Saturday, March 17, 2012

විදුලි බිලේ වැඩිවීමට තිත.


මීට ටික කාලයකට පෙර ලංකාවේ විශාල ආන්දෝලනයක් විදුලි බිල 40% වැඩිවීම පිළිබඳ ඇතිවුනා. විදුලිය 40% කින් වැඩිවීම යනු සොච්චමක් නොවේ. සමාජයේ පහල පන්තියේ සිට ඉහල මැද පන්තිය දක්වාම සිටිනා විදුලි පාරිභෝගිකයින් කෙරෙහි මෙය බලපායි. යම්කිසි මුදලක් වැඩිවීම යනු කෙටිකාලීන තත්වයක්  වන අතර ඉදිරියේදී පොසිල ඉන්ධන වල හිඟය නිසා තව තවත් ඉන්ධන මිල වැඩිවී ඉහල යන විදුලි බිල කෙරේ එය බලපායි. මන්දයත් පොසිල ඉන්ධන වැඩිපුරම භාවිත කරන්නේ විදුලිය නිපදවීමට බැවිනි. ඒවා තුලිනුත් ගල් අඟුරු හා ස්වභාවික වායූන් ප්‍රධාන වේ. ලෝකයේ රටවල් බොහොමයක් මෙම අර්බුධයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය නම් කරත් එහි තිබෙන විශාලම අඩුපාඩුව නම් පොසිල ඉන්ධන වලින් නිශ්පාදනය කරන ශක්තියෙන් ඉතා කුඩා කොටසක්වත් නිපදවීමට මේවා අසමත්වීමයි. 4% පමණ ඉතා සුලු ප්‍රමාණයක් පමණයි පුනර්ජනනීය බලශක්තිය ලෝක ශක්ති අවශ්‍යතාවෙන් ඉටුකරන්නේ.

අනාගතයේ අපි කැමතිවුවත් අකමැතිවුවත් කෙසේහෝ අඩු සැපයුමක් සහිතව විදුලිය පරිභෝජනය කිරීමට සිදුවන නිසා කලයුත්තේ අපේ විදුලි ඉල්ලුම අඩුකිරීමයි. විදුලිය යනු ඉතා පහසුවෙන් වෙනත් ශක්තියකින් පරිවර්ථනය කිරීමට හැකි දෙයක් නිසා විවිධ විවිධ ශක්ති ප්‍රභව පැමිනියත් විදුලිය අනාගතයේ මිනිස් සමාජයේ ප්‍රධානම ශක්තිය ලබා ගන්නා මාධ්‍යය වනු ඇත. අනාගතයට දැන්ම සූදානම් වීම ප්‍රතිඵලදායක නිසා කුඩා ප්‍රමාණයෙන් හෝ විදුලිය ඉල්ලුම අඩුකරගැනීම අපේ යුතුකමක්ද වේ
පහත දැක්වෙන කාරණා ඉතාම පහසු ඒවා වුවත් එයින් විශාල වෙනසක් ඔබේ ශක්ති පරිභෝජනයට සිදුවේ



විදුලි පරිභෝජනය ගනනය කිරීම (Energy Auditing) කවුරුවත් එතරම් සැලකිල්ලක් දක්වන දෙයක් නොවේ. තමන් මාසයකට, දවසකට හා පැයකට කොතරම් විදුලිය පරිභෝජනය කරනවාද කියා බොහෝවිය අප කිසිසේත්ම සැලැකිල්ලක් දකවන අංගයක් නොවේ. නමුත් ඉතාම ප්‍රවේශමෙන් හා සංඛ්‍යාත්මකව තමන්ගේ විදුලි පරිභෝජනය ගැන විමසා බැලුවහොත් තමන් වැඩිපුර විදුලිය පාවිච්චි කරන්නේ කුමන විදුලි උපකරණයටද යන්න පවා දැනගත හැක. වෙනත් රටවල් නම් විදුලි සමාගම් විසින් හෝ විදුලිය ගනනය කරන සමාගම් විසින් මේ සේවාව ලබාදුන්නත් අපරටේ එවැන්නක් නොමැති නිසා උත්සාහයක් දරා හෝ සියලු විදුලි පරිභෝජනය ඒකක වශයෙන් ගනනය කිරීම ඉදිරි විදුලි පරිභෝජනය සීමාකිරීමට ඉතාම වැදගත් වේ. තමන්ගේ නිවසේ වැඩියෙන්ම විදුලිය පරිභෝජනය වන භාන්ඩ තෝරා ඒවා සීමා කිරීමට එමගින් පුලුවන. කලින් මාසයට වඩා ඊලඟ මාසයේ පරිභෝජනය සීමාකිරිමට මෙමගින් නිතැනින්ම පෙලඹවීමක්ද ලැබේ.





නිවසක මූලික වශයෙන් විදුලිය පරිභෝජනය කරන උපකරණ හා කාර්යයන් කීපයක්ම තිබේ.  ඒවායින් මූලිකම අංගය නම් ආලෝකකරණයයි. නිවසක වැඩියෙන්ම පාවිච්ච කරන උපකරණ වුවත් පහසුවෙන්ම විදුලිය ඉතිරිකරගැනීමටත් ආලෝකකරණය යොදාගත හැක. මූලිකම කාරණය නම් ගෙදර කෘතිම ආලෝකය පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය හැකිතරම් අඩුකිරීමයි. එය නිවස ස්වභාවික ආලෝකයට වැඩියෙන් නිරාවරණය වන ලෙස ජනේල හා මැදමිදුල් සැකසීමෙන් කලහැක. අලුතින් නිවසක් සාදන්නේ නම් ඔබේ ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ අඩු ශක්තිප්‍රමාණයක් පරිහරණය කරන නිවසකටයි. ගෘහනිර්මාණ ශිල්පියා සමග සාකව්චා කර දිවා කාලයේ වැඩි ආලෝකයක් ලැබීමත් රාත්‍රී කාලයේ කෘතිම ආලොකය නිවස තුලම රැඳෙන ලෙසත් නිවස සැලසුම් කරගතහැකිනම් එය ඉතාමත් යහපත් වේ.



නිවසේ වර්ණ භාවිතය ගැන සැලකිලිමත්වීමෙන් ඔබට සිතනවාටත් වඩා විශාල මුදලක් ආලොකකරණයේදී ඉතිරිකරගත හැක. බිත්තිවලට සුදු වර්ණය ආලේප කිරීමෙන් වැඩි ඉඩකඩ ගතියක් මෙන්ම ආලෝක පරාවර්ථනය වන මතුපිටක් නිසා කුඩා වොට් ප්‍රමානයක් වැයවන බල්බවලින් පවා වැඩි ආලෝකයක් ලබාගත හැකිය. බිත්ති පමණක් නොව ගෙබිම හා ගෘහභාන්ඩ වලට පවා ලා පැහැයෙන් ලබාගැනීමෙන් අඩු වියදමකින් වැඩි එලියක් ලැබේ. නිවසේ විවිධ ප්‍රදේශ වලට හා එළිමහනට ගැලපෙන ආකාරයේ වොට් අගයකින් යුතු බල්බ යෙදීම ඉතාම වැදගත්ය. සාලයට හො කෑම කාමරයට අවශ්‍ය තරම් ප්‍රබල දීප්තියක් එළිමහන් විදුලිපහන් වලට අනවශ්‍යවේ. එමෙන්ම විදුලි පහනේ ආලෝකය නියමිත ප්‍රදේශවලට පමණක් විහිදෙන ආකාරයට lamp shades යෙදීමද කල හැක. සාමාන්‍ය විදුලිපහන් වලට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වන CFL මෙන්ම නූතනයේ ඉතාම කුඩා විදුලිප්‍රමාණයක් වැයවෙන LED පහන්ද වෙලඳපලේ ඇත.


ආලෝකකරණයට මෙන්ම නිවස උණුසුම් හෝ සිසිල් කිරීමටද විදුලිය වැයවේ. බටහිර රටවල් ව්ල වැඩියෙන්ම නිවාස උණුසුම් කිරීමට ශක්තිය වැයවුනත් ලංකාව වැනි උෂ්ණ රටක වායුසමීකරණ ක්‍රියාත්මක කිරීමට විදුලිය විශාල වශයෙන් වැයවේ. වායුසමීකරණයක් නොමැතිනම් විදුලි පංකාවක් හෝ නිවසක කාමර තුල හා සාලයේ දක්නට ලැබේ. නිවසේ සිසිලස රැකගැනීමට නම් නිවස නිර්මාණයේදීම වැඩි අවධානයක් යොමුකිරීම වටී.
සුලං නිවසට ඇතුලුවී එක අන්තයකින් පිටවන ලෙසද දිවාකාලයේ උෂ්ණතවය නිවසට ඇතුලුනොවන ලෙස තාප පරිවාරක යෙදීමද නූතනයේ නිවාස තැනීමේ උපක්‍රම වේ. විදුලි පංකා භාවිතය අඩුකිරීම ද වායුසමීකරණ නොමැතිව වුවත් සිසිලස පවත්වාගැනීම තුලින් ඉතිරිවෙන විදුලි ඒකක ප්‍රමාණය විශාලය.
ගෘහ විදුලි උපකරණ මිලදී ගැනීමේදී විදුලි පරිභෝජනය ගැන නූතනයේ කිසිඳු සැලකිල්ලක් දක්වන්නේ නැත. රූපවාහිනිය, මුලුතැන්ගේ උපකරණ මෙන්ම පරිගණක පවා නිවසේ විදුලිබිල වැඩිකිරීමට වැඩි දායකත්වයක් දක්වයි. එමනිසා විදුලිය ඉතිරිකරන උපකරණ මිලදීගැනීමට පුරුදුවන්න.

නිවසට අවශ්‍ය විදුලිය නිවසේම නිර්මාණය කරගත හැකි සූර්ය පැනල සවිකිරීමද තවත් විකල්පයකි. මෙහි ගැටලුද නැත්තේම නැත. මූලික ආයෝජනය වැඩිවීම මෙන්ම කාර්යක්ෂමතාවය අඩුවීමද සිදුවිය හැක. තමන්ගේ මූලික විදුලි සැපයුමට පරිබාහිරව මෙන්ම මූලික සැපයුමත් සමග එකට ක්‍රියාකරන සූර්ය බලශක්ති කට්ටල විදේශ වල පාවිච්චි කරත් ඒවා ලංකාවට ගැලපීම ගැන යම් ගැටලු පැනනගී,
 ලෝකයේ දිනෙන් දිනම ඉහල යන විදුලි ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ප්‍රමාණවත් නොවන නිසා අකමැත්තෙන් හෝ අපේ ජීවන රටාවන් වෙනස් කරගැනීමට අපට සිදුවේ. වෙනස්වීම් වලට ඔරොත්තු නොදෙන ජීවීන් විනාශ වීම යන සර්ව සාධාරණ න්‍යායට අවනත්වී සමාජයේ තවදුරටත් ජිවත්වීමට නම් තනි තනියෙන් හෝ බලශක්තිය ඉතිරිකරීමට තනි තනියෙන් හෝ ක්‍රියාකල යුතුය.

11 comments:

  1. ඉතා වටිනා ලිපියක් මචන් දිගටම මේ ගැන තව කරුනු පල කරන්න.රටටම බොහොම වටිනව මේ කරුනු..ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  2. එලියෙම හිටියනම් විදුලි බිලක් නෑ..

    ReplyDelete
  3. මමත් මේ වගේ ලිපියක් ලියන්නයි හිටියෙ...
    ඔබේ ලිපිය හරිම වැදගත්. හොඳට ලියලා තියෙනවා
    මම මේක අනිත් අයත් එක්ක බෙදා ගන්නවා...

    ඇල්කෙමියා.

    ReplyDelete
    Replies
    1. මේක ගැන හැමෝම දැනුවත් කරන්න

      Delete
  4. සුර්ය පැනල වගේ දේවල් පරිසර හිතකාමී බව මිසක් මේවයින් විදුලි බිලට ලාභයක් ගන්න සෑහෙන කලක් ගත වෙනවා. සුර්ය පැනල දමා ගන්න ඕස්ට්‍රේලියානු රජයෙන් ආධාර දෙනවා. නමුත් මගේ ගණන් බැලීමේ හැටියට මුල් ආයෝජනය ගන්න අවුරුදු 7-8 ක් යනවා. ඒක නිසා අල්ලලා දැම්ම. අවුරුදු 7-8 කින් සමහර විට අප මේ ගෙදර ඉන්න එකකුත් නැහැ. මේවගේ දේවල් ආකර්ශනීය තමයි. නමුත් තාමත් ගණන් වැඩියි. ගෙදරක් නවීකරණය කරන්න යන ගැන ඊට වැඩියි. නමුත් ඕස්ට්‍රේලියාවේ අලුතෙන් හදන ගෙවල් නම් පරිසර හිතකාමී බවෙන් වැඩියි.

    ReplyDelete
    Replies
    1. සූර්ය පැනල වල ගොඩක් ගැටලු තියෙනවා. ඒවා කියන තරම් හොඳ නෑ කියන එක නම් ඇත්ත. මූලිකම ගැටලුව තමයි ආයෝජනය කරන්න ඕන මුදල වැඩියි. දියුනු රටවලත් ඔහොම නම් ලංකාව වගේ රටකට ගොඩක් අමාරුවෙයි ඒවාට යොමුවෙන්න.

      Delete
  5. නියමයි . . හරිම වටිනවා . . බොහෝම ස්තූතියි මේ ලිපියට . . .

    මමත් ගෘහනිර්මාණ ශිල්පියෙක් විදිහට බොහෝ නිවාස සැලසුම් කරලා තියෙනවා . .

    මගේ රැකියාව ප්‍රමාන සමීක්ෂක . .

    එත් සිවිල් ඉන්ජිනේරු ඩිප් එකක් හදාරද්දී ගෘහනිර්මාණ ශිල්පය ගැන උගෙන ගත් නිසා ත් ලංකාවේ තට්ටු තුනකට අඩු නිවාස සැලසුම් කිරීමට එවැනි අයට ඉඩ සලසා ඇති නිසාත් බොහෝ නිවාස නිර්මාන කරන්න මට හැකිඋනා. .

    මමත් මේ ඔබ විස්තර කල අකාරයේ ඒවා බොහොමයක් යොදා ගෙන තියෙනවා . .

    එත් මේ විදුලි පරිභෝජනය ගැන කොටස මින් මතු මට සේවා දායකයෙක් දැනුවත් කරන්න - මගේ කන්සෙප්ට් වලට අකමැති අයව නම්ම ගන්නා . . යොදා ගන්න පුලුවන් වෙයි . .

    බොහෝම ස්තූතියි නැවතත් . .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතිය ඔබේ කොමෙන්ටුවට. නිවාසයක් සැලසුම් කරනවා නම් අද කාලේ වැඩියෙන්ම අවධානය කරන්න ඕනේ ක්ශෙත්‍රයක් තමයි මේ ශක්තිය ඉතිරි කිරීම. විදුලිය විතරක් නෙවෙයි ජලය පවා අනාගතේ ඉතාම අරපරිස්සමෙන් පාවිච්ච කරන්න වෙයි

      Delete
    2. අනිවා අනිවා

      Delete
  6. මම ඉන්නා ගෙදරට යෝජනා කළ හැකි ශක්ති සංරක්සන ප්රෝයගන් ඔබේ ලිපිය තුල සෙව්වෙමි.ඒවා එහී නැත.

    ReplyDelete