීමේ ආශාව ඉතා වැඩිය. "කොළුවා" හෙවත් තරුණයා නැමැති වදනකොළුවා => ' කෝ ඔලුවා ' හෙවත් ඔලුව නැත්තා  සේ විසන්ධි කර එක්තරා විනෝදාත්මක වැඩසටහනට උපහාසයෙන් හඳුන්වා දී තිබුණි. අඩු අත්දැකීම් සහිත හීන වූ විචාර බුද්ධියෙන් යුතු දරුවන් බොහෝ විට කරුණු කාරණා හොඳින් කියා දුන්නාට ඇහුම් කන් දෙන්නේ නැති නිසාම දඬුවමින් හෝ එය තේරුම් කරදීම අපේ වගකීමයි. ශාරීරික දඬුවම සැමටම තේරෙන භාශාවකි. අප සැවොම ශාරීරීක වේදනාවට බිය වේ. එම නිසාම ඒ බිය මාර්ගයෙන් හරි දේ කරවීම වැදගත් වේ. අප සුරතල් සතෙකු පවා හික්මවන්නේ එලෙස දඬුවම් දීමෙනි.

මෙලෙස හික්මවීමට බාධාවක් ලෙස මානව හිමිකම් සංවිධාන ප්රධාන වේ. මේ සංවිධාන බොහෝ විට බටහිර රාජ් නොවන සංවිධාන වල ඉත්තන් ලෙස කටයුතු කරයි. අධ්යාපන අමාත්යංශ, නීති ආධාර සංවිධාන වැනි රාජ් අංශ රවට්ටා ගෙන මේ නොරටුන් දරුවන්ට ශාරීරික දඬුවම් කිරීම මහා අපරාධයක් ලෙස දක්වා පාසල් වල හා ගෙවල් වල ක්රියාව කිරීම වලක්වයි. ඉන් පසු සිදුවන්නේ දඩාවතේ යන බල්ලක් රැලක් මෙන් දරුවන් හැසිරීමට පෙළඹීමයි. නියමාකාරයෙන් හික්මීමක් නැතුව මේ දරුවන් සමාජයට යාමෙන් පසුව ඉක්මනින් සමාජය විනාශ වේ.

ලංකාවේ මනෝ වෛද්යවරුන් ළමා මනස තැලීමකට ලක් වන්නේ යැයි කියා දඬුවමින් හික්මවීම බැහැර කරති. නමුත් මහත්වරුන් කුඩා කල "වේවැල් කෝටු නාරං සියඹලා අතු" වලින් හොඳින් කසාය වලඳා හික්මවී ඇති පිරිසක් වීම කණගාටුවට කරුණකි. ඔවුන් ශාරීරික දඬුවමින් නොහික්මුනේ නම් අද වෛද් වෘත්තීය කිරීමට ඔවුන්ට ඉගෙනීමට, විනය පවත්වා ගැනීමට නොහැකි වනු නිසැකය. දඬුවම් නොමැති නිසා දරුවන් අයාලේ යාම මානව හිමිකම් හොඳින්ම තිබෙන බටහිර රටවලට මහා හිසරදයක් වී ඇත. එම රටවල දරුවන් විනයක් නොමැති තම වයසට නොගැලපෙන වැඩ කරන අම්මා තාත්තා නොහඳුනන අමනුස්සයක් පිරිසකි. එවන් පිරිසක ගෙන් සමාජයට ඇතිවෙන බලපෑම ගැන බටහිර රටවල පිරිස් විස්සෝප වෙති.

බටහිර ඇන්ජීඕ හා දොස්තර හොරුන් කියනා කතා බැහැර කරමින් දඬුවමින් ළමයා හික්මවීමට දැන්ම කටයුතු කළ යුතුය. කුඩා කල සිටම විනයක් ඇතුව තම දරුවා දඬුවම් කර හෝ හදා ගැනීම සෑම දෙමාපියෙකු ගේම වගකීම වේ. නිවසේ සංස්කෘතියට අනුව හැඩගැසීම, නිවසේ තමන්ට හිමි වගකීම් ඉටුකිරීම, දෙමාපියන්ට ගරු කිරීම, අවනත වීම, තමන්ගේ වයසට නොගැලපෙන දේවල් නොකිරීම ආදිය, අපරිනත දරුවන්ට ශාරීරික දඬුවම් මාර්ගයෙන් හෝ දෙමාපියන් හා වැඩිමහල් සහෝදර සහෝදරියන් කියා දිය යුතු ය.

පාසල විනය උපරිමයෙන් තිබෙන ස්ථානයක් විය යුතුය. මන්ද යත් පාසල තුලින් ළමයා අනාගත ජීවිතයට අඩිතාලම දමන බැවිනි. ඉගෙන නොගන්නා අය ඉගෙනීමට යොමුකිරීම , ක්රීඩා නොකරන අය ක්රීඩාවට යොමු කිරීම , හැසිරීම දුර්වල අය යහපත් හැසිරීම පත්කිරීම වෙනත් ක්රම වලින් නොහැකි නම් "කෝටුව" අතට ගත යුතු වේ. සඳහා බොහෝ ගුරුවරුන් ඉතා ආශාවෙන් සැදී පැහැදී සිටින බව ඉතා සතුටින් කීමට කැමැත්තෙමි. මන්ද යත් අද ගුරුවරුන්ට ඇති ප්රධානම ගැටලුව නම් ශිෂ් විනය පිරිහිම යි.

අධ්යාපන අමාත්යංශයෙන් දරුවන් ශාරීරික දඬුවම් දීමට අදාල චක්රලේඛ ආදිය නැවැත සැකසිය යුතු . පහර දෙන කෝටුවේ ස්වභාවය, පාහරවල් ගනන, පහර දෙන ස්ථානය ආදී දේවල් හොඳින් විස්තර කර තිබුනහොත් මානව හිමිකම් සංවිධාන වලට ගුරුවරුන් චෝදනා කිරීමට නොහැකි වනු ඇත. කුඩා කාලයේ සිටම පහර දී හෝ විනයෙන් යුතුව දරුවන් හැදීමට හැකි වුව හොත් ගැටවර කාලයේ දී පහර දුන්නත් නැවැත පෙරලා පහර නොදී දඬුවම ඉවසීම දරුවා පුරුදු වෙනු ඇත.

දඬුවම් ලබා දෙන්නේ වරද කල දරුවාට පමණක් නොවේ. වරද කල කෙනා මෙන්ම අනෙකුත් ශිෂ් සමාජය පාඩමක් ඉගැන්වීම මෙය අවස්ථාවක් කර ගැනීම අවශ් වේ. උදේ රැස්වීමේ දී සියලු ළමුන් ඉදිරියේ "කෝටු මස් කිරීමේ" වැඩසටහන ඇරඹිමෙන් දඬුවම් විඳින්නා ළැජ්ජාව නිසා වරද යලි නොකිරීම වග බලා ගනියි. අනෙකුත් සිසුන් අනුව දඬුවමට බයේ විනයක් ඇතුව හැදෙනු ඇත.


දරුවන් පහර දෙන්නේ ඔවුන් කෙරේ තරහින් නොවේ. ඔවුන් විනයක් ඇතුව හැදීම තිබෙන උදාර ප්රාර්ථනාව නිසා පමණි. නිසා මේ තත්වයට හොඳින් තේරුම් ගෙන තම දරුවන් පහර දී හෝ යහ මගට ගැනීම සියලු දෙනාම උත්සාහ කල යුතු වේ.


13 comments:

  1. ළමයි හදන්න ඉස්සෙල්ලා ගුරුවරු හදලා ඉන්න. නැත්නම් අර පලා බබා වගේ අපිටත් පොල්ලක් එහෙම අරගෙන තමයි ගුරු දෙගුරු රැස්වීම් වලට යන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බහුතරයක් ගුරුවරු ඇත්තටම ළමයින්ට දඬුවම් කරන්නේ එයාලව හදන්න.
      අඩු පඩීයට දුක් විඳගෙන ලොකු කැපවීමක් ගුරුවරු කරනවා. මේ කාලේ ළමයෙකුට දඬුවම් කලත් මානව හිමිකම් උස්සාගෙන දඟලන අය හින්දා ගුරුවරුත් තමන්ගේ උගන්නන වැඩේ විතරක් බලාගෙන ඕන එකක් උනාවේ කියලා පීරියඩ් එක ඉවර වෙලා නැගිටලා යනවා. ළමයි ගැන වගකීමක් ගන්න එයාලට බෑ.

      මොකද පොඩ්ඩ බැරි උනාම මානව හිමිකම් ගිහිල්ලා ගුරුවරු අච්චු කරන්නමයි දෙමව්පියෝ බලාගෙන ඉන්නේ. අපේ දෙමව්පියොන්ට අපි "සර් ගැහුවා" කියලා කිව්වහම කියන්නේ "උඹට හොඳ වැඩේ තව පාරක් දෙකක් දෙන්න තමයි තියෙන්නේ, එහෙමවත් හැදිලා එන්නැතැයි" කියලා. දැන් තමයි ගුරුතුමා සැර කලාමත් රෙද්ද උස්සන් ගේමට එන්නේ

      Delete
    2. ඉතින් අඩු පඩියට ගුරුකම් කරන්නේ නැතුව. වෙන මොකක් හරි රස්සාවක් කරන්න පුළුවන් නේ. පඩි මදි කියන කිසිම ගුරුවරයෙක් මම නම් දැකලා නෑ. අපේ සමාජයේ හැම එකාටම තියෙනවා. පොරක් වීමේ දරුණු උනක්. අන්න ඒකට බෙහෙත් කරා නම් බොහොම වටිනවා. මේ ටීචර් කරලා තියෙන්නෙත් ඒක. අනික් ටීචර්ලා එපා කියද්දි. අනික එයාම පිලිගන්නවා මේ දරුවා ඉගෙන ගන්න බොහොම දක්ෂ විනයගරුක දරුවෙක් කියලා. එයාගේ පවර් පෙන්නන්න ගිහින් ඔහොම බේරුනා ඇති. අර හරකා මරලා දැම්මනම් හෙම. මේ හරක් කරන්නේ ඒ වගේ වැඩ නේ.

      Delete
  2. රට්ටුන්ගෙන් කතා අහන්න නොවෙන තැනට ළමයි හදාගන්න දැනගන්න ඕනේ දෙමව්පියෝ උනාම..මම නම් සැර වැර කරන්න ඕනේ තැනදී සැර වැර කරනවාමයි...කට ගහන් එද්දී එහෙම නම් පාර දෙක වදිනවා මගෙන්..ළමයිට නම් දණ්ඩනය අවශ්‍යමයි..පොලිසියෙන් ගුටි කනවට වඩා අම්මගෙන් තාත්තගෙන් ගුටි කන එක නම්බුයි ..


    අතීත කතාවක් මතක් උනා මට..දවසක් මම කිව්වා " කට තියෙන්නේ කතා කරන්න තමයි " කියලා ..මගේ තාත්තා මට ගැහුවා තාත්තා එක්ක කට ගහන් එනවා කියලා ..(හැබැයි ඒකෙ පළියත් මම ගත්තා තාත්තා ඉස්සරහාම තාත්තගේ යාළුවෙක්ට කුණු හරපෙන් බැනලා:D ... " අනේ තෝ පලයන් මට උපදෙස් දෙන්න එන්නේ නැතුව " කියලා බැන්නා ඒ පොරට මම ..අපේ තාත්තට කට උත්තර නැති උනා එදා නම් ...:P මේවා කියද්දී කකුළුවාගේ කතාවත් මතක් උනා )

    ReplyDelete
    Replies
    1. ඔව්,
      දෙමව්පියෝ කියලා හදාගත්තේ නැත්තන්, පාසලින් උනත් විනය නොහැදුනා නම්, සමාජෙට ගියාම ළමයා හැදෙන්නේ නෑ නේ. සමාජෙන් හැදෙනවා නම් ඉතින් පොලීසි උසාවි ගානේ ලැගලා අන්තිමට ඉස්පිරිතාලේ, බන්ධනාගාරේ නැත්තන් කානු පල්ලේ මැරිලා ඉඳියි. කියන කිසිම දෙයක් අහන්නේ නැති නොසන්ඩාල එවුන්ව ගහලා බැරි නම් මකලා හරි හදන්න ඕන කියලා වේවැල අතට ගන්න ගුරුවරුන් හින්දා තමයි අපි විනයක් ඇතුව හැදිලා තියෙන්නේ.


      Delete
  3. itnishantha

    අනිවා මාත් එකඟයි මේ කතාවට. මමත් ඉස්කෝලේ යද්දී මගේ ළමා කාලයේදී කාපු ගුටි අනන්තයි. එදා නම් ඒ ගැන හිතේ කහටක් තිබ්බත් අද මම සතුටු වෙනවා එදා ගුටි කාපු එකට. අද මම මෙතන ඉන්න ප්‍රධාන හේතුව එදා ඒ හරහා ලබපු හික්මීම. මගේ තාත්තා මට දිමි ගොටු දාලා ගුටි දීලත් තියනවා. එහෙම නොවී හදුනා නම් මම අද එක්කෝ මළවුන් අතර නැත්තන් අබ්බගාතයෙක් නැත්නම් හිරේ.

    ඉස්කෝලේ ගුරුවරුන් ගැහුවොත් එක ගෙදර ගිහින් කියන්නේ නැ මලත්. කීවොත් අයත් ගෙදරදීත් සබ්බුව හම්බෙනවා. දැන් තියන මානව හිමිකම් දිහා බලපුවාම අපි එදා විඳපු දඬුවම් වල හැටියට අපි මානවයෝ නෙව්යිද කියලත් හිතෙනවා. මොකද අද ගුරුවරයකුට තියා දෙමවු පියන්ටවත් දරුවෙකුට පාරක් ගහන්න බැරි තත්වයක් තියෙන්නේ. මගේ දරුවට මම ගැහුවොත් එහා ගෙදර එකා 119 කෝල් කරනවා. ඔය වේලාවට තමා ගැනී ගැනත් සැක හිතෙන්නේ.

    අද වගේම එදත් ගුරුවරු අතරේ ආදරේට දඩුවම් කරපු අය වගේම තරහට ගුටි දීපු අයත් හිටියා. හැබයි අද ඒ තත්වේ ගොඩක් වැඩි කියලයි පෙන්නේ. අනික අද දරුවෙක් හදන්න කලින් ගුරුවරයා හැදිලා ඉන්න ඕන තත්වයක් තමයි පෙන්නේ. හැමදේටම මුදල් ඉස්සර වීමත් දේසපාලනය හවුල් වීමත් තමයි මේ පරිහානියට හේතුව.

    ReplyDelete
    Replies
    1. මුදල හා කාලකණ්ණි දේශපාලනය මේ හැම දේකටම මුල කියන එකට නම් මම එකඟයි. නමුත් අපි අපිට පුලුවන් දේ කරමු. අපි අපේ එවුන්ට ගුටි දීලා හරි හදාගත්තා නම් අපිටම තමයි හොඳ. නැත්තන් ළමයි සමාජය ට ගිහිල්ලා වැරැදි කරනකොට අන්තිමට බනින්නේ "ඕකාගේ අම්මාට " කියලයි.

      දඬුවම් දිය යුත්තේ හදාගැනීමේ චේතනාවෙන් මිස තමන්ගේ තරහ පිටකරගැනීමේ චේතනාවෙන් වෙන්න බෑ. අතීතයේ ගුරුවරු ළමයෙකුට ගැහුවත් ඒ ආදරෙන ඌව හදාගන්න. දැනුත් ඒ වගේ රත්තරං මිනිස්සු ඉන්නවා. ඒ අයටත් අතපය අකුලාගෙන උගන්නන දෙයක් උගන්නලා දෙන පඩියක් අරගෙන බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ මානව හිමිකම් මගුල් නිසා විනාශ වෙන ශිෂ්‍ය විනය දිහා

      Delete
  4. උඹට තියෙන්නේ මානසික අවුලක්.අපරාදේ මේවාට එන කාලය

    ReplyDelete
    Replies
    1. ළමයින්ගේ විනය හදන්න ගහන්න ඕනි කියන එක මහ ප්‍රාථමික සංකල්පයක් , ශිෂ්ට රටවල අධ්‍යාපනයෙන් ශාරිරික දඬුවම් ඉවත් වෙලා ගොඩක් කල් .

      Delete
    2. ශිෂ්ට රටවල් මැයින් ඔබතුමා කියන්නේ ශාරීරික දඬුවම් නීතියෙන් තහනම් කල බටහිර රටවල් හා ඒ මොඩලයේ අනෙක් රටවල් විය හැක. නමුත් ඒ රටවල දරුවන් කොතරම් විකෘති වී තිබේද යන්න ඔබ නොදැනීම පුදුමයකි. අමමා තාත්තා නොහඳුනන ගුරුවරුන්ට ද අභියෝග කිරීමට නොපැකිලෙන තම වයසට නොගැලපෙන වැඩ කරන පරපුරකි එහි සිටින්නේ. ඇමරිකාවේ පාසල් දරුවෙක් පාසලකට පැන දරුවන් රැසක් ඝාතනය කර සියදිවි නසා ගෑනීමේ සිද්ධිය ඔය ඔබ කියනා ශිෂ්ට සමාජයේ පුරුද්දක් නේද ?

      බටහිර රටවල පවා අතීතයේ දී පාවිච්චි කල ශාරීරික දඬුවම් ක්‍රම වල ඵලදායිතාවය ගැන නැවැත කතිකාවතක් ඉදිරිපත් වෙලා තිබෙන්නේ. බටහිර සමාජයට ශිෂ්ට යැයි ඔබ කියන්නේ එහි දුෂ්ට පැතිකඩ නොදැනීම හෝ හිතා මතාම අමතක කිරීමෙනි

      Delete
  5. නොදකින් මේ කාලකන්ණි බ්ලොග් එකට ආව කාලෙ අපරාදෙ.... උඹේ මානසික රෝගෙට වහාම බෙහෙත් ගනින් ලිං මැඩියො... ලන්කාවෙ බහුතරයක් ගුරුවරුත් උඹල වගේ ලිං මැඩියො තමයි....

    ReplyDelete
    Replies
    1. කැමති නැත්තන් යන්න මහත්තයෝ. මම කිව්වේ නෑ නේ මේක බලන්න එන්න කියලා. තමුන්ට මම ලියන දේට විරුද්ධව කරුනු තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න අපි මතවාදීමය සටනක් කරමු

      Delete
  6. දරුවන් යහමගට ගැනීම සදහා දඩුවම් කලත් නොහැකිය.දඩුවම් නොකලත් නොහැකිය.අපේ දෙමව්පියන් පාසල් යන කාලයේ වැරැද්දක් කලාට පසුව පහර දී ඇත්තේ බංකුවක දිගා කරලාය.ඇතැම් විට ඒ කාලයේ එසේ වු එක් ශිෂ්‍යයෙකුගේ පළමු සහ අවසාන පාසල් ගමනද එයම විය.නමුත් වර්තමානයේ (මාගේ පාසල් සමයද ඇතුළුව)එවැනි ලෙස පහරදීම් සිදුකල එකදු අවස්ථාවක්වත් මා දැක නැත.එහෙත් වත්මන පාසල් ළමුන් සිදුකරන්නා වූ වැරැදි ප්‍රමාණය හා එදා සැසදු විට විශාල වශයෙන් වර්ධනය වී ඇති සෙයකි.නමුත් එදා සිසුන් එසේමට යැයි විශාල වැරැදි කරන්නට ඇතියැයි මා පවසන්නේ නැත.ඒ මා අදුනන හිතවත් මාමා කෙනෙකු ගුරුවරයෙකු පහර දුන්නේ යැයි එදා සිට පාසල් නොගොස් හරක් බලාගැනීම සදහා ගෙදර නතර වී ඇත. එදා සිටියේ එවැනි පුද්ගලයන්ය නමුත් අද එසේ වූවානම් ගෙවල් හතක මළ ලතෝනි ඇසෙනවා නොඅනුමානය.

    ReplyDelete