මේ
ලිපියෙන් ප්රකාශ කෙරෙන කාරණාව ගැන මීට කලින් මේ බ්ලොගයේ "ශාරීරික දඬුවම් මගින් ළමා පරපුර විනයගරුක කරමු" යන මැයෙන් පලවූ ලිපියෙන් විස්තර කෙරුනත් ගැඹුරු විශයක් වූ ළමා හැදියාව පිළිඹඳව තවත් ලිපියක් ලිවීමට මට සිත් විය. පාසල් දරුවන්, ගැටවරයින් මෙන්ම කුඩා දරුවන් ද විනය අතින් එන්න එන්නම පිරිහෙන මේ යුගයේ නැවතත් දඬුවම මගින් විනය ඇති කිරීම සංවාදයට බඳුන් විය යුතු කාරණයක් බව මම විශ්වාස කරමි.
සමස්ථයක් ලෙස
ගත
හොත්
නූතනයේ
ශ්රී
ලංකාවේ
ළමා
පරපුර
(වයස
අවුරුදු
18 ට
අඩු
පිරිස.)
විනය
අතින්
පිරිහී
ඇත.
දිනපතා
පුවත්
පත්
රැගෙන
විමසුවහොත්
සෑම
දිනකම
එක්කෝ
පාසල්
දරුවෙන්
ගුරුවරයෙකු
ට
හෝ
විදුහල්පතිවරයෙකුට
පහර
දුන්
අවස්ථාය.
සිසු
ගැටුම්
පොලීසිය
මගින්
විසඳා
ගත්
අවස්ථාද
නැත්තෙම
නොවේ.
එමෙන්ම
දන්සැලක්
සංවිධානය
කිරීමට
ගොස්
ඇතිවූ
ගැටුමකින්
කොළඹ
ප්රසිද්ධ
බාලක
පාසලක
සිසුවෙක්
පිහි
ඇණුම්
කා
මියගිය
ඛේදනීය
පුවතක්
මෑතක
දී
වාර්ථා
විය.
විදුහල්පතිවරයාට
එරෙහිව
පිකට්
කරන්නට
පාසලෙන්
එළියට
බසින
සිසු
පිරිස
ගැන
අප
ඇසුවේ
ඉතා
මෑතකදී
ය.
විද්යාලාන්තට
ක්රිකට්
තරඟ
හා
විද්යාල
පාගමන්
කෙලවර
වෙන්නේ
මහා
ගැටුමකිනි.
"වලියක්"
නැතුව
ඉවරවෙන
ක්රිකට්
තරඟ
සෙවීම
කළුනික
සොයනවාටත්
වඩා
අසීරු
ය.
කාලයක්
යද්දී
මිනිසාගේ
සියලු
ගුණධර්ම
විනාශ
වීම
ස්වාභාවික
දෙයක්
වුවත්
ඉතා
කෙටි
කාලයක
දී
සිසු
ප්රජාව
මෙලෙස
පරිහානියට
පත්වීම
විමසිය
යුත්තකි.
දරුවන් ගේ
මනස
ළමා
කාලයේ
මෙන්ම
ගැටවර
අවදියේ
ද
විශාල
වශයෙන්
වෙනස්
වීමට
ලක්
වේ.
මනසේ
වර්ධනයත්
සමගම
අත්හදා
බැලීමේ
ආශාව
කල්ලි
ගැසීමේ
ආශාව
මෙන්ම
තමන්
ස්වාධීන
වීමට
හා
අනුකරණය
කිරීමට
දරුවන්
පෙළඹේ.
තීන්දූ
තීරණ
ගැනීමට
තරම්
පරිනත
මනසක්
මේ
කාලයේදී
ඔවුනට
නැත.
අත්දැකීම
අඩුකම
ප්රධාන
ලක්ෂණයක්
වේ.
පිරිමි
දරුවන්
අතර
ස්වාධීන
වීමේ
ආශාව
ඉතා
වැඩිය.
"කොළුවා"
හෙවත්
තරුණයා
නැමැති
වදන
' කොළුවා
=> ' කෝ ඔලුවා ' හෙවත්
ඔලුව
නැත්තා
සේ විසන්ධි කර එක්තරා විනෝදාත්මක වැඩසටහනට උපහාසයෙන්
හඳුන්වා දී තිබුණි. අඩු අත්දැකීම් සහිත හීන වූ විචාර බුද්ධියෙන් යුතු දරුවන් බොහෝ විට
කරුණු කාරණා හොඳින් කියා දුන්නාට ඇහුම් කන් දෙන්නේ නැති නිසාම දඬුවමින් හෝ එය තේරුම්
කරදීම අපේ වගකීමයි. ශාරීරික දඬුවම සැමටම තේරෙන භාශාවකි. අප සැවොම ශාරීරීක වේදනාවට බිය
වේ. එම නිසාම ඒ බිය මාර්ගයෙන් හරි දේ කරවීම වැදගත් වේ. අප සුරතල් සතෙකු පවා හික්මවන්නේ
එලෙස දඬුවම් දීමෙනි.
මෙලෙස හික්මවීමට
බාධාවක්
ලෙස
මානව
හිමිකම්
සංවිධාන
ප්රධාන
වේ.
මේ
සංවිධාන
බොහෝ
විට
බටහිර
රාජ්‍ය
නොවන
සංවිධාන
වල
ඉත්තන්
ලෙස
කටයුතු
කරයි.
අධ්යාපන
අමාත්යංශ,
නීති
ආධාර
සංවිධාන
වැනි
රාජ්‍ය
අංශ
ද
රවට්ටා
ගෙන
මේ
නොරටුන්
දරුවන්ට
ශාරීරික
දඬුවම්
කිරීම
මහා
අපරාධයක්
ලෙස
දක්වා
පාසල්
වල
හා
ගෙවල්
වල
ඒ
ක්රියාව
කිරීම
වලක්වයි.
ඉන්
පසු
සිදුවන්නේ
දඩාවතේ
යන
බල්ලක්
රැලක්
මෙන්
දරුවන්
හැසිරීමට
පෙළඹීමයි.
නියමාකාරයෙන්
හික්මීමක්
නැතුව
මේ
දරුවන්
සමාජයට
යාමෙන්
පසුව
ඉක්මනින්
ඒ
සමාජය
විනාශ
වේ.
ලංකාවේ මනෝ
වෛද්යවරුන්
ද
ළමා
මනස
තැලීමකට
ලක්
වන්නේ
යැයි
කියා
දඬුවමින්
හික්මවීම
බැහැර
කරති.
නමුත්
ඒ
මහත්වරුන්
කුඩා
කල
"වේවැල්
කෝටු නාරං සියඹලා අතු" වලින් හොඳින්
කසාය
වලඳා
හික්මවී
ඇති
පිරිසක්
වීම
කණගාටුවට
කරුණකි.
ඔවුන්
ශාරීරික
දඬුවමින්
නොහික්මුනේ
නම්
අද
වෛද්‍ය
වෘත්තීය
කිරීමට
ඔවුන්ට
ඉගෙනීමට,
විනය
පවත්වා
ගැනීමට
නොහැකි
වනු
නිසැකය.
දඬුවම්
නොමැති
නිසා
දරුවන්
අයාලේ
යාම
මානව
හිමිකම්
හොඳින්ම
තිබෙන
බටහිර
රටවලට
ද
මහා
හිසරදයක්
වී
ඇත.
එම
රටවල
දරුවන්
විනයක්
නොමැති
තම
වයසට
නොගැලපෙන
වැඩ
කරන
අම්මා
තාත්තා
නොහඳුනන
අමනුස්සයක්
පිරිසකි.
එවන්
පිරිසක
ගෙන්
සමාජයට
ඇතිවෙන
බලපෑම
ගැන
බටහිර
රටවල
ද
පිරිස්
විස්සෝප
වෙති.
බටහිර ඇන්ජීඕ
හා
දොස්තර
හොරුන්
කියනා
කතා
බැහැර
කරමින්
දඬුවමින් ළමයා හික්මවීමට දැන්ම කටයුතු කළ යුතුය. කුඩා කල සිටම විනයක් ඇතුව තම දරුවා
දඬුවම් කර හෝ හදා ගැනීම සෑම දෙමාපියෙකු ගේම වගකීම වේ. නිවසේ සංස්කෘතියට අනුව හැඩගැසීම,
නිවසේ තමන්ට හිමි වගකීම් ඉටුකිරීම, දෙමාපියන්ට ගරු කිරීම, අවනත වීම, තමන්ගේ වයසට නොගැලපෙන
දේවල් නොකිරීම ආදිය, අපරිනත දරුවන්ට ශාරීරික දඬුවම් මාර්ගයෙන් හෝ දෙමාපියන් හා වැඩිමහල්
සහෝදර සහෝදරියන් කියා දිය යුතු ය.
පාසල
විනය උපරිමයෙන් ම තිබෙන ස්ථානයක් විය යුතුය. මන්ද යත් පාසල තුලින් ළමයා අනාගත ජීවිතයට අඩිතාලම දමන බැවිනි. ඉගෙන නොගන්නා අය ඉගෙනීමට යොමුකිරීම ට, ක්රීඩා නොකරන අය ක්රීඩාවට යොමු කිරීම ට, හැසිරීම දුර්වල අය යහපත් හැසිරීම ට පත්කිරීම ට ද වෙනත් ක්රම වලින් නොහැකි නම් "කෝටුව" අතට ගත යුතු වේ. ඒ සඳහා බොහෝ ගුරුවරුන් ඉතා ආශාවෙන් සැදී පැහැදී සිටින බව ඉතා සතුටින් කීමට කැමැත්තෙමි. මන්ද යත් අද ගුරුවරුන්ට ඇති ප්රධානම ගැටලුව නම් ශිෂ්‍ය විනය පිරිහිම යි.
අධ්යාපන අමාත්යංශයෙන් ද දරුවන් ට ශාරීරික දඬුවම් දීමට අදාල චක්රලේඛ ආදිය නැවැත සැකසිය යුතු ය. පහර දෙන කෝටුවේ ස්වභාවය, පාහරවල් ගනන, පහර දෙන ස්ථානය ආදී දේවල් හොඳින් විස්තර කර තිබුනහොත් මානව හිමිකම් සංවිධාන වලට ගුරුවරුන් ට චෝදනා කිරීමට නොහැකි වනු ඇත. කුඩා කාලයේ සිටම පහර දී හෝ විනයෙන් යුතුව දරුවන් හැදීමට හැකි වුව හොත් ගැටවර කාලයේ දී පහර දුන්නත් නැවැත පෙරලා පහර නොදී දඬුවම ඉවසීම ට දරුවා පුරුදු වෙනු ඇත.
දඬුවම්
ලබා දෙන්නේ වරද කල දරුවාට පමණක් නොවේ. වරද කල කෙනා ට මෙන්ම අනෙකුත් ශිෂ්‍ය සමාජය ට පාඩමක් ඉගැන්වීම ට මෙය අවස්ථාවක් කර ගැනීම ට අවශ්‍ය වේ. උදේ රැස්වීමේ දී සියලු ළමුන් ඉදිරියේ "කෝටු මස් කිරීමේ" වැඩසටහන ඇරඹිමෙන් දඬුවම් විඳින්නා ළැජ්ජාව නිසා ඒ වරද යලි නොකිරීම ට වග බලා ගනියි. අනෙකුත් සිසුන් ද ඒ අනුව දඬුවමට බයේ විනයක් ඇතුව හැදෙනු ඇත.
දරුවන්
ට පහර දෙන්නේ ඔවුන් කෙරේ තරහින් නොවේ. ඔවුන් ව විනයක් ඇතුව හැදීම ට තිබෙන උදාර ප්රාර්ථනාව නිසා පමණි. ඒ නිසා මේ තත්වයට හොඳින් තේරුම් ගෙන තම දරුවන් ට පහර දී හෝ යහ මගට ගැනීම ට සියලු දෙනාම උත්සාහ කල යුතු වේ.