නූතනයේ ශ්රී ලංකාවේ රාජ්ය භාෂා 2 ක් භාවිත වේ. සිංහල ජනයාගේ මව් භාෂාව ලෙස සිංහල ද පසු කලෙකදී දෙමළ භාෂාවත් රාජ්ය භාෂාවක් ලෙස පිළිගැනේ. ජාතික ඒකාබද්ධතා භාෂාව ලෙස ඉංග්රීසි භාෂාව ව්යවස්ථාවේ සඳහන් වේ. ව්යවස්ථාවේ හතර වන පරිච්ඡේදයේ දහ අට (තුන.) වගන්තියෙන් ඒ බව සඳහන්ව තිබුනද ප්රායෝගික වශයෙන් අද ඉංග්රීසී භාෂාව ඉතාම ප්රභලව මුල් බැස ගෙන ඇති නිසාම එයට මීට වඩා රාජ්ය අනුග්රහයක් හා පිළිගැනීමක් ලබාදිය යුතු බව පැහැදිළි වන කරුණකි.
ලංකාවට
ගොඩබට ප්රථම ඉංග්රීසි ජාතිකයා වන රොබට් නොක්ස් කලින් ඉංග්රීසිය මෙරට භාවිත නොවුනත් අතීතයේ සිටම වෙළඳ මධ්යස්ථානයක්ව පැවැතුනු නිසා ග්රීක, රෝම හා අරාබි හාෂා කතා කිරීමට දැන සිට පිරිස් මෙහි වසන්නට ඇත. 1505 න් පසු බටහිර ජාතීන් සමග සෘජුවම ගනුදෙණු කිරීමට සිදුවීම නිසා විදේශ භාෂා පරිචය සිරිලක අතලොස්සකට හෝ තිබුණි. උඩරට ගිවිසුමෙන් පසුව ලංකාව ඉංග්රීසි කිරුලේ යටත් විජිතයක් වීම නිසාම ජාතික භාෂාව මෙන්ම රාජ්ය භාෂාවද ඉංග්රීසි භාෂාව බවට පත්විය. 1956 සංස්කෘතික පෙරළිය තෙක්ම කාරණා
කටයුතු සිදුවුනේ මේ පිළිවෙළටය.
1956 දී
බණ්ඩාරණායක රජය විසින් සිංහලය රාජ්ය භාෂාව කිරීමේ පනත ගෙන ඒම විශාල ආන්දෝලනයකට තුඩු දුන්නා පමණක් නොව අනාගත ගැටලු රැසක මුල විය. ලංකාවේ සිදුවූ සෑම ප්රතිසංස්කරණයක් මෙන්ම මේ පනතද නිසි දූර දර්ශනයකින් තොරවම සිදුකල එකක් විය. ආසියාවේ රිදී සීනුව ලෙස නම් දරාගෙන සිටි ඉංග්රීසි උගත් ඉංග්රීසියෙන්ම කටයුතු කල බණ්ඩාරණායක වරුන් එක්වරම සිංහලය පමණක් රාජ්ය භාෂාව කිරීමට කටයුතු කලේ තමන්ගේ ඉංග්රීසි උගත් රදල පැලැන්තිය ඉදිරියට රැකගැනීමට දෝ යැයි ලේඛකයාට සිතේ.
ලංකාවටත්
වඩා ජාතික පිබිදීමක් තිබූ ඉන්දියාවේ පවා රාජ්ය භාෂාව ලෙස පැවැතුනු ඉංග්රීසිය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීමට ඉන්දිය නායකයෝ කටයුතු නොකළහ. ඔවුන් කලේ ප්රධාන රාජ්ය භාෂාව හින්දි භාෂාව කර අතිරේක රාජ්ය භාෂාව ලෙස ඉංග්රීසිට හිමි තැන ආරක්ෂා කරගැනීමයි. එමෙන්ම තාක්ෂණයෙන්, කර්මාන්ත වලින් රට දියුණු කරන විට ඉංග්රීසි අවශ්‍ය වන බවට දූරදර්ශී නුවණත් තිබූ නිසා එම නායකයින් ඉංග්රීසි දැනුම ප්රචලිත කිරීමටද කටයුතු කළහ. අද ඉන්දියාව තාක්ෂණයෙන් හා දැනුමින් ඉදිරියට ගොස් ඇත්තේ එදා ගත් තීන්දු නිසාමය.
සිංහලයට
නිසි තැන දෙන අතරම අනාගතේ ඉංග්රීසි රාජ්ය භාෂාවක් කිරීමේ පිඹුරුපත් සැකසීමට අවාශ්‍ය අවස්ථාවකදී බණ්ඩාරණායක මහතා ගත් තින්දුව නිසාම රටේ සාමාන්‍ය ජනතාවට ඉංග්රීසි ඉගෙනීමේ අවස්ථාව මහ හැරී ගියා කිවහොත් නිවැරදිය. කන්නන්ගර මහතා මධ්‍ය විද්යාල අරැඹීමත් සමගම සාමාන්‍ය ජනයාටද නිදහස් අධ්යාපනයේ පිහිටෙන් ඉංග්රීසි ඉගෙන ගැනීමේ අවස්ථාව මග හැරුණි. 1956 ට
පෙර මධ්‍ය විද්යාල පැවැතුනේ රටේ අනෙක් ඉංග්රීසි මාධ්යයෙන් උගන්වන පාසල් සමග කර තරඟයක් දීමටය. මධ්‍ය විද්යාල අධ්යාපනය නිසාම ඉංග්රීසී ව්යක්ත උගතුන් රාශියක් එකල බිහිවුනි. 1956 න් පසු ඒ සියල්ල උඩු යටිකුරු විය.
සිංහල
පමණක් රාජ්ය භාෂාව කිරීම තවත් දරුණු ගැටලුවකට මුල විය. එනම් බ්‍රිතාන්‍ය පාලන
යුගයේ වරප්රසාද ලත් ද්රවිඩ ඉහල පැලැන්තිය 1956 න් පසුව දෙමළ ජාතිවාදය ගොඩනැගීමට උඩගෙඩි දිමයි. 1983 න් පසු වෙනම රාජ්යයක් උදෙසා අරගලයට තෙල් දමන්නේද විදේශ ගත ඉහල පැලැන්තියේ දෙමළ ප්රජාව මිස අහින්සක දෙමළ ගොවි, කම්කරු ජනතාව නොවේ. යුද්ධය නිමාවීමෙන් අනතුරුවද දෙමළ ඩයස්පෝරාව කටයුතු කරණ ආකාරය 1956 න් පසු දෙමළ රදල පැලැන්තිය කටයුතු කරන ආකාරයට සමාන අයුරෙනි .
ඉංග්රීසියට හිමි තැන නැතිකිරීම ජාතික ගැටලුවට එකම හේතුව නොවුනත් එය එම ගැටලුව තවත් උග්‍ර කිරීමට හේතුවුනා යැයි ලේඛකයාගේ මතයයි. බණ්ඩාරණායක මහතා අනාගතයේ ඉංග්රීසියෙන් තොරව ඉහල අධ්යාපනයක් හෝ ඉහල රැකියා අවස්ථා නොමැති බව අවබෝධ කරගෙන ක්රමිකව ඉංග්රීසිය රාජ්ය භාෂාව ලෙස ලංකාවේ සියලුම දෙනාට භාවිත කිරීමට හැකි අයුරිනි අධ්යාපන ක්රමය සකසා සිංහල හා ඉංග්රීසි ද්වී භාෂා රාජ්ය පාලන තන්ත්රයක් සැකසුනේ නම් තත්වය මීට වඩා යහපත් අතට හැරෙන්නට තිබිණි.
විසි
එක් වැනි සියවසේ පළමු දශකයත් ගෙවී ඇති මේ යුගයේ තත්වය 1956 ට වඩා බෙහෙවින් වෙනස් වී තිබේ. රටේ රාජ්ය භාෂා පරදවා ඉංග්රීසි භාෂාව ඉදිරියට පැමිණ ඇත. පෞද්ගලික අංශයේ භාෂාව සම්පූර්ණයෙන්ම ඉංග්රීසි භාෂාවය. රැකියාවට ඇතුලුවීම මෙන්ම එදිනෙදා වැඩකටයුතු වලටද ඉංග්රීසි භාෂාව් ප්රධාන වේ. ඉංග්රීසි භාෂාව නොදන්නා කෙනෙකුට පෞද්ගලීක ආයතනයක කුඩා රැකියාවක් හෝ සොයාගැනීමට නොහැක.
එකල
රටේ ඉහල පන්තියට පමණක් සීමාවී තිබුණු එදිනෙදා ඉංග්රීසි භාවිතය පහල මධ්යම පන්තිය දක්වාම අද පැතිරී තිබේ. වෙනකක් තබා ගමේ කඩේ "බෝඩ් ලෑල්ල" පවා තිබෙන්නේ ඉංග්රීසියෙනි. මළ පොතේ අකුරක් නොදන්නා මුත් "අස්ප රෙස් කොලය" යස අගේට කියවන අය සිටින්නේද ලංකාවේ බව අමතක නොකළ යුතුය. රජයේ රැකියාවක් ලබාගැනීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අමාරු කාර්යයක් නිසා සිංහල භාෂාවෙන් උපාධියක් කල කෙනෙකුට පෞද්ගලීක අංශයේ රැකියා වෙලඳපළට තරඟ කිරීම කල නොහැක්කක් වනවාට සැකයක් නැත.
රට
සෑම අංශයකින්ම "හබ් එක" ගෙවත්
කේන්ද්රස්ථානය කරනවා නම් ලෝකයත් සමග කටයුතු කිරීමට අවශ්‍ය රාජ්ය තන්ත්රයක් හා අන්තර්ජාතික භාෂාවට රාජ්ය පිළිගැනීමක් අවශ්‍ය වේ. අනාගත පරිපාලකයින්ට ලෝකයත් සමග ගනුදෙනු කිරීමට මෙන්ම අනාගත දරුවන්ට විසල් ලොවකට දෙරගුළු විවර කරදීමට නම් ක්රමිකව ඉංග්රීසි භාෂාව ප්රචලිත කිරීමට අවශ්‍ය වේ.
අප
ඉංග්රීසි ප්රවීණතාවය ලබාගන්නේ බ්රිතාන්යයේ ඌරුවට ( British accent )කතා කිරීමට නොවේ. අප අපේම ඉංග්රීසි භාෂාවක් නිර්මාණය කරගැනීම අවශ්යය. ඉන්දියාවේ ජනතාව ඔවුන්ගේම ඉංග්රීසි ශෛලියක් නිර්මාණය කරමින් ඉංග්රීසිය පාවිච්චි කරති. එය සුද්දාගේ භාෂාව නොවේ. මෙලෙස
අප අපිට ගැලපෙන පරිදි ඉංග්රීසි භාෂාව සකසා ගැනීමෙන් ඉංග්රීසි නොදන්නා අයටත් හිනමානයකින් තොරව ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.
අද
ලංකාවෙ තිබෙනා තත්වයට අනුව ඉංග්රීසියට ඇත්තේ ආයුධයක ස්වරූපයකි අප "කඩ්ඩ" කියා එය හඳුන්වන්නේ එබැවිනි. භාෂාවක් ආයුධයක් බවට පත්කර ගත යුතු නොවේ. එය එසේ කරගෙන තිබෙන්නේද මේ රටේ බහුතරයකට ඉංග්රීසිය "හරාම්" කර ඉහල පන්තියට "හලාල්" කරගත් කලු සුද්දෝමය.
ඉංග්රීසියෙන් සන්නද්ධ අනාගත පරපුරක් බිහිකරගැනීමට එක්වරම නොහැකිය. එය අවුරුදු කීපයක් හෝ දශකයක් ගතවන ක්රමික ක්රියාවලියකි. අනාගතයේ ඉංග්රීසිය රාජ්ය තන්ත්රයට එක් කර ගැනීම සඳහා ඉලක්කයක් රජය විසින්ම ප්රකාශයට පත් කල යුතු ය. ඉන්පසු ;
විශ්ව
විද්යාල වල ඉංග්රීසි උපාධි අවස්ථා වැඩිකිරීම
ඉංග්රීසි උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම
ග්රාමීය පාසල් සියල්ලේම ඉංග්රීසි අධ්යාපනය ලබා දීමට කටයුතු කිරීම
සමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉංග්රීසි සමත් වන ප්රතිශතය ඉහල නංවා ගැනීම
විශ්ව
විද්යාල වල ඉංග්රීසි මාධ්යයෙන් උගන්වන උපාධි වලට ඇතුලුවීමට සිසුන් දිරිමත් කිරීම
මෙම
ක්රියාවලියෙන් පසුව රටේ අනාගත පරපුර ඉංග්රීසි ප්රවීණතාව ලබාගත් පිරිසක් බවට පත්වේ. ඉන්පසුව රටේ රාජ්ය තන්ත්රය නව තාක්ෂණයත් සමගම ඉංග්රීසි භාෂාවට හැරවීක කළ හැක. නව ප්රවනතාවක් වල ඊ-ආණ්ඩුව හෙවත්
E-Government සඳහා
ඉංග්රීසි අනිවාර්ය වේ.
අවසානයට
කිව යුතුව ඇත්තේ ලෝකය වෙනස් වන විට අපත් මිනිසුන් ලෙස වෙනස් වීම අවශ්යය යන්නයි. වෙනස් වන ලෝකයට අනුවර්ථනය වීමට නොහැකි සත්වයින් ස්වාභාවික වරණ වාදය ට අනුව වඳ වේ. අපත් රටක් ලෙස, ජනතාවක් ලෙස නව ලෝකයේ රැඳී සිටීමට අවශ්‍ය නම් වෙනස් විය යුතුය. හුදෙකලාව නොසිට දියුණු වන ලෝකයත් සමග යාමට භාෂා ඥානයෙන්, තාක්ෂණික ඥානයෙන් සන්නද්ධ වීමටත් අන්තර්ජාතික භාෂාව වන ඉංග්රීසි භාෂාවට රාජ්යයේ පිළිගැනීම ලැබීමත් ආයුධයක් කර නොගෙන ඉහලට නැගීමේ ඉනිමගක් කර ගැනීමත් වැදගත් වේ