Thursday, June 2, 2011

වගකීමකින් යුතුව පානය කරන්න


මම කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්නයි යන්නේ. මම මේ ලියන දේ ගැන අදහස මගේ හිතේ මීට සති කීපයක් ඉඳලම තිබුනත් වෙසක් සතිය නිසා පව්කාර වැඩ ගැන කතා නොකර ඉන්න ගත්තු තීරණය නිසා ඒක ගැන කියන එක ප්‍රමාද කලා. දැන කට්ටියම බලයි මම මේ මොකද්ද කියන්න යන්නේ කියලා. වෙන මොනවත් ගැන නෙවෙයි. අපේ ජාතික පානය නියමාකාරයෙන් බොන විදිහ ගැන.

ලංකාවේ අපි (පුරුෂ පක්ශයේ පමණයි.) තරමක් ලැජ්ජා වෙන්න ඕනේ එක් කාලයක ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය වැඩි රටවල් අතරට අපේ මේ ධර්මද්වීපයත් එකතු වුනු එක ගැන. කොහොම උනත් ඈත අතීතයේ ඉඳලම මිනිස්සු තමන්ට යම් වින්දනයක් ලබාගන්න මධ්යසාර පාවිච්චි කරලා තිබෙනවා. ලෝකයේ මුලින්ම මිනිසා වගා කරන්න පෙලඹුනේ මද්යසාර සඳහා ධාන්ය ගන්න කියලා දැන් හොයාගෙන තිබෙනවා. මිනිස්සු මේ මධ්යසාර වලට මෙච්චර කැමැත්තක් දක්වන්නේ ඒකේ තියෙන මොලයේ ප්‍රීතිය දැනෙන කොටස උත්තේජනය  කරන්න තියෙන හැකියාව නිසයි. නමුත් ඊට සාපෙක්ශව මොලයේ කථනය, සංවේදනය ආදී බොහොමයක් දේවල් අවහිර වෙනවා. මද්යසාර භාවිතය අඩුකරන එක බොහොම හොඳයි. ඒ වගේම තමන්ගේ සිහිය නියමාකාරයෙන් පවත්වාගෙන ඒවා පාවිච්චි කරන එක අපි හැමෝටම වැදගත් වෙනවා.

අපේ භාෂාවෙන් කියනවා නම් 'කරටි කැඩෙන්න ගහලා' තමන්ගේ තත්වය බාල්දු කරන එකට වඩා නියමාකාරයෙන් මධුවිත පානය කරන්න අපි කටයුතු කරන්න ඕනේ. මම පහත සඳහන් කරන්නේ ඒ සඳහා උවමනා වෙන කරුනු කීපයක්. මේවා අත්හදා බලලා ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබාදුන්නු ඒවා.

මූලිකම කාරණය වන්නේ තමන්ට ලිමිට් එකක් තියාගන්න එක. මේ සීමාව නැත්නම් "ලිමිට්" පුදගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. තමන්ට අදාල මට්ටමේ රැඳිලා ඉන්න එක ගොඩක් වැදගත්. කාලයක් තිස්සේ ටිකෙන් ටික මේ සීමාව වැඩිකරගන්නත් පුලුවන්. නමුත් සම්මතය වෙලා තියෙන්නේ ඇල්කොහොල් ඒකක 21 කට වඩා ගැනීම පිරිමියෙකුට අනතුරුදායකයි කියලා. ඒකකයක් කියන්නේ මද්යසාර මිලි ලීටර 10ක් නමුත් මේ සීමාව කාන්තාවන්ට තරමක් අඩු වෙනවා. ඒ වගේම රටින් රටට තරමක් වෙනස් වෙන්න පුලුවන්. තමන්ගේ සීමාව තුල ඉන්න එක තමයි කරන්න තියෙන හොඳම දෙය.

මත්පැන් බොනකොට එකවිට එක පානයකට සීමා කරන්න. මත්පැන් කාන්ඩ දෙකකට අයිති දේවල් එකවිට උත්සාහ කරන්න එපා. උදාහරණයකට බියර් පානය කරනවා නම් වෙනත් මත්පැන් ගන්න ඒක නතර කරන්න. එක ඒක මත්පැන් වල මද්යසාර සංයුතිය වෙනස් නිසා ගැටලු ඇතිවෙන්න පුලුවන්. ඒ වගේම අලුත් මත්පැන් වර්ගයක රස බලනවා නම් තරමක් සැලකිළිමත් වෙන එක අවශ්යයි.

නිතරම වතුර පානය කරන්න. ඒකෙන් කාරණා කීපයක් ඉටු වෙනවා. මූලිකවම වෙන දෙයක් තමයි ආමාශයේ ඇල්කොහොල් සංයුතිය අඩුකරන එක. එතකොට තමන්ට දැනෙන මත් ගතිය යම් තරමකින්වත් අඩු වෙනවා. මද්යසාර ශරීරයේ තිබෙන ජල ප්‍රමාණය අඩු කරනවා. නමුත් වැඩිපුර ජලය පානය කලොත් ඒ තත්වය මගහැර ගන්න පුලුවන්. ඒක නිසා මත්පැන් බිව්වාට පසු දින ඇඟට දැනෙන අපහසුව අඩුවෙනවා.

මේ කාරණය නම් බොහෝ දෙනෙක් දන්න දෙයක්. අපි බයිට් එකට තෙල් සහිත කෑමක් ගත්තොත් තමන්ට දැනෙන මත් ගතිය නැත්තන්ම් වෙරි ගතිය වලක්වා ගන්න පුලුවන්. ඒ තෙල්, මත්පැන් වල තිබෙන ඇල්කොහොල් වල ක්‍රියාකාරිත්වය සීමා කිරීම නිසයි.

අපි ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නේ කෑමට පෙර මත්පැන් පානය කරන්නයි. නමුත් මත්පැන් පානය කරන්න කලින් ආහාරයක් ගත්තොත් ඒක ගොඩක් සහනයක් වෙනවා. කෑමත් නැතිව මත්පැන් පානය කලොත් වෙන අපහසුව ගැන අමුතුවෙන කියන්න ඕනේ නෑ.

සුරාවේ රසයත් - එහි ඇති මනා ගුණයත්
බොන උතුමෝ මිසක් - නොබොන අනුවණ දනෝ නොදනිත් 

යන අයුරින් සුරාව වර්ණනා කරත් නිතරම අපි ඒකේ අහිතකර පරතිඵල ගැන හිතන්න ඕනේ. ඒ වගේම මත්පැන් බොනකොට තමන්ගේ සීමාවෙන් පිට පනින්නේ නැතුව වගකීමෙන් යුතුව වැඩකරන්න අමතක කරන්න එපා. සුප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදකයෙක් වෙන Johnnie Walker ආයතනය තමන්ගේ මත්පැන් බෝතල් වල ප්‍රසිද්ධ කරන වැකියකින් මම ලිපිය අවසන් කරන්න කැමතියි. ඒ "වගකීමකින් යුතුව පානය කරන්න"  (drink responsibly) කියාය. 

1 comment:

  1. හොද ලිපියක්,...පොඩි දෙයක් එකතු කරන්න හිතුවා බොන වෙලාවට සීනි අදික කෑම කන එක ටිකක් විතර හොද මදි ඩඩු ඩබල් වෙනවා මොකද අමාශයේදි නෑවත් පෑසීමට ලක්වන නිසා,
    සාමන්යෙන් මුලින් විස්කියක් වගේ ගහලා දිගටම පාටිය කන්ටිනියු වෙනවා නම් නෑවත විස්කි බොනවාට සෑරෙන් අඩු බියර් එකක් බොන එක හොදයි,
    හොද ලිපියක් නෑවතත් කියන්න ඔන............
    වර්ඩ් වෙරිෆිකෙශන් අයින් කරන්න කමෙන්ට් කරන්න ලේසී එතකොට...

    ReplyDelete