අපට විවාහයක් අවශ්‍ය ද?
බොහෝ දෙනෙකුගේ
උත්තරය "ඔව්" වෙන්න ඇති. මිනිසා කියන්නේ සාමාජීය සත්වයෙක්. පවුල කියන
සමාජයේ කුඩාම ඒකකය තනා ගන්න ත් තමන් ගේ වර්ගයා බෝකරගන්න ත් අවශ්‍ය පදනම
වැටෙන්නේ විවාහයෙන් කියන එක නිවැරදියි. ගැහැනු සත්වයෙක් පිරිමි සත්වයෙක් සමග එකට
ජීවත් වෙලා අනාගත පරපුරක් බිහිකරන එක මිනිසාට විතරක් සීමා වෙච්ච දෙයක් නොවුන ත් සංස්කෘතික වශයෙන්
දියුණු වෙච්ච මිනිස් සමාජය තුල පවුලට ලොකු වැදගත් කමක් තිබෙනවා. විවාහය කියන
බැඳීමත් එලෙසම වැදගත් වෙනවා. ඒ වගේම කාලෙන්
කාලෙට සමාජයෙන් සමාජය ට විවාහය ගැන
තියෙන ආකල්ප පවා වෙනසක ට ලක් වෙනවා.
ඇයි අපට විවාහයක් අවශ්‍ය ?
මිනිස් පරපුර ඉදිරිය ට ගෙන යාමට ද ?
එහෙමත් නැත්නම් මිනිසා තුල සැඟවිලා තියෙන අසම්මත යැයි
හංවඩු ගහපු ලිංගික ආශා නීතිය ට හා සදාචාරය ට අනුකූලව මුදුන් පත්
කර ගැනීම ට ද?
එසේත් නැත්නම් තවත් කෙනෙකුගේ රැකවරණයක්,
ආරක්ශාවක් ලබා ගන්න ද ? මගේ අදහස නම්
මේ සියලු දේම අප විවාහයකින් අපේක්ෂා කරනවා. මිනිසා ගේ මූලික අවශ්‍යතා වෙච්ච ආහාර
හා ජලය තරම්
නොවුනත් ඒ ආසන්නයටම එන ලිංගික අවශ්‍යතා
සන්තර්පනය කරගන්න අප විවාහ වෙනවා. ලිංගික අවශ්‍යතා වලින් පරිබාහිර ව ආදරය,
රැකවරණය ලබාගන්නත් විවාහය මාර්ගයක් කරගන්නවා. එහි අතුරු
ඵලයක් විදිහට සමාජය ට අලුත්
පරපුරක් බිහි කරනවා. සත්ව ලෝකයේ විවාහය තරම් දැඩි බැඳීමක් නැති එක විශේෂයෙන් සලකා
බලන්න ඕන කාරණයක්. තම ජීවිත කාලය පුරා ම එක් සහකාරියක් හෝ සහකාරුවෙක් සමග ඉන්නේ
ඉතාම අල්ප සත්ව විශේෂ සංඛ්‍යාවක්. අනිත් සියලුම සතුන් ලිංගික කාර්යය සඳහා පමණක්
සහකරුවන් සහකාරියන් සමග එකතු වී. පැටවුන් ලැබුනු පසු වෙන් වෙනවා. ඊලඟ ප්‍රජනන
කාලයේ දී ඔවුන් වෙනත් සතුන් කරා යාමේ වැඩි ඉඩක් තිබෙනවා.
මිනිස් සමාජයේ තත්වය මීට වඩා වෙනස්. විවාහය
හා පවුල යනු ජීවිත කාලයටම තබාගන්න බැඳීමක් බව මිනිසා විශ්වාස කරනවා. ප්‍රායෝගික
ලෝකයේ පවුල් කඩා ඉහිරීම්, දික්කසාද හා
විවාහයෙන් පිට සම්බන්ධතා ආදිය කොතරම් දැකීම ට හැකි වුවත් විවාහය
යන සම්බන්ධතාවේ අරමුණ මිය යන තුරු ම බැඳී සිටීම බව පැහැදිළි යි. මිනිස් සමාජය ට බිහිවෙන ළදරුවා
සාමාන්‍යයෙන් අනෙක් සතුන් ට වඩා සිටින්නේ ඉතාම දුර්වල අවධියක. අවුරුදු ගණනාවක්
ම ළදරුවා රැක බලා ගැනීම ට දෙමාපියන් ට සිදුවෙනවා. මව ගේ හා පියා ගේ රැකවරණය අවශ්‍ය
වෙන්නේ මේ අවස්ථාවේ දී. ඒ වගේම දරුවා ගේ පෞරුෂය වර්ධනය ට මව ගේ වගේම පියා ගේ පෞරුෂ උදව් වෙනවා.
කුඩා කාලයේ දී රැකවරණය නොලැබීම නිසා පෞරුෂ ගැටළු තිබෙන බොහෝ දරුවන් අප ට දැකගන්න ට පුලුවන්.
සහකරුවෙක්, සහකාරියක්
සොයාගැනීම ට උනන්දු වීම
මිනිස ට පමණක්
විශේෂිත දෙයක් නොවේ. සත්ව ලෝකයේ සෑම සතෙකු ම ප්‍රජනනය සඳහා
සහකාරියන් සොයා ගැනීම ට මහත්
වෙහෙසක් දරණවා. සාමාන්‍යයෙන් සහකාරියන් සොයා ගැනීම ට උපක්‍රම පාවිච්චි
කරන්නේ පිරිමි සතුන්. සත්ව ලෝකයේ පිරිමි සතුන් සාමාන්‍යයෙන් ගැහැණු සතුන් ට වඩා
අලංකාර යි. තම පෙනුම කැපී පෙනෙන අන්දමෙන් හැසිරෙන්න ප්‍රජනන කාලයේ දී පිරිමි සතුන්
උත්සාහ දරනවා. මිනිස් වර්ගයා කෙරෙහිත් මේ සංසිද්ධිය බලපානවා. ගැහැණු පිරිමි
ආකර්ෂණය කරගන්නත් පිරිමි ගැහැණුන්ව ආකර්ෂණය කරගන්නත් නිරන්තර තරඟයක නියැළෙනවා.
අනිත් සතුන්ගේ මෙන් ප්‍රජනනය ට නියමිත කාලයක්
නොමැති නිසාම නිරන්තරයෙන්ම විරුද්ධ ලිංගිකයින්ට ප්‍රිය වන විදිහට මිනිසුන්
හැසිරෙනවා. ඇඳුම් ආයිත්තම් වල සිට සමාජ සම්බන්ධතා හා රැකියාව/මුදල් ආදී එකී මෙකී
නොකී සෑම දෙයක් ම බැඳිලා
තිබෙන්නේ ලිංගිකත්වය මත.
කෙසේ උනත් මිනිසුන් ගේ ලිංගික ක්‍රියා
විවාහය කියන නීතිමය බැම්මෙන් සීමා කරලා තිබෙනවා කියන එක නිවැරදි යි. ලිංගික සහකරුවන්
ගණන සීමා කරලා තිබෙනවා වගේ ම විවාහයෙන්
පිට ලිංගික සම්බන්ධතා සමාජය විසින් පිලිකුළ් කරනවා. අනාචාරය බොහෝ රටවල නීති
පද්ධතිය අනුව වරදක් නොවුනත් එය දික්කසාදයක් ලබා ගැනීම ට සාධකයක් ද වෙනවා. මේ
සියල්ලක් මගින් ම ලිංගික සම්බන්ධතා වල ට පාලනයක් ලබා දෙන ගමන් ම විවාහය ට,
පවුල ට යම් නීතිමය ආරක්ෂාවක් ද සැපයෙනවා. එය ඉතාම සාධනීය
ලක්ෂණයක්.
එක් සහකරුවෙකු ගෙන් පැටවුන් ලැබූ පසු තවත් සහකරුවෙක් සොයා යන ආකාරයේ ප්‍රාථමික
සත්ව හැසිරීම් වලින් ඔබ්බට ගිහින් විවාහය ට, පවුල ට හා එයින් ඇතිවෙන
අනාගත පරම්පරාව ට වගකියන ගැහැණුන් හා පිරිමින් ඇති වීම ට ඉහත කී නීතිමය බලපෑම්
ඉවහල් වෙනවා යැයි කීම වරදක් නොවේ. මිනිස් සමාජයේ
පවුලක් ඇති කර ගැනීම ට විවාහය ක් කර ගැනීමට ක්‍රම දෙකක් තිබෙනවා . පළමු ක්‍රමය නම්
පිරිමියෙක් ගැහැණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන විවාහ වෙන එක . දෙවැනි
ක්‍රමය නම් දෙමාපියන් හා වැඩිහිටියන් එකතුව යෝජනාවකින් දෙපාර්ශවය විවාහ කර දෙන එක.
යොජිත විවාහය යි ප්‍රේම විවාහය යි අතරින් මොකද්ද වඩා සාර්ථක කියලා ලොකු විවාදයක්
තිබෙනවා. කෙසේ වුනත් විවාහයක සාර්ථකත්වය රඳා පැවතෙන්නේ විවාහක දෙදෙනා මත නිසා
දෙදෙනා අවබෝධයෙන් කටයුතු කලොත් විවාහය කල් පවතීවි.
කොහොම උනත් ප්‍රේම විවාහයකට වඩා යෝජිත
විවාහයක දී විවාහක යුවල ගේ අදහස් නොගැලපුනත් සමාජ තත්වය,
ආර්ථික මට්ටම වගේ ම අනෙක් පවුල් සාධක
සමාන නිසා නෑ සිය හිතමිතුරන් ගේ බලපෑම නිසා දෙදෙනා අතර ගැටලු පැවතිය ත් විවාහය හා
පවුල් සංස්ථාව නොනැසී පවතී වි. විවාහයක ට
ආදරය හා අවබෝධය වගේ ම අනෙකුත්
සාධකත් අවශ්‍ය වෙනවා. සමහර අවස්ථා වල දී ආදරය නොමැති වුනත් ආර්ථික තත්වය යහපත් නම්,
පවුල් පසුබිම සමාන නම් උගත් කම හා රැකියාව ඉහල නම් විවාහය පැවතීමේ ලොකු ඉඩක්
තිබෙනවා. ඒ වාගේ ම ආදරය
පමණක් තිබුනත් අනෙක් සාධක නොතිබුනොත් කාලයාගේ ඇවෑමෙන් ආදරය අඩු වෙලා ගිහින් විවාහය
දෙදරා ගන්නත් පුලුවන්.
පුද්ගල නිදහස වර්ධනය වෙන එකත් විවාහය කෙරෙහි
අහිතකර විදිහට බලපානවා. ඉහල පුදගල නිදහසක් තිබෙන බටහිර රටවල් වල දික්කසාද වීම් ඉහල
අගයක් ගන්නවා. විවාහයෙන් දරුවන් ලැබීමද ඒ රටවල් වල ඉතාම අඩුයි. විශේෂයෙන්ම ජපානය
වැනි ආසියාතික වුවත් බටහිර සංස්කෘතිය ට අනුව හැඩ ගැසුනු රටක විවාහ වන පිරිස අඩුවී
උපත් අනුපාතය පහල ගිහින්. ඒක රටකට හොඳ ලක්ෂණයක් නෙවෙයි. යෝජිත විවාහ
වැඩි ඉන්දියාව, පකිස්ථානය හා මැදපෙරදිග රටවල් වල දික්කසාද
අනුපාතය ඉතාම පහල අගයක් ගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පවා දික්කසාද වන ප්‍රමාණයේ
වැඩිවීම යෝජිත විවාහ වලින් යුගදිවියට පත් වන ප්‍රමාණයේ පහල යාම ත් එක්ක සංසන්ධනය
කරන්න පුලුවන්.
කොහොම උනත් විවාහයක් අවශ්‍ය ද?
එය ප්‍රේම විවාහයක් / යෝජිත එකක් ද? දරුවන් අවශ්‍ය
ද? යනාදී කාරණා පුද්ගල බද්ධ තීරණ. අපි හැම දෙනාට ම විවිධ මත තිබෙන්න
පුලුවන්. කාලයත් එක්ක විවාහය හා පවුල කියන සංකල්පය වෙනස් වෙලා මිනිස්සු විවාහය
අවශ්‍ය නෑ කියන තැන ට එන්නත්
පුලුවන්. ලිංගික සතුට සඳහා පමණක් කාන්තාවන් ඇසුරු කර පවුලක් නොවී තම තමන් ගේ පෞද්ගලික ජීවිත වල
තනිකඩ ව ඉන්න අනාගත
මිනිසුන් තීරණය කල හොත් පුදුම
වන්න ට එපා. කෙසේ වෙතත් මිනිස් පරපුර ඉදිරියට ගෙන යාම ට ප්‍රජනනය
යන සංකල්පයේ අවශ්‍යතාවය නිසාම කෙසේ හෝ ගැහැණුන් හා පිරිමින් සම්බන්ධතා පැවැත්වීම
ඉදිරියට ත් සිදුවේවි. කවදා හෝ මානව ක්ලෝනකරණය දියුණු වී මිනිස් දරුවන් පර්යේෂණාගාර
තුල හෝ කම්හල් තුල නිපදවන යුගය ට අප පැමිනිය හොත් ලිංගික සම්බන්ධතා පැවැත්වීම ට
වත් ගැහැණුන් හා පිරිමින් එක් නොවේවි. නමුත් බය වෙන්න ට එපා; අපේ ජීවිත කාලය තුල
විවාහය හා පවුල් සංස්ථාව ගැන සමාජ මතය වෙනස් වුවත් එහි මූලික හරය ට අභියෝග කිරීමට
කිසිවෙකුට නොහැකි වේවි.