Friday, April 19, 2013

බයියෝ


ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර හැට පන්දාස් හයසිය දහයක් වන කුඩා රටක් වුවත් එහි එකිනෙකට වෙනස් ජනවර්ග කීපයක්ම ජීවත් වේ. එමෙන්ම එම ජනවර්ග අතරද ප්‍රදේශ මූලික වෙනස් කම් දක්නට ලැබෙන අතරම ප්‍රදේශ මූලික බෙදීම් අනුව ජනවර්ග අතර යම් දුරස් බවක් දක්නට නොලැබෙන්නේම නැත. සිංහල ජනවර්ගයේ ප්‍රදේශ මූලිකත්වය උඩරට, රුහුණ, රජරට, ආදී වශයෙන් වෙනස් වන කල්හී දෙමළ ජනවර්ගය යාපන-චෙල්ලාල, මඩකලපු, වතුකරය ආදී ලෙස වෙනස් වේ.

සිංහල ප්‍රාදේශික බෙදීමට අනුව යම් ජනකොටස් වලටද සමාජමය වශයෙන් අසාධාරණකම් සිදුවිම නොරහසකි. උතුරු මැද පළාතේ ජීවත් වන හෝ ජන්ම ලාභය ලැබූ පිරිස එලෙස ආර්ථිකමය, සමාජමය හා දේශපාලනමය අසාධාරණකම් වලට කෙනෙහිලිකම් වලට ලක්වූ කොටසකි. "බයියන්" ලෙස තමන්ගේ සහෝදර ජනවාර්ගිකයින්ගෙන් අපහාස විඳින මොවුන් ගැන මේ ලිපියෙන් සාකච්චා කෙරේ.

අතීතයේ රටේ සෑම ප්‍රදේශයකම පාහේ ජනාවාස තිබුනද ප්‍රාදේශීය මූලික බෙදීම් නිසා ජනතාව ජාතික අරමුණු වෙනස් කරගැනීම හෝ එක් ප්‍රදේශයක සිටිනා ජනකොටස විසින් තවත් ජනකොටසකට කෙනෙහිළිකම් කිරීමක් නොතිබුණි. ගාමිණී කුමාරයාගේ මව කැළණි තිස්ස රජුගේ දියණිය වීමත් මාගම උපන් දුටුගැමුණු රජතුමා මලය රටේ රැකවරණය ලබා එළාර පරදවා අවසානයේ අනුරාධපුර රාජධානියේ රජවීමෙන් පෙනීයන්නේ එකළ හුදෙකලාවෙන් ජීවත් වුවත් ජාතික ගැටළුවකදී බෙදීම් සියල්ල නොතකා රටවෙනුවෙන් කැපවීමට එකල සිංහලුන් හට හැකියාවත් තිබූ බවය.

සිංහල ජනතාවගේ ප්‍රදේශ මූලික බෙදීම ඇතිවූනේ මේ රටට පෘතුගීසී, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණ පැමිණීමෙන් පසුවය. මුහුදුබඩ ප්‍රදේශ විදේශ පාලනයට නතුවීම හා උඩරට ගිවිසුමෙන් පසුව කාලයක් උඩරට හා පහතරට ප්‍රදේශ වෙන වෙනම පාලනය කිරීම උඩරට පහත රට බෙදීම තවත් තීව්‍ර කිරීමට උදව් විය. එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලින් බැහැරව රුහුණේද වෙනම අනන්‍යතාවයක් ගොඩනැගුණි.  මෙලස පැවැති බෙදිම් වලින් ජනකොටසක් ලෙස අතරමං වුණු පිරිසක්ද සිටියා. ඒ උතුරු මැද පළාතේ ජීවත්වූ ජනතාවයි. සිංහල රාජධාණියේ අවසාන කාලයේදී  උඩරට මහින් පාලනය වූ එම ප්‍රදේශය උඩරට බිඳවැටීම නිසා අරාජික තත්වයකට පත්විය.  අතීතයේදී වැඩිම කාලයත් ලංකාවේ අගනුවර ලෙස පැවැති රජරට ප්‍රදේශය රාජධානි මාරුවීමත් සමගම වල් බිහිවී ගියත් අතීත රජරැටියන්ගෙන් ශේශව පැවැති පිරිසක් එහිත් ජීවත් විය. කාලයාගේ අවෑමෙන් ඉංග්‍රීසීන්ට විරුද්ධව කැරැළි ගැසු ජනතාව පැමිණ පදිංච් වූයේද රජරට ප්‍රදේශයේය.

බයියා !!

උඩරැටියන්, රුහුණේ ජනතාව මෙන්ම පහතරට ජනතාව උතුරු මැද පළාතේ අයට අවඥාවට කියන්නේ "බයියන්" කියාය. බිය ඇත්තා හෝ නොදියුණු ප්‍රදේශයේ වසන්නා ලෙස අපහාසයෙන් රජරැටියන්ව හඳුන්වති. විසි එක්වැනි සියවසේ සමානාත්මතාවය ගැන, ජාතීන් අතර එකමුතුකම ගැන පාරම්බාන උගතුන් මෙන්ම ඇටෙන් පොත්තෙන් පැමිණි කොල්ලෝ කුරුට්ටන් පවා බයියන් ලෙස අපහාස කරති. ලේඛකයාට පවා එලෙස අපහාස විඳින්නට සිදුවූ අවස්ථාද තිබේ.

නිරන්තරයෙන්ම ජනතව විසින් මෙන්ම රජයන් විසින්ද නොසළකා හැරීම් වලට ලක්වූ රජරැටියන් ආර්ථික වශයෙන් දුර්වල තත්වයකට පැමිණිබවද නොරහසක්. තිස් වසරක යුද්ධය නිසාද ඔවුන් බැට කෑවෝය. නමුත් රටේ කෘෂිකර්මයේ කේන්ද්‍රස්ථානය වූ එම පළාතේ පුතුන් ත්‍රස්තවාදී තර්ජන වලට නොසැලී මුහුණ දෙමින් තම ගම්බිම් අත් නොහැර රැඳී සිටි බව කවුරුත් දන්නා නමුත් හිතාමතාම අමතක කරන කරුණක්. එමෙන්ම කීර්තිමත් දේශපාලාඥයින්, උගතුන්, පරිපාලකයින් අතර රජරට පුතුන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටීම දුශ්කරතා මධ්‍යයේ දියුණුව ලඟා කරගැනීමේ රජරැටියන් තුල වූ දක්ශතාවය කියාපාන්නකි.


ඔබ රජරැටියෙකු නම්.

රජරට ජන්ම ලාභය ලැබූ දරුවන්ට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නොමැති බව සැබෑය .නමුත් ඔබ ඉපදුනු පින්බිම වසර 1100 පමණ අඛන්ඩව රටේ අගනුවර ලෙස පැවති බව හා රටේ බෞද්ධ උරුමයේ කේන්ද්‍රස්ථානය ලෙස පවැති බව අමතක නො කල යුතු වේ. රජරැටියන් කොතරම් ආක්‍රමණ පැමිණියද අපේ උරුමය රැකගැනීමට නොබියව ඉදිරිපත් වූ පිරිසක් බව අහිමානයෙ යුතුව සිහිපත් කල යුතුය.

පාවාදෙන්නන්, කුහකයන් හා කට්ට කෛරාටික වෙට්ට පිත්තලයන් අතරේ රජරැටියෙක් ලෙස අහිමානයෙන් සිටීමට මෙන්ම පුරන් වූ රජරට සංවර්ධනයෙන් මෙන්ම දැණුමින් සන්නද්ධ කිරීමට උත්සුක වීම සෑම රජරට පුතෙකුගේ හා දියණියකගේ වගකීමද වේ.










1 comment:

  1. දකුණේ එකෙක්April 22, 2013 at 3:24 AM

    kathawa aththa,udarata ewun me rata wenuwen monawada karala tiyenne? daladawa eheta aran giye dakune thibila wadi arakshawata,anith minissunta baiyo kiyanna unta kohomatawath aithiyak na,udarata ungen 90% boru pada show thiyena p dials...

    ReplyDelete